මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙහි දැක්වෙන්නේ විශාල ගොවිපොළක ජීවත් වන සහෝදරයන් හත් දෙනෙකුගේ කතාවයි. ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයා වන රවීගේ නායකත්වය යටතේ හ…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැත්තෑ තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.2 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයකි. මෙහි දැක්වෙන්නේ විශාල ගොවිපොළක ජීවත් වන සහෝදරයන් හත් දෙනෙකුගේ කතාවයි. ඔවුන්ගේ වැඩිමහල් සහෝදරයා වන රවීගේ නායකත්වය යටතේ හැදී වැඩෙන සහෝදරයන්ගේ ජීවිත එකාකාරීවේ. නූගත්, සහෝදරයන් හත්දෙනාම නවීන නොවන සමාජ ආචාර ධර්ම සහිතව, සතුන් අතර ගොවිපලක ජීවත් වේ. මේ අතර රවී, ඉන්දු නම් හෙදියක් සමඟ ආදරයෙන් බැඳීම සිදුවේ. මේ අනුව ඉන්දු අවසානයේදී ඔහු සමඟ විවාහ වෙයි. රවීගේ සහෝදරයන් හය දෙනා මේ කාන්තාව සමඟ ඔවුන්ගේ ජීවිතයේ හැඩගැසීම ඉගෙන ගනී. වැඩි කල් යන්නට මත්තෙන්, ඔවුන් සියල්ලෝම කාන්තාවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ආදරයෙන් බැඳෙති. මේ අතර රවීගේම හැඩරුව සහිත රන්ජිත් නම් පුද්ගලයෙක් රවීව සිරගත කරයි. එසේ කිරීමෙන් පසුව ඔහු රවී මෙන් පෙනී සිටිමින් සහෝදරයන් හයදෙනා අතරට යයි. මෙතැන් සිට ප්‍රශ්න රාශියක් පැන නගියි. අමිතාබ් භච්චන් සහ සීනත් අම්මාන් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. සුවිශේෂ හින්දි ගීත කීපයක්ම ඇත. මේ කතාව ඇසුරින් “පෙරළිකාරයෝ” නම් සිංහල සිනමාපටයද නිර්මාණය විය.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා”. යන පැරණි හින්දි චිත්‍රපට එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වුවත් මෙම සිනමාපට පසුගිය කාලයේ රුපවාහිනී නාලිකාවක හෝ ඩීවීඩී තැටියක් ලෙස හෝ ඇහැට දකින්නටවත් නොතිබුණි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ සිනමාපට වන අතර, මෙම ජනප්‍රිය පැරණි හින්දි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Satte Pe Satta – Blockbuster Bollywood Hindi HD Film| Amitabh Bachchan, Hema Malini යනුවෙන් යූ ටියුබ් හි සර්ච් කළ විට ලැබෙන, හින්දියෙන් නාමය සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්තුනයි, තත්පර තිස්එකක ධාවන කාලයක් සහිත HD නාමය රූපය මත සලකුනුවී ඇති වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට කමෙන්ට් එකකින් දන්වන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත Youtube හෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

846 downloadsDownload Satte-Pe-Satta-1982.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

846 downloadsDownload Subtitles44 KB

17 comments

  1. kavinda gamage

    බොහොම ස්තුතියි ගොඩාක් වටිනා වැඩක්

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Anonymous

    Old is gold! Thanks!

  5. D P Gamage

    පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් මේ කරන සේවය ඉතාමත් අගය කරමි!

  6. W T Ajith

    Thanks for your subtitle, I suggest Chaudhvin Ka Chand Old Hindi film.

  7. Anonymous

    Lamhe (1991) Sub Dennko

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  9. දහරා මුතු අමා

    මේක නම් කලින් බලලා නැහැ. බොහොම ස්තූත්යි උපසිරැසියට.

  10. Chaminda Lakruwan

    ගොඩක් ස්තූති සබ් එකට
    පෙරලිකාරයෝ සිංහල ෆිල්ම් එක බලලා තියෙනවා
    දැන් හින්දි ෆිල්ම් එකක් බලනවා

  11. indika75

    thanks..

  12. Deegayu Abeysekera

    thanks mr priyantha

  13. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  15. කවිඳු ජයවර්ධන

    මේ දවස්වල අපි රීමේක් කිය කිය කෑ ගෑහුවට ඒ කාලෙත් ගෙඩි පිටින් කොප්ප තමා ගහලා තියෙන්නෙ.
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.