Watch Trailer

Peddi (2026) Sinhala Subtitles | ගෞරවය උදෙසා ක්‍රිඩාව [සිංහල උපසිරසි] [50*]

Peddi (2026) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! අද මම මේ අරගෙන එන්නේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම කරන මගේ 50 වන උපසිරැසියයි. ඒ තමයි Ram Charan ගේ අලුත්ම චිත්‍රපටය වන “Peddi”. දමිළ සිනමාවට ආදරය කරන කවුරුත් ගොඩක් ආසාවෙන් මගබලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේක. Buchi Babu Sana ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ…

Peddi (2026) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම! අද මම මේ අරගෙන එන්නේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම කරන මගේ 50 වන උපසිරැසියයි.

ඒ තමයි Ram Charan ගේ අලුත්ම චිත්‍රපටය වන “Peddi”. දමිළ සිනමාවට ආදරය කරන කවුරුත් ගොඩක් ආසාවෙන් මගබලාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි මේක. Buchi Babu Sana ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ Ram Charan එක්ක Janhvi Kapoor, Shiva Rajkumar, Jagapathi Babu වගේම Boman Irani රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම සංගීතය සපයන්නේ අපි කවුරුත් ආදරය කරන A. R. Rahman විසිනුයි.

​

කතාව මෙහෙමයි… මේ කතාව දිවයන්නේ 1980 දශකයේ අන්ද්‍රා ප්‍රදේශ්වල තියෙන ගම්මානයක් වටා. ගමේ අභිමානය සහ ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න උත්සාහ කරන ‘පෙඩ්ඩි’ කියන තරුණයාට, ගමේ ඉන්න බලවත් සහ දූෂිත ප්‍රතිවාදීන් පිරිසක් එක්ක ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා. තමන්ගේ අරමුණ වෙනුවෙන් ඔහුට කරන්න වෙන මහා කැපකිරීම් සහ බාධක මේකෙ හරිම අපූරුවට පෙන්නුම් කරලා තියෙනවා. ක්‍රීඩාව, ආදරය, සහ පළිගැනීම කැටිවුණු මේ කතාවේ අවසානයේ පෙඩ්ඩිට තමන්ගේ ගමේ ගෞරවය රැකගන්න පුළුවන් වෙයිද? ඔහුට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද කියලා ෆිල්ම් එක බලලම දැනගන්න.

​Sports/Action Drama ගණයට අයත් වෙන මේ චිත්‍රපටය, තිරගත වෙලා කෙටි කාලයක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 400කට වඩා ආදායමක් හොයලා බොක්ස් ඔෆිස් වාර්තා තබන්න සමත් වුණා. Ram Charan ගේ රංගනය නම් මෙහි උපරිමයෙන්ම දැකගන්න පුළුවන්. පැය 3ක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක් කියලා බය නැතුව කියන්න පුළුවන්.

​

අවසාන වශයෙන් මට ඔයාලට කියන්න විශේෂ, ඒ වගේම දුක හිතෙන කාරණයක් තියෙනවා. ගොඩක් අමාරුවෙන් වුණත් මට මේ දේ කියන්නම වෙනවා… 

මේක තමයි මං මේ බයිස්කෝප් වෙබ් අඩවියට කරන අවසාන උපසිරැසිය. කාලයක් තිස්සේ ඔයාලා වෙනුවෙන් ආසාවෙන් උපසිරැසි අරගෙන ආවත්, මගේ පෞද්ගලික වැඩ කටයුතු සහ කාර්යබහුලත්වය නිසා මට තවදුරටත් මේ විදියට උපසිරැසි කරන්න කාලය වෙන් කරගන්න අමාරුයි. මේ වෙනකම් මගේ උපසිරැසි ඩවුන්ලෝඩ් කරගෙන, එක කමෙන්ට් එකකින් හරි මාව දිරිමත් කරපු ඒ වචන මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් මඩුල්ලටත් මම මේ වෙලාවේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මට දුන්න සහයෝගයට. මම අදින් පස්සේ උපසිරැසි නොකළත්, මම මේ වෙනකම් දුන්න සබ් වලින් ඔයාලා වින්දනයක් ලබන්න ඇති කියලා හිතනවා. ඔයාලගෙ ඒ සහයෝගය මට හැමදාමත් මතක තියේවි.​

එහෙනම්, ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා!!

Peddi (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,050 downloadsDownload Peddi-2026.zip63 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Peddi Sinhala Subtitles

Subtitles

3,050 downloadsDownload Subtitles63 KB

5 comments

  1. ඕෂද එරංග (Era Boy)

    50ට සුබ පැතුම් දම්මා සහෝ..
    පොඩි නිවැරදි කිරීමකුත් කරන්න ඕනේ. පෙද්දී කියන්නේ තෙලිගු චිත්‍රපටයක්.

  2. Buddhika laKMal

    50ට සුබ පැතුම් මචං…..
    ඊට පස්සේ 100………..
    මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි……

  3. එල්. සී. ‎දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් දම්මා සහෝ! 🙂
    100ත් ඉක්මනින් ගහන්න සහ අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  4. නිශාන් සමීර

    50 ට සුභ පැතුම්!
    ඉක්මනට 100 ගහමු ❤️
    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●

  5. Sandeep Madushan

    Thanx brother.superb sub