මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Under The Hawthorn Tree (2010) බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ උත්සාහය Krishan Nishalya සොය…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Under The Hawthorn Tree (2010) බලා හිදිමි යලි ඔබ පැමිණෙතැයි කියා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මේ උත්සාහය Krishan Nishalya සොයුරා විසින් කරපු ඉල්ලීමක් ඉටු කරන්නයි. ඉල්ලුවෙ ” Sherlock Jr (1924)” ෆිල්ම් එකට සබ් එක විතරක් උනත් ඒ ෆිල්ම් එක ගැන හොයාගෙන යනකොට මෙතුවක් කල් මගෙත් රේඩාර් එකට අහු  නොවී හැංගිලා තිබුන ලෝක ඉතිහාසයේ නමක් රැන්දූ විශිෂ්ට සිනමා සිත්තම් කීපයකටම සබ් කරන්න හිතුනා. දෙබස් අඩුවෙන් තිබුනත් ඒවාට උපසිරැසි කලේ කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගව ගිය මෙවන් විශිෂ්ට නිර්මාණ නැවතත් සිනමාලෝලීන්ගේ මතකයට රැගෙන ආ යුතු වූ නිසාවෙන්මයි. හොඳ සිනමා නිර්මාණයක් හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නේ නෑ…. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන්නෙ ඒ නිසයි. මේ උත්සාහය කාලයේ වැලි තලාවෙන් මැකී ගිය එවන් විශිෂ්ට සිනමා සිත්තම් හතරකට නැවත පන දීමටයි. එහි පළමු අදියර ලෙසින් මෙසේ සිනමා සිත්තම් දෙකක් ඔබ වෙත ගෙන එනු ලබනවා…

Sherlock Jr (1924) අති ගරු වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් උතුමාණන්….

ෂර්ලොක් හෝම්ස් චරිතය සර් ආතර් කොනන් ඩොයිල්ගේ අතින් මුලින්ම නිර්මාණය වන්නේ මීට ශත වර්ෂයකට පමන පෙරදී උවත් ඔබත් මාත් ඇතුලු එදා මෙදා තුර ඒ චරිතයට වහ වැටුන ආදරය කල චරිත කොපමනක් නම් මෙලොව සිටිනවාද? සිටින්නට ඇත්ද? එසේ නම් හොඳ නිර්මාණයකට කල් ඉකුත් වීමේ දින වකවානු අදාල නොමැති බවට තවත් උදාහරණයන් ගෙනහැර දැක්විය යුතුද…?

මේ උත්සාහය ආපහු වතාවක් ෂර්ලොක් හෝම්ස්ව රසවිඳ ගැනීමටයි. හැබැයි අලුත්ම විදියකට. මොකද මෙයා වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් කෙනෙක්. යන යන තැන රහස් පරීක්ෂකයෙකු වීමේ අත්පොත සාක්කුවෙ දාන් යන ෂර්ලොක් හෝම්ස් උණ සැරටම වැළඳුණු කොලුවෙකුගෙ කතාවක්. සුපුරුදු පරිදි අපේ මේ වීර වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් තුමාගෙ හිත ගියපු බොහොම ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. සැබෑ ආදරයට කොතැනද බාධා නැත්තේ කිව්වලු. දුෂ්ඨයෙක් නැති ආදර කතා කොහෙද තියෙන්නෙ….? හරියටම අපේ මේ වීර වෙන්ඩ රහස් පරීක්ෂක තුමාගෙ ආදර කතාවටත් දුෂ්ඨ හෙනහුරෙකුගෙ ඇල්ම බැල්ම වැටිලා කෙළවෙලා ගිහිල්ලයි තියෙන්නෙ. මේ දුෂ්ඨයා එසේ මෙසේ පොරක් නෙමෙයි. නගරෙ ඉන්න සට කපටම වංචා කාරයා. කොහොමින් කොහොම හරි දෙන්නම ගෑනු ළමයගෙ ගෙදරට රිංග ගත්තයි කියමුකෝ. අපේ වීර රහස් පරීක්ෂක තුමා බොහොම අමාරුවෙන් ඩොලර් 1කට ගත්තු චොකලට් පෙට්ටියේ පැන්සලකින් තව පොඩි ඉරි කෑලි දෙකක් ඇදලා ඩොලර් 4ක් කියලා වෙනස් කරගෙන හිත ගියපු ගෑනු ළමයා බලන්න යනකොට දුෂ්ඨ පෙම්වතා කරන්නෙ ආදරණීය වෙන්ඩ මාමණ්ඩියගෙ ඔරලෝසුව උස්සලා ඩොලර් 4කට විකුණලා ඩොලර් 3කට ලොකු චොකලට් පෙට්ටියකුත් අරන් තව ඩොලරයක් මාටියා ගහගෙනත් එන එක. ගෑනු ළමයි ඉතිං කෝමත් කැමති ලොකු ඒවටනේ…. මේ ගෑනු ළමයත් එහෙම්මමයි. අපේ වීරයා දුකින් බලන් ඉන්නකොට ගෑනු ළමයා අර දුෂ්ඨයත් එක්ක මුකුලු කරනවා. මේ වැඩේ කාටද බලන් ඉන්න පුලුවන්? බාල්දිය දාන්න පොටක් පාද ගන්න බලන් ඉන්න අපේ වෙන්ඩ රහස් පරීක්ෂක තුමාගෙ පින පෑදෙන්නෙ ආදරනීය වෙන්ඩ මාමණ්ඩි එයාගෙ ඔරලෝසුව නැති වෙලා කියලා කෑ ගහගෙන එතනට ආපුවාමයි. ගෑනු ළමයටයි වෙන්ඩ මාමණ්ඩියටයි දෙන්නටම පේන්න ලකුණු ටිකක් දා ගන්න නියම චාන්ස් එක. අපේ වීර රහස් පරීක්ෂක වෙන්ඩ ෂර්ලොක් හෝම්ස් තුමා සාක්කුවට අත දාල ඇදල ගන්නව රහස් පරීක්ෂකයෙකු වීමේ මග අත්පොත. පළවෙනිම නියමය හැමෝවම සෝදිසි කරලා බලන්න කියන එක. ඔරලෝසුව නැති උන මාමණ්ඩියාගේ පටන් හැම එකාවම පට්ට ගහල සෝදිසි කලත් කිසිම දෙයක් නෑ…. හත් වලාමයි…! මෙන්න අපේ වීර වෙන්ඩ රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් තුමාගෙ සාක්කුවෙ අර ඔරලෝසුව විකුණපු බිල තියෙනවා…. දැන් ඉතිං කාල වරෙංකො…. එතනින් එහාට රස විඳීම ඔබටම බාරයි. කතාව මීට වඩා මම කියන්න යන්නෙ නෑ. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා වාසනාවන්ත සිනමා ලෝලියෝ රස විදිත්වා….!

මේ අපූරු සිනමා සිත්තම AFI (American Film Institute) විසින් ප්‍රකාශයට පල කරන ලද එදා මෙදාතුර නිපදවුන විශිෂ්ටතම සිනමා සිත්තම් 100 අතරේ 62වන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම Imdb වර්ගීකරණයට අනුව 8.2ක් ලබා ගනිමින් එහි හොඳම සිනමා සිත්තම් 250 අතුරින් 174වන ස්ථානය වෙන් කර ගෙන ඇතුවාක් පමණක්ම නෙවෙයි rotten Tomatoes වර්ගීකරනයේ දිනා ගෙන ඇති අගය 94%ක්. දැන් හිතාගන්න පුලුවන්නෙ මේක කොහොම සිනමා සිත්තමක්ද කියලා. මේ සිනමා සිත්තම සැලකෙන්නේ එදා මෙදා තුර ඇමරිකානු ඉතිහාසයේ නිපදවුන විශිෂ්ටතම හාස්‍යෝත්පාදක සිනමා සිත්තම් අතරේ පෙර ගමන් කරුවා හැටියටයි. කෙටියෙන්ම කිව්වොත් පටන් ගත්තු වෙලේ ඉදලාම බඩ පැලෙනකල් හිනා වෙන්න පුලුවන් ජාතියෙ ෆිල්ම් එක ලගදී බැලුවෙ නැත්තං අනිවා මෙන්න ඒකට හොඳම චාන්ස් එක. වාසනාවන්තයෝ නරඹත්වා. බා ගන්නට වැය වන ඩේටා කොහෙත්ම අපතේ නොයනු ඇත.

Sunrise, A Song of Two Humans (1927) ඔබත් මමත් ඇයත් තිදෙන….

ජීවිතේ පළමුවෙනිම වතාවට ටයිටැනික් චිත්‍රපටය රසවිඳ අවසානයේ මගේ හිතට නැගුනේ එකම හැඟීමකි. ” අනේ…. ජැක්ටයි රෝස්ටයි ආපහු එකතු වෙන්න ලැබුනා නම්…. “ ටයිටැනික් චිත්‍රපටය නැරඹූ බොහෝ ප්‍රේක්ෂකයින්ගේ හදවත් ගැහුනේ ඒ අරමුණින්ම බව ඔබටත් මටත් නොරහසක් නොවේ…. නමුත් දෙවැනි වතාවටත් ඒ හැඟීම ඒ ලෙසින්ම දැනුන විශිෂ්ට සිනමා නිර්මාණයක් රස විදින්නට අහම්බයකින් හෝ මටත් වාසනාව උදා උනා. මේ සටහන ඒ වෙනුවෙනුයි. හැබැයි මේ සිනමා සිත්තම නිර්මාණය වන්නේ ජේම්ස් කැමරන් ටයිටැනික් සිනමා පටය නිපදවන්නට දශක ගනනාවකට පෙරාතුව උනත් ඒ හැඟුම කිසිසේත්ම නොවෙනස්ව දශක ගනනාවක් ගතවූවත් තවමත් එලෙසින්ම සිත පාරවනවා….

ජර්මානු ජාතික ගත් කතුවර “Hermann Sudermann” විසින් රචිත “The Excursion to Tilsit” නමැති කෙටි කතාව පාදක කර ගනිමින් 1927 වසරේදී නිර්මාණය වන මේ සිනමා සිත්තම එම වසරේ පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම සිනමා සිත්තමට හිමි සම්මානය ඇතුලු සම්මාන ත්‍රිත්වයකින්ම පිදුම් ලබනවා. එපමනක් නොවෙයි, ලොව පුරා පැවති තවත් සිනමා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් තවත් සම්මානයන් සහ නිර්දේශවීම් රාශියකින්ම පිදුම් ලබන මේ අපූරු සිනමා සිත්තම AFI (American Film Institute) විසින් ප්‍රකාශයට පල කරන ලද එදා මෙදාතුර නිපදවුන විශිෂ්ටතම සිනමා සිත්තම් 100 අතරේ 82වන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ වගේම Imdb වර්ගීකරණයට අනුව 8.2ක් ලබා ගනිමින් එහි හොඳම සිනමා සිත්තම් 250 අතුරින් 182වන ස්ථානය වෙන් කර ගෙන ඇතුවාක් පමණක්ම නෙවෙයි rotten Tomatoes වර්ගීකරනයේ දිනා ගෙන ඇති අගය 98%ක්. දැන් හිතාගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සිනමා සිත්තමක් ගැනද කියලා. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. ඒ නිසා වාසනාවන්ත සිනමා ලෝලියෝ රස විදිත්වා….!

සිය නිවාඩු සමය ගත කරනු පිණිස ගම්මානයකට පැමිණෙන එක්තරා තරුණියක්….
සිය බිරිඳත් දරුවාත් සමගින් සතුටින් කල් ගෙවන සැමියෙක්….
සියල්ල උපේක්ෂාවෙන් ඉවසා වදාරන බිරිඳක්….
දෝරෙ ගලනා ආශාවන් හමුවේ….
එක් කුරිරු අදහසක්….
” මට කියන්න ඔයා මගේ විතරක්ම නේද….? “
අවසානයේ කුමක් සිදුවේවිද….?
අවසරයි නරඹන්න ” ඔබත් මමත් ඇයත් තිදෙන…. “

කාලයේ වැලි තලයෙන් වැසී ගිය තවත් මෙවැනිම වූ විශිෂ්ට සිනමා පට යුගලක උපසිරැසි සමගින් ළගදීම නැවත හමු වෙමු….!

ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,138 downloadsDownload Sherlock-Jr-1924-Sunrise-1927.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

2,138 downloadsDownload Subtitles29 KB

38 comments

  1. OmarAshen

    Thanks

  2. C.R.Jayalath

    තෑන්ක්ස් සහෝ

  3. sathira529

    මේ වගේ ෆිල්ම්ස් වලට සබ් කරන එකෙක් හරි මේකෙ ඉතුරු වෙලා ඉන්න එක ගැන තියෙන්නෙ කියාගන්න බැරි තරම් සතුටක්..ගොඩක් ස්තූතියි සහෝ..පුලුවන් නම් Citizen Kane සහ Philadelphia කියන චිත්‍රපටි දෙකටත් සබ් කරන්න..ජය වේවා

    1. හසිත මධුෂාන්

      අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම් සහෝ....!

    2. Priyantha Dayakeerthi

      හසිත මධුශාන් සොයුර,
      ඉහත සඳහන් සිනමාපටදෙක සබ් කරනවා නම් එය මහඟු මෙහෙයක්. ඔය සිනමාපට පිළිබඳව ලියවුණු පොතක්ද මා මේ ළඟදී මිලයට ගත්තා. කමෙන්ට් ඩවුන්ලෝඩ් අඩුවේවි. එහෙත් ඔබ කරන්නට හදන්නේ විශිෂ්ට මෙහෙයක්. එයට මාගේ සතුට මෙසේ පුදකරන්නෙමි!

    3. හසිත මධුෂාන්

      සෑහෙන කාලෙක ඉදලා බලන්න හිතන් හිටියත් Citizen Kane නම් තවම බලන්න බැරි උනා. බලලම කියන්නං කොහොමද කියලා....

  4. Hiranhiru

    දැන් පිලුම් බලන්න ඇබ්බැහි වෙලාම හිත කැමති අලුත්ම පිලුම් බලන්න. ඒත් මේ වගේ හොඳ පිලුම් පරණ වුනත් වටින නිසා උපසිරැසි දුන්නු එක වටිනවා. ගොඩක් ස්තුතියි...!
    ජයවේවා...!

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ....!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Asanke

    Thanks for sub

  7. AsithaDilruwan

    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    1. හසිත මධුෂාන්

      ඒක නම් ඇත්ත....
      බොහොම ස්තූතියි සහෝ....!

  8. benukanimsena

    පරණ චිත්‍රපට රසිකයෝ විදිහට අයියාට අපි හැමදෙනෙක්ම ස්තූති කරනවා
    කමෙන්ට් වීව්ස් අඩුයි කියලා හිතන්න එපා
    බලන කට්ටියට මේක මහමෙරක්
    බොහොම ස්තූතියි අයියේ

    1. Tsandesh

      thnx .sherlock jr බැලුවා අනිත් එක ලබන සතියෙ බලනවා .දිගටම සුපිරි එවා දෙන්න් පරන වුනට කමක්නා.වෙලාවක් ලබුනොත් පහල එවටත් දෙන්න

      #Nancy Drew...Detective 1938
      #Nancy Drew, Reporter 1939
      #Nancy Drew, Troubleshooter 1939
      #Nancy Drew and the Hidden Staircase 1939(ඔක්කොම bonita granville රන්ගපන ෆිල්ම්)

      #Kicking Out Shoshana - .2014 (Gal Gadot රන්ගපන hebrew language israel film එකක්)

      #Phir se...-2018(jennifer winget රන්ගපන netflix hindi film)

      #you cut i choose 2014 (short movie only 20 min.available in vimeo)

      #sidekick 2016 (short movie 15 min.available in youtube)

      #normal doors 2015 (short film 9min available in youtube)

      #sound of the mountain 1954 japanese film

      netflix hindi ekata issalama dennakoo

    2. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ....!

  9. Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub ekata....
    Jaya wewa.!

  10. Tharaka

    niyamai saho. thanks.... menna banna demma.

  11. Udaya Saman

    හසිත සහෝ බොහොම තුති උපසිරසියට.තාමත් පරණ ෆිල්ම්ස් වලට කැමති පිරිසක් මේක තුල ඉන්නවා.ඔයාගෙ කලින් දුන්න බලා හිදිමි යලි ඔබ පැමිනෙතැයි සිතා..බැලුවා.ඒක පට්ට .මාත් ආසම ඒ වගේ කතා වලට.දිගටම කරගෙන යමු සහෝ .සුබ පතනවා මුලු හදවතින්ම...

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ....!

  12. Krishan NiShalya

    කවදා හරි මේ ෆිල්ම් එක බයිකෝප් පිටුවක් අතරෙ අනිවා තියෙයි කියලා හිතුවත් මම ඉල්ලපු හන්දා දෙයි කියල නම් හිතුන් නෑ..
    බොහොම ස්තූතී සහෝ..❤️

    හුඟක් අය සබ් නැති නිසා.. පට්ටම පහර ෆිල්ම් මඟඇරගන්නවා.. මමත් ඒවගේම තමා ඉතින් ඒවගේ අයට මේවගේ masterpiece ගැන දැනගන්න තියෙන්නෙ මේවගේ site වලින්ම විතරයි..

    එදා comment එක දැම්මට පස්සෙයි මම දන්නෙ මේක නිහඩ චිත්‍රපටයක් කියලා.. ඒක ඉක්මනට බැලුවා.. තාමත් හිතාගන්න බෑ.. කොහොමද ෆිල්ම් එකේ සමහර දර්ශන හැදුවෙ කියලා.. චැප්ලින්ට පස්සෙ කැමතිම නලුවා කීටන්.

    IMDB Top250 list එකේ අඩුපාඩු බයිස්කෝප් එකෙන් පුරවයි කියලා බලාපොරොත්තු වෙනවා..

    පහල comment වල තිබ්බ වගේ.. වැඩකට නැති නිර්මාණ 10කට වඩා මේ වගෙ එක නිර්මාණයක් ගැන දැනුවත් කරන එකත් ගොඩක් වටිනවා..

    Citizen kane එකටත් හැකිනම් උපසිරැසි ලබාදෙන්න..

    Good Luck Bro
    ❤️✌️

    1. දිලා

      එල

    2. හසිත මධුෂාන්

      හුග දෙනෙක් Citizen Kane ෆිල්ම් එකට සබ් ඉල්ලනවා මමත් දැකලා තියෙනවා. අවංකවම මමත් තවම ඒක බලල නෑ... ඊයෙ රෑ ෆිල්ම් එක බාන්න විස්තරේ බලනකොට දැක්කේ මමත් කැමති විදියේ ස්ටෝරියක් කියලා. බලලම කියන්නම් කොහොමද කියලා....

  13. Priyantha Dayakeerthi

    හසිත මධුශාන් සොයුර,
    සිනමාපට දෙක දුටු විගස "ලයික්" එකක් දැම්මා. දිනපතා මෙම වෙබ් එකට ඇවිල්ලා මොනවද තියෙන්නේ කියලා බලලා යනවා විතරයි බොහෝ විට. එහෙත් අද සුවිශේෂී වෙනසක් දැක්කා. ඒ ඔබේ සබ් එක සහ ඉතාමත් වටිනා ලිපිය. මා විශේෂයෙන්ම පැරණි කලාත්මක සිනමාපට තෝරාගෙන නරඹන්නෙක්. ඉතිං මේ සිනමාපට දෙක අනිවාර්යයෙන් නරඹනවා, ඔබේ උපසිරසි සමඟ. ඒ වගේම IMDb 250 තුළ ඇති සිනාමාපට ප්‍රියකරනා අතර ඒවා බොහොමයක් බයිස්කෝප් සබ් සමඟ නරඹලා තිබෙනවා. මා ඔබට යෝජනා කරන්නේ එම IMDb 250 තුළ ඇති ඉතිරි ඒවා ද කීපයක් හෝ ඉදිරි කාලයේදී සබ් කරනා ලෙසටයි. මමත් මේ වෙබ් එකට සබ් කරනා කෙනෙක්. දැනට 1950 සහ 1960 දශකවල "පැරණි හින්දි සිනමාපට" 36 කට පමණ සිංහල සබ් ලබාදී තිබෙනවා. ඒ නිසා ඔබ වැන්නෙක් මටත් සුවිශේෂී කෙනෙක්. හැකිනම් මෙම වෙබ් එකේ සිටින අළුත් ෆිල්ම්වලට පමණක්ම සබ් කරනා උපසිරසිකරුවන් සියගණනක් අතර පැරණි වටිනා කලාත්මක සිනමාපට කීපයකට හෝ සබ් කරනා සුවිශේෂී කෙනෙක් වෙන්න. මා එසේ කීවේ ඔබ මීට පෙර සබ් කළ ෆිල්ම් එකතුවද දුටු නිසායි. ඔබේ මෙම සිංහල උපසිරසියට මාගේ ස්තුතිය, ඔබට ජය!

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි......!
      මමත් ඔබතුමාගෙ හොඳ රසිකයෙක් තමයි....

  14. Shamal manojan

    මම සතිපතා විශාල ප්‍රමාණයක් උපසිරැසි download කරන කෙනෙක්. ෆිල්ම් විකුණන කෙනෙක් නෙමෙයි. විනෝදාංශයක් විදියට ෆිල්ම් එකතු කරන කෙනෙක්. ලොරි ගණන් ඩව්න්ලෝඩ් කරන නිසා මගේ අතින් කමෙන්ට් වැටෙන්නේ නැති තරම්. ඒත් ඔබ විසින් කර ඇති වටිනා උපසිරැසි දෙක දුටු විට කමෙන්ට් එකකින් මටත් දායක වීමට සිතුනේ අඩු කමෙන්ට් වැටෙන නිසා ඔබව යම් තරමකට හෝ දිරිමත් කිරීමට.

    සොයුර, කලින් සොයුරෙකු පැවසූ දෙයට මම එකහෙළාම එකඟ වෙමි. අද පවතින චිත්‍රපට 100 ක් උපසිරැසි ගන්වනවාට වඩා මෙවැනි චිත්‍රපට 10 ක් උපසිරැසි කරන්න. ඔබ බයිස්කෝප් අඩවියේ සුවිශේෂී පුද්ගලයෙකු වේවි. මම පැරණි ඉංග්‍රීසි චිත්‍රපට ඉතා අගය කරන කෙනෙක්මි.

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ....!

  15. indika75

    thanks..

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි සහෝ....!

  16. Tsandesh

    thnx .sherlock jr බැලුවා අනිත් එක ලබන සතියෙ බලනවා .දිගටම සුපිරි එවා දෙන්න් පරන වුනට කමක්නා.වෙලාවක් ලබුනොත් පහල එවටත් දෙන්න

    #Nancy Drew...Detective 1938
    #Nancy Drew, Reporter 1939
    #Nancy Drew, Troubleshooter 1939
    #Nancy Drew and the Hidden Staircase 1939(ඔක්කොම bonita granville රන්ගපන ෆිල්ම්)

    #Kicking Out Shoshana - .2014 (Gal Gadot රන්ගපන hebrew language israel film එකක්)

    #Phir se...-2018(jennifer winget රන්ගපන netflix hindi film)

    #you cut i choose 2014 (short movie only 20 min.available in vimeo)

    #sidekick 2016 (short movie 15 min.available in youtube)

    #normal doors 2015 (short film 9min available in youtube)

    #sound of the mountain 1954 japanese film

    netflix hindi ekata issalama dennako

    1. හසිත මධුෂාන්

      හොද ෆිල්ම් සෙට් එකක් වගේ සහෝ....
      ෆිල්ම් ටික බලලම කියන්නං කොහොමද කියලා...

  17. KASTAL

    thawa hoda lassana parana film walata sub karanna.parana film gdk thathvikaeee
    suba pathanawa

  18. ශලිනි මල්ෂා

    Good luck!!!

  19. jagath55

    Thanks

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Waruna Kamalawansha

    සුපිරි පැරනි රසංගය ටිකක් නේ... බොහෝම ස්තූතියි උපසිරැසියට...

  22. ricadodamien

    Thank U Hasitha Brother & baiscope team for the subs, love it very much.

  23. Dilshan Nimsara

    Thanks. hoda film ekak. home page ekata ayeth demmot thawa aya balai.

  24. Gayan Dhanushka

    The Private Life of Sherlock Holmes 1970