ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් . පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් එකේ හැමදෙනාටම. A Bridge Too Far තමයි මගේ පළවෙනි සිංහල උප සිරස වන්නේ. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මට වටිනා උපදෙස් ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයාටත්, චාමර සම්පත් සහෝදරයාටත් මම ස්තුති වන්…

ආදරවන්තයින්ගේ මාසේ ආදරණීය ච්ත්‍රපටයක් .
පළවෙනියටම මම කැමතියි ස්තුති කරන්න බයිස්කෝප් එකේ හැමදෙනාටම. A Bridge Too Far තමයි මගේ පළවෙනි සිංහල උප සිරස වන්නේ. මාව දිරිමත් කරලා සුබ පතපු හැම දෙනාටම ස්තුතියි. ඒ වගේම මට වටිනා උපදෙස් ලබා දුන්න හසන්ත වික්‍රමරත්න සහෝදරයාටත්, චාමර සම්පත් සහෝදරයාටත් මම ස්තුති වන්ත වෙනවා. ඇත්තටම ඒක මට ලොකු උදව්වක් උනා. තවත් ඉස්සරහට මේ වගේ උපසිරස හදන්න මම හිතාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට ඒවා ඉතින් පරණ ඒත් අපි තාමත් ආසා ෆිල්ම් වලට තමයි . ඉතින් වැඩි කතාවක් නැතුව අපි මගේ දෙවැනි උපසිරස ට අදාළ චිත්‍රපටිය ගැන කතා කරමු. මේ පෙබරවාරි මාසේ කියන්නේ පෙම්වතුන්ගේ දවසත් එන මාසේ. ඉතින් ඒ ගැනත් කල්පනා කරලා මමත් කැමතිම ලස්සන අදර කතාවක් වන Notting Hill ෆිල්ම් එකට සිංහල සබ් හදන්න හිතුවා .
මේ කතාවේ රගපාන්නේ ජුලියා රොබට්ස් සහ හියු ග්‍රාන්ට් කියන නළු නිලි දෙපල. මගේ කැමතිම දෙනෙක්. මේක IMDB දර්ශකයේ 7.1 අගයක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම 1999 අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ වැඩිම අදායම් වාර්තා තබපු ෆිල්ම් එකක්. ඩොලර් මිලියන 42 ක් වියදම් කරලා හදලා එකෙන් ඩොලර් මිලියන 364 ක අදායමක් හොයාගන්න මේ චිත්‍රපටිය සමත් උනා. මේකේ රූ ගත කිරීම් කලේ ලන්ඩන් වල Notting Hill වලම තමයි.
අපි කවුරුත් කැමති නළු නිළියෝ ඉන්නවා. අපි ඕනෑම කෙනෙක් ඒ වගේ ජනප්‍රිය, ලස්සන කෙනෙක් එක්ක ඉන්න ඇත්නම් කියලා ඕන තරම් හිතලා ඇති. ඉතින් මේ කතාවේ ඉන්න විලියම් තැකර් කියන්නේ පොත් සාප්පුවක් අයිති හාදයෙක්. වැඩිය බිස්නස් එකක් තියන හෝ හොදින් දන්න තැනක් නම් නෙවෙයි ඒක .ඉතින් වෙනදා වගේ විලියම් කඩේ ඉන්නකොට එයාගේ කඩේට විලියම් කවදාවත් හිතපු නැති කෙනෙක් එනවා. ඒ තමයි ඇනා ස්කොට්, හොලිවුඩ් වල ජනප්‍රියම නිළිය. ඉතින් ලස්සන කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙක්ට ඉක්මනට මෝඩයෙක් වෙන්න පුළුවන්, ලෝකෙම ලස්සනම කෙල්ලෙක් ඉස්සරහ ගොනෙක් වෙන්න විලියම්ට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඉතින් විලියම් හිතනවා එයාට කවදාවත් ඇනාව දකින්න ලැබෙන්නේ නෑ කියලා.
විලියම් කියන්නේ හොද කඩවසම් කොල්ලෙක්. එක පාරක් ආදරේ හන්දා හදවත බිදුන කෙනෙක්. එයාට හොද හිතක් තියනවා. හරිම සරලයි ඒ වගේම ලජ්ජා කාරයා. ඇනා කියන්නේ ලෝක ප්‍රසිද්ද නිළියක්. ඈ ඒ ජනප්‍රිය කමෙන් මිදුන සාමාන්‍ය ජිවිතයක් විදින්න කැමති කෙනෙක්. එයා තමන්ටම හැමදාටම තියෙන අදරක් හොයාගන්න කැමතියි. මොකද ඇනා දන්නවා ප්‍රසිද්ධිය වැඩි කල් තියෙන දෙයක් නවෙයි කියා. ඉතින් කඩවසම් විලියම් එක පාරට ඇදිලා ගිය හිතෙන් දෙන කිස් එකක් නිසා එයාලගේ ජිවිත හෙමින් වෙනස් වෙන්න ගන්නවා.
දහස් ගානක් පිරිමින් ගේ හීන වල ඉන්න ලස්සනම ලස්සන ඇනා තමන්ගේ කරගන්න හීනෙ විලියම්ට පුළුවන් වෙයිද? හොලිවුඩයේ මහා තරුවකට සාමාන්‍ය මිනිසෙකුට ලං වෙයිද? ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලලාම දැන ගන්න.
ඔබ සැමට ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
3,893 downloadsDownload Notting-Hill-1999.zip66 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Captain Nobody” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Captain Nobody
Subtitles
17 comments
Kasun Jalitha
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Jayasanka
දැන් මාස දෙක තුනකට කලින් මං මේ පිලුමට සබ් හැමතැනම හොයල බැරිම තැන සබ් එකක් දාපු දවසක බලනවා කියලා අතහැරලා දැම්මා. අන්තිමේදී ඔන්න සබ අැවිත්. ගොඩාක් ස්තූතියි මචෝ.
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!indika75
thanks..
jagath55
Thanks
suneth_ ranasinghe
American honey sub nadda
wajira
Thanks for sub
Vihanga Pabasara
gdk tnq. me type eke movies tikak thawa gennako... mma gdk asi me wage movie walata.
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයම වේවා!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ashan lankanath
Thanks ..............good luck ..................
Lakshansilva18
Thanks
Sandun
thanks
Love
Thank you..
Widuneth
මේක මරු චිත්‍රපටයක්. නැවත නැවත බලන්න ළඟ තබාගත යුතු චිත්‍රපටයක්
සබ් එකට ස්තූති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි උපසිරැසියට ❤️❤️❤️
ජය වේවා !!!