Watch Trailer

Patema Inverted (2013) AKA Sakasama no Patema with Sinhala Subtitles | අහසට වැටෙන පව්කාරයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම පස්වෙනි සබ් එකත් අරන් ආවා යාළුවනේ. කලින් සබ් වලට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ⁣මේ ෆිල්ම් එක යසුහිරෝ යොෂිඋරා විසින් ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, රිලීස් වෙන්නේ 2013 වර්ෂයේ දී. මේක විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි ගණයට වැටෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේකත් ජපන් ඇනිම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එ…

ඔන්න මම පස්වෙනි සබ් එකත් අරන් ආවා යාළුවනේ. කලින් සබ් වලට සුභ පතපු හැමෝටම ගොඩක් ස්තූතියි. ⁣මේ ෆිල්ම් එක යසුහිරෝ යොෂිඋරා විසින් ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, රිලීස් වෙන්නේ 2013 වර්ෂයේ දී. මේක විද්‍යා ප්‍රබන්ධ හා ෆැන්ටසි ගණයට වැටෙන ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේකත් ජපන් ඇනිම් ෆිල්ම් එකක්.

මේ ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොත් ඒක පසුබිම් වෙන්නේ අනාගතේ සිද්ධි දාමයකට. 2067 වර්ෂයේ දී විද්‍යාඥයින් විසින් ගුරුත්වාකර්ෂණය යොදාගෙන බලය නිපදවීමේ පර්යේෂනයක් කරනවා. ඒත් මේ පරීක්ෂණය අසාර්ථක වෙනවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට ලෝකෙන් බහුතරයක් දේවල් හා මිනිස්සු උඩු යටිකුරු වෙනවා. ඒ කියන්නේ එයාලගේ බර වැටෙන්නේ අහස පැත්තට. ඉතින් අනික් පැත්ත හැරුනු ඔක්කෝම අහසට වැටෙනවා. එ්ත් ටික දෙනෙක්ට පුළුවන් වෙනවා බේරිලා පොළව යටට ගිහින් හැංගෙන්න. මෙයාලා එහෙ අවුරුදු ගානක් ජීවත් වෙනවා. ඔය අතරේ ගුරුත්වාකර්ෂණයට ඔරොත්තු දීපු අය මතුපිට ජීවත් වෙනවා.

මේකේ ප්‍රධාන චරිතය තමයි පතේමා. පතේමා කියන්නෙත් පොළව යට ජීවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ යටිකුරු වෙච්ච කෙනෙක්. දවසක් පොඩි සිද්ධියක් නිසා පතේමට පොලව මතු පිටට එන්න සිද්ධ වෙනවා. මෙතනදි එයාට හමුවෙනවා පොළව උඩ ඉන්න පිරිමි ළමයෙක්. එයා තමයි ඒජි. දෙන්නා දෙන්නට විරුද්ධ පැති වලට තමා හැරිලා ඉන්නේ. ඒජි තමයි පතේමට ආයේ එයාගේ ගෙදරට යන්න උදව් කරන්නේ. ඒත් මේ අතර තුරේදී ඒ දෙන්නට පුළුවන් තරම් කරදර වල පැටලෙන්න සිද්ධ වෙනවා. එයාලා කොහොමද ආයේ පොළව යටට යන ගමන සාර්ථක කරගන්නේ කියලා මේ ෆිල්ම් එක බලලම රසවිඳින්න.

 

Patema Inverted (2013) on IMDb
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට BR පිටපත සදහා අදාළ වේ.

2,350 downloadsDownload Patema-Inverted-2013.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

2,350 downloadsDownload Subtitles26 KB

29 comments

  1. Soori

    අනිත් හතරම බැලුවා ඔයාගේ උපසිරැසි එක්ක. ගොඩාාාාක් ස්තුතියි තිලිණි නංගි...!!!
    මේකත් අදම බලනවා. ඔබට ජය...!!!

  2. අසිත

    Lassana kathwak wage.mekath sub denakm hitiye....
    godak thanks..

    Kiki's Delivery Service (Majo no takkyubin) (1989)
    Porco Rosso (1992)
    The Cat Returns (2002)
    Summer Wars (2009)
    The Boy and the Beast (2015)

    me film ganth salaka balanna...

  3. GihanC

    wow ...oya nam niyamai...thank you ...digatama sub denna ...animi nam nawodani thilini ...අතට පයට නෙවෙයි හිතට දැනෙන දේ ගොඩක් වටිනවා ..හැමතැනම අතට පයට දැනෙන දේවල් ඒ අතරේ හිතට දැනෙන දෙයක් දෙනවට ඔබට පින් ...

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  5. Gathsara Umesh Kumara

    Digatam mewam karankoo..
    Api animation walinm 50 gahamu...aaa

  6. ඉෂාන් මදුෂ

    නියමයි.ගොඩක් ස්තූතියි
    දිගටම anime වලට සබ් කරන්න
    ජය වේවා!

  7. Udara Damith B/K

    ගොඩක් ස්තුතියි
    .....ඊලග එකෙන් මුණගැහෙමු

  8. Dasun Madawa Ranasinghe

    දිගටම anime කරමු.
    ඔබට ජය

  9. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  10. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට ඔන්න මාත් බාගන්නව Anime නම් ඉතින් අත අරින්නෑ කොහොමත්

  11. Navodani Thilini Sasanika

    බොහොම ස්තූතියි හැමෝටම!!!!!

  12. KAVINDA GAMAGE

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට...ජය වේවා..!

  14. kasun

    අන‍ෙ ඇයි නංගි අපිට ම‍ෙහ‍ෙම කරන්න‍ෙ ඇයි ක‍ොච්චර ඉල්ලුවත් fullmeatle කතාවට සබ් න‍ොලැබ‍ෙන්න‍ෙ අපි ලස්සන නැද්ද(ස‍ොරි එකතාව ලස්සන නැද්ද,එක ලස්සන නැතිනිසාද කවුරැවත් එකට සබ් ද‍ෙන්නැත්ත‍ෙ)අන‍ෙ අායි ඔයාට කැම්පස් පටන් ගන්න කලින් පලව‍ෙනි කතාමාලාවකට හරි සබ්ද‍ෙන්න(ඉලග නිවාඩුවට අනිත් ද‍ෙවනි කතාමාලාව ද‍ෙන්න හි:-D:-D:-D

    1. nandika perera

      එහෙම කියන්න එපා සහෝදරයා.මුලින්ම මෙහෙම ෆිල්ම් වලට සබ් දුන්නට ෆිල්ම් ඉවර වුනහම TV Series වලට එන්න වෙනවා. අනික FMA Brotherhood(ඔයා ඉල්ලන්නේ මේක වෙන්න ඕනේ,නිකන් FMA ඒකනම් එතරම් කට්ටිය දන්නෙත් නෑ) කියන්නේ කොටස් 65 තියෙන දිග සීරිස් එකක්. එහෙම එහකට අත ගහනව කියන්නේ මාස හතරක් පහක් කන වැඩක්.මම නම් කියන්නේ මෙහෙම දිග සීරිස් එකක් කරද්දී කොටස් බෙදාගෙන කරනවනම් හොදයි කියලයි.අනික ටී වී සීරිස් දෙනවනම් FMA වලට වඩා දෙන්න තව හුගක් ඇනිමු තියෙනවා.ඉතින් ඔයාට කරන්න තියෙන එකම දෙය තමයි ටිකක් ඉවසන එක.ඇනිමු වලට සබ් ඇත්තෙම නැතුව තියෙද්දී මෙහෙම හරි සබ් එකක් වැටෙන එක හුගක් වටිනවා.

    2. Navodani Thilini Sasanika

      FMA wala 2003 apu series eka manga ekata wada wenas, eka nisa ekata godak aya kemathi nh, 2009 apu brotherhood eka thamayi manga eke widihata harima series eka. Eka puluwan unoth dennam........

    3. Sam fisher

      මාත් නිතරම බයිස්කොප් එකට කියන දෙයක් තමා co වක් එකක් තිබ්බනම් කොච්චර පේ්ක්ශක ඉල්ලිම් ඉෂ්ට කරන්න තිබ්බද කියන එක(but thats never gonna happen) එවගොම කට්ටිය මේකම ඉල්ලන්නෙ ගහමරාගන්න එවට කැමති එක අපෙ ස්වාභාවයක් නිසා මම හිතන්නෙ(එක හෙන දැනු වයලන්ස් r rate එකක්)එකෙ තියන එපි ගාන අනුව එක මෙ නංගිට තියම කන්න පුලුවන් කට්ටක් නෙමෙ හැමතිස්සෙම එයාගෙ රිප්ලයි කොටෝ එකෙ තියනව වගේ අපි සන්සුංව බොහෝ නාලයක් බලන් හිටිය විස්වාස කරගෙන ඇනිමි වලට සබ් හම්බ වෙයි කියල(nowits come true)අනම් මනම් ඉල්ලල එයත් මෙක දාල ගියොත් මාරවැඩෙ(වෙල්ම කියනව වගේ) iagree with you

  15. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Anu

    Oya dapu katha okkoma baluwa.okkoma lassanai ekinakata wenas karha.thx sub walata digatama sub denna

  17. Tharanga

    Thanx for the sub

  18. Vidura

    Thanks sis digatama anime wala sub denna sis :)

  19. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  20. Sohan Jayasooriya

    නියමයි අක්කෙ දිගටම සබ් දෙමු ඔය ගැම්මෙන්ම..

  21. Nuwan Manage

    නියමයි.. දිගටම ඇනිමේෂන් ෆිල්ම් වලට සබ් දෙන්න.. ජපන් ඒවා නම් ගොඩක්ම හොඳයි

  22. malith madhushan

    ජය වේවා 5 වෙනි උපසිරසට සුබ පැතුම්

  23. Oshan

    Thankz for the sub

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. madhusankha

    Thanks sis...

  26. Kolitha Banu

    404 Error ?????