Watch Trailer

Toilet : Ek Prem Katha (2017) with Sinhala Subtitles | ආදරය vs කක්කුස්සිය! [සිංහල උපසිරැසි සමඟ]

ආදරේට වැසිකිළියක් බාධකයක් වෙන්න පුලුවන් කියල හිතන්න පුලුවන්ද??? ඔව් පුළුවන් තමයි, ඔය ඉතින් වෙලා තියෙන්නේ. ප්‍රධාන භූමිකා දෙක කේශව් ( ආක්ෂේ කුමාර් ) සහ ජයා ( භූමි පෙඩ්නෙකාර් ) එහෙම කිව්වට මතක නැත්නම් ඩම් ලගාකේ හේෂා එකේ උන්න නිළිය ඉන්නේ. (ඒකත් මතක නැත්නම් මේක තවත් කියවන්නේ නැතිව ගිහින් වැඩක් බලාගනින්…

ආදරේට වැසිකිළියක් බාධකයක් වෙන්න පුලුවන් කියල හිතන්න පුලුවන්ද??? ඔව් පුළුවන් තමයි, ඔය ඉතින් වෙලා තියෙන්නේ. ප්‍රධාන භූමිකා දෙක කේශව් ( ආක්ෂේ කුමාර් ) සහ ජයා ( භූමි පෙඩ්නෙකාර් ) එහෙම කිව්වට මතක නැත්නම් ඩම් ලගාකේ හේෂා එකේ උන්න නිළිය ඉන්නේ. (ඒකත් මතක නැත්නම් මේක තවත් කියවන්නේ නැතිව ගිහින් වැඩක් බලාගනින් :D)

කේශව් – ඔයා ඇයි ටොයිලට් එක ඔය තරම් ප්‍රශ්නයක් කරගන්නේ?

ජයා – මුලින් කිව්වා නම් ගෙදර ටොයිලට් එකක් නෑ කියල, කසාදෙ කරන්නෙත් නෑ.

ඔන්න ඔහොම කතාවකින් තමයි කේශව්ගේ ජයාගෙයි මංගල රාත්‍රියෙන් පස්සේ දවස උදාවෙන්නේ. පොඩ්ඩක් හිතල බලන්න නේ??? මේක මංගල රැයක් පහන් වෙනකොට අහන්න වෙන කතාවක්ද නේ? එත් ඉතින් ගෙදර වැසිකිළියක් නැති උනාම මොන මොන විදියේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවද?? ඕක ඉතින් අමුතුවෙන් කියල දෙන්න විදියක් නෑනේ. හදිසියක් උනාම අහල පහල යන්න තැනක් නොතිබුන මිනිස්සු හැමෝම දන්නවා අවශ්‍යතාවය ඉටු කරගන්න තැනක් හොයාගන්නකම් විඳින්න වෙන දුක. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ කේශව්ගේ ගමේ එක වැසිකිළියක්වත් නැති එක. ඉතින් ඒ ගමේ ගැහැණු උදවිය උදෑසන අඳුරේ පඳුරක් අස්සට රිංගනවා ශරීර කෘත්‍ය ඉටු කරගන්න. ඔය අතරේ ඉතින් මිනිස්සුට නම් රැයක් දවාලක් කියලැයි, ඕනේ ඕනේ වෙලාවට වැඩේ අහුවෙන තැනක. ඕවා ඉතින් ඔය ඉන්දියාවේ වන්දනාවට යන මිනිස්සුන්ට නුපුරුදු දසුනක් නොවේනේ. ඉතින් ඒ ගිහින් එන මිනිස්සුන්ගෙන් වතගොත අහන මිනිස්සුන්ටත් මේ කතන්දරේ අලුත් කතාවක් නෙමේ. ඒ කියන්නේ මේ වගේ පැති තාමත් ඉන්දියාවේ තියනවා කියන එක. ඒකට හේතුව හිතාගන්න බැරි උනා නම් මෙන්න මේ ෆිල්ම් එකේ තියනවා ඒකට උත්තරේ. මම කියන එක හරි නෑනේ. ඔයාලම බලාගන්න.

කොහොමින් කොහොම හරි කල වයස ඕනෙවටත් වඩා ගෙවිල ගිය තනිකඩව උන්න කේශව්ගේ ආදර දැලේ පැටලෙන්නේ ජයා. ජයා කියන්නේ ඉගෙන ගත්ත විශේෂයෙන්ම ගෙදරම වැසිකිලි පහසුකම් අත්වින්ද කාන්තාවක්. මේ දෙන්නගේ ආදර කතාවේ දුෂ්ටයා වෙන්නේ කේශව්ගේ තාත්තා. කොහොමින් කොහොම හරි දාන් ගැටයක් ගහල දෙන්න එක වහලක් යටට ආව කියහන්කෝ. ඒත් මේ මංගල රැය පහන් වෙනකොට මොකාද මේ ජනේලෙට තඩිබාන්නේ. ඒ ඇවිල්ල කඩාපනින “වැසිකිලි සංගමය”. අලුත ආව මනමාලි වැසිකිලි එක්කන් යන්න ඇවිදින්. හත්වලාවේ අම්ම මුත්තා කාලේ අහපුවද මේවා. මක් කරන්නෙයි ඉතිං. ඉන්දියාවෙනේ… ඒ රටේ ඉන්න උන් දකින දකින එකා දෙයියෝ කියල අදහනකොට ඕව මොනවද ඉතින්. ඒවයෙන් වැඩක් නෑ. උදේම ආපු වැසිකිලි සංගමේ දැකපු ජයාට ඉතින් ඉහමොළත් එක්ක රත්වෙනවා. හරි ඉතින් දැන්… කසාදෙම සරුයි පළවෙනි දවසේ ඉඳලම. ඒත් ඉතින් ආදරේ කොහොමද අඩුවෙන්නේනේ, ටොයිලට් එක මැදින් වතුර ගලනවා වගේ හරිලස්සනට මේ දෙන්නගේ ආදර කතාවත් ගලාගෙන යනවා ටොයිලට් ප්‍රශ්නේ මැදින්. මෙයාල හරි ලස්සන විසඳුම් තමයි හොයාගන්නේ මේ ටොයිලට් ප්‍රශ්නේ වෙනුවෙන්. එත් දවසක් ඒකත් ගැස්සිලා යනවා. එතනින් තමයි දෙන්නගේ ආදර කතාවට දෙදරීමක් ඇති වෙන්නේ. දෙන්න දෙපැත්තට වෙනවා. හරියට ටොයිලට් එකේ කට මැදින් බිත්තියක් බැන්දා වගේ. කොහෙද කේශව් කැමති උනාට අනුන්ට නොපෙනී ශරීර කෘත්‍ය කරගන්න කේශව්ගේ තාත්තගේ, ආච්චිගේ ඉඳල ඒ ගමේ හැම එකාම කැමති ඒ වැඩේ ප්‍රසිද්ධියේ කරන්න. කකුස්සි යන එක ප්‍රස්දිධියේ කරන එක එහෙ සංස්කෘතියලුනේ. අනේ සංසාරේ.

ඉතින් මේ දෙන්නගේ මේ ආදර කතාවට මොකක් වෙයිද මේ ටෝයිලට් කේස් එක නිසා. ටොයිලට් එකක් හැදෙයිද නැත්නම් ආදරේ අතහරින්න වෙයිද ටොයිලට් එකක් නිසා. ඒක බලාගන්න එක ඔයාලට බාරයි. ඉතින් ආදයම් අතින් ගත්තම බොක්සොෆිස් වල සුපර් හිට් එකක් උන Imdb වල 7.6 වගේ ඉහළ අගයක් ලැබුන, හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත සබ් කරන, ආක්ෂේගේ මේ සුපිරිය බලන්නේ නැති දෑස් මක්කටෙයි කියල තමයි අහන්න තියෙන්නේ.

ඉහත ලිපිය:- ඩිල්ශාන් කාලිංග.

හම්බෝ, හෙන කාලෙකින් සබ් එකක් කොරේ. මතකද මංදා අපිව. ඉඳලා ඉඳලා එකක් කොරන්නේ. ඒකත් දෙබස් ලයින් බරගානක එකක්. 2300 ක්. අවුලක් නෑ. දවස් දෙකාමාරකින් විතර කළා, වැඩ අස්සෙත්. ෆිල්ම් එකේ විස්තරේ ඩිලා ගානට දීලා තියෙනවා. තැන්ක්ස් මචෝ ඒකට. වෙන කියන්න දේවල් එන්නේ නෑ. එහෙනම් කස්ටිය බලන්නකෝ,

කක්කුස්සියක් කොර හදියක්!

Sarkar 3 (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

www.TamilRockers.fi – Toilet Ek Prem Katha (2017) Hindi – HQ DVDRip – x264 – 700MB – ESubs.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා යාවත්කාලින කර ඇත.

 

28,163 downloadsDownload ToileT-Ek-Prem-Katha-2017.zip87 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Asiri-New-e1501058867134.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

28,163 downloadsDownload Subtitles87 KB

84 comments

  1. විමා

    සුපිරියි හොඳේ
    ඊයේ ෆිල්ම් එක ආව අද සබ් එක දීලා
    තනි ඇහැට ඇඩේනවා

    කියල කමන්ට් දාන්න බෑ ෆිල්ම් එක ඇවිල්ල කොටුවේ සිංහල සබ් එක්ක ඩිවිඩි විකුනනකොට තමයි උබ අපිට සබ් එක දෙන්නේ, මිට හොඳයි සබ් එක රෝල් කරගෙන තියාගත්තනම්

    1. Malshan Prabhashana

      Film eka awilla kochchara kalda?

  2. thisal

    thanks

  3. Sajith thilakarathne

    Thanks saho sub ekata

  4. Kasun Upeksha

    Thanks saho sub ekata

  5. Chami.S

    Thanks..
    Good Luck..

  6. Amalka

    බොහෝම ස්තූතියි සබ් එකට
    @Dilshan අඩෝ ඩිලා පට්ට පෝස්ට් එක බන්

  7. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......

  8. kelum chathuganga abeysekara

    thanks

  9. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  10. Thilina Chamara

    THANK YOU

  11. Ricado Damien

    Thank you හේවා ලුණුවිලගේ & Baiscope Team for the sub, always love to watch Akshay Kumar's movies. all the best Baiscope Team.........

  12. rangika Kariyawasam

    ස්තුතීයි ඔබ දරන්නාවූ කැපකිරීමට .ජයවෙිවා

  13. නිරෝෂ්

    ස්තුතියි හේවා සහෝ.ජයවේවා!

  14. lakmal

    සබ් එකට ජයවේවා, Bhoomi (2017) Hindi මේකටත් සබ් එක දෙන්න බලන්න.

    1. lakmal

      #Bhoomi (2017) Hindi

  15. kasun

    Meeka hd rip ekata update karannako.tnx

  16. දමිත්

    බොහොම ස්තුතියි අාසිරි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  17. nisha

    thanks bro...

  18. prabodha

    Wow. Supirine bro thank sub ekata...

  19. අසිත

    ආක්ෂේ nam athrinna bane
    elama saho thanks

  20. oshanda

    බොහොම ස්තුතියි අාසිරි සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  21. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  22. Gathsara Umesh Kumara

    Bhoooooooiim sthuthiyii ayyee..
    Kalekiner

  23. DDSameera

    patta name eka..radical guy !! cheers

  24. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  25. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  26. Hirantha

    මේක අර joker කියන ටැමිල් ෆිල්ම් එකේ remake එක නෙවි නේද ? ඒකනම් අන්තිම වෙනකොට පට්ටම සංවේදී වෙනව

  27. Pasindu

    Kawruhari meke torrnt link eka denwa plzzz..highly appreciated these effort

  28. Krishan Madusanka

    bisecop eke sub dunna hamotama thanks supiri aaaa

  29. Naveen Lakshan NL

    Thank you good work !!!!!

  30. Kasun Widusha

    Tnx Lokkaa

  31. malith madhushan

    thanx saho sub ekata meka denakan hitiye

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට...ජය වේවා..!

  33. Ruwan Kasun Madhuranga

    Thank you saho..sub akata..
    best of luck..

  34. D.Chamara

    bohoma sthuthi sahoooo

  35. AWNCK

    Thanks Bro......

  36. Kulanjana Maduranga

    niayamai…HEWA Ssahoge subak nm nobala kohomada.thanks HEWA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Lipiyatath thanks DILSHAN saho........

  37. Dulanga

    Thanks

  38. BLACKTASK

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  39. mindika

    Thanks !!!!!!

  40. Indrajith

    thanks for the subtitle

  41. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ!!

  42. Sohan Jayasooriya

    අනිව බැලීමක් තමා ඉතිම්.. හොද කොපියක් ආපු ගමන් අප්ඩේට් දෙන්නෝ... හෙන කට්ටක් කන්න ඇති ලයින් එච්චර ගානක් හදන්න ගියාම.. ගොඩක් ස්තූතියි සබට.. සිරි මාමි ඇන්ඩ් පොලු මාමි.. හෙහ්..

  43. shasith sandaruwan

    තැන්කූ ආසිරි... :P
    මෙක දෙනකල් තමයි බලන් හිටියේ...
    කාලෙකින් අාපු සුපිරියක් තමයි ඉතින්.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  44. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  45. Udaya Fernando

    Thanks bro

  46. chacha

    copy ය නම් අන්තිම චා වෙන එකක් දාන්ඩ..

  47. අසංක ප්‍රදීප් රණතුංග

    ටොයිලට් නම් ඉතින් ආසිරිම තමා,. කොහොම උනත් ඔය කවුරු කිව්වත් ලයින් 2300 දවසෙන් දෙන්න බැ කියල දන්නවා. අනික හින්දි. ඒ හින්ද මම නම් කියන්නේ ආසිරි දෙන්න පුළුවන් උපරිම වේගෙන් තමා සබ් එක කලේ.

    ස්තුතියි උපසිරසියට. කාලෙකට පස්සේ බලපු සුපිරි හින්දි ෆිල්ම් එකක්.

  48. ඇත්ත ඇනෝ

    Got it, Thanks

  49. Rushani

    ස්තුතියි අයියේ.. මේක දෙනකන් බලන් හිටියේ :-)

  50. Malshan Prabhashana

    Meka nathuwa ada ada hitiye....thanku bokka

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.