Watch Trailer

Paul Blart: Mall Cop (2009) with Sinhala Subtitles | සුපිරි ආරක්ෂක නිලධාරි පාව්ල් බ්ලාට් [සිංහල උපසිරැසි සමඟ]

සුසිත පුෂ්පකුමාර සහෝගේ ලිපිය… ඔන්න මම මගේ සිව්වන උපසිරස විදියට කොමඩි චිත්‍රපට වලට කැමති අයට සුපිරි කොමඩියක් අරගෙන ආව. මුලින්ම ස්තූති කරන්න ඕන හසන්ත අයියට මට මේක උපසිරස කරන්න බාර දුන්නට. පොඩ්ඩක් සමාවෙන්න ඕන මේක බාර අරගෙන සති දෙකකටත් වැඩී දැන්. පොඩි පොඩි වැඩ වගයක් නිසා පොඩ්ඩක් මේක අතපසු උනා. ඒ වගේම ක…

සුසිත පුෂ්පකුමාර සහෝගේ ලිපිය…

ඔන්න මම මගේ සිව්වන උපසිරස විදියට කොමඩි චිත්‍රපට වලට කැමති අයට සුපිරි කොමඩියක් අරගෙන ආව. මුලින්ම ස්තූති කරන්න ඕන හසන්ත අයියට මට මේක උපසිරස කරන්න බාර දුන්නට. පොඩ්ඩක් සමාවෙන්න ඕන මේක බාර අරගෙන සති දෙකකටත් වැඩී දැන්. පොඩි පොඩි වැඩ වගයක් නිසා පොඩ්ඩක් මේක අතපසු උනා. ඒ වගේම කියන්න ඕන මේකෙ සමහර දෙබස් මම ඒ විදියටම පරිවර්තනය නොකර ටිකක් කථාවට ගැලපෙන විදියට පොඩ්ඩක් එහා මෙහා කරල තියෙනව.

චිත්‍රපටය ගැන පොඩ්ඩක් කිව්වොතින්, මේක 2009 තිරගත වෙච්ච චිත්‍රපටයක්. මේකට හිමිවෙලා තීන IMDB අගය නම් 5.2 ක් වගේ තමයි. ඒවගේම මේක ASCAP Award සම්මානය හා තවත් සම්මාන තුනකට නිර්දේශ්වෙලා තීනව. මේක අධ්‍යක්ශනය කරල තීන්නෙ Steve Carr අධ්‍යක්ශවරය විසින්. මේකෙ ප්‍රධාන චරිතයට පන පොවන්නෙ Kevin James. නම අහපු ගමන් මතක් වෙනව ඇතිනෙ Grown Ups 1/2 දෙකෙම මෙයා තඩියගෙ චරිතෙට රඟපෑව. ඒ කියන්නෙ ඉතින් මේකත් සුපිරිම ෆිල්ම් එකක් තමයි කියල දැන් කට්ටියට තේරෙනව ඇතිනෙ.

කතාව ගැනත් කෙටියෙන් කියනවනම්, පාව්ල් බ්ලාට් කියන්නෙ සාප්පු සංඛීර්ණයක ආරක්ෂක නිලධාරියෙ. ඔහුගෙ බිරිඳ නිති විරොධී සංක්‍රමණිකයෙක්. ඉතින් එකා පාව්ල්ව බැඳල තියෙන්නෙ පුරවැසිභාවය ගන්න.(green card). ඊට පස්සෙ එයා පාව්ල්වයි එයාගෙ දුව මායවයි දාල ගිහින්.. ඉතින් පාවුල් එයගෙ අම්මයි දුවයි එක්ක ජීවත් වෙනව. අම්මයි දුවයි බලන්නෙ මෙයාට අලුත් මනමාලියෙක් හොයා දෙන්න. මෙයා වැඩ කරන සාප්පු සංඛීර්ණයට මංකොල්ල කාරයො ටිකක් පනිනව. ඉතින් පාව්ල් සාප්පුවත් බේරගෙන අලුත් නෝනා කෙනෙකුත් හොයාගන්න එක තමයි මේකෙ තියෙන්නෙ.

මම තාම උපසිරස කරණයට අළුත් නිසා වැරදි අඩු පාඩු ඇති. ඒවට සමාවෙන ගමන් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

 

පෙර ලිපිය…

ඔන්න තවත් අලුත් කොමඩියක්..ඒ වගේම ආදර කතාවකුත් තියනව මේ ෆිල්ම් එක ඇතුලෙ..ට්වී එකේ දැකල තමයි මම නම් මේක බෑවෙ..ඔන්න මෙහෙමයි කතාව..එක්තරා සුපිරි වෙළද සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙක් වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..බොහොම තරබාරු පුද්ගලයෙක් වන මොහු තම රාජකාරිය අකුරටම ඉටු කරන කෙනෙක්..මේ වෙළදසැල තුලම වෙලදාම් කරන තරුණියක් වෙත ඔහුගේ හිත ඇදී යනව..ඔන්න කොහොම හරි දවසක් මේ සුපිරි වෙළද සංකීර්ණයට හොරු කණ්ඩායමක් පනිනව..ඔවුන් අර තරුණිය ඇතුලු පිරිසක් ප්‍රාණ ඇපයට තියාගන්නව..ඒ වගෙම මේ ආරක්ෂක නිලධාරියත් කොටු වෙනව වෙළද සංකීර්ණය තුලම..ඔහු මේ පිරිස බේරගන්න දරන උත්සාහය තමයි කතාවෙන් පෙන්වන්නෙ..කතාව එච්චර විශේෂ එකක් නොවුනත් මේ පොරගෙ රගපෑම වගේම ඔහුගේ වැඩ දැක්කම හිනා යනව හොදට..කොමඩියක් හැටියට සාර්ථකයි කියන්න පුලුවන්…

 

Paul Blart: Mall Cop (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,952 downloadsDownload Paul-Blart-Mall-Cop-2009-1.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SusithaPushpa-e1483571924793.jpeg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුසිත පුෂ්පකුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුසිත පුෂ්පකුමාර

Subtitles

3,952 downloadsDownload Subtitles40 KB

35 comments

  1. Uraj Deemantha

    එලකිරි ෆිල්ම් එකක්...... :D :D මචන් නරකද කට්ටියට මේ ෆිල්ම් වලට සබ්ටයිටල්ස් බාන තැනුත් මෙතනම දැම්මොත්.........!!

  2. පොතේ ගුරා

    @-බිன்ku-!නෑ මචෝ..මේකෙ එහෙම මුකුත් නෑ..100% පිරිසිදුයි..

  3. -බිன்ku-

    මලේ මේක dirty comedy එකක්ද? මම එහෙම එව්වා බලන්නේ නැහැනේ.

  4. uda

    මේකත් අහම්බෙන් බැලුවා, යාළුවෙකුගෙ කීමට. මටනම් එච්චරටම වැදුණෙ නෑ මේක.
    නමුත් වරදකුත් නෑ... මුගේ වැඩනම් මරු තමා ඒ වුණත් :P

  5. Uraj Deemantha

    මම මේක බැලුවනේ..... :) මොකෝ මම කමෙන්ට් එකක්වත් දාලා නැත්තේ..... :(

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  7. Arjuna

    Ko meke sub nane???

  8. dileepa

    meke sub naddoooooo

  9. Dilshan salpadoru

    ko meeke sub

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  11. අසිත

    elama saho thanks
    2 weni flm eka nam baluwa meka balala na

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ, පෞද්දලිකව මම වැඩිය දමිළ ෆිල්ම් බලන්නෑ සහෝ. ඉස්සරහට උත්සහ කරන්නම්

  13. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  14. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දෙවෙනි එක බැලුව...මේකත් බලන්න ඕනේ යේ සබ් එක්කම....

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  17. Susitha Pushpakumara

    ස්තුතියි සහෝ

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Susitha Pushpakumara

      ස්තුතියි අයියේ

  19. Dulanga

    Thanks

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ

  20. සුසිත

    Thx bro.....mama rawtuna bn.mage name eka keyauna nisa.....ela ela....

    1. Susitha Pushpakumara

      ස්තුතියි සහෝ . මාත් හොල්මන් උනා බන් මේ කමෙන්ට් එක දැකල

  21. Amila Mudalige

    Thanks mchn susiya sub ekta..

    1. Susitha Pushpakumara

      ස්තුතියි මුදලි

  22. awnck

    Thanks bro...nice work

  23. Dhanukapg

    Thank you very much...! :-)

  24. kasurax

    Ela machan! Subapathum...

  25. Udaya Fdo

    Thank you