ඔන්න අද මම ගෙන්න යන්නේ මේ ලගදී රිලීස් වුන තවත් නියම හොල්මන් කතාවක් අරගෙනයි. විනාඩි 88 ක් පුරා දිවෙන මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ 2015 ඔක්තෝබර් මස 23 දිනයි. IMDb දර්ශකයේ 4.5 වගේ සාමාන්‍ය අගයක් අරගෙන වුනත් ලස්සන හැමෝටම බලන්න පුළුවන් හොල්මන් කතාවක්. හොද කොපියක් ආවේ මීට සති එකහමාරකට විතර කලින් වගේ.ටිකක…
ඔන්න අද මම ගෙන්න යන්නේ මේ ලගදී රිලීස් වුන තවත් නියම හොල්මන් කතාවක් අරගෙනයි. විනාඩි 88 ක් පුරා දිවෙන මේ ෆිලුම තිරගතවීම ආරම්භ කරේ 2015 ඔක්තෝබර් මස 23 දිනයි. IMDb දර්ශකයේ 4.5 වගේ සාමාන්‍ය අගයක් අරගෙන වුනත් ලස්සන හැමෝටම බලන්න පුළුවන් හොල්මන් කතාවක්. හොද කොපියක් ආවේ මීට සති එකහමාරකට විතර කලින් වගේ.ටිකක් දවස් ගියා වැඩේ ඉවරකරලා දෙන්න. මාසේ අන්තිම නිසා පොඩ්ඩක් වැඩ රාජකාරි වැඩිවුනා. එකයි මේක දෙන්න පරක්කු වුනේ. ඒකට පොඩ්ඩක් සමාවෙන්ට හොදේ.
ඉතින් කතාවට පොඩ්ඩක් හැරෙමුකො. මේ කතාව ඇත්තටම දිවයන්නේ පුංචි දියනියක් වටා. ඒ දියණිය පසුපස එන හොල්මනක් මේ ගෙදර අයට ගොඩක් කරදර කරන විදියි. මේ පොඩ්ඩිගේ නම ලෙයිලා. ඒවගේම ඇයගේ අම්මා එමිලි තාත්තා රයන්. ඒවගේම එයාලගේ මාම නැන්දා වගෙ ඉන්නේ ස්කයිලර් සහ මයික්. ඉතින් මේ තුන් දෙනාගේ ගෙදරට එන අමුත්තෝ තමා ස්කයිලර් සහ මයික්. ඔවුන් එන්නේ නත්තල් සමරන්නයි. ඒවගේම ටික දවසක් හොදින් ගතවෙනවා. මෙයාලා හොදට විනොදවෙනවා. ටික දවසකට පස්සේ මෙයාලා එළියේ යම් වැඩක් කරමින් ඉන්නකොට දෙයක් හොයාගන්න්නවා. ඒ වෙන මුකුත් නෙමේ කැමරාවක්. අමුතුම කැමරාවක්. ඉතින් මෙයාල ඕකෙන් වීඩියෝ කරන්න ගන්නවා. ඒ කරන දවසෙම මේකට අමුතු දෙයක් පේනවා. වතුරක. අමුතු හැඩයක්. ඉතින් මයික් සහ රයන් දෙදෙනා මේ ගැන දිගටම හොයනව. ඉතින් මෙහෙම හොයද්දි මෙයාලගේ දුවගේ පුංචි අමුතු හැසිරීම් වගයකුත් පේනවා. ඔවුන්ට මෙය මහත් කලබල වෙන දෙයක් වෙනවා. ඒත් ඔවුන්ගේ බිරින්දෑවරු මෙක විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඔවුන් දිගටම හොයනවා. එක්වෙලාවකට ලෙයිලා රෑ තනියම කතා කරනවා. තනියම ගෙපුරා ඇවිදිනවා. ඒවගේම එලියෙමහ අමුතු සිදුවීමකුත් වෙනවා. (ඒක ඔයාලම බලන්න මම කියන්නේ නැතෝ) එයින් පාස්සේ හැමෝම මෙ ගැන හොයනවා. කැමරාවට විවධ දේවල් අහුවෙනවා. ඒ කියන්නේ අමුතු අදුරු හැඩති දෙයක් මේ පුංචි දියණියත් එක්ක කතා කරනවා. ඔහු එක්ක සෙල්ලම් කරනවා. ඇය ඔහුට කතා කරන්නේ ටෝබී කියලා. ඒවගේම ඇයට මතක නැහැ ඇයගේ අම්මා තාත්තා ඉන්නවද කියලවත්. ඒ නිසා ඔවුන් මේ ගැන හොයන්න පියතුමෙකුට කතා කරනවා.
ඔහොම ඔහොම යද්දී දේවල් දරුණු අතට හැරෙනවා. කැමරාවෙන් පේන දේවල් ඔවුන්ට පෙන්නේ නැහැ. ඒවගේම ඔවුන්ට මේ සිදුවීමම තියෙන ටේප් වගයකුත් හමුවෙනවා. එතනදී තමයි ඔවුන් මෙය තේරුම්ගන්නේ. එතකොටත් ඔවුන් ගොඩක් ප්‍රමාදී වී හමාරයි. ඔවුන්ට මේ අදුරු දෙය ගොඩක් කරදර කරනවා. පහර දෙනවා. අවසානෙදි ඔවුන් විසදුමකට එනවා පියතුමන් සමග. ඔහු සමග එක් වෙලා මේ දේ ඉවරයක් කරන්න හදනවා. ඒත්… ඒක තමා ඊලගට ප්‍රශ්නේ. හිතුවෙවත් නැති දේවල් අවසානෙදි සිදුවෙනවා. ඉතින් ඔන්න ඕකයි කතාව. නියම කතාවක්. ඔයාලම බලන්නකෝ කොහොමද මේ ෆිලුම කියලා.
එහෙනම් මම ගොහින් එන්නම්…
ජයවේවා!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Paranormal Activity The Ghost Dimension 2015 HDRip XviD
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,935 downloadsDownload Paranormal.Activity.The_.Ghost_.Dimension.2015.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
13 comments
asitha
keshara
Ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thilina Jayarathna
ade aei bn sub ekka play venne natte 321 player eke
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
laky
රොයිලි අයියේ මෙන්න මෙ ෆිල්ම් එකත් සබ් කරන්නකෝ හ්ට්ට්ප්://ව්ව්ව්.ඉම්ඩ්බ්.cඔම්/ටිට්ලෙ/ට්ට්2006295/
the 33
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට.
ජය වේවා!
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!Nimeshka Kumarasinghe
machan man qq eke play kale failur kiyala enwane.. me sub eka tham ehem une anith ewagen gathth ewwa wada kala. please help me.. kohom unath me servise ekatm thanks ah
Nimeshka Kumarasinghe
ah sub wada wada. awulak na. kmp eke wada.
ashan lankanath
thanks
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Paranormal Activity: The Ghost Dimension (2015) with Sinhala Subtitles |පුංචි දියණියක් පසුපස හබායන හොල්මනක්…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Paranormal-Activity-The-Ghost-Dimension-2015.jpg)

එල සහෝ
ජය වේවා!!!!!!!!!!!!!