සැමියා බිරිඳ.. පෙම්වතා පෙම්වතිය.. මේ සම්බන්ධතා වලට පදනම වෙන්නේ ආදරය.. කාලයත් එක්ක ජීවිතේට එකතුවෙන අත්දැකීම් එක්ක.. ජීවිතය එකම රිද්මයකට ගලාගෙන යද්දි.. කෙනෙක්ට මේ සම්බන්ධකම්වල මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙන්න පුළුවන්. තමන්ට හැබෑවටම ලැබෙන්න ඕනි සතුට මේකමද කියලා හිතෙන්න පුළුවන්. ලෝකේ යන රටාවටම ජීවිතේ ගෙනි…

සැමියා බිරිඳ.. පෙම්වතා පෙම්වතිය.. මේ සම්බන්ධතා වලට පදනම වෙන්නේ ආදරය.. කාලයත් එක්ක ජීවිතේට එකතුවෙන අත්දැකීම් එක්ක.. ජීවිතය එකම රිද්මයකට ගලාගෙන යද්දි.. කෙනෙක්ට මේ සම්බන්ධකම්වල මොකක්ම හරි අඩුපාඩුවක් දැනෙන්න පුළුවන්. තමන්ට හැබෑවටම ලැබෙන්න ඕනි සතුට මේකමද කියලා හිතෙන්න පුළුවන්. ලෝකේ යන රටාවටම ජීවිතේ ගෙනිහිල්ලා.. එක තැනකදි හිතෙන්න පුළුවන් ඇයි මම මෙහෙම කරන්නේ.. මේක මගේ ජීවිතේ.. මම මගේ සතුට හොයාගන්න ඕනි කියලා. ගොඩක් වෙලාවට මෙහෙම දැනෙන්නේ.. තමන්ගේ පෙම්වතිය හරි බිරිඳ හරි එක්ක ඇති සම්බන්ධතාවයට සැලකිය යුතු කාලයක් ගත වුනාම. අපි කියන්නේ බෝරිං වෙනවා කියලා.. අන්න ඒම වුනාම.
අපි හැමෝගෙම ජීවිත වලට එක එක විදියේ අය එනවා යනවා. ඒත් අපි බැඳීමක් ඇති කරගන්නේ මොකක්ම හරි විශේෂත්වයක් දැනෙන කෙනෙක් එක්ක. සමහරවිට එහෙම විශේෂයි කියලා දැනෙන්නේම.. බෝරිං වුන ජීවිතේ නිසා.. තමන්ගේ සහකාරියට තමන් ගැන ඒ හැටි විශ්වාසයක් නැති නම්.. තමන්ව හරිහැටි තේරුම්ගන්නේ නැති නම්.. අපිට අලුතින් හම්බෙන තැනැත්තියගෙන් ඒ අඩුව පිරිමැහෙනවා නම්.. අපි එතැනට ළං වෙනවා නිතැතින්ම. ඊට පස්සේ කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.
ජීවිත තුනක් අතරමං වෙන්න ඒ හැටි කාලයක් ගත වෙන්නේ නැහැ. තුන්කොන් ආදරයක්.. සැකය, විශ්වාසය, තේරුම්ගැනීම, ආශාවන් කියන කාරණා එක්ක.. තුන්දෙනා අතර පිනුම් ගහනවා. මේ අතරට විවාහකයෙක් නම් විවාහ ජීවිතයේ වගකීම්.. දරුවන්ගේ වගකීම් මඟහැරෙන්න ගන්නකොට.. තමන් බැඳුනු පවුල් වල වැඩිහිටියන් මේ දේවල් වලට මැදිහත්වෙලා දුක් වෙනකොට.. තමන්ගේ සතුට කෙසේ වෙතත්.. තවත් බොහෝ දෙනෙකුගේ සතුට නැතිවීමයි වෙන්නේ. අලුත් තැනැත්තිය සැබෑම ආදරවන්තියක් වෙන්න පුළුවන්.. ඒත් ඇයත් දුකින්.. අවුරුදු ගාණක් තමන් එක්ක හිටි සහකාරියත් එහෙමයි. ඉතින් ඇයි මේ විදියට.. කබලෙන් ලිපට වැටෙන්නේ.. ඒ තමයි හැටි.. ඒක ජඩකමද.. ආත්මාර්ථකාමීකමද.. වෙනත් දෙයක්ද කියන්න දන්නේ නැහැ. ඒ තමයි හැටි.
ඒ කොහොම වෙතත් තමන්ට නැති දේ ගැන හිතනවට වඩා ඇති දේ රැකගෙන ඒක තියෙන මට්ටමට වඩා ඉහළ තැනකට අරන් යන්න කළ හැකි දේ කරන්න පුළුවන් නම්.. සම්බන්ධතා හැමදාමත් සතුට විතරක් අරන් ඒවි.. දුකේදි වුනත්. මෙන්න මේ යතාර්ථය.. නිර්මාණාත්මකව වගේම ඉතාමත් හාස්‍යජනකව පැහැදිලි කරන චිත්‍රපටියක් තමයි මේ. තුන්කොන් ආදරයක් හිතේ කොනක හරි තියෙන කොල්ලන්ට කෙල්ලන්ට.. හිතන්න යමක් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටියේ තියෙනවා.
“සැබවින්ම ආදරේ කරනවානම් ඇත්තම කියන්න.. විශ්වාසය කියන කුරුල්ලට ඉගිලිලා යන්න දෙන්න එපා. මොකද ඌ ආපහු කවදාවත් එන්නේ නැහැ”
පහුගිය වසරේ නිකුත් වුනු තවත් අති සර්ථක චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම. ගිය අවුරුදේම නිකුත් වුනු Luka Chuppi චිත්‍රපටය ඔබට මතක ඇතිනේ. ඉතින් ඒකෙ හිටපු කාර්තික් ආර්යන්ගේ මීළඟ චිත්‍රපටය තමයි Pati Patni Aur Woh කියන්නේ. බොලිවුඩයේ යෞවන පරපුරේ සිටින අති දක්ෂ නළුවෙක් විදිහට තමයි කාර්තික් ආර්යන් හඳුන්වන්නේ. එමෙන්ම කඩවසම් බවින් ඉහලින්ම ඉන්න කොල්ලෙක් විදිහටත් කාර්තික් හදුන්වන්න පුළුවන්. Pyaar Ka punchnama (1 සහ 2), Luka Chuppi මෙන්ම පහුගිය 2018 අවුරුද්දේ කෝටි 100කටත් වැඩි ආදායමක් උපයාගනිමින් අති සාර්ථක වුනු Sonu Ke Titu Ki Sweety චිත්‍රපට ඔබ නැරඹුවා නම් ඔබ එය හොඳින්ම දකින්නට ඇති. ඉතින් ඔහුගේ ඊළඟ චිත්‍රපටය වුනු Pati Patni Aur Woh අධ්‍යක්ෂණය කරන්නේ Mudassar Aziz විසින් ඒ 1978 දී මේ නමින්ම නිකුත් වුනු Pati Patni Aur Woh චිත්‍රපටයේ නැවත නිෂ්පාදනයක් වශයෙන්. පසුගිය වසරේ දෙසැම්බර් හයවනදා සිට තිරගත වීම ආරම්භ කරමින් ධනාමත්නම විචාරක ප්‍රසදය මැද්දේ ඉන්දියානු රුපියල් කෝටි 117 ක ආදායමක්ද උපයමින් කාර්තික්ගේ සාර්ථක චිත්‍රපට ගොන්නේ තැනක් වෙන් කරගන්නට Pati Patni Aur Woh සමත් වුනා.කාර්තික් ආර්යන් සමගින් සුරූපී භූමි පඩ්නේකර් සහ අනන්‍යා පාන්ඩේ තමයි මේ සඳහා ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වන්නේ. භූමිව ඔබව Toilet: Ek Prem Katha, Shubh Mangal Saavdhan, Saand Ki Aankh, Bala චිත්‍රපට වලින් ඔබට හමුවන්නට ඇති. අනන්‍යා ගැන කියනවනම් චන්කි පාන්ඩේගේ දියණිය වන ඇය මින් පෙර Student of the Year 2 චිත්‍රපටයේ දී ඔබ දකින්නට ඇති. ඉතින් මේ තිදෙනාට අමතරව Aparshakti Khurana, Manu Rishi Chadha, Rajesh Sharma, K. K. Raina මේ සඳහා තම රංගන දායකත්වය සපයනවා. 2019 පෙබරවාරි මස රූගත කිරීම් කටයුතු අරඹමින් කෝටි 35 ක වියදමින් නිපදවුණු ලැබුවේ T-Series සහ B.R. Studios නිෂ්පාදන සමාගම්හි දායකත්වයෙන්. එමෙන්ම මෙහි සංගීත අධ්‍යක්ෂණය Tanishk Bagchi, Rochak Kohli, Sachet–Parampara, Tony Kakkar සහ Lijo George – DJ Chetas පිරිසගේ අතින් හැඩවනවා.
2019 දෙසැම්බර් 6 තිරගතවීම අරඹමින් පළමු ඉන්දියානු රුපියල් කෝටි 9.10 ක්. පාලමු සතියේ ඉන්දියානු රුපියල් කෝටි 36ක් ඇතුළුව මුළු ආදායම ලෙසින් 117 ක ආදායමක් ලබන්නට සමත් වෙමින් බ්ලොක්බස්ටර් චිත්‍රපට ගොන්නට එක්වන්නට සමත් වුවා. වැඩිය හිතන්න බලන්න දෙයක් නැහැ. චිත්‍රපටිය ලස්සනයි සුපිරියි එලටම තියෙනවා අරගෙන බලන්න විතරයි තියෙන්නේ. බලල ඇවිල්ලම කතා කරමු. එසේනම් බයිස්කෝප්වාසී ඔබ සැමට තවත් සුන්දර සිනමා නිර්මාණයක් මෙසේ පුද කර සිටින ගමන් අපි කැපෙනවා. ආයෙත් දවසක හම්බවෙමු. ජය වේවා..!!!
“නෝනයි, මහත්තයයි, ඇයයි සෙල්ලමේදී, නෝනයි මහත්තයයි එයාලා විසින්ම එයාලගේ අතරට එන්න දෙන පරතරයට තමයි “ඇය” කියලා කියන්නේ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි True WEB-DL පිටපත සඳහා අදාළ වේ.
16,468 downloadsDownload Pati-Patni-Aur-Woh-2019-2.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-07-25
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
32 comments
Ranga Heshan
ඔෂද ධනංජය
thanks sahoo....jaya wewa !
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo ..
gihan perera
පට්ට බං සහෝ...ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
Ranga Prasanna
අඩෝ අහිංසකයා.....එල ඈ
tharidu16
thanks sudu
rozalia_black
Thank you sub ekata.
තාරක නුවන් දිල්හාර
ඔබට තුති මිතුර..
කටට රසට සබක් එක්ක බලන්න ඇහැකි අදනම්..
එල..
ආදරෙයි!
සෙට්වෙමු.!
ජයෙන් ජය!!!indika75
thanks..
Achi
Thank bokka ආදරෙයි
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි ආසිරි අයියා !!!
kanchana
ඉතින්.. ඉතින්..මම බයිස්කෝප් එකට අවෙ අවුරුදු ගානකට පස්සෙ... දැන් ගොඩක් වෙනස් ..
මම මුලින්ම සිංහල උපසිරැසි හොයන්න බයිස්කෝප් එකෙ සැරි සැරුවෙ මට මතක විදියට 2011.. අඩවිය හොයා ගත්තු දවසෙ ඉදලා .2017 අවුරුද්ද විතර වෙනකම් මම ඉඩ ලැබුනු හැම වෙලාවකම මෙකට ගොඩවුනා.
ඒ දවස්වල වෙළද දැන්වීම් තිබුනෙ නැ. මට මතක add දාන්නෙ නැ කියල admin වරු තීරනය කරල තිබුන.
තව ඒ කාලෙ torrent link එකත් දුන්න.කොහොම උනත් මම ආයෙ ඇවිත් පුරුද්දට හොයන කොට ආදරණිය බයිස්කෝප් සිංහලෙන් තිබුන එකම ගොඩක් සතුටක්
මම වැඩිපුරම ගත්තෙ ඔබේ උපසිරැසි..
නම මතක තිබුන. ඉන්නවද කියල බලන්න එක්ක ම හේවා කියල හොයල බැලුව.. ඉන්නව ඉන්නව..සතුටුයි..ඒ දවස් වලත් ස්තුතියි වත් කියන්නෙ නැතිව උපසිරැසි ගත්තෙත් නෑ..
දිගටම උපසිරැසි දෙන්න.
වෙහෙසකර බව..තනිකම, තරගය, විවිධාකාර ප්‍රශ්න වලින් හොම්බත් උන මිනිසුන්ගෙ ජිවිත වල තියෙන පීඩනය අඩුකරන්න ඔබ හැම දෙනාම එක්ව ඔබ හිතන්නෙ නැති තරම්ය දෙයක් කරනවා
ඔබ හැම දෙනාටම සුභ පැතුම්
D.Chamara
bohoma sthuthi sahoo
Ayesh Prashan
Thank You
subodha
Thanks
mindika
Thanks!!!
Pramukmili
Thanxx bro...........
nish47
ස්තූතියි සහෝ
pradeep hashan
Thanks bro.....
Sandun92
Thanks machan
Nilush Angana
Sub ekata thanx
dila_12
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihansandaruwan
Thanks bro
ශසිත් සඳරුවන්
සබට තුති වේවා!
අනිවා බැලිල්ලක්.
දිගටම සබ් දෙමු ආ...
ජය!Lalantha Madhushan
නියමයි.සබ් එකට තෑම්ස් සහෝ.
Lalantha Madhushan
සබ් එකට තෑම්ස් බ්රෝ. ජය.
R_deshan
ආතල් ෆිල්ම් එක..සබ් එකත් දැනෙන්න කරල තියනව.සබට තුති හේවා අයියෙ...
Sahiru max
Sub ekata thanks . Thama film eka nm baluwe na.
Kohomath sub eka hondatama deela athi kiyala hewa lunuwilage nama dakkahama hitha gaththa haki.Sahiru max
Puluwnnam ↪Salaam-e-ishq - 2007↩ film ekata sub denawadooo. Film eka parana uata lassana sindu set ekak thiyanawa. Mama baiscope site ekatath request ekak damma.
DILmin
උපසිරැසිවලට ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්‍තූතී ඔබට ජයවේවා