කට්ටිය කැමති ඇති කියල හිතුව කවුබෝයි චිත්රපටයක් බලන්න. ඒක නිසා මෙන්න ගෙනාව මැග්නිෆිසන්ට් සෙවන්. කලින් ඒව වගේ සීඩ් නැති ලින්ක් නැති එකක් එහෙම නෙමේ. 1960 ඔක්තෝබර් මාසෙ තිරගත වෙච්ච මේසිනමා පටය ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන්ම එළිදක්වනව. ක්‍රියාදාම චිත්රපටක් වෙන මෙය ජෝන් ස්ටර්ග්ගෙ අදියුරුවට තිර…

කට්ටිය කැමති ඇති කියල හිතුව කවුබෝයි චිත්රපටයක් බලන්න. ඒක නිසා මෙන්න ගෙනාව මැග්නිෆිසන්ට් සෙවන්. කලින් ඒව වගේ සීඩ් නැති ලින්ක් නැති එකක් එහෙම නෙමේ. 1960 ඔක්තෝබර් මාසෙ තිරගත වෙච්ච මේසිනමා පටය ස්පාඤ්ඤ හා ඉංග්‍රීසි යන භාශා ද්විත්වයෙන්ම එළිදක්වනව. ක්‍රියාදාම චිත්රපටක් වෙන මෙය ජෝන් ස්ටර්ග්ගෙ අදියුරුවට තිරපිටපත විලියම් රොබර්ට්ස් ගෙ.
යුල් බ්‍රයිනර්, එලී වොලෂ්, ස්ටීව් මැක්වීන්, හෝර්ට්ස් බුශොල්ස්, චාර්ල්ස් බ්‍රොන්සන්, රොබර්ට් වෝගන්, බ්‍රැඩ් ඩෙක්ස්ටර් ජේම්ස් කෝර්බන්, ඇතුලු පිරිස රංගනයෙන් දායක වෙන චිත්රපටය ඔස්කාර් සම්මානයකට හා තවත් සම්මාන පහකට නිර්දේශ වෙනව. තවත් අන්තර්ජාතික සම්මනයක් දිනාගැනීමට සමත් වෙනව.
බලමුකො කතාව කොහොමද කියල.
පිටිසර මෙක්සිකානු ගම්මානයකට කඩාවදින මංකොල්ලකාරයො පිරිසක් ගැන තමා කතාව තියෙන්නෙ. කැල්වේරා කියන හොර නායකයා ඇතුලු තම පිරිසට අවශ්‍ය සියලුම දේ ලබාගන්නේ මේ ආකාරයෙන් ගම්මාන වලින් පැහැර ගැනීමෙන්. අවසාන වතාවට ගමට පැමිනෙන කැල්වේරා ආපසු යන්නෙ ලඟදීම ආයෙත් වතාවක් එනබවත් ඒ එනකොට තවත් ආහාර රැස්කර තැබිය යුතු බවත් පවසමින්. මේ ආකාරයෙන් සිදුවන මංකොල්ලකෑමෙන් හෙම්බත්ව සිටින ගම්වැසියන් තුවක්කු මිලදීගෙන මේ ආක්‍රමණයට මුහුන දීමට සූදානම් වෙනව.
තුවක්කු ලබාගැනීමට ඩොජ් නගරයට පැමිනෙන ඔවුන්ට මුලින්ම මුනගැසෙන්නේ ක්‍රිස් ව. ගම්වාසීන්ගේ අවනඩුවට ඇහුම්කන්දෙන ක්‍රිස් යෝජනා කරන්නේ තුවක්කු මිලදී ගන්නවට වඩා ලාබදායි ලෙස තුවක්කුවෙන් වැඩකලගැකි කුලීකරුවන් කිහිපදෙනෙක් ලබාගැනීම සුදුසු බවයි. ඒ අනුව කුලීකරුවන් සොයාගැනීමේ වගකීමත් ක්‍රිස් හටම පවරන ඔවුන්ගේ ගෙවීම නම් බොහොම සුලු මුදලක්, නමුත් දිනපතාම ආහාර ලබාදිය හැකිබව පවසනවා. ක්‍රිස් ගේ උදවුවෙන් හත්දෙනෙකුගේ කණ්ඩායමක් සාදාගන්නා ඔවුන් තම ගම්මානය කරා ආපසු පැමිනෙනවා.
ගමට පැමිණි පසු ගම්මානයේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් නව අගල් තාප්ප වැනි දෑ තනවා ගම්වාසීන්ට තුවක්කු භාවිතය පිළිබඳවද කියාදීමට මොවුන් කරුණාවන්ත වනවා. ඒ අතර කැල්වේරාගේ පලමු ප්‍රහාරයෙන් තම කල්ලියේ කීපදෙක්වම අහිමි කරගෙන කැල්වේරා පසු බහිනවා. නමුත් ගොවියන් වන ගම්වාසීන් මෙවන් කලහකාරී ක්‍රියාවන්වලට අකමැති නිසා ක්‍රිස් ඇතුලු පිරිසට ආපසු යනලෙස බල කරනවා. ඒ අවසරයෙන් කැල්වේරා ගම්මානයට කඩාවැදී එය යටත් කරගන්නවා පමනක් නොව ක්‍රිස් ඇතුලු පිරිස ප්‍රදේශයෙන් පිටව යන ලෙස බල කරන්නේ තම බල පරාක්‍රමය තවදුරටත් පතල කිරීමේ අරමුණින්. නමුත් නොහිතූ ලෙස ක්‍රිස්ගේ කන්ඩායම ආපසු පැමිණෙන්නේ තම පොරොන්දුව ඉටුකිරීමටයි. එහිදී හත් දෙනාගේ කල්ලියේ තිදෙනෙකුත් කැල්වේරා ඇතුලු බොහෝ පිරිසකුත් මරු වැලඳගන්නවා. වැඩිම වාසියක් අත්වන්නේ චිකෝ නම් තරුණයාටයි. ඒ ඔහුට එම ගමෙන්ම පෙම්වතියක් හිමිවෙනවා. පසුව ඔහු එහිමනැවතීමට තීරණය කරනු ලබනවා. අවි ගත්තවුන් අවියෙන්ම නසින බවත් සදා පරාජිතයන් බවත් මහපොලව සමග ගැටෙන ගොවියන් විඔරයන් බවත් ඔවුන් සැමදා ජයග්‍රාහකයන් බවත් පවසමින් ඉතිරි තිදෙනා ගම්මානයෙන් පිටව යනවා. අඩවියෙන් සිනමාපටය බාගත හැකීයි.
මීලඟට The Lady Vanishes තුලින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVD/BR පිටපත සඳහා අදාළ වේ.
2,490 downloadsDownload The-Magnificent-Seven-1960.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බුද්ධික නුවන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-07-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
22 comments
දමිත් රත්නායක
gune
Upasirasiyata bohoma sthuthi. 2016 awe meke remake ekakda?
Kulanjana Maduranga
subata thanks....
විමා
සබට බොහොම තුති සහෝ
දිගටම හොඳ ෆිල්ම්ස් ටිකක් අරගෙන එමු :DPriyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
උපසිරැසිය බාගත කර ගත්තා. ස්තුතියි ඔබට! මැරලින් මොන්රෝ රඟපෑ Some Like It Hot සහ The Misfits යන සිනමාපට සඳහාත් හැකිනම් සිංහල උපසිරසි ලබාදෙන්න. ඔබට ජය!Bchandrakumara
දෙන්න පුලුවන් වීඩියෝ ලින්ක් හොයාගන්න එක තමා වැඩේ.
dsdkavishka
Thenks aiya elama
යුරාන් ධනුක
ස්තූතියි සහෝ...
nalin.kumara0510
Thanks bro good luck.
Priyantha Dayakeerthi
ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ The Lady Vanishes නරඹන්නට බලාගෙන ඉන්නේ ඔබේ උපසිරසි සමඟ . දැනටමත් එහි වීඩියෝ එකක් මා ළඟ තිබෙනවා.
හසිත මධුෂාන්
බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට.......
Bandara 1976
මේ වගේ වටිනා පරණ ෆිල්ම් එකකට සබ් කරපු එකට බොහොමත් ස්තූතියි සහෝ
kavinuweerakkody
ස්තූතියි අයියේ...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!piyasiri
godak pin obata mama hoya hoya unna godak asakarana film ekak
AsithaDilruwan
Ela saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!jagath55
Thans
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bandara
පැරණි සිනමා රසිකයින් වෙනුවෙන් සබ් ලබාදෙන නුවන් සොයුරාට අපගේ ප්‍රණාමය
Shehan
2016 release una akath sub karanna. Pls
Sahan Gayantha
thanks a lot Nuwan saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බුද්ධික සහෝ.
මේ වගේ වටිනා පරණ ෆිල්ම් එකකට සබ් කරපු එකට මගේ උපහාරය.
ජයෙන් ජය.