සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරන් ආවා. මේ වතාවේ අරන් ආවේ වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක්. මෙය කතාව අවසානයේ ප්‍රෙක්ෂකයාව හිතන්න යොමු කරවන චිත්‍රපටයක්. එමෙන්ම මෙහි තිබෙන කතාව සහ දෙබස් තුළින් ඉතා සියුම් ලෙස චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන චිත්…

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ටික දවසකට පස්සෙ ආපහු සැරයක් සබ් එකක් අරන් ආවා. මේ වතාවේ අරන් ආවේ වෙනස්ම විදියේ සිනමා නිර්මාණයක්. මෙය කතාව අවසානයේ ප්‍රෙක්ෂකයාව හිතන්න යොමු කරවන චිත්‍රපටයක්. එමෙන්ම මෙහි තිබෙන කතාව සහ දෙබස් තුළින් ඉතා සියුම් ලෙස චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන චිත්‍රපටයක්. ඉතිං එවැනි වෙනස් අන්දමේ චිත්‍රපටි නරඹන්න කැමති හැමෝටම මෙය ඉතා හොඳ චිත්‍රපටයක් වේවි.
මෙය තිරගත වී තිබෙන්නෙ 1984 වර්ෂයේදි. මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Wim Wenders විසින්. එමෙන්ම මෙම චිත්‍රපටය ප්‍රංශ සහ ජර්මන් සමාගමක් දෙකක හවුල් නිපැයුමක්. චිත්‍රපටිය මුළුමනින්ම තිරගත කර තිබෙන්නෙ ඇමරිකාවේ. මෙයට රංගනයෙන් දායක වී තිබෙන්නෙ Harry Dean Stanton, Nastassja Kinski, Dean Stockwell, සහ Aurore Clement යන නළු නිළියන්. මේ චිත්‍රපටය අයත් වන්නෙ Drama සහ Road Movie කියන කැටගරි වලට. එමෙන්ම මෙම චිත්‍රපටය 8.1 ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙන IMDB දර්ෂකයේ 242 වෙනි තැන පසුවෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයට විවිධාකාර සම්මාන 16ක් හිමිවී තිබෙනවා. ඉතිං මෙය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමිකරගත් විශිෂ්ට ගණයේ සිනමා සිතුවමක් බව පැහැදිළියි.
ඇත්තටම මෙය මතුපිටින් සරල කතාවක් වගේ පෙනුනනට ඇතුළතින් ගැඹුරැ අරැතක් කැටි කරගත් චිත්‍රපටයක්. මෙහි කතාව විස්තර කරන එක නම් ටිකක් අමාරැ වැඩක්. එම නිසා මං කතාවට පුංචි ප්‍රවිශ්ට වීමක් පමණයි ලබාදෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතෙ වෙන්නෙ ට්‍රෙවිස් නැමැති මැදිවියේ පුද්ගලයෙක්. කිසිදු සිහියක් කල්පනාවක් නොමැතිව අතරමංව සිටින මෙම පුද්ගලයාව ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි කාන්තාරයකදි සොයාගනු ලබනවා. පසුව මොහුට ප්‍රතිකාර කෙරෑ වෛද්‍යවරයාගෙන් ලැබෙන පණිවිඩයකට අනුව මොහුගේ සොහොයුරා මොහු සොයා පැමිණෙනවා. වසර 4ක කාලයක් අතුරදහන් වී සිටි තම සොහොයුරාව නැවත දැකගන්නට ලැබුනත් එම වසර 4ක කාලය තුළ සිදුවු කිසිදෙයක් ඔහුගේ මතකයේ සටහන් වී නැහැ. ඉතිං මේ ට්‍රෙවිස් නැමැති පුද්ගලයාට මෙවැනි ඉරණමකට මුහුණ පාන්නට සිදුවූයේ කුමක් නිසාද? තම ජීවිතයේ තිබෙන යම් යම් අඩු පාඩු නිසා ඔහුට මුහුණ දෙන්නට සිදුවු මෙම සිදුවීමට ඔහු කෙසේ මුහුණ දේවිද?
විනාඩි 144ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය ඇත්තටම ටිකක් සෙමින් කතාව ගලාගෙන යන චිත්‍රපටයක්. විශේෂයෙන්ම මෙහි මුල් සහ මැද කොටස් වලදි කතාව ඉතාමත් මන්දගාමී විලසින් තමා ගලාගෙන යන්නෙ. නමුත් චිත්‍රපටයේ අවසානයට ලඟාවෙද්දි කතාවේ යම් කිසි කුතුහලයක් ජනිත වෙනවා. එමෙන්ම මෙහි අධ්‍යක්ෂවරයා වැඩිපුරම උත්සහ දරා තිබෙන්නෙ චරිත සහ හැඟීම් පිළිබඳ විග්‍රහයක යෙදෙන්න. එමෙන්ම මෙම චිත්‍රපටයේ ඉතා හොඳ අවසානයකුත් තිබෙනවා. ඉතිං කතාව නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. එමෙන්ම මෙම චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානය දක්වාම චිත්‍රපටයේ ස්වභාවයටම සරිලන අපූරැ පසුබිම් සංගීතයක් තිබෙනවා. එයින් චිත්‍රපටයට අමුතුම අලංකාරයක් එක්වෙලා තිබෙනවා.
එහෙනම් මේ වටිනා චිත්‍රපටිය නැරඹීමට ඔබට කෙරෙන ආරාධනාවත් සමග මං දැනට සමුගන්නවා. මේක මගේ 28 වෙනි උපසිරසි ගැන්විම. තවත් උපසිරසක් සමගින් ලඟදීම මුණගැහෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය පතමි !

Due to copyright issues, we do not provide any torrent links.
ලබාදී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,260 downloadsDownload Paris-Texas-1984.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/james-dc-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
15 comments
Kantha_DLA
tharindu gunarathna
THANKS A LOT
Udara Damith Dissanayaka
එල
ස්තුතියිTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.......!
Bandara76
best of the best
Priyantha Dayakeerthi
නිතරම IMDb දර්ශකයේ ඉහළ අගයක් ගත් ඉතාමත් වටිනා සිනමාපට සඳහාම උපසිරසි ලබාදෙන ඔබ වැනි කෙනෙක් මේ වෙබ් එකට ඉතාමත්ම වටිනවා. ඔබගේ මේ අගනා මෙහෙයට මාගේ අවංක ස්තුතිය!!!
sam fisherr
අද ගෙඩක් චිත්‍රපටවල අවසානයට හිතන්න දෙයක්නැ.එගෙල්ලො කියන දෙ පෙන්නනදෙ අහං ඉන්නවට අමතරව අපිටත්කරන්න හිතන්න දෙයක් තියනවනම් නියමයි
AsithaDilruwan
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Waruna Kamalawansha
නියමයි..... බොහෝම ස්තූතියි
sasanka
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!