Watch Trailer

Pay the Ghost (2015) with Sinhala Subtitle|අද්භූත හැලෝවීන් රාත්‍රිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ඉතින් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය මට හොයලා දීපු සමීර අයියට ස්තුතිවන්න වෙනවා. මේකත් ගොඩක් අය ඉල්ලපු ජනප්‍රිය චිත්‍රපටයක්. හැබැයි ඉතින් මේක විස්තර කිරීම පොඩ්ඩක් අමාරුයි. නමුත් පුළුවන් විදිහට ලිපියක් දුන්නා. මොකද කතාව සංකීර්ණයි. 2015 සැප්තැම්බර් මස 25 දින නිකුත් වූ මෙම…

Pay the Ghost 2015

ඔන්න එහෙනම් ඉතින් තවත් සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. මේ චිත්‍රපටය මට හොයලා දීපු සමීර අයියට ස්තුතිවන්න වෙනවා. මේකත් ගොඩක් අය ඉල්ලපු ජනප්‍රිය චිත්‍රපටයක්. හැබැයි ඉතින් මේක විස්තර කිරීම පොඩ්ඩක් අමාරුයි. නමුත් පුළුවන් විදිහට ලිපියක් දුන්නා. මොකද කතාව සංකීර්ණයි.

2015 සැප්තැම්බර් මස 25 දින නිකුත් වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Uli Edel විසින්ය. මේ චිත්‍රපටයේ කට්ටිය ගොඩක් ආදරය කරන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එක්කෙනෙක් තමයි Ghost Rider, Dying of the Light වැනි නොයෙකුත් චිත්‍රපට වලට දායක වූ Nicolas Cage. ඒවගේම කියන්න ඕනේ අනෙක් කෙනා. The Walking Dead, Prison Break කතාමලාවන් දෙකට දායක වූ  Sarah Wayne Callies ප්‍රධාන නිලියට පණ පොවනවා. IMDb වල 5.7/10 වැනි මධ්‍යම අගයක් ලබාගැනීමට හැකියාව මෙම චිත්‍රපටයට හැකි වී තිබෙනවා. Horror, Thriller කියන ගනයට ඇතුළත් මෙම චිත්‍රපටය විනාඩි 94 පුරාවටම ධාවනය වෙනවා. IMDb අගය ගැන හිතන්න එපා. හොල්මන් චිත්‍රපට වළට කැමති අයට මේක කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්.

ඇනි ස්වාකින් කියන්නේ පළමු නිව් යෝර්ක් ජනාවාසයේ ජිවත් වුන වගේම ළමයි තුන්දෙනෙක් යුත්  වගේම තරුණ වැන්දඹුවක්. 1679 හැලෝවීන් දවසේ කෝපයෙන් පෙළුණු අසංවර කල්ලියක් ඇයගේ ගෙට කඩාගෙන වදිනවා. ඇය තමන්ගේ ලමයි ටික යට තියෙන බිම් මහලක සගවනවා. ඒ කල්ලිය එන්නේ ඇනී වගේම ළමයි තුන්දෙනා මරන්න. මේකට හේතුව තමයි, ඉන්ෆ්ලුවෙන්සා ආසාදනයක් නිව් යෝර්ක්හි පැතිරිලා ගොඩක් මිනිස්සු විනාශයට පත් වෙනවා. ඒවගේම ගොඩක් අය ඇයගේ පවුලට චෝදනා කලා මේ නිසා. මොකද කෙල්ටික් ගැන තිබු විශ්වාසය නිසා. මේ ආපු කල්ලියටත් ඉන්ෆ්ලුවෙන්සා නිසා වේදනාවෙන් ඉන්න පිරිසක්. කොහොම හරි ළමයි තුන්දෙනාව මේ මිනිස්සු හොයාගෙන කණු තුනක ගැට ගහලා පුච්චලා . ඒවගේම මේ වෙන දේ ඇනීට බලන්න කියලා බල කරනවා. ළමයි තුන්දෙනා මැරෙනවා. ඇනීගේ අවසන් හුස්ම් හෙලනවත් එකක්ම ඇය දිවුරුවා “හැම අවුරුද්දක්ම ඒ දවසට, ඇයගේ ළමයි තුන්දෙනා වෙනුවෙන් ළමයි තුන්දෙනෙක් අරගෙන ගිහින් ඝාතනය කරන බවට”  ඔන්න මේක තමයි යටගිය කතාව. හැබැයි කතාව  මේක නෙවෙයි.

මයික් කියන්නේ පාසලක වැඩ සේවය කරන කෙනෙක්. නමුත් ඔහුට උසස් වීමක් ලැබෙනවා මහාචාර්යවරයෙක් විදිහට. ඔහුගේ පුතා චාලි ගෙදරට වෙලා බලාගෙන ඉදලා අම්මා එක්ක යනවා හැලෝවීන් අසිරිය බලන්න. නමුත් සැණකෙළියට නම් යන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රිස්ටීන් හා චාලි ගෙදර එද්දී මයික් ලෑස්ති වෙලා හැලෝවීන් එකට යන්න සුදුසු ඇදුමක් ඇදගෙනම. තාත්තයි පුතයි යනවා හැලෝවීන් සැණකෙළියට. මෙතැනදී චාලි දකිනවා ඔහු ගෙදරදී දැකපු චාගේ අවතාරයක්. ඔහුට අයිස්ක්‍රීම් අරන් දෙන්න ගිහින් ඉන්නකොට, චාලි ඔහුගේ පියාගෙන් අහනවා “ අපිට පුලුවන්ද අවතාර වළට ගෙවන්න කියලා” එහෙ බලලා මෙහෙ බලනකොට චාලි නැහැ. ඔහු අවතාරයක් පැහැරගෙන ගිහින්. පොල්සියට කියනවා නමුත් වැඩක් වෙන්නේ නැහැ. පවුල් ප්‍රශ්න පවා ඇති වෙනවා. අවුරුද්දක් ගත වෙලත් කිසිම හෝඩුවාවක් නැහැ චාලි ගැන. අවුරුද්දක් ගත වුනාට පස්සේ මයික්ට වගේම ක්‍රිස්ටීන්ට හරිම අමුතු අත්දැකීම් වළට මුහුණ දෙන්න සිද්දවෙනවා. තනිකරම අද්භූත අද්දැකීම්. ඒවා මොන වගේ වෙයිද? චාලි මැරිලා නැද්ද? කවුද එතකොට චාලිව පැහැරගෙන ගියේ?  චාලි ජිවතුන් අතරනම් ඔහුව බෙරගන්න පුළුවන් වේවිද? මං හිතන්නේ ඔයාලා මෙලහකටත් මේ ප්‍රශ්න වලට උත්තර ටික දන්නවා ඇති.  මේ චිත්‍රපටය බලලම රස විදින්න කියලා මං අරාධනා කරනවා.

අර කුඩා අයර්ලන්ත කණ්ඩායම් එකතු වෙලා හැලෝවීන් සමරන තැනට මයික් හා ක්‍රිස්ටීන් ගියාම සලකුණ ගැන කියනවා නේද? අඩසද වල් දෙකක් ගැන කියන්නේ තේරුම් දෙකක් එක්ක. එකක් කන්‍යාව, අනෙක මැහැල්ල කියන එකෙන්. අඩසද විස්තර කිරම චිත්‍රපටයේ පැහැදිලි නැත්තම් මේ පින්තුරය උදව් කරගන්න. මේ පින්තුරයේ තියෙන waxing moon [පුරපක්ෂයේ සද]  හා waning moon [අවපක්ෂයේ සද].

මට මේ චිත්‍රපටය කලින් දෙන්න තිබුනා Ballers එකේ කොටස කලේ නැත්තම්. ඒවගේම මේක කරපු නිසා Fear The Walking Dead එකේ කොටස කරලා දෙන්නත් බැරි වුණා. පුළුවන් තරම් ඉක්මණින් ඒ සමගාමී කොටස ලබා දෙන්නම්. මං එහෙනම් අදට සමු ගන්නවා. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය…!!

Pay the Ghost (2015) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

0495EF034B5B1374A2DEA4513372A5A18F022848

1.43 GB (HD) කොපිය මෙතනින් බාගන්න

7283500D574CA879E55DF420BDA007DD48F16AD7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,137 downloadsDownload Pay.the_.Ghost_.2015-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමර සම්පත්

Subtitles

6,137 downloadsDownload Subtitles315 B

27 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි උපසිරසියට ..
    තවත් චිත්‍රපටයකින් හමුවෙමු...

  2. Sanj

    Thanks

  3. Tharanaga

    Ela Saho

  4. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Dulitha Chiran

    thanks chamaaaaa

  6. Oshan

    Cyamara aiya loku gemak ne gahanne balls tak tak fala denawa. Fear walking dead thamai api godakma kamathi .obata jaya. Buscope sampath oyala

  7. HD Brothers DJ

    thanks

  8. Jack

    පට්ටයි මචෝ...
    එකෙන්ම බෑමක් තමා.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  9. lk

    patta pattaaaa

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  11. නලින්

    ස්තුතියි චාමර සහෝ!

    ජය වේවා!

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Naveen

    hank you machn

  14. kavinda

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  15. sandeepa

    thanks macho

  16. Sajith Anthony

    බොහොම ස්තුතියි උපසිරසියට..
    ජයවේවා...!!

  17. daminda

    thanx machan sub ekata

  18. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  19. irash

    release wennath kalinma film eka... :D #September 25 :D

  20. chathuranga

    සුපිරි පහරක් නේ........
    එළ... එළ.....
    ඔහොම යං...............

  21. Isuru

    thnxx....

  22. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anymouse

    Thanks Bro

  24. dhew

    thanks saho :)

  25. chamini

    thanks lassana kathaawak

  26. Sohan jayasooriya

    Ada mtchn beluwe.. Suppa film eka aa.. Thnx for sub

  27. Nishanfernando

    Thanx bro