කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන් වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා! ඉන්දියාව වගේ රටක… ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක… ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා. ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට ගෑණු ඉන්නේ උ…

කුස්සියේ බිත්ති හතරට ගැහැණියව සීමා කරපු ලෝකයක
සංස්කෘතියක් මත්තේ ඇයව හිර කරන ගමන්
වැඩවසම් පිරිමි අදටත් ඇයගේ අයිතිය මරලා දානවා!
ඉන්දියාව වගේ රටක…
ගැහැණුන්ගේ හීන අඩි ගාණක් පොළවේ වළලපු සම්ප්‍රදායක…
ජීවිතය වෙනුවෙන් යදින ගෑණු දහස් ගාණක් ඉන්නවා.
ආසාවන් පස්සේ දුවන පිරිමි තමන්ගේ ජීවිතය විඳිනකොට
ගෑණු ඉන්නේ උන්ට බත් තම්බන්න විතරද?
ජීවිතය පුරාවටම දැකපු හීනයක් වෙනුවෙන්
තමන්ගේ ඉරණම වෙනස් කරන්න ගැහැණියකට අයිතියක් නැත්ද?
ඇත්ත! ප්‍රේමය,විවාහය,සම්ප්‍රදාය…
මේ අටමඟුල් එක්ක මේ රාමුවෙන් පිටපනින්න අමාරුයි තමා.
ඒත් හීනයක් වෙනුවෙන් වෙහෙසෙන්න අමාරු නැහැ.
2018 වසරේ කොලිවුඩයෙන් බිහි වුණු සාර්ථකම සුපර් හිට් චිත්‍රපටිය!
පහුගිය වර්ෂයේ මුලු ඉන්දියාවෙම දැවැන්තම Women Centric චිත්‍රපටිය!
IMDb මීටරය 8.5ට කරකවන ගමන් මිලියන 220කට වැඩි දළ ආදායමක් උපයා ගත් චිත්‍රපටිය!
සම්මාන පිට සම්මාන ලබා ගනිමින් සිනමා උළෙලන් හොල්ලපු චිත්‍රපටිය!
දමිළ සිනමාවේ අනාගත උරුමකරු සිවකාර්තිකෙයන්ව වීරයෙක් කරපු චිත්‍රපටිය!
Zee Tamil රූපවාහිනී නාලිකාව පවා ප්‍රකාශන අයිතිය ලබාගන්න පොරකාපු චිත්‍රපටිය! 
සුරූපී නිළි ඵෙශ්වර්යා රාජේශ් විසින් ප්‍රධාන චරිතය රඟපාන හොබවන මෙම චිත්‍රපටය ලෝ පුරා තිරගත වීම ඇරඹියේ පසුගිය දෙසැම්බර් 21 වනදා සිටයි. ඇයට අමතරව Seema Raja, Remo, Velaikkaran වැනි චිත්‍රපටවල රඟ පෑ දමිළ සිනමාවේ අනාගත උරුමකරු සුපිරි නළු Sivakarthikeyan හා Bahubali චිත්‍රපට ද්විත්වයේ කට්ටප්පා චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට ගිය සත්‍යරාජ් උපප්‍රධාන චරිත හොබවන අතර Darshan, Blade Shankar, Ilavarasu වැන්නවුන් සෙසු චරිතවලට දායක වෙනවා. සීනිබෝල නිළියෝ රොත්තක් මැද්දේ කාගේ කාගෙත් ඇඟට දැනෙන දෙයක් කරන එකියක් විදිහට ප්‍රසිද්ධ ඵෙශ්වර්යා රාජේශ් අනාගත දෙමළ සිනමාවේ බලාපොරොත්තු තියන්න පුලුවන් ගැහැණියක්. කනා චිත්‍රපටිය Super Hit ලේබලයෙන් හැඩවෙන්න ප්‍රධානම හේතුවත් මැයමයි. Vada Chennai, Lakshmi, Sammy2 වැනි සුපර් හිට් චිත්‍රපටිවලින් වැඩකිඩ පෙන්වපු ඵෙශ්ගෙන් ඇඟ හීතල වෙලා යන රංගනයක් මේ චිත්‍රපටියෙනුත් දැකගන්න ලැබේවි, සත්තයි.
කෞෂල්‍යා පොඩි ගමක දුප්පත් ගොවියෙක්ගේ දෝණි..
තුන්සිය හැටපස් දවසෙම මේ කෙල්ල දැක්කේ එකම එක හීනයයි,
“මම දවසක ඉන්දියාවට ලෝක කුසලානයක් ගෙනත් දෙනවාමයි!”
වතුර නැතිව අප්පච්චිගේ අස්වැන්න විනාස වෙද්දී
කොල්ලෝ එක්ක ක්‍රිකට් ගහනවා කියලා අම්මගේ ඉලපතෙන් ගම දිගේ ගුටි කද්දී
තමන්ගේ හීනේ වෙනුවෙන් ආදරවන්තයාව අමතක කරන්න වෙද්දී
තමිල්නාඩුවේ දෙමළ කෙල්ලෙක් කියලා ඉන්දියානු ජාතික සංචිතයෙන් කොන් වෙද්දී
මේ කෙල්ලගේ හිතේ තිබුණේ එකම එක අරමුණක් විතරමයි,
“මම දවසක ඉන්දියාවට ලෝක කුසලානයක් ගෙනත් දෙනවාමයි!”
මේ තමයි ඒ කෙල්ලගේ කතන්දරේ…
දමිළ සිනමාවෙන් බිහි වුණු මැණික් කැටයක්…
ගෑණුන්ට හීන ගැන කියලා දෙන පැය දෙකක්..
හීනයක් තියෙන එවුන් බලන්නම ඕනේ චිත්‍රපටියක්..
චිත්‍රපටියක් නෙමෙයි, මේ ඇබ්බැහියක්!!! තාමත් විශ්වාස නැත්ද?
මංසලට ගොඩවැදිලා පූර්ව ප්‍රචාරක පටය බලලා එන්න.
ඇබ්බැහිය එතනින් පටන් ගනීවි.
සාමාන්‍යයෙන් ඕනෑම චිත්‍රපටියකට ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම විචාරක ප්‍රතිචාරත් සම සමව ලැබෙන්නේ හරි කලාතුරකින්. හැබැයි Kanaa නම් මේ අභියෝගය ගාණට බැලන්ස් කරගත්තා. මනාප 29,470ක් තුළින් Bookmyshow වෙබ් අඩවියේ 86%ක ප්‍රේක්ෂක ප්‍රතිශතයක් ලැබෙද්දී Behindwoods වෙබ් අඩවියේ 86% ධනාත්මක අගයකුත් තමන් සතු කරගත්තා. 96%ක් වැනි ඉහළ Google ප්‍රතිචාරත් ලැබී හමාරයි. මේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb මීටරය 8.5කට කරකවන ගමන් 100% Facebook මනාපයකටත් හිමිකම් කියනවා.
ඩිජිටල් රිලීස් එකක් කවදා එයිද…කවදා එයිද කිය කිය බලන් හිටපු ප්‍රේක්ෂකයන්ව මෙහෙම දිග ලිපියකින් රස්තියාදු කරන එක අපරාධයක්. ඒත් හොඳම හරිය තියන්නේ දැනුයි. මේ යකා තියාගෙන ගුණ කතනය කළාට මෙලෝ රහක් නැති ගොබ්බ චිත්‍රපටියක් කියලා හිතෙනවද?
ලිපියට ආස හිතිලා ඩේටා පුච්චගෙන ෆිල්ම් බෑවට බැලුවට පස්සේ ලිපිය ලියපු එකාව මරාගෙන කන්න හිතුණ අත්දැකීම් තියෙනවා නේද?
බය වෙන්න එපා! Kanaa කියන්නෙත් එහෙම ලොන්ත පුස් පිච්චර් කෑල්ලක් කියලා හිතෙනවා නම් ඔයාට ගොඩක් වැරදිලා. පහළින් තියන්නේ ඔයාට වැරදුණු බවට සාක්ෂි!
Kanaa සලරුව BOFTA Galatta Debut Awards 2018 සිනමා උළෙලේ ප්‍රධානම සම්මාන හතරක් දිනාගන්න සමත් වුණේ තිරගත වීම ආරම්භ වෙලා දින 50ක් යන්නත් කලිනුයි.
Best Debut Director – Arunraja Kamaraj
Best Debut Producer – Sivakarthikeyan
Best Debut Distribution – Aravind Sanpathkumar (Aarudhrafilms)
Best Debut Singer (female) – AaradhanaS
මීට අමතරව පහත නිර්දේශ නාමයන් අතරට පිවිසීමට හැකියාව ලැබුණා.
Best Debut Film – Kanaa
Best Debut Actor – Darshan
Best Debutant Child Artist – Keerthiga
2018 වර්ෂයේ විශිෂ්ටතම දෙමළ චිත්‍රපට පහ අතරට ඇතුළත් වුණු කනා චිත්‍රපටය මේ වෙද්දී පසුගිය වසරේ විශිෂ්ටතම ඉන්දියානු චිත්‍රපට විසිපහ අතරටත් එකතු වී හමාරයි.
Times of India වෙබ් අඩවියට අනුව 2018 වර්ෂයේ හොඳම දෙමළ චිත්‍රපට අතුරින් 03 වන ස්ථානයට පත්වෙලා තියෙන්නෙත් මේ චිත්‍රපටියයි. IMDb වෙබ් අඩවියෙ හි Trending Tamil Movies ලැයිස්තුවේ මාස 2කට වැඩි කාලයක් එකදිගට රැඳී ඉන්නත් මෙයට හැකියාව ලැබුණා.
Vikatan Cinema Awards 2018 සිනමා රාත්‍රියේදී Most Promising Director of Tamil Cinema හෙවත් දෙමළ සිනමාවේ මතු බලාපොරොත්තු තැබිය හැකි හොඳම අධ්‍යක්ෂකවරයාගේ සම්මානය දිනා ගත්තේ kanaa චිත්‍රපටයේ අධ්‍යක්ෂක Arunraja Kamaraj විසිනි.
( JFW awardsහි වසරේ හොඳම නැඟී එන අධ්‍යක්ෂකවරයා සම්මානය සමඟ)
10th of the Norway Tamil Film Festival 2019 හිදී Social Awareness Award සම්මානයෙන් පිදුම් ලැබුවේත් ඔහුමයි. ඒ සම්මාන උළෙලේදීම SKproductions ආයතනය වෙනුවෙන් කරන ලද තම ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනය වෙනුවෙන් Best Producer of the year සම්මානය දිනා ගැනීමට සුපිරි නළු Sivakarthikeyan සමත් වුණා.
JFW Movie Awards 2019 උළෙලේ වැඩියෙන්ම කතාබහට ලක් වූ චිත්‍රපටිය බවට පත් වෙමින් Best Women Centric Film සහ Best Director of Women Centric Film යන ප්‍රධානම සම්මාන ද්විත්වය හිමි කරගත්තේ Best Actress (Lead Role) සහ Debut Child Actress නිර්දේශ නාමයන් අතරටත් පැමිණෙමිනි.
12th Annual Edison Awards උළෙලේදී Young Inspirational Actress සම්මානය Ashwarya Rajesh විසින් දිනාගත්තේ Kanaa චිත්‍රපටයේ කෞශල්‍යාගේ චරිතය වෙනුවෙනි.
පසුගියදා පැවති Luxury Affair Awardsහිදී Best Film of the Year, Best Director හා Best Actress යන සම්මාන දිනා ගත් Kanaa සලරුව Anna University Awards උළෙලේදී ඵෙශ්වර්යා වෙනුවෙන් නැවත වතාවක් Best Actress සම්මානය හිමි කරගත්තා.
12th Annual Edison Awards හි නිර්දේශ නාමයන් 07ක් තමන් සතු කරගන්නත් Kanaa සලරුවට හැකියාව ලැබුණා.
Best Actress-Ashwarya Rajesh
Best Debut Director-Arunraja Kamaraj
Best Editor-Ruben
Best Debut Actor-Darshan
Best Appearance-Sivakarthikeyen
Best BGM Score-Dhibu Ninan Thomas
Best Child Artist-Monekha
People’s Choice Movie Awards-2019 (Tamil) හි Best Impressive Movie කාණ්ඩයට නිර්දේශ වුණේ චිත්‍රපටයේ සාර්ථකත්වය තව දුරටත් සනාථ කරමිනි.
JFW සිනමා රාත්‍රියේදී Best Actress (Cretic) සම්මානය දිනා ගනිමින් ජූරියේ විශේෂ ඇගයුමක් ලබාගන්න ඵෙශ් සමත් වුණා. ඒ වගේම සිවාගේ දියණිය වන අනුරාධා ද Vaayadi Petha Pulla ගීතය වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගයීමකට ලක් වෙනවා. Vaayadi Petha Pulla ගීතය මේ වනවිට YouTube දර්ශනවාර මිලියන 110+ ඉක්මවා තියෙනවා. එය ගායනා කරන්නේ දමිළ නළු සිවාකාර්තිකෙයන් හා ඔහුගේ සිඟිති දියණිය අනුරාධායි. Vaayadi Petha Pulla Lyric Song යනුවෙන් Google සෙවුමක් කර ඔබටත් එය නරඹන්නට පුලුවන්.
Infoview Technologies සමාගම විසින් තම කාන්තා සේවිකාවන් 500කට වැඩි පිරිසකට Kanaa චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් තිරගත කළ බව අන්තර්ජාලයේ සඳහන්ව තියෙනවා.
දෙමළ චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම මෙය තෙළෙඟු බාසාවෙන් ප්‍රතිනිර්මාණය කරන්නත් නිෂ්පාදකයින් දැනටමත් එකඟතාවයකට ඇවිත්ලු. දැනට ආරංචි විදිහට එහි තේමාව වෙන්නේ Kaushalya: The Cricketer යන්නයි.කන්නඩ භාෂාවෙන් වගේම චීන භාෂාවෙන් ප්‍රදර්ශනය කරන්නත් මේ වනවිට සැලසුම් කර අවසානයි. ඒ අනුව නුදුරු අනාගතයේදී චීනයේත් තිරගත වේවි.
මෙයට අධ්‍යක්ෂණයෙන් දායක වන Arunraja හා නිෂ්පාදක Sivakarthikeyan පාසල් සමයේ සිටම හොඳ මිතුරන්ලු. ඒ නිසාමයි සිවා තමන්ගේ පළවෙනි චිත්‍රපට නිෂ්පාදනයේ වගකීම අරුන්රාජාට ලබා දීලා තියන්නේ.

Kanaa චිත්‍රපටියේ සාර්ථකත්වය නිසාම සුරූපී නිළි ඵෙශ්වර්යා රාජේශ් Most Desirable Women of 2018 ලැයිස්තුවේ පළවෙනි තැනට පත්වුණේ නයන්තරා, සායි පල්ලවී, ත්‍රිෂා වැන්නවුන් පවා දෙවෙනි තැනට ඇද දමමින්…
ඉන්දියානු රුපියල් මිලියන 220 අධික දළ ආදායමක් ලබාගත් මෙය Super Hit තත්වයට ළඟා වුණේ ඉතා කෙටි කාලයක් ඇතුළතයි. තවමත් නිශ්චිත ආදායම් වාර්තා නිකුත් වී නොමැති නිසා සැබෑ ආදායම මීට වඩා වැඩි විය හැකියි.
Ilaythalapathy (උපනායකයා) විජේ පවා මෙම චිත්‍රපටයට විශේෂ ඇගයුමක් කළ අතර Vikatan Awards හිදී ඒ සඳහා ඔහුට ස්තූති කරන්නත් අරුන්රාජා අමතක කළේ නැහැ.
Central Board of Film Certification එහෙමත් නැත්නම් හැමෝම දන්න විදිහට CBFC මණ්ඩලයෙන් මෙය නිර්දේශ වුණේ U කාණ්ඩයටයි. කිසිම සීමා කිරීමක් නොමැතිව ප්‍රදර්ශනයට අවසර දෙන U කාණ්ඩයට ඇතුළත් වෙන්න හැකියාව තියන්නේ ඉතා සීමිත චිත්‍රපටි ගණනකට විතරයි කියලා කට්ටිය දන්නවා ඇතිනේ!!
Arunraja Kamaraj විසින් අධ්‍යක්ෂණය කළ මෙහි තිර පිටපත ලියා තිබෙන්නෙත් ඔහු විසින්මයි. නිෂ්පාදනයෙන් දායක වෙන්නේ කොලිවුඩයේ අනාගත උරුමකරු හෙවත් Prince ලෙස හඳුන්වන සිවකාර්තිකෙයන්. Dhibu Ninanගේ සංගීත අධ්‍යක්ෂණයට Mohan Rajan සහ GKBගේ පද මාලා නියමෙට මැච් වෙද්දී Sid Sirram පවා ගීත ගායනයෙන් එකතු වෙලා ඉන්නවා. Sid,GKB වගේ වැඩකාරයෝ එකතු වෙලා ඉන්නකොට චිත්‍රපටියේ සංගීතමය පැත්ත ගැන නම් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඇබ්බැහි වෙන ජාතියේ සිංදු රොත්තක් බලාගන්න පුලුවන් වේවි හැමෝටම…
එකම ජාතියේ ස්ටෝරිලයින් දෙකතුනකට හිර වුණු දෙමළ සිනමාවෙන් ඈත් වෙලා තත්පරයක් තත්පරයක් ගානේ පිස්සු වට්ටවන්න පුලුවන් කතා තේමාවක් බලන්න කැමති නම් මේ තියන්නේ හොඳම බෙහෙත!
වීරයා ඇවිත් දුෂ්ඨයට ගහලා ආදරවන්තිය බේරගෙන යන චිත්‍රපටි බලලා එපා වෙලා නම් මේ තියන්නේ හොඳම බෙහෙත!
මලයාලම් චිත්‍රපටිවල තියෙන සුන්දර කේරළයට වහ වැටුණු කෙනෙක් නම් ඒ ජාතියේම අත්දැකීමක් දෙමළ සිනමාවෙන් අත්විඳන්න, මේ තියන්නේ හොඳම බෙහෙත!
පසුගිය අප්‍රේල් අලුත් අවුරුදු විකාශනය වෙනුවෙන් Zee Tamil නාලිකාව විසින් රැජිනිකාන්ත්ගේ 2.0 හා සිවකාර්තියෙන්ගේ Kanaa චිත්‍රපටි ද්විත්වයේ රූපවාහිනී ප්‍රකාශන අයිතීන් ලබාගෙන තිබුණා. අන්න ඒ නිසයි මෙච්චර වටින චිත්‍රපටියක් මාසයක් දෙකක් තිස්සේ නිකන් බොරුවට පරක්කු වුණේ. හැබැයි පොඩි කාලයක් පරක්කු වුණාට… 2019 වෙනුවට 2018 කියලා තිබුණට… මෙච්චර වටින SuperHit දියමන්තියක් අහක දානවනම් ඒක එයාලගේ කරුමේ! ඉන්දියන් ෆිල්ම් හෙන ගොබ්බයි කියලා හිතාගෙන ඉන්න ඈයෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ චිත්‍රපටිය බලන්න. ඒ ඇයි කියලා චිත්‍රපටිය ඉවර වුණාම තේරේවි.
Kanaa කියන්නේ අරුමෝසම් චිත්‍රපටියක් නෙමෙයි.
ජීවිතේ එක්ක මට්ටු වුණු එකියකගේ චිත්‍රපටියක්…
Kanaa කියන්නේ මල් ගස් වටේ දුවන හින්දි පිච්චර් එකක් නෙමෙයි.
හීන පස්සේ දුවන පිච්චර් එකක්…
Kanaa කියන්නේ ඇඟ පුම්බගත්තු ඉමිටේෂන් වීරයෙක්ගේ කතාවක් නෙමෙයි.
පොළොවේ පය ගහපු වීරවරියකගේ කතාවක්…
ප.ලි. : HDTV පිටපතක් නිකුයි වෙයි කියලා හිතාගෙන අසා ලිවීමක් ගහලා තිබුණත් එකපාරටම WEB HD පිටපතක් නිකුත් වුණා. ඒ ඔත්තුව අසා ලිවීමට උදව් කරපු චානක ඉඳුනිල් හා තාරක නුවන් සහෝදරයන්ට ස්තූතියි. ඒ වගේම තමා, කාලරාමු හදලා දීලා උපසිරැසිය හොඳ පිටපතට යාවත්කාලීන කරලා දුන්නේ සඳුන් අයියා..! වැඩ ගොඩක් අස්සේ හිර වෙලා හිටපු වෙලාවක බෑ නොකියා කරපු ඒ උදව්වට ඔහුටත් බොහොම ස්තූතියි. ඉවසගෙන හිටියා ඇතිනේ එහෙනම්..! එච්චර පරක්කුවක් වුණේ නැතුවැති කියලා හිතනවා!!
Kanaa no Biopic, nor inspired by someones’s life, but every woman who is attached to her family and wants to pursue a dream in her own field, can connect to this film.
කනා යනු චරිතාපදානයක් නොවේ. තවත් අයෙකුගේ ජීවිත කතාවක් ආභාසය කොට ගත්තක් ද නොවේ. තමන්ගේ පවුලට බෙහෙවින්ම ළැඳි තමන්ගේම ක්ෂ්ත්‍රයක් ඔස්සේ හීන මෙහෙයවන්නට කැමති සියල්ලන්ටම මෙම කතාව තමන්ගේ දිවිය සමඟ ගළපා ගත හැක
ගෑණු ඉන්නේ පිරිමින්ට බත් තම්බන්න විතරක් නෙමේ!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
14,405 downloadsDownload Kanaa-2018-new.zip136 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිනු වීරක්කොඩි
Subtitles
58 comments
Ara N Madhu
ShavindaGnanarathne
Sub eka ko.....
gihan perera
ස්තුතියි සහෝ...මේක එනකන් හිටියේ මචෝ....හැඳින්වීම නම් සුපිරි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
gihan perera
මචං මේක sub එක ගන්න බැනේ...පොඩ්ඩක් බලලා update කරහං මචෝ....
widuranga
sub gaththa ekek innawadooooo
chabi_95
mcn bokka.. Sub 1 nane bn
virajkd
thanks macho meka dunnate
bahai meke sub 1 ganna ba poddak balannaSasikakonara
බොහොම ස්තූතියි ගැටලුව විසදුවට
Darshan
Thanks dear
gihan perera
ගොඩක් ස්තුතියි සහෝ ගැටළුව විසදුවට....ජය වෙිවා මචෝ.....
Udaya Saman
Kavini malaya sub ekata bohona thuthi.maga balan idapu filmak.
Nilush Angana
Sub ekata thanx
Dilshan Kelum
THanks subta...
කවිශල් රසින්ත (කවී)
අපි දන්නවනේ උඹ මේක එනකන් ඇගිලි ගැන ගැන හිටියේ කියල. ඉතින් ආපු ගමන් ලස්සනට වැඩේ කරලා දුන්නට බොහොම ස්තූතියි බං. අනිවා බලනවා. මෙන්න බෑවා එහෙනම් ජය වේවා...!!
buddhi_com
Thank you so much and all the best.
subodha
Thanks
ඔෂද ධනංජය
thanks saho
Sadun_Avantha
Meka soft sub ekatada hardcode sub ekata galapenne
කවිනු වීරක්කොඩි
Soft Sub එකක් ආවේ නෑ!! හාඩ්කෝඩ් එකක් විතරයි තිබ්බේ.. ඒත් පිටපත් දෙකටම ගැළපෙන විදිහට උපසිරැසි ෆයිල් දෙකක් දාලා තියන්නේ.. කැමති එකක් බලන්න පුලුවන්!!
akilachamodya
ෆිල්ම් එක තාම බලුවෙ නෑ අනිව බලනව බයිස්කොප්ලට ජය වෙවා
Aac3
එලම සහෝ ගොඩාරියක් ස්තූති සබ් එකට... super deluxe එකටත් සබ් දෙන්න... ජය වේවා !!!
Kavishna
thnx bro
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයවේවා .....vas0303
Thanks bro
Sanjeewa2010
Pattaaa
Sudeepapwijesekara
Thanks saho
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජය වේවා........
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
snak
sthuthiyi sahoo sahenna dawasak thisse balan hitapu ekak
gayan215
bohoma sthuthi saho..
sanjaya thilakarathna
නියමයි මල්ලි
දිගටම ගේම ගහමුPrabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekata...
nish47
Thanks bro.
Jaya Wewa !!Athula
Thanks ....
Kanchaka
Thanks bro
damith_janaranjana
Thanks bro
deliya
thanks saho sub akata.denakan balagana hitiye.thawa akak ikmanin onee.jayawewa
Achi
තැන්ක්ස් බොක්ක
pasinduhasalankakm
thankz broh
D.Chamara
සබ් එකට බොහෝම ස්තුති සහෝ ...
prasad wanasundara
thanks brooooo
OsandaFdo
FTt mve eka..lssni..tnx mlli sub dunnata..❤️
gayanmagee
thanks
Eranda Malith 2.0
Thanks mcn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menaka Herath
බොහෝම ස්තූතියි සබට....
ඔබට ජය වේවා සහෝN_R
Thank You.
spsm
thanks macho sub ekt
Thilankadissanayake
thanks
sublove
me wage lassana film walata sub genawata bohoma sthuthi
Pasidu_harshana
මචෝ උබ කරන කැපවීමනම් කියන්න වචන නෑ සබ් එකත් කරල මේ වගේ ලිපියක් ලියනවා කියන්නෙ මාරම කට්ටක් ජය වෙවා දිගටම කරපන්
#සුපිරි සුපිරි සුපිරි #baiscopelkishu
thankqqq machn sub ekta
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
ලිපියත් මරු ඈ...
දිගටම සබ් දෙමු ආ..
ජය!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Kanaa (2018) Sinhala Subtitles | හීන මතින් ජය ගත් ලෝක කුසලාන ජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/kanaa-2018.jpg.jpg)
Loku lipiyak... tamil movie ekakata sub ekath deela mehema lipiyakuth denawa kiyanne umba deyiek...thanks