ජීවිතයද වටින්නෙ රත්තරන්ද වටින්නෙ කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ මොකද්ද? අහල බලන්න පොඩ්ඩක් හිතෙන් මොකද්ද උත්තරේ කියල. තමන්ගෙ වගේම අනුන්ගෙ ජීවිත වලටත් වඩා රත්තරන් වලට වටිනාකමක් දුන්න කට්ටියක්ගෙ ඉරණම් කතාවක් තමයි අද මම මේ ඔයාල වෙනුවෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවෙ. 2022 ජනවාරි 22 දින තිරගත වීම ආරම්භ කරපු T…

ජීවිතයද වටින්නෙ රත්තරන්ද වටින්නෙ කියල ඇහුවොත් ඔයාල දෙන උත්තරේ මොකද්ද? අහල බලන්න පොඩ්ඩක් හිතෙන් මොකද්ද උත්තරේ කියල. තමන්ගෙ වගේම අනුන්ගෙ ජීවිත වලටත් වඩා රත්තරන් වලට වටිනාකමක් දුන්න කට්ටියක්ගෙ ඉරණම් කතාවක් තමයි අද මම මේ ඔයාල වෙනුවෙන් උපසිරැසි ගන්වලා අරගෙන ආවෙ. 2022 ජනවාරි 22 දින තිරගත වීම ආරම්භ කරපු Thriller/Mystery ගණයට වැටෙන Thriller/Mystery බලන අපේ බයිස්කෝප් යාළුවෝ බලන්නම ඕන ෆිලුමක් තමා මේක.
ප්‍රධාන නළු චරිතය රඟපාන්නෙ අපි කව්රුත් ආසාවෙන් බැලුව Dirty Grandpa (2016), Baywatch (2017), The Greatest Showman (2017) වගේ ෆිල්ම් වල රංගනයෙන් එකතු උන Zachary David Alexander Efron නැත්තම් හැමෝම දන්න විදියට කිව්වොත් Zac Efron. ඇත්තටම comedy පැත්තට ටිකක් බර Zac මේ චරිතයට නම් සුපිරිම සාධාරණයක් කරල තියනව කියල ඔයාලට ෆිල්ම් එක බලද්දි තේරෙයි. ඒ වගේම තව විශේෂත්වයක් තමා මේකෙ සහය නළු විදියට එකතු වෙන්නෙ මේ ෆිලුම අධ්‍යක්ෂණය කරන Anthony Hayes. IMDB අගය මනාප 4K සංඛ්‍යාවකින් 5.4/10ක් වගේම කුණු තක්කාලි අගය 89%ක් කරකව ගන්නත් මේකට පුළුවන් වෙලා තියනවා.
කතාව ටිකක් මෙහෙම කෙටියෙන් කියන්නම්. Zac නගරෙන් ඈත් වෙලා දුෂ්කර පැත්තක compound කියල කියන තැනක වැඩ කරන්න එනවා. තනිකරම කාන්තාර පැත්තක්. මෙතන මේ compound කියන තැන මොකද්ද කියල පැහැදිලි අදහසක් ෆිල්ම් එකේ දෙන්නෙ නෑ. ඒත් මං හිතන විදියට ඒක ඇවිල්ල රත්තරන් පතලක් වෙන්න ඕනෙ. ඉතින් Zac ව compound එකට එක්කන් යන්න එනව Keith (Anthony Hayes). ඉතින් දෙන්න මෙහෙම යද්දි වාහනේට පොඩි අකරතැබ්බක් වෙනව. ඒක හදන අස්සෙ Zac හොයාගන්නව පොළොවෙන් උඩට මතු වෙලා තියන ලොකුම ලොකු රත්තරන් ආකාරයක්!! ඊට පස්සෙ….. ඒ ඇති නේ? ආයෙ කිව්වොත් වැඩක් නෑනෙ. එතනින් එහා ෆිලුම බලලම දැනගන්න.
එහෙනම් ඉතින් මේක කරන්න ඉඩ දුන්න තිසර සහෝට ස්තූති කරන ගමන් නවතින්නම්. තව ෆිලුමකින් සෙට් වෙමු ආයෙ. හැමෝම පරිස්සමින් ඉන්නෝ!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
7,593 downloadsDownload Gold-2022.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
10 comments
හසිත මධුෂාන්
Chanuka wijesinghe
Tanks sub ekat
Pasiya
Thanks.. Fresh (2022) filumatath sub genna..
indika 75
thanks..
Malith samarawickrama
Thanks aiya sub ekata.
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Amila
Thanks..!
ferdi
thanks machan
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!