බොහෝ මිනිසුන් සමාජයෙ ජිවත් විමෙදි ඇතිකරගන්න සම්බන්දතා වේ. මෙය විවිධ ආකාරයෙන් අරථදක්වාගත හැක. මිනිසුන් සැමවිටකදිම, සැම දැනුමකදිම කරනුයෙ යම්කිසි අරථයක්දැක්විමක් ඔස්සෙ ඉදිරියට යැමයි. සමාජයෙ, පරිසරයෙ ඇති සංකිර්ණත්වය නිසා එකිනෙක අතර ඇති සම්බන්දතාවයන් වෙන් කර ගලවා ගැනිමට අපහසු වුවත් මිනිසුන් මුල සිටම කරන…
බොහෝ මිනිසුන් සමාජයෙ ජිවත් විමෙදි ඇතිකරගන්න සම්බන්දතා වේ. මෙය විවිධ ආකාරයෙන් අරථදක්වාගත හැක. මිනිසුන් සැමවිටකදිම, සැම දැනුමකදිම කරනුයෙ යම්කිසි අරථයක්දැක්විමක් ඔස්සෙ ඉදිරියට යැමයි. සමාජයෙ, පරිසරයෙ ඇති සංකිර්ණත්වය නිසා එකිනෙක අතර ඇති සම්බන්දතාවයන් වෙන් කර ගලවා ගැනිමට අපහසු වුවත් මිනිසුන් මුල සිටම කරනුයෙ ගලවා වෙන්කොට විශ්ලෙෂනාත්මකව එ පිළිබද කරුණු කාරනා එක් රැස් කිරිමයි. මිනිසා බැඳිම් වලින් පිරි පුන් සත්වයෙකි. බැඳිම් වලින් නිදහස් විමට ඔහුට නොහැකිය. බැඳිම් වලින් ඇතිවන වෙදනාවන් විවිධාකාරය. විටෙක එය සුඛ වෙදනාවක් වන අතර සමහර විටෙක එය දුකකි. බැදිම් වලින් ඇතිවන දුක හේතුකොටගෙන එයින් නිදහස් වන ආකාරය හා තමුන්ගෙ ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නා ආකාරය බුදුදහමෙ මැනෙවින් විස්තර කරයි. බැදිම් පුළුල් විෂයක් උවද හැගිම් බැඳිම් සම්බන්දව කටයුතු කිරිමෙදි තරකයෙන් පමණක් එය හැසිරවිමඑතරම් යොග්‍ය නොවෙ.
අප ඇසුරු කරන සමාජයෙ මිනිසුන් අතර දෙවර්ගයක් දැකිය හැකිය.
1.බැඳිම් වලට ආදරය කරන මිනිසුන්..
2. බැඳිම් වලට ආදරය නොකරන මිනිසුන්..
මෙම දෙවර්ගයෙම මිනිසුන් සැමවිටම බැඳිම් වලින් ජිවත් වන මිනිසුන් වන අතර කොටසක් ඉන් ලැබෙන වේදනාවන් දෙවර්ගයම විඳිමින් ජිවිතය ගෙවා දමයි. අනිත් කොටස සුඛ වේදනාවන් පමණක් ඇසුරු කර දුක් වෙදනාවන් ගෙන් පලා යැම සිදුකරයි.
1. බැඳිම් වලට ආදරෙ කරන මිනිසුන්…..
බැඳිම් බොහො විට සොය සොයා ඇවිදමින් කාලය ගත කරයි. විවිධ හෙතුන් නිසා බැඳිම් ඇතිකරගනි. ව්‍යාපාර, විනොදාශ්වාදය, ආධ්‍යාත්මික, රාජ්‍ය කටයුතු, රාජකාරි කටයුතු මෙ ආදි වශයෙන් බොහො කරුණු කාරනා හෙතු කොට ගෙන බැදිම් ඇතිකරගන්නා අතර එ්වයෙන් ලැබෙන වෙදනාවන්ද පිළිගනි. සුවයක් ලැබුනු විට හදවතින්ම සතුටු වි ජිවත් වෙයි, දුකක්, අලාභයක් ලැබුණු විටදි එයත් හදවතින්ම වැලදෙගෙන දුක් වෙයි.
2. බැඳිම් වලට ආදරය නොකරන මිනිසුන්..
මෙ මිනිසුන් වුවත් බැදිම් වලට ආදරය කරන මිනිසුන් වර්ගයකි.. නමුත් මෙ අය ආදරය කරනුයෙ සුවයන් දෙන බැදිම් වලට පමණි. ගැටෙන ලැබෙන දෙ සුවයක් විනම් එම බැදිම් ආදරෙන් පිළිගනි. ලැබෙන දෙ දුකක් නම් ප්‍රතික්ෂප කර එයින් මිදෙයි. නමුත් මෙ අය බැඳිමකින් ලැබුණු දුකක් නිසා බැදිම් වලට බිය වෙ.
අපි බැඳිම් ඇතිකරගත යුතුය. ඉන් ලැබෙන වේදනාව හො සතුට ගැන නොසිතා අපි එකිනෙකා අතර බැඳිම් ඇති කරගත යුතුය. අපි එකිනෙකා හට ලං විය යුතුය. අපි මනුසයෙක් විනොදයෙන් ඉන්න විට ඔහු ලඟට ගොස් කා බී ප්‍රිති වී නටා ගයා එන්නා සෙම ඔහුගෙ දුකකදි ඔහු ලඟට ගොස් අපිත් කඳුලු හෙලා අපෙ කඳුලු පිස දා ගන්නා ගමන් ඔහුගෙ කඳුලුද පිස දැමිය යුතුය.
බැදිම් යනු සියල්ලයි.. කෙනෙකුගෙ දුකක් , කදුලක් සතුටක් දුටු විට යන මග ලඟට ගොස සනසා පියා තුටු කිරිමට ඔබ වැය කරන කාලය අපතෙ නොයන ලද්දක් බව වටහා ගන්න. තමුන්ගෙ එක කුසෙන් උපන් සහොදරයාට දක්වන ලබැදියාවත් ඔබ ගමන් කරන දුම්රියෙ අසුනට පොරකන කෙනාට ලබා දිමෙන් ගැටුම් වෙදනාවන් අඩු වෙන බව වටහා ගන්න.
බැඳිම් නිසා වෙදනාවන් ඇති නොවන බවත් වෙදනාව ඇති වෙන්නෙ හිතෙ තියන ආත්මාර්ථය නිසා බවමට වැටෙහෙයි. එම කුහක කම, ආත්මාර්ථය, ගර්වය මගෙ සිත්තුලත් එ ආකාරයෙන්ම තිබුනත් එය අනිත් අය ඉදිරියෙ ඉස්මතු නොකරන්න, වෙර දරමි. දෙයක් ලැබිමෙදි සිතට දැනෙන සැනසිම එය නැතිවිමෙදි ඇතිවන සිතුවිලි මෙහෙයවිම් තුලින්ම ලබා ගැනිමට හැකිවිම බුදු දහමෙ හරයන් ගිහි ජිවිත වල අර්ථාන්විත බාවය ඉහල නැංවිමට යොදා ගැනිම බැඳිම් වල වටිනාකම හා සුන්දරබව වටහාගත හැකිය.
කෙනෙකුගෙ දුකක් කදුලක් ඉදිරියෙ උණු නොවන සිත් නිසා අද සමාජයෙ මිනිස්කමට නොවටිනා ගැටලු රැසක් පැණ නැගි ඇත. යන්ත්‍ර මෙන් නිතියට වැඩකරණ මිනිසුන් නිසා සමාජය සැමවිටම පහලට ගමන් කරයි. මෙ සියල්ලටම හේතුවකි බැඳිම් නියම ආකාරයෙන් වටහා නොගැනිමය.. වේදනාවත් අපේය…, සතුටත් අපේය.., මෙ සියල්ල අපේම දේවල්ය…
ආදරය කියන මහා විශාල මාතෘකාව ඇතුළේ තියෙන එක්තරා කොටසක් තමයි සහෝදරයන් අතර ඇති වෙන ආදරය. ආදරේ කිව්ව ගමන් ඔය මොකක්වත් නෑ අපේ අයියලට මතක් වෙන්නේ පඳුරු අස්සේ ඉඳන් මුකුළු කරන ආදරේ විතරයි.අද සමාජය දෙස විමසිල්ලෙන් බැලුවොත් එක බිම් අගලකට නැත්තම් මායිම් වැටකට තමන්ගේ සහෝදරයා හෝ සහෝදරිය මරා දමන අවස්ථා ඕන තරම් දැකිය හැකිය.
කුඩා කල සිට නිසි පරිදි සහෝදරයාත් සමග බෙදා ගැනීමේ පුරුද්ද වර්ධනය නොකල නිසාවෙන් හෝ කුඩා කල සිට සහෝදරයා වෙත නොපහන් හැගීම් වර්ධනය කල නිසාවෙන් එහි ප්‍රතිඵලයක් ලෙස අද මේ ඇති වී ඇති මේ අනුවේදනීය තත්වයෙන් පැහැදිලි වේ.
“Blood is thicker than water” යන ඉංග්‍රීසි කියමන මදකට ඔබට මතක් කරන්නට මම කැමැත්තෙමි . බලන්න ලේ සම්බන්ධතාවයන් අනෙක් හැම සම්බන්ධතාවයන්ට වඩා සුවිශේෂී බව ඉන් මනාව පැහැදිලි කර දෙයි.දරුවන් එකිනෙකා අතර සම්බන්ධතාවය ගෙන එන්නේ එක අම්මාට තාත්තාට උපත ලැබීමෙන් පමණක් නොවේ.
අක්කා කෙනෙක්ගේ ආදරය දැනෙන්න එක්කෝ අක්කා කෙනෙක් වෙන්න ඕනි, නැත්නම් මල්ලියෙක් හරි නංගියෙක් හරි වෙන්න ඕනි,අක්කා කෙනෙක්ගේ ආදරය තමයි සමහර අයට හැමදේම. පුංචි කාලේම අම්මා කෙනෙක්ගේ ආදරය අහිමි වුණ කෙනෙක්ට නම් ඒ ආදරය මහමෙරක් තරම්. දරුවෙක් උස්මහත් කරන්න අම්මා දරන උත්සාහයම අක්කලා අතින් සිද්ධ වෙනවා. ඒක මේ විදියට කියනවට වඩා මේ චිත්‍රපටය බලලම ඔයාලම තීරණය කරන්න. අවසානයේ ඇහැට කඳුළක් ආවේ නැත්නම් ඒක පුදුමයක්.
සහෝදර ප්‍රේමය කියන යෙදුම වැඩියෙන්ම දකින්න තියෙන්නේ ක්‍රිස්තියානි පොත් පත්වලයි. අතීතයේ හිටපු යුදෙව්වන් සහෝදරයා කියන වචනේ පාවිච්චි කළේ තමන්ගෙම පවුලේ කෙනෙක්ට. පවුලට අයිති නැති කෙනෙක්ට ඒක පාවිච්චි කරපු අවස්ථාත් තිබුණා. ඒත් කිසිම වෙලාවක යුදෙව් නොවන කෙනෙක්ට ඒ වචනේ පාවිච්චි කළේ නැහැ. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් නම් ඊට වඩා වෙනස්. මොන රටකට, ජාතියකට අයිති වුණත් කෙනෙක් දෙවිට නමස්කාර කරනවා නම් එයාව සලකන්නේ තමන්ගෙම සහෝදරයෙක් හැටියටයි
ඔන්න ඉතින් ආයෙත් ඔයාලව හමුවට එන්නෙ, බාරත්ගෙ තවත් ලස්සන ෆිලුමක් අරගෙනයි. ගොඩක් අය බලලත් ඇති, සමහරු බලලත් නැතුව ඇති, පරණ ඒකක්නෙ කියල අතාරින්නත් එපා, බලපු අයටයි, නොබලපු අයටයි දෙගොල්ලටම ඔන්න, හොදම යාළුවන් ගැන හොද අරථයක් දෙන ෆිලුමක්.
ඉතින් ඉස්සරවෙලාම මම ස්තූති වන්ත වෙනවා මට මේක කරන්න භාරදුන්න තිසර නියෝ. සහෝටත් බයිස්කෝප් ටීම් එකටත්…
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
කාණ්ඩ : Action, Drama
අධ්‍යක්ෂණය : Perarasu
නිෂ්පාදනය : Sakthi Chidambaram
රංගන ශිල්පීන් : Bharath, Kajal Aggarwal,
කථාව රචනය : Perarasu
ධාවන කාලය : 154 minutes
තිරගත කල දිනය : 14 January 2008
සංගීතය : Srikanth Deva
IMDB අගය : 3.3/10
එහෙනම් කථාව ගැනත් පොඩ්ඩක් කියන්නම්,
පලනිවේලු (භාරත්) සිරගෙදරින් නිදහස් වන පුද්ගලයෙකි. ඔහු සිරගෙදරදී තම නම වෙල්ලියන් ලෙස සිටියත් ඔහුගේ ඇත්ත නම පලනිය. ඔහු හිරෙන් නිදහස් වී එන අතර ඔහු දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට තමන්ගේ සොයුරියසොයා දෙන ලෙසය. කුඩා කාලයේ සිදුවු මිනීමැරුමක් නිසාවෙල් වෙල්ලියන් හිර ගෙරට නියමි වී වසර ගනාවකින් පසුමෙසේ පැමිනෙති. එම මොහොතේම තමාගේ සොයුරියව දක්නා මොහුට දෙවියන්ගෙන් ඉල්ලු පොරොන්දුව ඉටුවිය. නමුත් දින ගණනක් සොයුරියගේ සැමියාගේ පසු පස ඇවිටෙමින් ගොස් ඔහු එම ස්ථානයේ රැකියාවක් ඉල්ලා සිටී.. පසුව ඔවුන්ව කරදරයකින් බේරාගන්නා නිසා එම ස්ථානයේ රැකියාවක්ඔහුට ලබා දේ. වසර ගණනාවකින් තම සොයුරා දැක නැති නිසා ඇයට ඔහුව හදුනාගත නොහැකි වෙති. ඔහු තමාගේ නම වෙනස් කර ගනිමින් මෙසේ ටික දිනක් තම සොයුරියගේ නිවසේ බැල මෙහෙවරකම් කරයි. නමුත් පසු දිනක ඒ තම සොයුරා බව ඇය දැනගනී. ඉන්පසු ඔහු ගැන ඇයට ඇතිවන්නේ තරහකි. ඒ තම මව මරා දැමුයේ තම සොයුරා බව ඇය විශ්වාස කරනා නිසාවෙනි.
නමුත් පලනි තම සොයුරිය දමා නොයයිමේ හේතුව නිසා ඇයගේ සැමිය තවත් මොහු ගැන කුපිත වේ. ඔහු ඇයට හොරෙන් වෙනත් බිරිදක් විවාහ කර ගැන්මට යාමේදී එයා පලනි හට දැක පගන්නට ලැබේ. මෙය තම සොයුරිය වෙත දැන්වීමට පලනි කටයුතු කරයි. පසුව බොරු රගපෑමක් මවා තම සොයුරියගේ සැමියා පලනි විසින් ඔවුන්ට පහර දෙන ලදැයි පවසමින් රෝහල් ගත වේ. පසුව දිනක් තම පියා පලනිගේ සොයුරියගේ නිවසට පැමිනෙති. එහිදී ඔහු අසන්නේ ඇයගෙන් පලනි කොහේ සිටින්නේදැයි කියාය. පසුව ඇය හට තම පියා සිදුවු සිද්ධිය විස්තර කරයි. ඉන්පසු තම සොයුරා නිවැරදි බව තේරැම් ගන්නා ඇය තම සොයුරා හට මෙතෙක් කරන ලද ක්‍රියාවන් නතර කර ඔහුගෙන් සමාව ගනී. නමුත් තම සැමියා මැරීමට ඔහුගේ ව්‍යාජ භාර්්‍යාව සැරසෙති. මෙයින් තම සොයුරාත්, තම සොයුරියත් බේරා ගැනීමට පලනිට හැකිවේවිද, අක්ක , මලෝ සහෝදර ප්‍රේමය ජය ගනීවිද කියලා බලන්න ඔයාලට ආරාධනා කරමින්, ඉක්මනින් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබ සැමට දෙවි තෙරුවන් සරණයි..

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,345 downloadsDownload Pazhani.2008.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
17 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Thamod Indusara
sub ekata bohoma sthuthiy saho
arawindasunimal
thanks yaau .... baiscope.lk kaarya mandalayatath
indika75
thanks..
avishka360
Thanks
කවිනු වීරක්කොඩි
කාජල් ඉන්න චිත්‍රපටියක් කොහොමැයි අතාරින්නේ..!
ජය වේවා!! මේකත් ලිස්ට් එකටRukshan37
Ela ela
namika
sthuthiy machn!
ඔෂද ධනංජය
niyamai sahoo
Priyantha Dayakeerthi
උදය සමන් කුමාර සොයුර,
ඔබ දැන් උපසිරසිය සමඟ දීර්ඝ ලිපියක් ඉදිරිපත් කරනවා, එය හොඳ දෙයක්. එවිට නරඹන්නට පෙර ෆිල්ම් එක ගැන හැඟිමක් එනවා. එමෙන්ම නරඹන්නට සිතෙනවා. ඉතිං ස්තුතියි ඔබේ වෙහෙසින් නිමවූ මෙම සිංහල උපසිරසියටත්!HKC Akalanka
Thank Bro
Til Tharaka
Thank sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Eranda Malith 2.0
Thanks bn
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
බොහොමයක්ම ස්තුතියි සහෝ උපසිරැසියට ඒ වගේ ලියටත් ගොඩක් මහන්සිවෙලා තියෙනවා වගේ ලිපියටත් බොහොමයක්ම ස්තුතියි..!