Ghost in the Shell 2: Innocence (2004) Sinhala Subtitles “මනුෂ්‍යයා සහ යන්ත්‍රය අතර වෙනස මොකක්ද? යන්ත්‍රයකට පුළුවන්ද ආදරය, වේදනාව වගේම මනුෂ්‍ය හැඟීම් දැනෙන්න? එහෙමත් නැත්නම්… මිනිස්සු තමන්ගේ වාසිය වෙනුවෙන් රොබෝවරුන්ව තමන්ගේම රූපයෙන් නිර්මාණය කරලා, අන්තිමට ඒ නිර්මාණයන්ම මිනිස්සුන්ට එරෙහිව කැරලි ගහන්…

“මනුෂ්‍යයා සහ යන්ත්‍රය අතර වෙනස මොකක්ද? යන්ත්‍රයකට පුළුවන්ද ආදරය, වේදනාව වගේම මනුෂ්‍ය හැඟීම් දැනෙන්න? එහෙමත් නැත්නම්… මිනිස්සු තමන්ගේ වාසිය වෙනුවෙන් රොබෝවරුන්ව තමන්ගේම රූපයෙන් නිර්මාණය කරලා, අන්තිමට ඒ නිර්මාණයන්ම මිනිස්සුන්ට එරෙහිව කැරලි ගහන්න ගත්තොත් මොකද වෙන්නේ?”
තාක්‍ෂණයේ ඉහළම කෙළවරටම ගිය, මිනිස් මොළය පවා පරිගණක ජාලයන් එක්ක බද්ධ කරපු අනාගත ලෝකයක සිද්ධ වෙන අතිශය සංකීර්ණ, ඒ වගේම දාර්ශනික මනෝවිද්‍යාත්මක සිනමා අත්දැකීමකට අපි Ghost in the Shell (1995) ඇනිමේ චිත්‍රපටය තුළින් අත්වින්දා. මේ එහි දෙවෙනි අදියරයි. මේකත් සාමාන්‍ය Action, Sci-Fi කතාවක් නෙවෙයි; ඔබේ සිතුවිලි පවා තත්පරයකට නතර කරලා, “ඇත්තටම අපි කවුද?” කියන ප්‍රශ්නය තමන්ගෙන්ම අහන්න සලස්වන අද්විතීය සිනමා නිර්මාණයක් කියල කිව්වොත් වැරදි නෑ.

පළමු චිත්‍රපටයේ දැවැන්ත සාර්ථකත්වයෙන් පස්සේ මුල් චිත්‍රපටයේ සේම Mamoru Oshii ගේ අධ්‍යක්ෂණයෙන් 2004 වසරේදී තිරගත වුණු මේ Ghost in the Shell 2: Innocence සිනමාපටය, සයිබර්පන්ක් සිනමා ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තැබූ නිර්මාණයක් වෙනවා. මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ පළමු චිත්‍රපටය සේම Masamune Shirow විසින් රචිත සුප්‍රසිද්ධ Ghost in the Shell මන්ගා කෘතියේ එන “Robot Rondo” කියන කොටස ඇසුරිනුයි. IMDB හි 7.4 ක්, Rotten Tomatoes හි 65% ක් සහ MyAnimeList හි 7.7 ක අගයක් ලබාගෙන තියෙනවා. පෙර සේම ප්‍රසිද්ධ Production I.G ස්ටූඩියෝව විසින් මෙහි ඇනිමේෂන් නිර්මාණය කළ අතර, ජනප්‍රිය Studio Ghibli ආයතනයද මෙහි සම නිෂ්පාදනයෙන් දායක වී තිබෙනවා. පැය 1 යි විනාඩි 38 ක ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය Animation, Sci-Fi, Mystery, Psychological, Thriller යන Genre වලට අයත් වෙනවා. චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කළේ පළමු චිත්‍රපටයේම සංගීතය නිර්මාණය කළ ප්‍රවීණ සංගීතඥ Kenji Kawai විසිනුයි. “The Ballade of Puppets” (Kugutsuuta) ගීතය සමග මෙහි එන සංගීතය චිත්‍රපටයේ ඇති අද්භූත සහ දාර්ශනික වටපිටාව තීව්‍ර කරන්න විශාල දායකත්වයක් දෙනවා. අවසාන තේමා ගීතය විදිහට ජෑස් රසයක් මුසු වුණු, සුප්‍රසිද්ධ Kimiko Itoh ගායනා කරන “Follow Me” ගීතයද මෙහි සුවිශේෂී තැනක් ගන්නවා.
චිත්‍රපටය ලබාගත් Awards සහ Nominees ගැන සඳහන් කරනවා නම් Cannes Film Festival ඉහළම සම්මානය වන Palme d’Or සම්මානය සඳහා නිර්දේශ වූ (Nominated) ප්‍රථම සහ එකම ජපන් ඇනිමේ චිත්‍රපටය මෙයයි. 2004 වසරේ හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයට හිමි Nihon SF Taisho Award සම්මානය දිනාගන්නට මෙයට හැකි වුණා. මීට අමතරව ඇනිමේෂන් ක්ෂේත්‍රයේ ඔස්කාර් ලෙස හැඳින්වෙන Annie Awards සම්මාන උළෙලේදී සම්මාන 4 ක් සඳහා මේ චිත්‍රපටය නිර්දේශ වුණා.
Animation Quality එක ගැන කියනවා නම් 1995 සහ 2004 නිර්මාණ අතර සැලකිය යුතු වෙනසක් කියන්න පුලුවන්. පළමු චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වගේ නිර්මාණය වුණේ අතින් අඳින ලද සාම්ප්‍රදායික 2D Cell Animation ක්‍රමයටයි. එහි තිබුණේ සයිබර්පන්ක් (Cyberpunk) ලෝකයකට ගැලපෙන, තරමක් අඳුරු, රළු සහ යථාර්ථවාදී පෙනුමක්. CGI තාක්ෂණය භාවිත වුණේ ඉතාමත් සීමිතවයි. නමුත් Innocence චිත්‍රපටය කියන්නේ ඇනිමේෂන් ක්ෂේත්‍රයේ දැවැන්ත පිම්මක්. මෙහිදී අතින් ඇඳපු විශිෂ්ට 2D චරිත සහ ඉතාමත් සවිස්තරාත්මකව පරිගණකයෙන් නිර්මාණය කරපු 3D CGI පසුබිම් (Environments) එකට මුහු කරලා තියෙනවා. මේ නිසා පළමු චිත්‍රපටයට වඩා මේ දෙවෙනි චිත්‍රපටය බෙහෙවින් සජීවී, වර්ණවත් සහ සිනමාත්මක ස්වභාවයක් ගන්නවා.
කතාව ගෙතෙන්නේ පළමු චිත්‍රපටයේ සිදුවීම්වලින් පසුව දිවෙන කතාවක් විදිහටයි. ඒ අනුව ඔයා තාමත් Ghost in the Shell (1995) චිත්‍රපටය නැරඹුවේ නැත්නම් ඒක මේකට කලින් නරඹලා එන එක, මේ කතා ලෝකය සහ චරිත තේරුම් ගන්න පහසුවක් වේවි. මේ පළමු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වුණු මේජර් මොටෝකෝ කුසනගි (Motoko Kusanagi) පළමු චිත්‍රපටය අවසානයේ සිද්ධ වුනු සිදුවීම් එක්ක භෞතිකව ලෝකයෙන් අතුරුදන් වෙලයි ඉන්නෙ. ඒකට හේතුව දැනගන්න නම් ඔයාට ඉහත කියපු පළමු චිත්‍රපටය අනිවාරෙන්ම නරඹන්න වෙනවා. ඒත් එක්ක ඇයගේ සහකරුවා වුණු බටෝ දැන් ඉන්නේ දැඩි මානසික පීඩනයකින් වගේම තනිකමකින්. ඔහුගේ ශරීරයෙන් වැඩි කොටසක්ම දැන් සයිබෝග් කොටස්වලින් සමන්විත වුණත්, ඔහු තවමත් තමන්ගේ “මනුෂ්‍ය ආත්මය” (Ghost) රැකගන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නෙ. බටෝ තමයි මේ චිත්‍රපටයේ කැපී පේන චරිතය වෙන්නේ. ඉතින් මේ “ගෝස්ට්” කියන්නෙ මොකක්ද කියන එකට උත්තරේ දැනගන්නත් ඔයා පළමු චිත්‍රපටය නරඹන එක අත්‍යාවශ්‍යයි.
මේ පසුබිම අතරතුරේ, “Locus Solus” නම් ප්‍රබල සමාගමක් විසින් නිපදවපු, ලිංගික සේවා සැපයීම සඳහා විශේෂයෙන්ම නිර්මාණය කළ “Gynoids” (කාන්තා රොබෝවරුන්) කිහිපදෙනෙක් හදිස්සියේම පෙර නොවූ විරූ විදිහට දරුණු විදිහට හැසිරෙන්න ගන්නවා. මේ නිසා මිනිස් ජීවිත කිහිපයකුත් අහිමි වෙනවා. මේ අභිරහස් මිනීමැරුම් මාලාව විමර්ශනය කරන්න මහජන ආරක්ෂක 9 වන අංශයේ බටෝ සහ ඔහුගේ නව සහකරු වන තොගුසා වෙත පැවරෙනවා. රොබෝවරුන් මේ විදිහට හැසිරෙන්නෙ ඇයි? ඔවුන්ගේ පද්ධතියට ඇතුළු වුනු වෛරසයක් නිසාද? එහෙම නැත්නම් මේකට පිටුපසින් තියෙන්නේ කවුරුවත් නොහිතන මහා පරිමාණ රහසක්ද? මේකෙ පිටිපස්සෙ ඇත්තටම ඉන්නෙ කවුද? බටෝ සහ තොගුසා මේ ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද? ලිහාගන්න බැරි තරම් පැටලුණු දේශපාලන කුමන්ත්‍රණ, හැකර්වරුන්ගේ සයිබර් ප්‍රහාර, සහ තාක්‍ෂණික ලෝකයේ අඳුරු පැතිකඩයන් මැදින් බටෝ සහ තොගුසා යන මේ ගමන කෙළවර වෙන්නේ කොතැනින්ද කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹන්නම වෙනවා.
මෙහි එන දෘශ්‍ය ප්‍රයෝග සහ සංගීතය ඔබට සැබෑ අනාගත සයිබර් ලෝකයකට පියනඟන්නක් වගේ අපූර්ව අත්දැකීමක් ගෙන දේවි. විද්‍යා ප්‍රබන්ධ, දර්ශනවාදය සහ අභිරහස් පරීක්ෂණ ගණයේ සිනමාපටවලට ආදරය කරන ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු මේ විශිෂ්ට සිනමා පටය, සිංහල උපසිරැසි සමඟින් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා! මේ චිත්‍රපටයෙන් පස්සෙ වෙනස්ම කතා රාමුවක් එක්ක දිවෙන Ghost in the Shell: Stand Alone Complex ඇනිමෙ කතා මාලාවටත් උපසිරැසි ගන්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මේ දිනවල සතිපතා විකාශය වෙන The Ghost in the Shell (2026) නරඹන්නත් අමතක කරන්න එපා. කතාව සහ උපසිරැසි ගැන ඔයාගෙ අදහස පහළින් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් Happy Anime!
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Ghost in the Shell 2: Innocence (2004) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය BluRay පිටපත් සඳහා වලංගු වේ.
93 downloadsDownload Ghost-in-the-Shell-2-Sinhala-Subtitles.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Thriller
- Animation
- Crime
- Sci-Fi
- Detective
- Mystery
- Sinhala Subtitles
- Adventure
- Anime
- Adult Animation
- Cop Drama
- Hand-Drawn Animation
- #Akio Ôtsuka
- #Anime
- #Anime Movie
- #Atsuko Tanaka
- #Berserk: The Golden Age Arc III - The Advent (2013) Sinhala Subtitles
- #Editor's Pick
- #ghost in the shell 2
- #Ghost in the Shell 2: Innocence
- #Kazunori Itô
- #Mamoru Oshii
- #MaxxA
- #Movie
- #Offbeat
- #Rao Rames
- #Shirow Masamune
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Tomio Oki
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Ishan Madusha
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තූතියි උපසිරැසියට.