හසීබ්,ඉර්ෂාඩ්(ඉචාපි) කියන්නේ ගජ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නා විනෝදාංශ විදියට මාළු,පරෙවියෝ වගේ සත්තු ඇති කරනවා.ඉචාපිගේ ගෙදර පරෙවි කූඩුවක් තියෙනවා.මෙහෙම ඇති කරන පරෙවියෝ මේ දෙන්නා එකතුවෙලා පුහුණු කරනවා.ඒ ඉස්සරහට තියෙන පරෙවි තරඟයක් වෙනුවෙන්.මෙයාලගෙත් එක්ක තරඟ වදින්න ඉන්න තවත් කට්ටියක් ඉචාපිගේ ගේ ළඟම ඉන්නව…

හසීබ්,ඉර්ෂාඩ්(ඉචාපි) කියන්නේ ගජ යාළුවෝ දෙන්නෙක්.මේ දෙන්නා විනෝදාංශ විදියට මාළු,පරෙවියෝ වගේ සත්තු ඇති කරනවා.ඉචාපිගේ ගෙදර පරෙවි කූඩුවක් තියෙනවා.මෙහෙම ඇති කරන පරෙවියෝ මේ දෙන්නා එකතුවෙලා පුහුණු කරනවා.ඒ ඉස්සරහට තියෙන පරෙවි තරඟයක් වෙනුවෙන්.මෙයාලගෙත් එක්ක තරඟ වදින්න ඉන්න තවත් කට්ටියක් ඉචාපිගේ ගේ ළඟම ඉන්නවා.ඉචාපි,හසීබ් දෙන්නා දන්නේ නැති වුනත් එයාලා දෙන්නා ඇති කරපු දක්ෂම පරෙවියා ඉන්නේ මේ කියන ප්‍රතිවාදියා ගාව.කාලෙකට කලින් මෙයා පරෙවියා හොරකම් කරත් මේ දෙන්නා දන්නේ නෑ හරියටම පරෙවියා කා ළඟද තියෙන්නේ කියන එක.
දේවල් ඔය විදියට සිද්දවෙන අතරේ ඉචාපි දකිනවා එයාලගේ පාසලට අලුත් ගෑණු ළමයෙක් ඇවිත් තියෙනවා කියලා.ඉචාපිට එයාව දැකපු ගමන් හිත යනවා.හැබැයි ඉතින් ඉචාපි වගේ කීපදෙනෙක්ම මෙයා පස්සෙන් එනවා.
ඔය දේවල් එක්කම ඉචාපිට අයියා කෙනෙක් ඉන්නවා.එයා ෂේන්.ඉචාපිගේ අයියා ටිකක් වෙනස් කෙනෙක්.එයා සමාජෙන් හැංගිලා වගේ තමයි ඉන්නේ.මෙයා පවුලේ අනිත් අයත් එක්ක බොහොම අඩුවෙන් තමයි කතා කරන්නේ.කොටිම කිව්වොත් අයියා එයාලගේ තාත්තා එක්ක කතා කරන්නෙම නෑ.
මේ විදියේ කතාවක් තමයි ෆිලුමේ තියෙන්නේ.කොහොමවුනත් කතාවේ වැදගත්ම චරිතය මෙතන කියවුනේ නෑ .ඒ තමයි ඉම්රාන්(Dulquer Salmaan).ඉතින් ඉම්රාන් මේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? පරෙවි තරඟයට මොනවා වෙයිද? ඉචාපි එයාගේ ආදරවන්තිය යාළු කරගනියිද? ඉචාපිගේ අයියා-ෂේන්ගේ අමුතු හැසිරීමට හේතුව මොකක්ද? මේ තමයි, Parava (2017).
ෆිලුම තිරගතවෙන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21. ඔව්,තිරගතවෙලා සෑහෙන කාලයක් යනවා මේකේ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වෙන්න.ගොඩක් මුලාශ්‍රවල මේකේ DVD පිටපත් ළඟදීම නිකුත්වෙනවා කියලා කීපසැරයක්ම දැනුම් දුන්නත් අන්තිමට මැයි මාසේ අග තමයි ඒ විදියට DVD පිටපත් නිකුත්වෙලා හොඳ පිටපතක් අන්තර්ජාලයට එන්නේ. ෆිලුම මේ වෙද්දී දහසකට වැඩි IMDb මනාපයෙන් 8.5ක් වගේ ඉහල අගයක් ලබාගෙන තියෙනවා.හුඟක් අය ෆිලුම එනකල් බලාගෙන හිටියේ මේකේ DQ ආරාධිත රඟපෑමක් වෙනුවෙන් පෙනී ඉන්න නිසා.හැබැයි හරියටම කිව්වොත් ඒක ආරාධිත රඟපෑමක් ම නෙවෙයි.චිත්‍රපට මූලාශ්‍රවල කියවෙන්නේ ඒ “දිගු ආරාධිත රඟපෑමක්” කියලා.ඔව්,ඒ දෙකේ වෙනසක් තියෙනවා.ඒ කිව්වේ චිත්‍රපටයේ එක් විශේෂ අවස්ථාවකට පෙනී ඉඳලා අතුරුදහන් වෙලා යනවට වඩා වැඩි චරිතයක් වෙනුවෙන් තමයි දුල්කර් ෆිලුමට පෙනී ඉන්නේ.ඒ වගේම ෆිලුමේ මුළු ජීව ගුණයම රැඳී තියෙන්නේ දුල්කර් පෙනී ඉන්න මේ චරිතය නිසා කිව්වොත් ඒකෙ වරදක් නෑ . ඉතින් මේ දේවල්වල හරි වැරැද්ද ෆිලුම බලලම තීරණය කරන්න කියලා අවසාන වශයෙන් මතක් කරනවා.
එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.
9,954 downloadsDownload Parava-2017.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
45 comments
mskbranda
rangika Kariyawasam
අම්මෝ මෙතරම් ඉක්මනට සබ දුන්නට තරිඳු සහෝට බෝම පිං..
නියම වැඩක් සහෝ .
දැන් ලංකාවේ දී මලයාලම් සිනමාවට නියම ඉල්ලුමක් බයිස්කෝප් එක නිසා ඇතිවෙලා කියලා හිතෙනවා.ඒත් සබ ගන්න කස්ටියටම ඇවිත්ගියාට කොමෙන්ටුවක් කොටලා යන්න තරම් වෙලාවක් නැද්ද කියලා අහන්න හිතෙනවා .
මේ සබක් කරන්න ඇස් කඩාගෙන මාර කටිටක් කනවා. ඒකටම ටිකක්හරි ලෙන්ගතුකම ප්‍රකාශකරන්න බැරිනම් අපේ ලාංකිකත්වය කොතනද කියන එක පිළිබඳව ප්‍රශ්ණයක් තියෙනවා.
ඒ නිසා ඒ ගැනත් හිතන්න කියලා මලයාලමි රසිකයින්ගෙන් ඉල්ලාසිටින ගමන්.... නැවතත් තරිදු සහෝ ජයෙන් ජයම වේවා ඔබට....Malithsank
ආදරෙයි ❤️ තරිඳු සහෝ
ඩොක් අයියා
“තරිඳු රසාංග” සොහොයුරාට ස්තූතිය
nilamahee
Dowunlods web ekata yanna bahane
Dew Thilina
mchn sub eka download wen na ne?
nowty_max
දිගටම මලයාලම් වලට සබ්දෙන්න. ෆිල්ම්නම් මලයාලම් තමයි
Lalani Maduwanthi
Ow ow,,,,,aththenma
manju4300
මෙතරම් ඉක්මනට සබ දුන්නට තරිඳු සහෝට බෝම පිං.. එ වගේම dulquer sameen ඉන්න abcd 2013, Njaan 2014, Theevram (2012) film වලටත් sub කරන්න සිත් පහල වේවා.....
jstar
super brother thanks a lot more
thilina86
Thank you so much dear I love Malayalum Movies. God bless you. Wish you all your Dreams come true.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Chanmatara
Thanx සහෝ... good wwork
Hemantha De Silva
ස්තුතියි තරිඳු..
ස්තුතියි බයිස්...Lalani Maduwanthi
Thank you Baiescope.lk,,,,,,thank you tharindu bro
Lalani Maduwanthi
Tharindu malli,,,,,,VISHUDHDAN,,,COUSINS,,,LECHMI,,FILMS DENNAKO PLEASE
Manujaya Kamburugamuwa
අඩේ තැන්ක්ස් ආ.....
Eranga Sandaruwan
දුල්කර් සල්මාන් මිස් කරන් කෝමද??
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාMenaka Herath
සබට බොහෝම ස්තූතියි මල්ලි. ජයවේවා..!!!!!!!!!
Kulanjana Maduranga
niayamai…aniwa bamak thama..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nilush Angana
Sub ekata thanx
දිලා
Biscope download එකට ෆෝන් එකෙන් යන්න බැහැනෙ
thimalF
thanks
Kovidu
ගොඩක් ඉක්මනට සබ දුන්න ගොඩාක් ස්තූතියි සහො
oshanda
Sub ekata thanx
N_R
Thanks.
NuwanK
Thanx Bro
dhanush4343
Thanks brother, danmama banava
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malith
Ela ela
Oshanpn
ස්තුතියි ! ජය වේවා !
Thilina Chamara
Thank you
Thanks bro
ThilinaDinelka
Supiry kollo ....digatama malayalam film wala sub deema pilibandawa sthuthiya..
SHAMAL COSTA
thank you
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට...
මේ හාදයාගේ ෆිල්ම් මගෑරලා කොහොමද..
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Gandhaka Indrajith
Thanks for the subtitle
spd
බොහොම ස්තුතියි තරිඳු සහෝ සිංහල උපසිරසියට.
වැඩි වැඩියෙන් මලයාලම් ෆිල්ම් වලට සබ් කොටන්න ඇඟිලි ශක්තිමත් වේවා
කියල ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා...!!!Menaka Herath
බොහොමත්ම ස්තූතියි සබට සහෝ.....
තව තවත් සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!!!!!tharidu sagara
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවෙිවාkalana.pikuu
right click desable karanna epa.. plzzz
thusithak91
thx machan
Su
Thanks saho sub ekata.. :)
sasanka sathyajith
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.