ආයුබෝවන් යාළුවනේ. ඉතිං පහුගිය දවස් වල ගොඩක් රාජකාරී බහුල වුණ නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නත් බැරිවුණා. කොච්චර රාජකාරි බහුල වුණත් දැන් සබ් දාන වැඩේ නම් අතාරින්න හිතෙන්නෙම නෑ. කොහොම වෙලා හරි ඔන්න අදත් ඔයගොල්ලන්ට බලන්න සුන්දර සිනමා කෘතියක් අරගෙන ආවා. මේ චිත්‍රපටය ගැන මගේ මතකය අලුත් කරොත්, මේ චිත්‍රපටය…

ආයුබෝවන් යාළුවනේ. ඉතිං පහුගිය දවස් වල ගොඩක් රාජකාරී බහුල වුණ නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නත් බැරිවුණා. කොච්චර රාජකාරි බහුල වුණත් දැන් සබ් දාන වැඩේ නම් අතාරින්න හිතෙන්නෙම නෑ. කොහොම වෙලා හරි ඔන්න අදත් ඔයගොල්ලන්ට බලන්න සුන්දර සිනමා කෘතියක් අරගෙන ආවා.
මේ චිත්‍රපටය ගැන මගේ මතකය අලුත් කරොත්, මේ චිත්‍රපටය තිරගත වූ 2010 අවුරුද්දේම තමයි මම මේ චිත්‍රපටය මුලින්ම බැලුවෙ. ඒ මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයෙ සිනමාව ගැන ඉගෙන ගන්නකොට. එතකොට මම දෙවන වසරෙ. ඉතිං එදා මුල් වරට බැලුව මේ සුන්දර සිනමා සිත්තම තදින් මගෙ හිතට කා වැදුණා.
ඒකට හේතු කීපයක් තිබුණා…චිත්‍රපටයේ තිබුණු සිනමාරූපීභාවය, චිත්‍රපටය තුළින් කතා කරන මාතෘකාවේ සමීපබව, සංස්කරණය, පිටපත රචනයේ ශූර බව හා රංගන ශිල්පීන්ගේ විශිෂ්ට රංගනය, ඉන් කිහිපයක්… ඉතිං අද ඔයාලට මේ චිත්‍රපටය දෙන්න තවත් හේතුවක් තිබුණා. ඇත්තම කීවොත්, මේ වෙලාවෙ මේ සිනමා සිත්තම ගැන මතකයට ආවෙත් ඒ නිසා. මම රාජකාරි කරන පළාතෙ මේ වෙනකොට මැතිවරණයකට ලෑස්තිවෙනවා. ඉතිං මේ දවස් වල මම පාරෙ තොටේ, ගම් දනවි වල දකින සිදුවීම්. නිර්මාණාත්මකව මේ සලරුවේ දක්වලා තියනවා.
මේ සලරුවේ කතා කරන ප්‍රධාන කරුණ, ගොවියාගේ ණය බර. අපේ රටෙත් වගා ණය ගෙවා ගන්න බැරිව කොච්චර ගොවි මහතුන් පිරිසක් දිවිනසාගන්නවද? ඉන්දියාවට, වගේම අපේ රටටත් ගැලපෙන තත්කාලීන සමාජ ප්‍රශ්නයක් මේ සලරුවෙන් එක් පැත්තකින් දිගහරිනවා. අනෙක් පැත්තෙන්, දූෂිත බල ලෝභී දේශපාලනයේ නිරුවත හෙළි කරනවා. මෙතනදි, පිටපත රචනයේ දී, යොදාගෙන ඇති දෙබස් හා යොදාගෙන ඇති කෙටි ගීත ඛණ්ඩ කිහිපයේ පද රචනයන් පවා, නිර්මාණයේ ප්‍රස්තුතයට ඉතාම ගැලපෙන ආකාරයට යොදාගෙන තිබෙනවා.
ඉතිං ඒ විස්තරය ප්‍රමාණවත් කියලා මම හිතනවා. සලරුවේ නිර්මාපක පැත්ත ටිකක් බැලුවොත්, මේ සලරුව අධ්‍යක්ෂණය කරල තිබෙන්නේ, Anusha Rizvi. පිටපත රවනා කරල තියෙන්නෙත් එයාම තමා. නිෂ්පාදන දායකත්වය ලබා දීලා තියෙන්නෙ, කවුරුත් දන්න Aamir Khan. ප්‍රධාන වරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙන්නේ, Omkar Das, Raghubir Yadav, Shalini Vatsa, Naseeruddin Shah ඇතුළු පිරිසක්. IMDB දර්ශකයේ 7.6 අගයක් ලබා ගැනීමට මෙම සලරුව සමත්වෙලා තිබෙනවා.
චිත්‍රපටයේ කතාව ගැන ටිකක් බැලුවොත්, ඉන්දියාවෙ මුඛ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිටිසර ගමක් වන පීප්ලි කියන ගමේ ජීවත් වෙන, නාථා දාස් මාණික්පූරි හා බුධියා කියන අහිංසක ගොවි සහෝදරයන් දෙදෙනා හා ඔවුන්ගේ පවුල වටා තමයි මෙම කතාව ගෙතී තිබෙන්නේ. තමාගේ එකම කුඹුර බැංකුවට සින්න වීම නිසා, නාථා දාස් තමා සියදිවි නසා ගන්නා බවට ප්‍රකාශ කරනවා…ඊට පස්සෙ මොකද වෙන්නෙ….?
හැමදාම කාඩ්බෝඩ් වීරයන් අතරෙ කොටුවෙලා ඉන්නැතිව මේ යථාර්තවාදී සලරුව, බැලූ, නොබැලූ හැමටම අනිවාර්යයෙන් බලන්න කියල මම ආරාධනා කරනවා. ආයෙත් සුන්දර සලරුවක් අරගෙන එන බලාපොරොත්තුවෙන් එහෙනම් ඔන්න මම ගියා…..
EEB999F9B0E4D7D7543EDB8B54776FC364CA8402 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,051 downloadsDownload Peepli.Live_.2010.baiscopelk.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/රුවන්-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුවන් සම්පත්
Subtitles
31 comments
නලින්
nuwantha
thanq machn... (y)
chandima amarasinghe
ela ela wanasakatat akka mawaga awa ona asawen balanna puluwan katawak waga thaz.... subapatum.
arrow4srilanka
ඔන්න බාගත්තා…සබ් එකට බොහොම ස්තූතියි සහෝ…ජය වේවා… :D
warne
film eka balala kyanna kohomada kyla kastiya.....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔව් සහෝ,
මේකනම් සුපිරීම සුපිරි ෆිල්ම් එකක්..
මාත් බැලුවා...
මේ ෆිල්ම් එකේ භාෂාව, සහ ප්‍රධාන චරිත දෙකේ නූගත් කම් එහෙම ලසනට පෙන්නලා තියෙනවා..
ලස්සනම ලස්සන ෆිල්ම් එකක්..
හැමෝම බලන්න කියලා ඉල්ලනවා...
ජය වේවා..Sisira Hegoda
Thanks.
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!Isuru
මේ වගේ හොඳ නිර්මාණ බලන්න ලැබෙනවා හරි අඩුයි! හුඟක් හින්දි ෆිල්ම් වල පෙන්වන සුරංගනා ලෝකය නෙමෙයි, ඇත්තටම ඉන්දියාවෙ තියෙන්නේ. මේ වගේ චිත්‍රපටි වලින් අපිට ඉන්දියාවේ ස්වභාවික පරිසරය, ජීවන පැවැත්ම දැක බලාගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ඒව බලන්න මම හරි ආසයි. ඉතින් අදම මේක බාගෙන බලනවා. සබ් වලට ගොඩක් ස්තුතියි!
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
hewat
මමනම් හිතන්නේ මේ වගේ විකාරයකට කාලය යොදවපු එකෙන් කිසිම තේ රුමක් නෑ කියල.මීට වඩ කොයි තරම් සුපිරි නිර්මාන තියෙනවද
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Jack
නියම කතාවක් සහෝ.
ස්තුතියි සබ් එකට.කේ.යූ.ජී. උදාර
මේක විශිෂ්ට නිමැවුමක්...........
හින්දි බලන නොබලන හැමෝටම මේක බලන්න කියල ඉහළින් ම නිර්දේශ කරන්න කැමතියි.
මේ වගේ වටින සලරුවක් සිංහලෙන් හැඩ කළාට බොහොම ස්තූතියි සහෝ.yeshu
tnx
“චූටී මල්ලි”
වෙලාවක බලන්න ඔනි මචෝ
හොද එකක් වගෙ
සබට තුති
ඔබට ජය.........Aditha Praween
කතාව නම් පට්ට වගෙ .
ජය පතනවා කොල්ලෝ .
දිගටම සබ් දෙන්න .
:Dනිරෝෂ්
ස්තුතියි රුවන්.විශිෂ්ඨ බොලිවුඩ් සිනමා කෘතියක්.කවද හරි සබ් දේවි කියලා බලන් හිටියෙ.ජය වේවා ! පුළුවන් නම් Ship of Theseus චිත්‍රපටියටත් දෙන්න..
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ, දිගටම සබ් දෙන්න,ජයවේවා.
jayani chathupraba
Thank youu
inoka perera
thanks
Naween
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ...
ඔබට ජය....!Dulanga
thanks
රොයිලි
බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Chamindu
ගොඩක් ස්තුතියි මෙවන් නිර්මාණයක් ගෙනාවට ජය වේවා!
sisiya
සබ් නියමෙට තිබ්බා... මරු ෆිල්ම් එකක්... තාත්ත්වික කතාවක්... ස්තූතියි මේ වගේ ස්ටෝරිවලට සබ් දාන එකට.. තෑන්ක්ස්..
Menu
Thank you!
tiron
මට මඟ හැරුණු බොලිවුඩ් ෆිල්ම් එකක්.අද නිකමට වගේ search කලාම දැක්කෙ මේක තියෙනවා කියල.බොහොම ස්තුතියි ඔබට.
tbsdarshana
ship of Theseus film eka ta sub ekak danawada,
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි රුවන් සහෝදරයා!
ඇත්තටම අපිට මෙවගේ නිර්මාණ බලන්න ලැබෙනවා අඩුයි!
ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහාන්සි නෙබලා මෙවන් නිර්මාණයක් ගෙනාවට
ජය වේවා!