“Do you want a partner, o partner, Do you want a partner Love Me, Love Me Say”😍 “ආදරය කරන හැටි ඉගෙන ගන්න එන්න, ලව් ගුරු ළඟට”😄😄 ඔන්න යාලුවනේ අද මන් අරන් ආවා පරණ බ්ලොක් ඔෆිස් වාර්තා තිබ්බ මූවී එකක්. Partner (2007) හෙවත් සහයකයා.නිකම් ඉන්න වෙලාවක සෙට් වුණු ෆිලුමක්. ඒවගේම ෆේස්බුක් එකේ ගෘප් එකක මගේ නමත්…

“Do you want a partner, o partner,
Do you want a partner
Love Me, Love Me Say”😍
“ආදරය කරන හැටි ඉගෙන ගන්න එන්න, ලව් ගුරු ළඟට”😄😄
ඔන්න යාලුවනේ අද මන් අරන් ආවා පරණ බ්ලොක් ඔෆිස් වාර්තා තිබ්බ මූවී එකක්. Partner (2007) හෙවත් සහයකයා.නිකම් ඉන්න වෙලාවක සෙට් වුණු ෆිලුමක්. ඒවගේම ෆේස්බුක් එකේ ගෘප් එකක මගේ නමත් සඳහන් වෙලා තියෙනවා කියල මට නොටිෆිකේශන් එකක් ආවා. බලද්දී ගෘප් එකේ කියලා තියෙන්නේ බයිස්කෝප් සිංහලෙන් අපේ මිතුරන්ගෙන් රසිකයන්ගේ පොඩි ඉල්ලීමක්.එයාලා ෆිල්ම් එකක් කමෙන්ට් කරනවලු ඒකට සබ් දෙන්නෙයි කියලා.නම් ගොඩක් තිබුණා ඒ අතරේ මගේ නමත් තිබුණා, ඒක දැකලා මට ෆුල් හැපි. බයිස්කෝප් ෆෑන්ස්ලා අපි ගැනත් බලන් ඉන්නේ කියන කොට.මේක පොස්ට් කරලා ගොඩක් කල්.ඒත් මන් ළගදී තමයි දැක්කේ.ඒකට පොඩ්ඩක් සමාවෙන්න ඕනේ කියලා කියන ගමන්ම ඔන්න එහෙනම් දැක්ක දවසේ ඉදන් පුළුවන් ඉක්මනින් සබ් එක කොටලා දුන්නා.😊
Name – Partner
IMDb – 5.7/10
Running Time – 155 min
Genres -Comedy l Drama l Romance
Released Date – 20th of July 2007
Language – Hindi
Director – David Dhawan
ෆිලුම පරණ එකක් වුණත් මේකට හම්බවෙලා තිබුණ ප්‍රතිචාර නම් බොහෝමයි.ඉන්දියාවේ සෑදුණු මේ රොමෑන්ටික් කොමඩි ගණයට අයත් ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඩේවිඩ් දවන් විසින්.මේ ෆිලුමේ තරු විදියට අපිට සල්ලු බායි හෙවත් සල්මන් කාන්ද, කාගෙත් හිතවත් හුරතල් ගෝවින්දාද, ඒවගේ බොලිවුඩ් සිනමාවේ සාරාගී නිළිය කට්‍රිනා කයිෆ් ද සහභාගී වේ.මේක ඉන්දියානු රුපියල් වලින් කෝටි 138ක බොක් ඔෆිස් වාර්තාවක් තියලා තියෙනවා.ඩොලර් වලින් ගත්තොත් ඇමරිකානු ඩොලර් 20ක්.මේ ෆිල්ම් එක විල් ස්මිත් රංගනයෙන් දායක් වුණු Hitch (2004) ෆිල්ම් එකේ කොපියක්.
අපි කතාවට හැරෙමු එහෙනම්!👉
ප්‍රේම් කියන්නේ ලව් ගුරු කියලා කෙනෙක්.එයා ආදරය කියා ගන්න බැරි, ආදරය කරන්න තේරෙන්නේ නැති, ආදරය ගැන කිසිවක් නොදන්න අසරණ ආදරවන්තයන්ට උදව් කරන එක තමයි එයාගේ ජොබ් එක වුණේ.ලව් ගුරු එයාගේ ජොබ් එක කරන් ඉන්නකොට එයාගේ ජීවිතේ කණපිට ගස්සන්න තරම් අවසානාවක් වන බාස්කර් දිවාකර් චෞද්‍රි කියනේ ගෝවින්දා එන්ටර් වෙනවා.එයාට පොසත් බිස්නස්කාරයෙක්ගේ දුව වන ප්‍රියාට හිත යනවා.ඒ කෙල්ලව මෙයාට සෙට් කරන එක ලව් ගුරුට හරි අමාරු දෙයක් වුණා.ලව් ගුරු කොච්චර බැහැයි කියල කිව්වත් මේ බාස්කර් ලව් ගුරු කොහේ හිටියත් ඉන්න තැනට ගිහින් ඉල්ලනෙම ප්‍රියාව සෙට් කරලා දෙන්න කියල විතරයි. කොහොමෙන් කොහොම හරි බාස්කර්ට උදව් කරන්න ප්‍රේම් කැමති වුණා.ඒ අතරේ ප්‍රේම්ටත් ලස්සන කෙල්ලෙක් සෙට් වුණා.එයාගේ නම නේනා, එයාට රෝහන් කියලා පුතෙකුත් ඉන්නවා.එයාගෙ මහත්තා නැති වෙලා.ඒත් මේ ප්‍රේම්ට නේනා ගැන ප්‍රේමයක් ඇති වෙලා ලස්සන ආදර කතා 💘 බොහෝමයක් වෙනවා. ඒ අතර ලස්සන සින්දු ටිකකුත් තියෙනවා.ඒවත් බලන්න.
“Yo My Love My Love Janejaan Yo My Lover
Yo My Love My Love Janejaan Yo My Lover”
ගෝවින්දාගේ හා සල්මන් කාන්ගේ විහිළු සහගත රංගනයන්ගෙන් යුක්ත වූ ෆිලුම රසවින්දනයට ඉතාමත් ගැළපෙන ෆිලුමක් බව සහතික කරන්න පුළුවන්.ඔන්න ඔහොමයි වුණේ එහෙනම්.තවත් සබක් අරන් එනකම් හැමෝම සතුටින් සාමදානෙන් ඉන්න ඕනේ.ඔයාලගේ පසියා!
“තව දෙයක් අපි මෙහෙම සබ් කළා කියලා ඉන්නේ සතුටින් නම් නෙවෙයි, මිලේජ්ච ත්‍රස්තවාදි ක්‍රියාවන් වලට ගොඳුරු වූ අපේ ලේ, සිංහ ලේ තියෙන මිය ගිය මිනිසුන් වෙනුවෙන් බලවත් ශෝකය ප්‍රකාශ කරමු, නොවන් මෙවන් විපත් කිසිදා”
බුදු සරණයි..! දෙවි පිහිටයි!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,899 downloadsDownload Partner-2007.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
15 comments
Rasindu Perera
OsandaFdo
TNx mlli..hoda film ekk meka..❤️
Nadeesha rox alahakoon
Tnx bro subt.
Hashan M. Priyadarshana
Thank you bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Thamod Indusara
නියමයි සහෝ, බොහොම ස්තූතියි.මේ වගේ සබ් තාම දීලා නැති පරණ ෆිල්ම් වලට සබ් දෙන්න.
Sumal Niduka Chandrasiri
Thanks
Link eka Nene.OsandaFdo
MAlliyo puluwannm salluge..(maine pyaar kyun kiya 2005) sub dennako..partner eke sub eka niyamai hode..❤️❤️❤️
Ruchira Senevirathne
සාරුක්ගෙ one2ka4 එකට දෙන්නකෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shanedesilva
Thank for the subtitle. Keep it up the good work.
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
තව ඉල්ලීම් ඉටු කරමු එහෙනම්.
දිගටම සබ් දෙමු ආ..
ජය!arawindasunimal
thanks pasidu madumal sub ekata jayawewa
Anonymous
Thank u bro
Prabodha Jayakody
Thanks...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

නියමයි...සබ් එකට තැන්ක්ස්....
කොමඩියක් හොයා හොයා හිටියේ...
දිගටම සබ් දෙමු...