Watch Trailer

Parasyte: Part 1 (2014) with Sinhala Subtitles | සතුරු මිතුරු පරපෝෂිතයෝ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතර වෙනි සබ් එක. මම මේ පාර අරගෙන ආවෙ ජපන් විද්‍යා ප්‍රබන්ධ කතාවක්. ඒ වගේම බලලා තියෙන අමුතුම කතා තේමාවක්. සාමාන්‍ය ජපන් ෆිල්ම් එකකට වඩා සජීවිකරණ තාක්ෂණ උපක්‍රමත් ඉහලයි. විද්‍යා ප්‍රබන්ධ, කොමඩි, හොරර්, සහ ඇක්ෂන්, යටතේ වර්ග කරන්න පුළුවන්. IMDB ලකුණු 7/10 ක් අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්න පු…

Lego DC CSs-JL- Gotham City Breakout (2016)

ඔන්න එහෙනම් හතර වෙනි සබ් එක. මම මේ පාර අරගෙන ආවෙ ජපන් විද්‍යා ප්‍රබන්ධ කතාවක්. ඒ වගේම බලලා තියෙන අමුතුම කතා තේමාවක්. සාමාන්‍ය ජපන් ෆිල්ම් එකකට වඩා සජීවිකරණ තාක්ෂණ උපක්‍රමත් ඉහලයි. විද්‍යා ප්‍රබන්ධ, කොමඩි, හොරර්, සහ ඇක්ෂන්, යටතේ වර්ග කරන්න පුළුවන්. IMDB ලකුණු 7/10 ක් අරගෙන තියෙනවා. ඉතින් හිතාගන්න පුලුවන්නෙ තරම? මේකෙ දෙවනි කොටසත් ඇවිත් තියෙනවා අවුරුද්දක් යද්දි.

කතාව ටිකක් කිව්වොත්, මානව සංහතිය බිලිගන්න පැමිණි පරපෝෂිතයන් රැසක් සහ උන්ට එරෙහිව සටන් වදින සාමාන්‍ය උසස් පාසල් සිසුවෙක් වෙන ඉසුමි ෂිනිචි වටා කතාව දුවන්නේ. සාමාන්‍ය ඒලියන් කතාවක් වගේ පෙනුනත් ඊට වඩා මේකෙ තේමාව ගොඩක් වෙනස්. මේ පරපෝශිතයෝ පෙනුමෙන් මුලදි පණුවෙක් වගේ. කන හෝ නාසය හරහා ඔලුව ඇතුලට ඇවිත් මොලේ භක්ෂණය කරලා ඒ පුද්ගලයා තුලම රැදෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාගෙ සිරුරේ පාලනය අරගෙන සාමාන්‍ය විදියට සමාජයේ ජීවත් වෙනවා. හැබැයි රහසේ මිනිසුන්ව මරාගෙන කනවා. එතකොට පාසල් සිසුවෙක් මෙතන මොකද කරන්නේ? ඇත්තම කියනවා නම් ඔහුත් පරපෝෂිතයෙක් මගින් ආසාදනය වූ කෙනෙක්. හැබැයි ඒ මොළේ නම් නෙවෙයි. මොළේ කන්න හිතාගෙන කනින් රිංගන්න ආපු පරපෝශිතයාට වැඩේ වරදින්නේ ෂිනිචි ඌත් එක්ක සටන් කරන නිසා. අන්තිමේදී පරපෝෂිතයට සිද්ද වෙන්නෙ ෂිනිචිගේ අතට පනින්න. අතේ ඉදන් සහජීවී විදියට ජීවත් වෙන ගමන් මේ දෙන්නා යාලුවෝ වෙනවා. යාලු වෙලා පිස්සු කෙළිනවා. මෙයා ෂිනිචිව කිහිප වතාවක්ම පරපෝෂිතයන්ගෙන් බේරගන්නවා වගේම සුපිරි හැකියාවන් කිහිපයකුත් ලබා දෙනවා.

ඉතින් මේ පරපෝෂිතයන් ක්‍රම ක්‍රමයෙන් පාසල්, ආරක්ෂක අංශ, සහ දේශපාලනය පවා ආක්‍රමණය කරනවා. මිනිස්සු රැසක් මරාගෙන කනවා. ඒත් ඇත්ත කතාව දන්නෙත්, උන්ට එරෙහිව සටන් කරන්න ඉන්නෙත් ෂිනිචි සහ ඔහුගේ යාලුවා විතරයි. මේ සටන
අතර මගදි ෂිනිචිගේ ආදරණීය කෙනෙකුත් පරපෝෂිත ග්‍රහණයට හසු වෙනවා. ඒ කවුද, ෂිනිචි සහ ඔහුගේ සගයා කොහොම දිවි බේරා ගනීවිද, මානව සංහතියේ අනාගතය කොයි වගේ වෙයිද? කතාව බලලම දැනගන්න.

සාමාන්‍ය තොරතුරු කිව්වොත්, මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ටකාෂි යමසාකි කියලා අධ්‍යක්ෂක වරයෙක්. කතාවේ ධාවන කාලය මිනිත්තු 109ක්. දිගයි තමයි. හැබැයි ඉතින් ආදායම නම් ජපන් යෙන් බිලියන දෙකක් වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. ඉතින් මේ කතාවට ලැබෙන ප්‍රතිචාර මත දෙවන කොටසත් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් උපසිරසියේ අඩුපාඩුවක් තිබුණොත් සමාවෙන්න. ඒ වගේම පෙන්නලා දෙන්න.

ස්තූතියි.

Crimson Peak (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Parasyte.Part.1.2014.1080p.BRRip.x264.DTS-JYK

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,780 downloadsDownload Parasyte-Part-1.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මාලින්ද පිටිගල

Subtitles

1,780 downloadsDownload Subtitles38 KB

28 comments

  1. එල්.සී. දමැල්

    කතාව හොඳ පාටයි. 2වනි කොටසත් දෙන්න.
    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  2. Ishan Madusha

    සහෝ සබ් එකට බොහෝම ස්තුතියි.මේකට සබ් දෙනකම් ගොඩක්
    කාලයක් බලන් හිටියා.මේ වගේ සුපිරි japanese movie වලට ගොඩක් දෙනා
    කැමතියි.ඒ නිසා ඉදිරියටත් මේ වගේ ජපන් මුවි වලට සබ් දෙන්න බලන්න
    part 2 ත් ඉක්මනින්ම සබ් දෙයි කියා සිතනවා.ජය වේවා!

  3. Tharaka

    කතාව හොඳයි කියා හිතෙනවා. මේක එහෙනම් බාගන්නවා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Tharaka

      Parasyte: Part 1 (2014) 720p Bluray x265 400MB අන්තර්ජාල පිටපතත් මේ සබ් වලට ගැලපෙනවා.

    2. Malinda

      සියලුම බ්ලූ රේ වලට සබ ගැලපෙනවා.

  4. shan nawod

    machan supiriy thawa japn film digatama dapan..good luck

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  6. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි .

    ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න .
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා බුදු සරණයි.

  7. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “මාලින්ද පිටිගල” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

    (ඉංග්‍රීසි උපසිරැසි සමග Parasyte: Part 2 චිත්‍රපටිය online නැරබීමට හා බාගත කර ගැනිමටත් හැකියි )

  8. අසිත

    elama thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Adithya Gimhana

    පට්ටයි මේ ෆිල්ම් එක නම්......
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට....
    මේකෙ 2 වෙනි ෆිල්ම් එකටත් සබ් දෙන්න බ්‍රෝ....

  11. Chanu

    thx u..,
    ikmanta part 2 karanna, ;)
    puluvannam japan anime walatath sub dennako, :)

  12. sameera

    maru wage onna mamath gatta

  13. Manura Sathsarindu

    THNX SAHO...

  14. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. silent$

    elazzzzzzzzzzzzzzzzzzzzz

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. jusal

    Parasyte Part 2 sub dennakooo]

  18. M.Senarathne

    Supiri film eka mtchn..Part 2 ekath hodta sub 1k krpn..gd lk.

  19. nidi

    kammeli nethiwa bala inna puluwan, hemotama gelapena film ekak. thanks Malinda!

  20. ඉෂාන් මදුෂ

    සහෝ part 2 ත් ඉක්මනින් සබ් දෙන්නකෝ

  21. malith

    Ela ela

  22. Pasindu_Ashen

    Kohomada me film ela download krgnne???? baiscopedownloads ekenuth baa..HELP ME

  23. Ravindra

    Thanks

  24. dileeka

    Download wenne corrupt file ekak

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.

  25. Onara

    Me movie eka download karaganna vidihak kiyannako