දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග සිනමාවට “යථාර්ථවාදය” හදුන්වා දුන් සිනමාකරු වශයෙන් ද “ඉන්දියානු සමාන්තර රැල්ලේ” පුරෝගාමියකු වශයෙන් ද ඔහ…

දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයකු මෙන් ම “වංග කවියකු” වූ “සුරේෂ් චන්ද්‍ර” ගේ පුත්‍රයකු ලෙසින් වර්තමාන බංගලිදේශයට අයත් “ඪකා” නගරයෙහි උපත ලද “ඍත්වික් කුමාර් ඝටක්” වංග දේශයේ ප්‍රමුඛ සිනමාකරුවකු වෙයි. වංග සිනමාවට “යථාර්ථවාදය” හදුන්වා දුන් සිනමාකරු වශයෙන් ද “ඉන්දියානු සමාන්තර රැල්ලේ” පුරෝගාමියකු වශයෙන් ද ඔහුට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එසේ වුවත්, ඝටක් සම්බන්ධයෙන් ලබා දිය හැකි වඩාත් ම නිවැරැදි හඳුන්වාදීම නම් ඔහු කලාතුරකින් හමුවන ආකාරයේ “අවංක කලාකරුවකු” වූ බවයි.
ඝටක් කල්කටාවට පැමිණෙන්නේ 1947 වර්ෂයේ සිදු වූ “බෙංගාලය දෙකඩ වීමේ” සංසිද්ධියෙහි ගොදුරක් බවට පත්වෙමිනි. එසේ පැමිණි ඔහු ඇතුළු ලක්ෂ ගණනක් වූ නැගෙනහිර බෙංගාලවාසීහු කල්කටාව විසින් සාදරයෙන් පිළිගැනෙන්නේ නැත. එබැවින්, ඔවුනට සිදු වූයේ දුම්රිය ස්ථාන, මං මාවත් ආදී පොදු ස්ථානවල හෝ අවම පහසුකම් සහිත කොළණි තුළ හෝ පදිංචිව ස්වභාවික ආපදාවන්ට මෙන් ම බටහිර බෙංගාලවාසීන්ගේ විරෝධතාවන්ට ද මුහුණ දෙමින් දුෂ්කර ජීවිත ගත කිරීමට ය. බෙංගාලි පුවත්පත් ඔවුන් හඳුන්වා දුන්නේ “ඉඩම් අහිමි වූ සරණාගතයන්” වශයෙනි.
මෙසේ කල්කටාව තුළ ගෙවන්නට සිදු වූ සරණාගත ජීවිතය ඝටක්ගේ සිත්ගත්තක් නොවී ය. නැගෙනහිර බෙංගාලයේ සිටියදී යහපත් ජීවිත ගත කළ බොහෝ දෙනා කල්කටාව තුළ දී තම“ගෞරවය” පමණක් නොව “ආහාර” ද අහිමිව මිය යන අයුරු ඔහු දුටුවේ ය. තම සහෝදර ජනයාට මුහුණ දීමට සිදුව ඇති “අනුකම්පාසහගත” තත්ත්වය සියුම් මනසක් සහිත සංවේදී පුද්ගලයකු වූ ඔහුට දරාගත හැකි නො වී ය. එබැවින්, ඔවුන්ගේ දුක් වේදනා ලොවට හඩ ගා කියනු පිණිසත් ඔවුනට යහපත් ජීවිතයක් සහතික කරනු පිණිසත් තම කලා කෞෂල්‍යය භාවිත කරන්නට ඔහු පෙළඹුනේ ය.
ආරම්භයේදී “නාට්‍යකරණය” තම මාධ්‍යය වශයෙන් තෝරාගත් ඝටක් වංග බසින් නාට්‍ය බොහෝ ගණනක් රචනා කළේ ය. එහෙත්, පසුව ඔහු තීරණය කරන්නේ සිනමාව දෙසට යොමු වීම වඩාත් ප්‍රතිඵලදායක වනු ඇති බවයි.
ඍත්වික් ඝටක් වඩා වැදගත් කොට සැලකුවේ තම නිර්මාණවලට පාදක වන්නන්ගේ “ජීවන ප්‍රවෘත්තිය”යි. එබැවින්, ලෝ ප්‍රකට “සම්භාව්‍ය සිනමා කෘතීන්” නිර්මාණය කළ කලාකරුවකු වශයෙන්“සම්භාවනාවට පාත්‍ර වීමට” හෝ සිනමාකරණය වෙනුවෙන් “ජාත්‍යන්තර සම්මානලාභී” වීමට හෝ ඔහුට කිසිදා අවශ්‍ය වූයේ නැත. එසේ ම, එවක “අසීමිත ධන උල්පතක්ව” තිබූ සිනමාවෙන් ආර්ථික ප්‍රතිලාභ ලබන අයුරු ද ඔහු දැන සිටියේ නැත. ඒ වෙනුවට ඔහු “මේඝේ ධකා තාරා (1960), කෝමල් ගාන්ධාර් (1961), සුබර්ණරේඛා (1965), තිතාෂ් එක්ඨී නොදීර් නාම් (1973)” වැනි සිනමාකෘතීන් ඔස්සේ තම සහෝදර බෙංගාලි ජනතාවගේ “දුක් වේදනා” සහ “ශංකාකූල අනාගතය” පිළිබඳ යථාර්ථය බෙංගාලි සමාජය ඉදිරියේ විවෘත කරන්ට උත්සුක වී ය.
විවාහ වී දරුවන් ලැබුව ද තමන් “කල්කටාව තුළ සරණාගතයකු” වී සිටින බවට ඇතිව තිබූ හැඟීම කිසිදා ඝටක්ගේ සිතින් ඉවත්ව ගියේ නැත. මත්පැනට ඇබ්බැහි වූ ඔහු එයින් මුදා ගැනීමට උම්මත්තකාගාරයක රඳවා තබන්නට වරක් ඔහුගේ බිරිඳට සිදු විය. එහෙත්, ඔහුගේ චර්යා රටාවට හෝ ඔහුගේ මූලික අරමුණ වූ “එක්සත් බංගලිදේශයක් නැවත බිහිකිරිම” පිළිබඳ සිහිනයට හෝ එයින් කිසිදු වෙනසක් සිදු වූයේ නැත. ඔහු පිළිබඳව හොඳින් දැන සිටි බෙංගාලවාසීහු ඔහුට බොහෝ සේ ගරු කළ හ. එසේ ම බොහෝ සේ අවමන් ද කළ හ. තම පවුල ගොඩ නැගීමට තනිව වෙහෙසුණු ඔහුගේ භාර්යාව පවා ඔහුගේ වටිනාකම දැන සිටියා ය. එබැවින්, ඔහුගේ “වගකීමකින් තොර පුද්ගලික ජීවිතය”සම්බන්ධයෙන් දොස් පවරමින් වුව ද ඔහුගේ නිර්මාණ සුරක්ෂිත කොට ගැනීමට උත්සුක වූවා ය.
සරල සහ අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ඝටක් “තමන් අදහන දර්ශනයට” අවංක වෙමින් සමාජයේ සියලුම පුද්ගලයන් සම තත්ත්වයෙන් ඇසුරු කළේ ය. ඉහළ පෙළැන්තියේ හමුදා නිලධාරීන්, දේශපාලකයන්, රජයේ ඉහළ නිලධාරීන් සහ කලාකරුවන් ඔහු ඇසුරු කළ අය අතර වී ය. එසේ ම, කිසිදු වෙනසකින් තොරව ඔහු මහා මාර්ගය නිවහන කොටගත් “පික්පොකට්කරුවන්” , “පාදඩයන්”සමග එක්ව මත්පැන් පානය කළේ ය. “වෙනස් වීම” මුළු මහත් සමාජය පුරා ම එකවර සිදුවිය යුත්තක් ලෙස ඇදහූ ඔහු කිසි විටක පවතින සමාජ රටාවේ ගොදුරු බවට පත් වූ තනි පුද්ගලයන් සදාචාරවත් කිරීමට උත්සුක වූයේ නැත.
කලක් තමා සමග එක්ව එකම අරමුණක් වෙනුවෙන් වෙහෙසුණු අනෙකුත් කලාකරුවන් තම ව්‍යායාමය අතහැර දමත්දී පවා ඔහු එහි ම එල්බගෙන සිටීමට තරම් මුරණ්ඩු විය. නොහොත් අධිෂ්ඨානශීලී විය. නොහොත් මානව කරුණා ගුණයෙන් යුක්ත විය. ඔහු තම සහෝදර ජන ප්‍රජාව වෙනුවෙන් ලේ කඳුළු හලත්දී අන්‍යයෝ ඔහුගේ නිර්මාණශීලීත්වය මුදල් කළ හ. අවංක කලාවක් වෙනුවෙන් සියලු දේ කැප කළ මේ බෙංගාලි කලාකරුවා 1975 වර්ෂයේ මෙලොවින් සමුගන්නේ උපයා ගත් කිසිදු ධනයකින් තොර දිළින්දකු වශයෙනි.
අද මා ඔබ වෙත ගෙන එන “ජුක්තී තක්කෝ ආර් ගල්පෝ” යට කී වංග මහා සිනමාකරු “ඍත්වික් ඝටක්ගේ අවසන් චිත්‍රපටයයි”. 1974 වර්ෂයේ ඉන්දියානු ජාතික සිනමා සම්මාන උලෙළේ හොඳම කතාව සඳහා පිරිනැමෙන “රජත කමල්” සම්මානයෙන් පිදුම් ලද මෙම කෘතිය ඝටක් විසින් ඔහුගේ සත්‍ය ජීවන ප්‍රවෘත්තිය අනුසාරයෙන් නිර්මාණය කෙරුණු බැව් කියැවේ. “මේ ඔහුගේ සැබෑ කතාවයි”. තමන් පිළිබඳ යථාර්ථය මැනැවින් වටහාගත් මේ සිනමාකරුවා මේ තුළින් තම චරිතයේ පවතින අඩු ලුහුඬුකම් පැකිලීමකින් තොරව ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එන අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. තමන් මිදිය නොහැකි තරමට “මත්පැන්පානයට ඇබ්බැහිව” සිටින බව හෝ වරක් “උමතු රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව” හෝ සැඟවීමට ඔහු උත්සාහ කරන්නේ නැත. එසේ ම තමන් අතහැර යාම පිළිබඳව බිරිඳට දොස් නො පවරන ඔහු ඇය දකින්නේ “දුර්ගා දේවතාවිය” විලසිනි. තම වගකිමකින් තොර ජීවිතය හේතුවෙන් ඇයගේ ජීවිතය අඳුරු වූ බව ඔහු ප්‍රසිද්ධියේ පිළිගනියි.
එසේ ම, “ජුක්තී තක්කෝ ආර් ගප්පෝ” චිත්‍රපටය තුළින් සමස්ථ භාරතීය උරුමය දෙස ම මහත් ගෞරවයෙන් බැලීමට ඝටක් උත්සුක වී ඇත. මෙහි එන “ජගන්නාථ භට්ටාචාර්ජී”ගේ චරිතය තුළින් භාරතය සතු අතිමහත් “සාම්ප්‍රදායික දැනුම් සම්භාරය” සංකේතවත් කෙරෙන අතර අපමණ කලාවන්ගෙන් පිරිපුන් “භාරතීය ගැමි සංස්කෘතිය” පංචදොන් උස්තාද්ගේ චරිතයෙන් නිරූපනය කෙරේ. “බංගබාලා” යනු අතරමං වූ බංගලිදේශයයි. මෙහි එන “කැනො චී ආජ් ඔගො මා” නම් ගීතය ඇය අරමුණු කොටගෙන ගැයෙන්නේ ද “අම්මා” යනුවෙන් ඇය ආමන්ත්‍රණය කෙරෙන්නේ ද එබැවිනි. එසේ ම, ජීවත් වීම පිණිස අපමණ දුක් කම්කටොළුවලට මුහුණ දෙන පොදු ජනතාව පිළිබඳ පිරී ඉතිරී ගිය “මානව දයාව” ද විබෙදුම්කරණය නිසා “අතරමං වූ ස්ත්‍රීත්වය” පිළිබඳ “සංවේගය” ද සමස්ථ කෘතිය පුරා ම විසිර පවතී.
“ජුක්තී තක්කෝ ආර් ගල්පෝ” චිත්‍රපටයේ උපසිරැසිය මම එහි පිටපත් දෙකක් සඳහා නිර්මාණය කළෙමි. එකක් නම් Jukti.Takko.aar.Gappo යන නමින් යුතුව අන්තර්ජාලයේ සොයාගත හැකි දිගින් “පැය 1 මිනිත්තු 53 තත්පර 36”ක් සහ බරින් 1.36 GB වන පිටපතයි. අනෙක් පිටපත ද 1.mkv(205 MB) සහ 2.mkv (210 MB) වශයෙන් වීඩියෝ කොටස් දෙකකින් යුක්තව අන්තර්ජාලයේ සොයාගත හැකි ය. මේ දෙකම යූ ටියුබ් පිටපත් නොවන අතර නැරඹීමට හැකි තරම් හොඳ තත්ත්වයෙන් පවතින බව පැවසිය යුතු ය. එසේ වුවත්, වඩා හොඳ පිටපතක් හමු වූ වහාම උපසිරැසි යාවත්කාලීන කිරීම සඳහා සූදානමින් සිටින බැවින් “[email protected]” යන ඊමේල් ලිපිනය ඔස්සේ මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලමි.
මගේ උපසිරැසි නිර්මාණ සඳහා ධෛර්ය ලබා දෙන, සියලු ම සහෘද හිතවතුන් වෙත මගේ “පහළොස් වැනි උපසිරැසි නිර්මාණය” මෙලෙසින් පිළිගන්වන අතර ඒ සඳහා අවස්ථාව දුන් www.baiscope.lk වෙබ් අඩවියට මාගේ ස්තූතිය පුද කරමි. විශිෂ්ට සිනමාකරුවකු විසින් නිර්මාණය කෙරුණු සංවේදී සිනමා නිර්මාණයක් රස විඳීමට මා සමග එකතු වන ලෙස ආරාධනා කරමින් ඔබෙන් සමුගනිමි.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.
114 downloadsDownload Jukti.Takko_.aar_.Gappo_.1974.Baiscopelk.com_.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/VajiraRathnayaka2-e1479670159444.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
13 comments
Tharaka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
R.S. Samantha
thank u macho...
aniwa banawa
me wage watina film idiriyatath sub karanna labewa.
jaya wewa....!!!Withanage Priyantha Dayakeerthi
වජිර රත්නායක සොයුර,
ඔබ උපසිරසි ලබාදුන් බොහෝ සිනමාපට මා විසින් නැරඹුවා. එමෙන්ම ටික කාලයකින් පසුව නැවත නැරඹීමට ඒ සියල්ල සුරක්ෂිතව තබාගත්තා. මෙයත් එසේමයි. සිනමාපටයට අදාළ ලිපිය මඟින් ලෝක ඉතිහාසය පිළිබඳව දැනුමකුත් අපට සපයනවා කියා මට සිතෙනවා. ඒ සියල්ලටම මාගේ ස්තුතිය! ඉදිරියේ දී හැකිනම් Uran Khatola (1955) හින්දි සිනමාපටයට උපසිරසි ලබා දෙන්නට කියා යෝජනාවක් ද කරනවා. ඔබට ජය!!!වජිර රත්නායක
මම උරන් කතෝලා චිත්‍රපටයට මම උපසිරැසි දෙන්නම්.
Withanage Priyantha Dayakeerthi
Uran Khatola (1955) හින්දි සිනමාපටයට උපසිරසි ලබා දෙන්නට ඔබේ කැමැත්ත ප්‍රකාශ කිරීම ගැන මාගේ ස්තුතිය!
Thilakarathna
සබ් එකට අවංක ස්තුතිය! මෙවන් වටිනා ඒවා සබ් කිරීමට කෙනෙක් සිටීම ගැන ඇත්තෙන්ම ගොඩක් සතුටුයි. අලුත් ඒවාටම සබ් දෙන්නට කැපවී සිටින සියගණනක් පිරිස අතර ඔබ වැනි කෙනෙක් අපට ඉතාමත් වටිනවා. මමත් පැරණි චිත්‍රපට ලෝලියෙක්. ඒ නිසා මේවායේ වටිනාකම හොඳින්ම දන්නවා. තවත් මෙවැනි ඒවා ඉදිරියේ දීත් අපට ලබා දෙන්න.
චතුෂ තුෂර කුමාර
ඉතාමත් වටිනා වැඩක්...
හරියන කොපි හොයා ගන්න එකනං අමාරුයි උනත් අමාරුවෙන් හරි හොයාගෙන බැලිය යුතුයි. මේක විතරක් නෙවෙයි කලින් දීලා තියෙන ටිකත් එක්කම... දැන් හොයලා හොයලා එහෙං මෙහෙං අහු උන ඒවා ටිකක් බාන්න දැම්මා... සීඩර්ස්ලා බොහෝම අඩුයි... බෑවෙන ස්පීඩ් එක යන්නේ දසම ගණන් වලින්... බලමු එකක් හරි ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා...
බොහෝම ස්තූතියි මේ කරන වැඩේට...වජිර රත්නායක
මගේ ඊ මේල් ලිපිනයට ඊ මේල් පණිවුඩයක් එවුවොත් උදවු කරන්න පුළුවන්
Kulanjana Maduranga
niayamai…good work bro..thanks VAJIRA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Binendra
Thanks machan
Tharaka
මම අද මෙම වටිනා සිනමා නිර්මාණය නැරඹුවා. හරිම ලස්සනයි. සබ් එකට නැවත වතාවක් මාගේ ස්තුතිය පුද කරනවා! ඔබ වැනි කෙනෙක් මේ බයිස්කෝප් වෙබ් අඩවියේ සිටින නිසා අපට මෙවැනි වටිනා පැරණි කලාත්මක නිර්මාණ සිංහල උපසිරැසි සහිතව නැරැඹීමට වාසනාව උදා වී තිබෙනවා. පුළුවන්නම් සහෝ Saranga (1961), Anarkali (1953) යන ෆිල්ම් 2ත් සබ් ලබා දෙන්න.
ඔබට ජයෙන් ජයම වේවා!
බුදු සරණයි!ප්‍රේමකුමාර
දීර්ඝ විමර්ශනයකින් සමලංකෘතව හුදීජන පහන් සංවේගය උදෙසා කළ වජිර රත්නායකයන්ගේ මෙම සම්ප්‍රදානය ද කෘතඥතා පූර්වක පිළිගනිමු
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! මෙවැනි වටිනා පැරණි කලාත්මක නිර්මාණ සදහා ඉදිරියේදී තව තවත් උපසිරසි කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා මා පතනවා.
ජය වේවා!
බුදු සරණයි!