Watch Trailer

Fluke (1995) with Sinhala Subtitle | ~ ෆ්ලූක් ~ [සිංහල උපසිරසි සමඟ]

ආ… මේක කොහොම ලියන්න පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. කවදාවත් ආයේ බලන්නේ නෑ කියලා හිතාගෙන හිටපු සිනමා පටයකට තමා මේ සබ් එක ගේන්න. කොටින්ම කිවුවොත් මේ ලියන මොහොතෙත් මම හොඳටම දුකෙන් ඉන්නෙ :/ . මම දන්නෙ නෑ ඒ මේ සිනමාපටයේ තියෙන දක්ෂතාවයද, නැත්නම් මගේ තියෙන දුර්වලතාවයද කියලා. කොහොම නමුත් අද මම කට්ටියව අඬවන්න…

Fluke 1995-1

ආ… මේක කොහොම ලියන්න පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. කවදාවත් ආයේ බලන්නේ නෑ කියලා හිතාගෙන හිටපු සිනමා පටයකට තමා මේ සබ් එක ගේන්න. කොටින්ම කිවුවොත් මේ ලියන මොහොතෙත් මම හොඳටම දුකෙන් ඉන්නෙ :/ . මම දන්නෙ නෑ ඒ මේ සිනමාපටයේ තියෙන දක්ෂතාවයද, නැත්නම් මගේ තියෙන දුර්වලතාවයද කියලා. කොහොම නමුත් අද මම කට්ටියව අඬවන්නයි යන්නෙ. කට්ටිය බලලා ඇතිනේ හචි කියන කතාව. අර හැමදාම තමන්ගේ ස්වාමියා එනකම් දුම්රියපළට වෙලා බලාගෙන ඉන්න බල්ලා ගැන කතාව. ඉතින් ඒක බලලා කට්ටිය කඳුළු බාල්දි ගණන් එකතු කරන්න ඇතිනේ… මාත් එහෙම තමා. :/ සබ් එක ගෙනල්ලා විමා අපිට ඒකට සප් එක දුන්නා කියලත් කට්ටියට මතක ඇතිනේ. හචී තාම ජීවිතේටම මම බැලුවේ දෙපාරයි. ආයේ බලන්නෙත් නෑ කියලා හිතාගෙන තමා ඉන්නෙ. ඒ තරමට දුකයි. :'( ඉතින් මේ කථාවත් ඒ හා සමානම කතාවක් තමා. නමින් FLuke (ෆ්ලූක්). මම නම් මේ කතාව බැලුවේ මුලින්ම සිරසේ සිංහලෙන් හඬ කවලා ගිය දවසේ. එදා මම කොච්චර ඇඬුවද කියන එක මට අද වගේ මතකයි. දවසම ඇඳේ තමා හිටියේ එදා. මම වගේ සංවේදී අය ඉන්නවා නම් කලින්ම කියන්නෙ හොඳටම අඬන්න ලෑස්ති වෙන්න. :/

ෆ්ලූක් කියන්නෙ දුඹුරු පාට ලොම් තියෙන බල්ලෙක්. හැබැයි මෙයා ඊට කලින් ආත්මේ මනුස්සයෙක්. මෝටර් රථ අනතුරක් නිසා මියයන Thomas P. Johnson කියන ව්‍යාපාරිකයා තමයි මෙහෙම ෆ්ලූක් කියන බල්ලා වෙලා ඉපදෙන්නෙ. ඉතින් මේ ෆ්ලූක් ඉපදෙන්නෙ පාර අයිනේ ජීවත් වෙන ලස්සන බලු අම්මා කෙනෙක් ගාව. එතන තව පැටව් තුන්දෙනෙක්ම ඉන්නවා. ඉතින් මෙයාලා ඔහොම ජීවත් වෙන අතර තුරේ සත්ත්ව පාලන ඒකකයෙන් ඇවිල්ලා මේ බලු අම්මවයි පැටව් ටිකයි අරගෙන යනවා. පස්සෙ අනිත් පැටව් තුන්දෙනාව හදාගන්න කට්ටිය රැගෙන ගියාට මෙයාව කවුරුවත් අරගෙන යන්නෙ නෑ. ඉතින් මෙයා කරන්නෙ බුරන එකමයි. පස්සෙ මෙයාව මරන්න තීරණය කරනවා ඒ සත්ත්ව පාලන ඒකකයෙන්. ඉතින් මෙයාව මරන්න ගෙනියන්න හදද්දි මෙයා එතනින් පැනගන්නවා. එයාගෙ අම්මා තාමත් ඇතුළේ. ඒත් එයාට අම්මව බේරගන්න විදිහක් නෑ. ඒ නිසා තනියම පැනලා යනවා. ඊට පස්සෙ මෙයාට හුඟක් දුෂ්කර ජීවිතයක් තමා ගෙවන්න වෙන්නෙ. දැන් අම්මත් නෑ. අම්මා නැති කෙනෙක්ට කාගේ පිහිටක්ද??? මෙයා එහෙම හිටියට මෙයාට එකපාරටම සමහර වෙලාවට හීන පේනවා. පස්සෙ පස්සෙ ලොකු වෙනකොට මෙයාට තේරෙනවා ඒ එයාට පේන්නෙ එයාගෙ ගිය ආත්මේ වෙච්ච සිදුවීම් කියලා. ගිය ආත්මේ එයා කවුද, එයාගෙ බිරිඳ කවුද, දරුවෝ කවුද, එයා මැරුණ විදිහ. මේ හැම එකක්ම එයාට හීනෙන් පේනවා. ජීවිතේ ඔහොම ගෙවෙද්දී මෙයාට හම්බෙනවා යාළුවෙක්ම රම්බෝ කියලා. එයත් බල්ලෙක්ම තමා. ඉතින් මෙයා මෙයාට පේන හීන ගැන එයාට කියනවා. ඒත් රම්බෝ කියන්නෙ ඕවා විකාර. ඔයා කවදාවත් මිනිහෙක් වෙලා ඉඳලා නෑ. ඔයා හැමදාම බල්ලෙක් විදිහටයි හිටියේ කියලා. නමුත් රම්බොත් හංගගෙන ඉන්න රහසක් තියෙනවා. කොහොම නමුත් අපි ජීවිතේදී කොච්ච‍ර ප්‍රබල බැඳීම් ඇතිකර ගත්තත් දවසක් එනවා ඒ සියලු බැඳීම් වලට නැවතීමේ තිත තියන්න. අන්න ඒ වගේම මේ රම්බොගේ සහ ෆ්ලූක්ගේ යාළුකමටත් තිත තියන්න වෙනවා. ඒ කියන්නෙ රම්බෝ මැරෙනවා. ඔය බල්ලෝ මැරෙනවා බලන්න බැරි අය මෙතනදී අඬන්න ලෑස්ති වෙන්න. :/ ඉතින් ඔන්න ඔතන ඉඳන් තමයි පරිණත ෆ්ලූක් තමන්ගේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට සමුදීලා තමන්ගෙ කලින් ආත්මේ ගැන හොයන්න පටන් ගන්නෙ. මම මෙතනින් එහාට කතාව නොකියා ඉන්නම්. ආ… අනික. මේකෙ පසුබිම් සංගීතය නම් කියලා වැඩක් නෑ. ඔයාලට තේරෙයි ඒ පසුබිම් සංගීතයෙන් ඔයාලගෙ හිතේ කොච්චර ගැඹුරකට මේ සිනමාපටය ගෙනියනවද කියලා.

මම ඔයාලගෙ හදවතට මේ කතාව සමීප කරන්න පුළුවන් උපරිමෙන් සබ් එක කළා. අඩුපාඩු තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලත් ඉල්ලනවා. කතාව කිවුවට අනිත් විස්තර කිවුවේ නෑනේ. ෆිලුම නම් පරණයි. 1995 අවුරුද්දෙ තමයි නිකුත් වෙන්නෙ. IMDb අගය 6.7ක්. කථාවේ නළු නිළියන් ගැන කියනවා නම් මෙහෙමයි. Thomas P. Johnson, එහෙමත් නැත්නම් ටොම් විදිහට Matthew Modine ද, ටොම්ගේ බිරිඳ, ඒ කියන්නෙ ෆ්ලූක්ගේ කලින් ආත්මේ බිරිඳ වවෙන Carol Johnson විදිහට Nancy Travis ද, ටොම්ගේ පුතා වෙන Brian Johnson විදිහට Max Pomeranc ද, ටොම්ගේ යාළුවා වෙන Jeff Newman විදිහට Eric Stoltz ද තම සජීවී රංගන දායකත්වය සපයනවා. පුංචි ෆ්ලූක් විදිහට කටහඬ දායකත්වය Sam Gifaldi විසින්ද, වැඩිමල් ෆ්ලූක් විදිහට තම හඬ දායකත්වය Matthew Modine විසින්ද ලබා දෙනවා. රම්බෝ විදිහට තම හඬ දායකත්වය සපයන්නෙ නික් ෆියුරි විදිහට අපි හැමෝම අඳුනන Samuel L. Jackson තමා.

මේ සිනමාපටයෙන් ජීවිතයට ගන්න නම් හුඟක් දේවල් තියෙනවා. ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ විදිහට බල්ලෙක්ට තමන්ගේ ගිය ආත්මේ දේවල් මතක තියෙන්න පුළුවන්ද කියලා. හැබැයි අපිට එහෙම හිතන්න පුළුවන්ද කියලත් පොඩ්ඩක් හිතන්න ඕනා. මොකද මේ පරිසරයේ, මේ විශ්වයේ අපිට පැහැදිලි කරන්න බැරි දේවල්, බැරි වුණ දේවල් හුඟක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියන එක ඔහේ නිකන් බැහැර කරන්න පුළුවන් කමකුත් නෑ. අපි දන්නවනේ මේ ලෝකෙ ඔය වගේ ගිය ආත්මේ ගැන කියවන මිනිස්සු ඉන්නවා කියලා. මේ බලල සම්බන්ධයෙනුත් ඉතින් ඒ වගේ කියලා සලකන්න පුළුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට වගේ තේරෙන්නෙ බල්ලට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කමත් නැති එක විතරයි. ඉතින් එහෙම බලද්දී අපි පාරේදී ගලකින් ගහන බල්ලා හෝ පූසා බොහෝ දුරට කලින් ආතමයේදී අපේ ළඟින් ඉඳලා අපි අතරින් වෙන් වෙච්ච අපේ ඥාතියෙක් වෙන්න බැරිකමකුත් නෑ නේද… ඒ නිසා මේ කතාව බැලුවට පස්සෙ සතෙකුට හිංසා කරන්න කලින් පොඩ්ඩක් හිතලා බැලුවොතින් හොඳයි නේද??? 🙂 ඒ වගේම මේකෙන් තාත්තා කෙනෙකුගේ ආදරේ ගැන හොඳින්ම කියවෙනවා. ෆ්ලූක් කියන්නෙ බල්ලෙක් වුණත් එයා තමන්ගේ ගිය ආත්මේ පුතාට තමන්ගේ පණ වගේ ආදරෙයි. ඕනම තාත්තා කෙනෙක් එහෙමයි. මොනා උණත් තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරෙයි. මොන ලෝකෙ හිටියත් පුළුවන් කම තියෙනවා නම් තමන්ගේ තාත්තා තමන්ගේ දරුවන්ට පණ වගේ ආදරේ කරනවා. මේ සිනමාපටයෙන් ගන්න තියෙන වැදගත්ම දේ තමයි තමන්ගේ ජීවිතය හරිම කෙටියි. කොයි වෙලේ මොන විදිහට නැතිවෙලා යනවාද කියන්න බෑ. ඒ නිසා ජීවිතය විඳින්න තියෙන කාලෙ ජීවිතය විඳින්න ඕනා. ටොම්ට ඒක තේරෙන්නෙ එයා බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සෙ. ඒ නිසා ජීවිතය තියෙන කාලෙදි ඒක විඳින්න. ඒ ජීවිතය ආදරණීයයන් එක්ක ගත කරන්න. ඔයාලට ඒ දේවල් නිදහසේ කරන්න ලැබෙන්නේ මේ මිනිස් ජීවිතේදී විතරයි… 🙂 එහෙනම් තවත් බයිස්කෝප් එකකින් ඔයාලව මුණගැහෙනකම් හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

… මම දැනගෙන හිටියේ නෑ කොහොමද මහුස්සයෙක් විදිහට ජීවත් වෙන්නෙ කියලා.
ඒ වගේම මම දැනගෙන හිටියෙ නෑ කොහොමද බල්ලෙක් විදිහටත් ජීවත් වෙන්නෙ කියලා.
දැන් මම දන්නවා ජීවිතය කියන්නෙ හැම ස්වරූපයකදීම ආදරයෙන්
රැකබලා ගන්න ඕන දෙයක් කියලා…

Fluke (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Download Fluke 1995 iNTERNAL DVDRip XViD-MULTiPLY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,352 downloadsDownload Fluke_1995_baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

1,352 downloadsDownload Subtitles315 B

23 comments

  1. kumar - Doha

    thank you

  2. දීප්ත තුෂාර

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. ඇත්තටම මේක හොද නිර්මාණයක්.

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. නලින්

    අනිවා සමන් ම‍ලේ. හචී කතාව බලලා නම් මාරම අවුලෙන් හිටියේ. මතක් වෙද්දිත් ඇඩේනවා! සිරාවටම.

    මෙකත් ඔය එදා සිරසේ ගිය වෙලේ මාත් බැලුවා! සිරාම කථාව.

    ආයේ සබ් එකත් කරලා ගෙනාවට ස්තුතයි!

    ජය වේවා!

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

  6. Kulanjana Maduranga

    niayamai….thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. thisal

    සුපිරි බන් මෙවා තම ඔනි තැන්ක්ස්

  8. Jack

    පට්ටයි මචන්....
    බොහෝම ස්තුතියි මචන් මේ වගේ නිර්මාණ අරන් එනවට..
    ජය..

  9. Sammani

    Superb Saman . Oya ai Fluke balanne qwta sub karalath iwaraine. Oya tikaka sensitive thama eka apitath hithata danennama sub karala thiyenawa wage. Wish U all the best and keep it up. Excellent.

  10. kavinda

    thank you

  11. tharaka

    superb mch...thnk u vey much...

  12. Dayan

    lassana kathawak bro,tnx sub ekata

  13. Yasmika

    පට්ට කතාව මචෝ. සිරසෙන් නම් මේක නියමෙටම දීලා තිබුණා. වෙලාවක් තිබුණු වෙලාවක බලමුකෝ ඈ...

  14. Jayani

    Thank youuu

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. කැලුම් ගුණසේකර

    මේක නම් බලන්න බෑ පුසෝ. බොහොම ස්තුතියි උපසිරැසියට.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Gayan

    Film eka eka paarai man beluwe. FLUKE kiyana nama dekkath ethi kathawa mathak wela eduna. echcahratama duka hithena kathaawak. wachanayen wisthara karanna amarui. :'(

  19. nidi

    hondatama dukai me tharam lassana film ekak wedi denek balala nehe wage kiyala penenakota. mata nam harima lassanai. Saman, thawa me wage wenas katha thiyena, lassana films godakata subs denna please!

  20. අසිත

    patta saho thanks
    mamath adanwa

  21. yeshu

    tnx

  22. Maheli

    Mama chooti kale sirasa tv eken baluwa habai loku wenakota film eke name eka amathaka wela
    Thibune google search kalath hoyaganna bariunane

    1. සිතුරුවන් සිසිල

      ඔයාට වෙලා තියෙන්නෙත් මට උන දේමයි..
      මමත් සිරසෙන් බැකුවට පස්සේ ..ෆිල්ම් එකේ නම අමතක වෙලා ගූගල් එකේ dog movie කියලා ගගහා සර්ච් කරා අන්තිමේදි කොහොමහරි හොයා ගත්තා ..සුපිරි ෆිල්ම් එක ඇඩෙනවා