Watch Trailer

Running Scared (2006) with Sinhala Subtitles | තුවක්කුවේ පටලැවිල්ල [සිංහල උපසිරසි සමඟ] (18+)

ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්‍රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් ම…

ජෝ ගසෙල් (Paul Walker)කියන්නේ අපරාධ කල්ලියකට එකතු වෙලා වැඩ කරන කෙනෙක්. මේ කල්ලියේ ලොක්කා ෆ්‍රැන්කි ගේ උවමනාව මත කෙරෙන ගනුදෙනුවකදී දූෂිත පොලිස් භටයන් දෙන්නෙක් මරා දමනවා. මොවුන් ඝාතනය කළ තුවක්කුව ඉවත් කරන්න, එහෙම නැත්නම් විසි කරලා දාන්න පැවරෙන්නේ ජෝ ගසෙල් ටයි. මොකද ඒ තුවක්කුව පොලිසියෙන් හොයාගත්තොත් මුලු කල්ලියම විනාශයි. ඒ වුනාට ජෝ ඒක විසි කරන්නේ නැතුව තමන්ගේ නිවසේ පහල මාලයේ මේ තුවක්කුව හංගනවා. මේ තුවක්කුව Snub-nose Revolver එකක්. Snub-nose Revolver එකක් කියන්නේ කෙටි බැරලයක් සහිත රිවෝල්වරයක්. ඒ වෙලාවේ සෙල්ලම් කරමින් ඉන්න ජෝ ගේ පොඩි එකා නිකී සහ අල්ලපු ගෙදර රුසියානු පවුලේ පොඩි එකා වන ඔලෙග් දෙන්නත් මේ සිද්ධිය දකිනවා. එදා හවස් වෙලාවෙදි අල්ලපු ගෙදර ඉන්න රුසියානු පවුල ජීවත් වෙන නිවස පැත්තෙන් සද්දයක් එනවා. නිකම් සද්දයක් නෙමෙයි වෙඩි සද්දයක්. එක උණ්ඩයක් ඒ වෙලාවේ කෑම කමින් ඉන්න ජෝ පවුලේ කෑම මේසය මැදින් ගිහින් බිත්තියේ වදිනවා. තමන්ට වෙඩි තියනවා කියලා හිතන ජෝ අල්ලපු ගෙදර පැත්තට දුවගෙන යනවා. ඒ ගෙදර ලොක්කා තමයි ඇන්සර් යුගෝර්ස්කි. රුසියානු පාතාලයයි ඇමෙරිකානු පාතාලයයි අතර තියෙන්නේ වෛරයක්. නමුත් මේ වෙද්දී කවුරු හරි මේ ඇන්සර් යුගෝර්ස්කිට වෙඩි තියලා. ඇන්සර් කියනවා වෙඩි තිබ්බේ තමන්ගේ බිරිඳගේ කලින් කසාදේ පොඩි එකා ඔලෙග් විසින් කියලා. ඒ කියන්නේ ඔලෙග් තමන්ගේ සුලු පියාට වෙඩි තියලා. ඇන්සර් කියනවා “ඌ ගාව තිබ්බේ ස්නබ් නෝස් එකක්” කියලා. බිත්තියේ වැදු උණ්ඩයක් පරීක්ෂා කරලා බලද්දී ජෝ තේරුම් ගන්නවා ඔලෙග් වෙඩි තියන්න පාවිච්චි කරලා තියෙන්නේ තමන් දැන් ටිකකට කලින් අරන් ඇවිත් පහල මාලයේ හංගපු රිවෝල්වරය කියලා. මොකද ජෝ හැංගුවෙත් Snub-nose Revolver එකක්. වෙඩි තිබ්බ ඔලෙග් තුවක්කුවත් අරන් ගෙදරින් පැනලා ගිහින්. මේ වික්‍රමාන්විත තුවක්කුව අරගත්තු ඔලෙග්ව හොයාගෙන ජෝ පාතාල ලෝකය හතර වටේ කරක් ගහනවා. මොකද ජෝ ගසෙල් ගාව තිබුන තුවක්කුවකින් තමයි ඇන්සර් යුගෝර්ස්කිට වෙඩි තියලා තියෙන්නේ. ඒ තුවක්කුව තමන් අතට ආයෙත් අරගත්තේ නැත්නම් හැමෝගෙම තුවක්කු බට එල්ල වෙන්නේ තමන් පැත්තට කියලා ජෝ දන්නවා. ඒ අතරෙදි පරීක්ෂක රයිඩල් කියන දූෂිත පොලිස් නිලධාරියාත් ජෝ යන පාරට ඉව අල්ලගෙන පස්සෙන් එනවා. ඊටත් වඩා හොඳම දේ තමයි තමන්ගේ බෑනා වෙච්ච ඇන්සර් යුගෝර්ස්කි ට වෙඩි තියපු එකා කවුද කියලා හොයාගෙන අයිවන් යුගෝර්ස්කි, රුසියානු පාතාලයේ ලොක්කෙක් ජෝ පස්සෙන් එනවා. තුවක්කුව හමුවෙයිද? ජෝ ගසෙල් බේරෙයිද? අන්තිමට වෙන්නේ හිතන්නෙම නැති දෙයක්. කීයටවත් අනුමාන කරන්න නම් බැරි දෙයක්.

මේක සුපිරිම සුපිරි චිත්‍රපටයක් කීවොත් නිවැරදියි. විශිෂ්ඨතම රංගධරයෙක් රඟපාන අතිවිශිෂ්ඨතම සලරුවක්. The Fast and the Furious චිත්‍රපට මාලාව, Into the Blue (2005), Eight Below (2006), Takers (2010), Flags of our Fathers (2006), Hours (2013), The Lazarus Project (2008), Brick Mansions (2014) වගේ චිත්‍රපටවල රඟපාන Paul Walker වගේම The Conjuring (2013), The Conjuring-2 (2016) වගේ චිත්‍රපටවල රඟපාන Vera Farmiga තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. 2006 මාර්තු 16 දින තිරගත වුන පැය 2 කට වැඩි ධාවන කාලයක් තියෙන Running Scared (2006) IMDB හි 7.4 ක ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට සමත්වෙලා තියෙනවා. හිතා ගන්න පුලුවන්නේ 7.4 ක IMDB අගයක් ලැබුන්න කොහොම සලරුවක් වෙන්න ඕනද කියලා. 18+ කට්ටිය බලනවා නම් හොඳයි. මම දන්නවා එහෙම කියපුවාම කොහොමත් දහඅටට වැඩි කට්ටිය විතරමයි මේක බ්‍ලන්නේ කියලා. මොකද තැන් එකක දෙකක විතර අසභ්‍ය දර්ශන තියෙනවා. ඒ වගේම ගොඩක් තැන්වල් තිබුනු අසභ්‍ය භාෂා ව්‍යවහාරය ඒ ආකාරයෙන්ම පරිවර්තනය නොකර පුලුවන් තරම් සුමට කරලා තියෙනවා කතා රසයට හානියක් නොවෙන විදිහට. ඉතින් බාගෙන බලන්න කියලා ආරාධනා කරනවා. ජය!

Running Scared (2006) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

4,622 downloadsDownload Running-Scared-2006.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,622 downloadsDownload Subtitles50 KB

17 comments

  1. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  2. asitha

    RIP
    Paul Walker
    elama saho thanks

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. Dulanga

    Thanks

  5. Palitha de Silva

    බොහොම ස්තූතියි ....

  6. kumara

    බොහොම ස්තූතියි සහෝ සබට. මේ වගේ සුපිරි පිලුමක් නොබලන දෑස කුමට? ගොඩාක් පිං.

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  8. Rajitha

    Thanks machan......jayawewa......!

  9. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Buddi

    Thanks.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  13. Nidi

    ගොඩක් ස්තුතියි දමිත්!
    ආසාවෙන් බැලුවා.

  14. chinthaka_priyadrshana

    Thank u very much bro.......

  15. Shaggy

    Thank you very much

  16. Wayantha Sandaruwan

    godak sthuthiy saho sab ekata jaya wewa!!!

  17. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.