Watch Trailer

Tangerines (2013) with Sinhala subtitles | ජමනාරං මැද යුද්ධය![සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… කට්ටිය ජමනාරං කාලා ඇතිනේ.. ඒ මොකද.. මේ පාර මං ගෙනාපු චිත්‍රපටියේ නමත් ජමනාරං (Tangerines 2013) මේක ඇවිල්ලා ජෝජියානු චිත්‍රපටියක්. movie එක IMDb දර්ශකයේ 8.3 වැනි ඉහළ අගයක් හිමි කරගෙන තියෙනවා. සම්මාන ගනාවකින්ම වර්ණ ගැන්වුනු මේ චිත්‍රපටිය, 2015 වසරේ ඔස්කා සම්මාන උලෙළේ හොඳම විදේශීය චිත්…

කොහොමද යාළුවනේ… කට්ටිය ජමනාරං කාලා ඇතිනේ.. ඒ මොකද.. මේ පාර මං ගෙනාපු චිත්‍රපටියේ නමත් ජමනාරං (Tangerines 2013) මේක ඇවිල්ලා ජෝජියානු චිත්‍රපටියක්. movie එක IMDb දර්ශකයේ 8.3 වැනි ඉහළ අගයක් හිමි කරගෙන තියෙනවා. සම්මාන ගනාවකින්ම වර්ණ ගැන්වුනු මේ චිත්‍රපටිය, 2015 වසරේ ඔස්කා සම්මාන උලෙළේ හොඳම විදේශීය චිත්‍රපටිය සදහා වූ නිර්දේශිත නාමයන්ට එක්වෙනවා.ඒකෙන්ම තේරෙනවනේ  කොහොම චිත්‍රපටියක්ද කියලා. හොඳයි, කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු එහෙනම්.

චිත්‍රපටියට පසුබිම් වෙන්නේ 1992 වසරේ ජෝජියාව සහ රුසියානුවන්ට සහය දක්වන චේචෙන් නම් කැරළි කණ්ඩායම් අතර අරගලයක්. යුද්දයේදි රුසියානුවන්, චේචෙන්ලා සහ ඇබ්කාසියන්ලා එකම පැත්තක්. ජෝජියානුවෝ අනෙක් පැත්ත. සටන් යන්නේ බොහොම සරුවට ජමනාරං වැවෙන පෙදෙසකයි. මහළු ඉවෝ සහ ඔහුගේ මිතුරෙකු වන මාර්ගස් මෙහි ජමනාරං වගා කරනවා. මේ අස්වනු නෙලන සමයයි. දවසක් එකපාරටම චේචෙන්ලා සහ ජෝජියානුවන් අතර පොඩි සටනක් මාර්ගස්ගේ වගාබිම අසල යනවා. සටනින් එක් ජෝජියානුවෙක් සහ චේචෙන් කෙනෙක් තුවාල ලබනවා. ඉවෝ මේ දෙන්නවම තමන්ගේ ගෙදරට එක්කං ගිහින් ප්‍රතිකාර ලබාදෙනවා. නමුත් දෙන්නා සතුරෝ. ඉතිං මේ දෙන්නා එක ගෙදර කොහොම ඉදීද? දෙන්නටම සනීප වෙයිද? මරා ගනීද? මොනවා කර ගනීද? මොකද දෙන්නට දෙන්නා පුදුම තරහකින්නේ ඉන්නේ. චිත්‍රපටිය බලලම මේ දේවල් දැනගන්නකෝ.. කුතුහලයක් ඇතුව  බලන්න පුළුවන් වෙනස්ම විදියේ උසස් කතාවක්. මට මේක බලද්දි ඉස්කෝලේ යන කාලේ literature වලට  ඉගෙන ගත්තු the man he killed කවිය මතක් වුනා. මම ඒ වුනාට literature fail හොඳේ..

ඒකේ යුද්දෙට ගිය සෙබෙලෙක් තැබෑරුමකදි තමන් අතින් මැරුම් කෑ සතුරෙක් ගැන මෙන්න මෙහෙම හිතනවා. Had he and I but met, By some old ancient inn, We should have sat us down to wet, Right many a nipperkin! හරි, ඔන්න ඉතිං හැමෝටම මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා!

                                                                      ජය වේවා…!!!


Jack and the Cuckoo-Clock Heart (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tangerines.2013.720p.BRRip.750MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,493 downloadsDownload Tangerines.2013.720p.BRRip_.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/LushanKuruppu1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලුශාන් කුරුප්පු (LUSH)

Subtitles

2,493 downloadsDownload Subtitles25 KB

25 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔයා සබ් දුන් ඔක්කොම ෆිල්ම් ලස්සනයි. ඒ වගේම අර්ථවත්..... මේ ෆිලුමත් එහෙම ඇති. ඔන්න මේකත් බාන්න දැම්මා. ඉදිරියටත් මේ වගේම එකිනෙකට වෙනස් අර්ථවත්, හොඳ චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න කියලා ඉල්ලනවා. සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

    1. Lushan Kuruppu

      බොහෝම ස්තූතියි යාළුවා...!

  2. shasith sandaruwan

    උපසිරසියට ගොඩාක් ස්තූතියි. තව තවත් උපසිරැසි කරන්න හැකියාව ලැබේවා... දිගටම දෙමු ආ....

  3. wooobox.net

    මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොයුරාට අප සැමගේ ස්තූතිය.

    “ලුශාන් කුරුප්පු (LUSH)” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත

  4. Harsha

    Thanks Friend.I will download

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  6. අසිත

    elama thanks

  7. Madhawa

    Thanks bro :)

  8. Udara Damith B/K

    උපසිරසියට ගොඩාක් ස්තූතියි

  9. thisal

    බොහෝම ස්තූතියි යාළුවා…!

  10. KB

    සුපිරි ෆිලුමක් වගේ සබට තුති සහෝ

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

    *Final Girl (2015) Imdb 4.7 *Kingsglaive Final Fantasy XV (2016) Imdb 7.1 *ice age collision course (2016) Imdb 5.3 *Dracula The Dark Prince (2013) Imdb 3.8 *Neighbors 2 Sorority Rising (2016 ) Imdb 5.8 *Miss Teacher 2016 Hindi 18+ Imdb 3.8 *Dino Time (2012) Imdb 4.7 *Scooby doo and the legend of the vampire (2003) Imdb 6.6 Please SUB TITLE+++++++ FOR MOVIES++++++++

  13. Rakitha Ranathunga

    ස්තුතියි මචෝ සබට...

  14. Jeewantha

    නියම ෆිල්ම් එකක්. ගොඩක් කාලෙකින් බයිස්කෝප්lk එකේ මේ වගේ ෆිල්ම් එකක් දැක්කේ. බොහොම ස්තුතියි සබ් වලට. බයිස්කෝප්lk නැත්නම් කවදාවත්ම මේ වගේ Film එකක් බලන්න හම්බවෙන්නේ නැහැ.

  15. Inoka Perera

    ස්තුති මේ වගේ වෙනස් එකක් ගෙනාවට එකම ජාතියේ ෆිල්ම්ස් බලලා එපා වෙලා හිටියෙ

  16. Lushan Kuruppu

    කමෙන්ට්ස් වලට බොහෝම ස්තූතියි යාළුවනේ!

  17. Manura Sathsarindu

    THNX SAHO SUB EKATA,,,,

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. r.s samantha

    Thank You..!!
    Thank You..!!!

    oya wage sammana ganipu hoda film atharinnema naa macho.
    aniwa balanawa
    ela ela

  20. අසිත

    elama saho othanks

  21. Chathura

    බොහොම ස්තූතියි...

  22. Lahiru W

    Thank you very much for Sinhala subtitle.

  23. ricadodamien

    Thank U Lushan brother & baiscope team for the sub, all the best to baiscope team.............

  24. sasanka

    thanks for the sub