Watch Trailer

Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitles | යක්ෂයන්ගේ කුමාරයා [සිංහල උපසිරසි] 18+

ආයුබෝවන්!! කියලා ඔන්න අදත් කස්ටියම පිලිගන්නවා. අද මං ගෙනල්ලා තියෙන්නේ Horror ෆිල්ම් එකක්. Paranormal Activity: Next of Kin තමයි ෆිල්ම් එකේ නම වෙන්නේ. 5.2/10 IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලක 62% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1යි විනාඩි 38 ක වගේ කාල සීමාවක දිව යන මේ ෆිල්ම් එක නම් ආයෙ…

ආයුබෝවන්!! කියලා ඔන්න අදත් කස්ටියම පිලිගන්නවා. අද මං ගෙනල්ලා තියෙන්නේ Horror ෆිල්ම් එකක්. Paranormal Activity: Next of Kin තමයි ෆිල්ම් එකේ නම වෙන්නේ. 5.2/10 IMDb අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය ගූගල් පරිශීලක 62% ක අගයක් ලබාගෙන තියෙනවා. පැය 1යි විනාඩි 38 ක වගේ කාල සීමාවක දිව යන මේ ෆිල්ම් එක නම් ආයෙ වෙනස්ම අත්දැකීම් වෙයි ඔයාලට. මොකද මේ ෆිල්ම් එකේ නමේම තියෙනවා චිත්‍රපටයේ ස්වභාවය ගැන. ඔව් Paranormal Activity එකක් තමයි මේ ෆිල්ම් එකට පාදක වෙන්නේ. Paranormal Activity කියන්නේ මොකක්ද කියලා ඔයාලා දන්නවත් ඇති. ඒ මොකක්ද කියලා මං නොදන්න අයට දැනගන්නත් එක්ක කියන්නම්. Paranormal Activity එකක් කියන්නේ “සම්මත විද්‍යා ගවේෂණවලට පරිබාහිර වුණු ක්‍රියාකාරකමකට.” ඒ කියන්නේ ඔය හොල්මන් ගැන වගේ අදෘශ්‍යමාන දේවල් ගැන අධ්‍යයනය කරමින් කරන ගවේෂණයන් කියලා මං කිව්වොත් නිවැරදියි. ඉතින් මේ කතාවෙදිත් වෙන්නේ ඒ වගේ දෙයක්. ගෑනු ලමයෙක් එයාගේ යාලුවොත් එක්ක එකතුවෙලා වාර්තාගත චිත්‍රපටයක් ගැන තමයි මේ කතාව ගෙතෙන්නේ.

  • IMDb Ratings: 5.2/10
  • Google Users: 62%
  • Initial release: October 29, 2021
  • Director: William Eubank
  • Based on: Paranormal Activity; by Oren Peli
  • Production companies: Paramount Players; Blumhouse
  • Productions; Solana Films; Room 101, Inc
  • Editor: Todd E. Miller
  • Distributors: Blumhouse Productions, Paramount Players

මාගොට්… මාගොට් කියන්නේ තමන්ගේ ඇත්ත දෙමාපියන් කවුද කියලා නොදැන හැදී වැඩෙන ගෑනු ලමයෙක්. වෙලා තියෙන්නේ මාගොට් ගේ ඇත්ත මව මාගොට්ව රෝහලක් ඉස්සරහා දාලා යනවා ඇය පුංචි කාලෙම. රෝහලේ CCTV දර්ශනයක මේක පටිගත වෙලා තියෙනවා. වැඩේ කියන්නේ මේ විඩියෝ එක මාගොට් ගාව තියෙනවා. මාගොට් ට ඕනේ කොහොම හරි “තමන් කොහේ කෙනෙක්ද? ඇයි අම්මා තමන්ව එහෙම දාලා ගියේ?” වගේ කරුණු කාරණා ටික දැනගන්න. මේක වාර්තාගත චිත්‍රපටයක් රූගත කිරීමක් එක්ක සිද්ධ කරන්නයි මාගොට්ට ඕන වෙන්නේ. මේ වැඩේට මාගොට් ක්‍රිස්ව යොදාගන්නවා. ක්‍රිස් තමයි ගොඩක් දුරට රූගත කිරීම් කරන්නේ. ඉතිං මේ වැඩේ හරියට කරගන්න මෙයාලට බේලස් ගමට යන්න සිද්ධ වෙනවා. එහෙ තමයි මාගොට් ගේ අම්මා ජීවත් වෙලා තියෙන්නේ. එයාලා අමිෂ්ලා මිනිස්සු. මොකක් හරි ජාතියක් කුලයක් වෙන්න පුලුවන්. (මං නම් ඒ ගැන හරියට දන්නෑ ) බේලස් ගමට යන්න මෙයාලට මාගොට් ගේ ඥාති සහෝදරයෙක් වන සැමුවෙල්ට එහෙමත් නැත්නම් සෑම්ට එන්න කියනවා……

හෝව්! හෝව්! ඔයිට වඩා නම් කතාව ගැන කියන්න යන්නෑ. මොකද එතකොට කතාවේ තියෙන කුතුහලය නැති වෙන හින්දා. ෆිල්ම් එක බලද්දි ඔයාලටත් මට වගේම මුලදි එච්චර ලොකු ගතියක් ෆිල්ම් එකේ නෑ කියලා හිතෙන්න පුලුවන්. හැබැයි අන්තිම විනාඩි 30 ඇතුලත මුළු කතාවම කනපිට පෙරලිලා තමයි නවතින්නේ. ඒක ඉතිං ෆිල්ම් එක ඔයාලට බලලම දැනගන්න පුලුවන්. “අනිවාරෙන් බලන්න කියලත් මතක් කරනවා.”

“මේ තමයි මං බයිස්කෝප් වෙත අරන් එන 5 වන උපසිරැසිය. පුලුවන් හැමෝම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.”

ඉක්මනටම තවත් උපසිරැසියකින් මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්.

හැමෝටම සුබ දවසක් ජය වේවා!!
STAY SAFE…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,133 downloadsDownload Paranormal.Activity.Next_.of_.Kin_.2021.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

6,133 downloadsDownload Subtitles42 KB

24 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    තව හොද Horror ෆිල්ම් ටිකක් සබ් දෙන්නකෝ.

    පුලුවන් නම් Jakob's Wife - 2021 ෆිල්ම් එකට සබ් දෙන්න.

  2. PCVENOM

    super ikmanata thawa ekak gemu

  3. Naveen

    උපසිරසියට තුති

  4. Mawan Geethanjana

    සිංහල උපසිරැසියට ස්තූතියි ♥️

  5. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. jana

    thx bro mekata sub denakan hitiye balanna digatama sub denna

  8. thilina

    ado thq bn maru. ubata puluvnm tava film tiai danam evatat sub dipan

    Apex [2021]
    Muppets Haunted Mansion [2021]
    Pokemon the Movie Secrets of the Jungle [2021]
    Casualties of War (1989)

  9. indika 75

    thanks..

  10. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ..!!

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. Anonymous

    Thank mcn sub ekta

  13. ishan

    thnx sub ekta

  14. Anonymous

    Thanks jayawewa....!

  15. T.Dilshan

    Thanks Bro

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Pahasara

    Thanks saho

  18. Sandaru Nimsara

    Thanks ruka

  19. UDARA DAMITH

    ELLLLLLLLLLLLLLLLLLL

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dewadithya

    Thanks for Sub!

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. Malith samarawickrama

    Thanks saho sub ekata