පලවෙනි විනාඩි 7.. ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි. සහතිකයි.. මේ පැය දෙකාමාර ඇතුළත, උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි ඇස් වලට කඳුලක් එන්නත් බැරි…

පලවෙනි විනාඩි 7..
ඔව්, පලවෙනි විනාඩි 7න් පස්සේ උඹට දැනෙනවා මේකේ වෙනස
පලවෙනි විනාඩි 07න් පස්සේ කාටවත්ම බෑ, උඹ මේ පිචර් එක බලන එක නතර කරන්න
උඹ පුටුවට ඇලිලා වගේ ඉඳියි
ආයේ නැගිට්ටොත් නැගිටින්නේ මේක ඉවර කරලම තමයි.
සහතිකයි..
මේ පැය දෙකාමාර ඇතුළත,
උඹ ශොක් වෙයි, පපුව කීරි ගැහෙයි
ඇස් වලට කඳුලක් එන්නත් බැරි නෑ
දහ අතේ කල්පනා කරයි
පපුව ආදරෙන් පුරෝ ගනියි.
ඒ වගේම..
ඒ පැය දෙකාමාරෙන් පස්සේ
සුද්ද වෙච්ච ඔලුවක් එක්ක උඹ නැගිටියි
තොල් අතර තියෙයි,
“වා.. රෙයිල් විඩ පෝලාමා…?”
වනකින්නම් කෝවමා..
මනිචිඩු පෝලාම් වා…”
මේ කවුරුත් හෙව්ව “සාමි දෙකේ බලය” නෙමේ
කවුරුත් ඇඟිලි ගැනපු “මෝහිනී” නෙමේ
සුපර් ස්ටාර්ලාගේ බොරු රැඟිලි තියෙන ෂෝ එකක් නෙමේ
බැලුවට පස්සේ හතර වටේ, පලු යන්න බැන බැන යන එකකුත් නෙමේ
මේක රේටින් 9.4ක් තියෙන පිචර් එකක්
හොඳම දෙමල පිචර් 50 අතර තියෙන එකක්
ඩිරෙක්ටර්ගේ පළවෙනිම වැඩේ උනාට
ඉන්දියන් නැෂනල් එකක් ගන්න ඉඩ තියෙන එකක්
බඩවැල් ඇඹරිලා යන මියුසික් වලින් උඹව ලෙඩ කරන එකක්
ඉන්දියාව හරිම ආදරෙන් බදාගත්තු කතාවක්
රෝලකෝස්ටර් රයිඩ් එකක්
ඔක්කොටමත් එහා,
උඹ මිස් කරන්න හොඳ නැතිම එකක්!!
ඔව්.. කිව්වත් වගේ, මග ඇරගන්න නම් හිතන්නවත් එපා. පරියෙරුම් පෙරුමාල්… සැප්තැම්බර් මාසේ 28 වෙනිදා තමයි තිරගත වුණේ. කෝටි 3.5ක අඩු වියදමක් යටතේ නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. නමුත් කෝටි 4.5ක මුදලක් උපයාගෙන තියෙනවා. උඩ කිව්වා වගේ මාරි සෙල්වරාජ්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. ඒත් බලලම තීරණය කරන්න කිරි සුවඳ ගෑවිලාවත් තියේද කියලා. බහුතරයක් ඉන්දීය ප්‍රේක්ෂකයන් කියන්නේ නම් ඉන්දීය ජාතික සම්මානයක් ඩැහැගන්නම පුළුවන් මට්ටමේ චිත්‍රපටියක් කියලයි. ඉන්දියාවේ දැවැන්ත විදිහට මුල් බැසගත්ත කුල බේදය මූලික කරගෙන නිර්මාණය වෙච්ච මේ කතාව ඉන්දියාවේ ජනතාව හරිම ආදරයෙන් වැළඳගත්තේ. ප්‍රේක්ෂක විචාර දැක්කම ඒ ගැන හොඳට හිතාගත්තහැකි. රංගනය ගැන කතා කරොත් කදීර් වෙන විකල්ප නළුවෙක් ගැන හිතන්න ඉඩ දීලම නැහැ, ඒ වගේම සුන්දර ආනන්දී චිත්‍රපටියට වෙනම ආලෝකයක් අරන් එනවා. යෝගී බාබු තමන්ගේ සුපුරුදු සහය රංගන දායකත්වය අඩුවක් නැතුවම ලබා දෙනවා. අනිත් විශේෂම දේ, සංගීතය.. සන්තෝෂ් නාරායන්ගේ සංගීතය ම්ම්ම් කියන්න තේරෙන්නේ නෑ. Karuppi ගීතයට හිත චංචල නොවුනොත් තමා පුදුමේ. චිත්‍රපටිය බලපු කෙනෙක් මේ ගීත ටික නම් ආයේ අහන්නේ නැතුව ඉන්න එකක් නෑ. ඒ අය වෙනුවෙන් මම පහළින් Youtube ලින්ක් ටික දාගෙන යන්නම්. එහෙනම් මේ අවස්තාව ඔයාට, හොඳ හොඳ සිනමා නිර්මාණයකින් මනස පුරවගන්න.. කවුරු වෙනුවෙනුත් ආදරේ බෙදාහරින්න.
ප.ලි : චිත්‍රපටිය ගැන ඔත්තුව දුන්නට අචින්ත සහෝදරයාටත්, හිර වෙච්ච වෙලාවල් වලදී උදව් කරපු ඉන්ද්‍රජිත් සහෝදරයාටත් ගොඩක්ම ස්තූතියි.
ගීත ටික පහල ලින්ක් වලට ගිහින් බලන්න.
Karuppi (https://www.youtube.com/watch?v=wdjgjSN9MIE) Vaa Rayil Vida Polaama (https://www.youtube.com/watch?v=AS4HqtTsu5c) Naan Yaar (https://www.youtube.com/watch?v=Uq-_4yAmjPY) Potta Kaatil Poovasam (https://www.youtube.com/watch?v=eJujDkKTjZc) Engum Pugazh (https://www.youtube.com/watch?v=RQR70D2O8As)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.
13,755 downloadsDownload Pariyerum-Perumal-2018.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
82 comments
neelanethra
Prabodha Madhusankha Hettiarachchi
thank bro sub ekataaa... jaya Wewa..!
Praveen
thnkzzzzzzzzzzzzzzzzz mcho
විදුෂාන් සජිත්
:-) බොහොම ස්තුතියි සහෝ උපසිරසියට,. ලිපිය කියෙව්ව්හම නොබලා ඉන්නේ කොහොමද!!.. දිගටම යමු, ජය වේවා... :-)
macknal d.i
Supiri thanks.....
Bandaramudiyansi
මට නම් හිතුන මෙක කියවම් එද්දී මේයාගෙ එකක්ම කියල .ඇත්ත බැලිත්නම් ස්තුතියි බලන්න ඔනේ ඔය කියල තියෙන විදියට බලන්න හිතෙනව
Deshani
thank you
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි සහෝ...
සුපිරියක් වගේ....
ෆට්ට ලිපිය හොදේ..... :DKaushan Herath
මේ වගේ ඒවානම් ලොවෙත් මිස් කරගන්නෙ නෑ.සබට තැන්ක්ස් සහෝ
Eranda Malith 2.0
සුපිරි මචන්
බොහොම ස්තූතියි
ජයවේවාDilshan Kelum
Thanks shooo..
blmkumara
Thanks Broooo.
SHEHAN350
patta kathava ubala nathnam api meva balannada thanks macho
ranga12
thanx bro mekata sub danakam balagena hitiye
Hemantha De Silva
ස්තුතියි මයුර....
Kovidu
බොහොමත්ම ස්තූතියි සහෝ........... ජය!!!!!!
Lalani Maduwanthi
Thank you mayura malliya
deshanchandana
lipiya liyala thiyana widihatama athi kathawa balanna
thankz brolahiru supun devinda
lipiya dekalama asa hituna sahoo jayawewaa
RK
patta patta..romba nanriiiiiii.............
Jadu
Yako ube lipiya dakkalama bada piruna ..thankx mchan
Ameera
Thank you
Athula
Thanks ...
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
Ayesh Prashan
Thank You
Nilush Angana
sub ekata thanx
kelumchathuranga
thanks
snak
thanks machoo
widuranga
pattama ekak aniwa balnnaaaaaaathanx sub ekataaaa
Bandara 1976
චිත්‍රපටිය දුන්නට “මයුර සුරාජ්” සහෝදරයාට ගොඩක්ම ස්තූතියි.
jogy isuru
thanks mayura brother!
harshani11112
ස්තුති සහො ....
තෙරැවන්සරණයිදමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.thusithak91
thank you
kavinuweerakkody
ෆිල්ම් එක බලලා ඇවිත් මේ කමෙන්ට් කරන්නේ.. නියමයි! වෙනස් රහක් හොයන සිනමා ලෝලීන්ට ගැළපෙනම එකක්! ස්තූතියි මයුර අයියේ..ජය වේවා!!
Achi
එලම
Kulanjana Maduranga
subata thanks saho,,,,keep it up....
tharaka karunanayaka
patta film eka saho. sub ekata thanks. jaya wewa
suresh3006
Thanks
Sajithniroshan333
sinhala sub nedda
Mayura
නෑ තාම යුක්‍රේන් සබ විතරයි
Yasas Daraka
patta film eka bro..
TharakaWAS
Subata thanks bro....!!!
JF6996
Thanks
බොබී
ලිපිය කියෙව්වම නම් බලන්නම හිතෙනවා. ඔන්න මාත් සබ් එක ගත්තා. ස්තූතියි සහෝ.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!basura indrachapa
උපසිරැසියට ජය !!!
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මයූ...
ඉක්මනින්ම බලන්න ඕනා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!sashan
Ela ela
thanks bro jaya weva.Shehan putha
ela ela...okkatama thanks...jaya !
N_R
Thank You.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Pariyerum Perumal (2018) Sinhala Subtitles | අඩු කුලේ එකා මං [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/11/Pariyerum-Perumal-2018-1.jpg)

ස්තූතියි ....