කොහොමද යාළුවනේ? 😘 ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා. මුලින් ම කියන්න ඕන මේක මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති!💔 මේ කතාව Paw Patrol: The Movie (2021). IMDb 6.4/10 සහ Rotten Tomatoes 84% ක අගයක් අරන් තියන මේ චිත්‍රපටිය ළමා කතා මාලාවක් වෙන Paw Patrol Animation සීරීස් එකේ ඉන්න…

කොහොමද යාළුවනේ? 😘 ලස්සන ඇනිමේෂන් චිත්‍රපටියක් අරන් ආවා.
මුලින් ම කියන්න ඕන මේක මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති!💔 මේ කතාව Paw Patrol: The Movie (2021). IMDb 6.4/10 සහ Rotten Tomatoes 84% ක අගයක් අරන් තියන මේ චිත්‍රපටිය ළමා කතා මාලාවක් වෙන Paw Patrol Animation සීරීස් එකේ ඉන්න චරිත වලින් සමන්විතයි. 2013 දි ආරම්බ කරන ලද මෙම චිත්‍රපටියට පාදක වුන කතාමාලාව Nickelodeon හි නිශ්පාදනයක්.
කතාව ගැන කිවුවොත්, මේක ඇනිමේෂන් සීරීස් එකක් පාදක කරගෙන ළමා මනසට අදාළව හදපු එකක් නිසාදෝ කොහෙද මේකෙ දෙබස් එහෙම, සීරීස් එකේ දෙබස් රටාවට තමා හදල තියෙන්නෙ. ඒ නිසා කාටුන් එකේ එක එපියක්වත් බලල තියෙනම් ටිකක් අමතර අවබෝදෙකින් බලන්න පුලුවන්. (ඒ නැත්තත්, අවුලක් නැතුව තේරෙනව. මොකද මමත් කාටුන් සීරීස් එක බලල නෙමේ බැලුවෙ🙂).
“ඇඩ්ව්ව්න්චර් සිටි” කියන නගරයක් පාදක කරගෙන තමයි කතාව ගොඩනැගිල තියෙන්නෙ. “පෝව් පෙට්‍රල්”ල කියන්නෙ ජීවිතාරක්ෂක කණ්ඩායමක්. මේකෙ විශේෂත්වෙ, මේ කණ්ඩායමේ ඉන්නෙ කුක්කො!🐕 එයාලගෙ නායකය තමයි, චේස්! මෙයාල මුලින් තමන්ගෙ වැඩ කරන්නෙ “ඇඩ්වෙන්චර් බේ” කියන නගරෙ. ලිබ(ර්)ටි කියන “ඇඩ්වෙන්චර් සිටි” නගරෙ කික්කියක් එයාලගෙ නගරෙ බේරගන්න කතාකරනව, ඒ අලුත පත්වුණ නගරාධිපතිගෙන්. එයා කරන නපුරු වැඩ නිසා මුහුණ දෙන අකරතැබ්බ නවත්තන එක තමා කතාව පුරාවටම තියෙන්නෙ. ඒ අතරෙ කණ්ඩායම් නායක චේස්ගෙ අතීතයත් එක්ක සම්බන්ද අමිහිරි මතක ගැනත් පෙන්නනව. මේ සියල්ල අවසානයෙ පෝව් පැට්‍රල්ල නගරෙ නගරාධිපතිගෙන් බේරගන්නව!
ඔක්කොම කිවුවොත් බලන්න දෙයක් නෑ.. ඒ නිසා මෙතනින් නවතිනව. සබේ අඩුපාඩු තියෙනම් කමෙන්ට් කරන්න.
එහෙනම් ඔබට ජය! ❤️

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,869 downloadsDownload PAW.Patrol.The_.Movie_.2021-2.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජේ.එල්.ග්‍රේෂාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ග්‍රේෂාන් චතුරංග (GREZ)
Subtitles
13 comments
Kantha_DLA
Anonymous
Sun ekata thanks!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
tharidu16
THANKS MACHI
indika75
thanks..
D.Chamara
bohoma sthuthi
Nilush Angana
Sub ekata thanx
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sandaka
full movie eka dennako
D-Max
Thank You Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!