ආයුබෝවන්! ☺ කියලා හැමෝවම පිලිගන්නවා. අද මං අරන් එන්නේ ලඟදි Release වුන හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 7.9/10 IMDb අගයක් වගේම 86% ක ගූගල් පරිශීලක අගයක් ලබාගෙන තියෙනවා. පැය 2යි විනාඩි 9ක වගේ කාල සීමාවක් ධාවනය වන මේ චිත්‍රපටය ස්පෝට් පැත්තට හැරෙන කතාවක්. ස්පෝට් කියල කිව්වට මේ කතාවෙත් හැම තරඟ බිමක වෙන…

ආයුබෝවන්! ☺ කියලා හැමෝවම පිලිගන්නවා. අද මං අරන් එන්නේ ලඟදි Release වුන හින්දි චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 7.9/10 IMDb අගයක් වගේම 86% ක ගූගල් පරිශීලක අගයක් ලබාගෙන තියෙනවා. පැය 2යි විනාඩි 9ක වගේ කාල සීමාවක් ධාවනය වන මේ චිත්‍රපටය ස්පෝට් පැත්තට හැරෙන කතාවක්. ස්පෝට් කියල කිව්වට මේ කතාවෙත් හැම තරඟ බිමක වෙන පුංචි හරි වගේ අසාධාරණයක් සිද්ධ වෙනවා. හැබැයි මේ කතාවෙදි එහෙම පුංචි අසාධාරණයක් ගැන නෙමෙයි මේ කතාව ගෙතෙන්නේ.

  • Initial release: October 15, 2021
  • Director: Akarsh Khurana
  • Story by: Nandha Periyasamy
  • Music by: Amit Trivedi
  • Production company: RSVP Movies

මේ චිත්‍රලටයේ ප්‍රධාන චරිතය වශයෙන් Taapsee Pannu වගේම Priyanshu Painyuli, Sweta Thripathi, Abhishek Banerjee, Supriya Pathak, Namitha Dubey… ආදී නළුනිළි කැළක් තම රංඟනයෙන් දායකත්වය දක්වනවා.

රශ්මි… රශ්මි කියන්නේ පුංචි කාලේ ඉඳලම කොල්ලෙක් වගේ ලමයෙක්. මොකද කියනව නම් මේ රශ්මිට දුවන්න තියෙනව නම් වෙන දෙයක් ඕන නැති තරම්. මං එහෙම කිව්වේ මේ රශ්මි පොඩි කාලේ ඉඳලම දුවන්න හරිම දක්ෂයි. දක්ෂයි කිව්වට ඒ ගමටම ඉන්න වේගවත්ම ලමයා කිව්වොත් මං හරි. හැමෝම දන්නවා දුවන තරඟයක් තිබ්බොත් කොල්ලෙක් කෙල්ලෙක්ට වඩා වැඩි වේගයකින් දුවන විත්තිය. ඒ කෙල්ලෙක්ට වැඩිය කොල්ලෙක් ගාව තියෙන ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහල අගයක් ලබා ගන්න නිසා. ඒකයි කොල්ලෙක් කෙල්ලෙක්ට වඩා වැඩි ක්‍රියාකරකම් වලින් ඉදිරියෙන් ඉන්නේ. හරි ඉතින් මේ අපි හැමෝම දන්න කතාවනේ. මං ආයේ කතාව පැත්තට හැරෙන්නම්..,

රශ්මිගේ අම්මා භානුබෙන් නිතරම කියන්නේ කෙල්ලෙක් නේ කෙල්ලෙක් විදියට ඉන්න කියල. මොකද මේ රශ්මි හැසිරෙන්නෙම කොල්ලෙක් වගේ. හැබැයි රශ්මිගේ තාත්තා රශ්මිට ෆුල් සපෝට්. රශ්මි දුවනවට තාත්තා කැමතියි. රශ්මි කොච්චර වේගවත්ද කියනව නම් එයාගේ තාත්තා එයාට කියන්නේ රොකට් කියලා. රශ්මිගේ අම්මා බර බරේ දැම්මට රශ්මි නම් කවදාවත් කියන දේ නම් ඇහුවේ නෑ. හැබැයි ඉතින් හරි ආදරෙන් ඉන්න පවුලක් තමයි මේ. හදිසි අනතුරක් නිසා රශ්මිගේ තාත්තා රශ්මිගේ ඇස් ඉස්සරහම නැතිවෙනවා. ඒ කම්පනයත් එක්ක රශ්මි හැමදාටම දිවීමට සමුදෙනවා. කාලයත් එක්ක රශ්මි දැන් ලොකු කෙල්ලෙක් වෙනවා. රශ්මි ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. එහෙම රශ්මිට කැප්ටන් ගගන්ව හම්බවෙනවා. ගගන් ගේ ධෛර්‍ය පෙරැත්ත මත රශ්මි මලල ක්‍රීඩා වලට සහභාගි වෙනවා. එදායින් පස්සේ රශ්මි හැම තරඟයකින්ම ශූරිය බවට පත් වෙනවා. මෙතෙක් කල් තිබුනු හැම රෙකෝඩ් එකක්ම රශ්මි කඩනවා. මේ වෙනකන් රශ්මි තියන රෙකෝඩ් කාටවත්ම කඩන්න බැරි වෙනවා. රශ්මි එන්න කලින් ශූරිය උන නිහාරිකා ගේ තාත්තා මේ තරඟාවලි සංගමයේ කොටස් කාරයෙක්. තමන්ගේ දුවට තිබුනු තැන නැති වුන එකට නම් ඔහු වැඩි කැමැත්තක් නම් දක්වන්නෑ. තරඟා වලි කීපයකින්ම පස්සේ 2014 ඔක්තෝබර් 05 වෙනිදා රශ්මිට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඒ මොකක්ද කියල ඔයාලම චිත්‍රපටය බලලා දැනගන්න. මෙතනින් එහාට මං කතාව ගැන නම් විස්තර කරන්න යන්නෑ… මොකද මෙතනින් තමා කතාව පටන් ගන්නේ.

එහෙනම් මේ කතාව ගැන කිව්වා හොඳටම ඇති. තවත් උපසිරැසියකින් ලඟදිම මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් හැමෝටම සුබ දවසක්!! කියලා මං මෙතනින් නතර වෙනවා.

සුභ දවසක්!! ජය වේවා!!
STAY SAFE…

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,619 downloadsDownload Rashmi-Rocket-2021.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,619 downloadsDownload Subtitles68 KB

29 comments

  1. Anonymous

    Thanks

  2. Anonymous

    මේවා දෙන වෙලාවෙ සර්දාර් උදම් එකට සබ් දෙන්ඩලාකො

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  5. Kushan

    Sub akta thanks

  6. Anonymous

    thanks for sub

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Naveen

    උපසිරසියට තුති

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Jevan

    Thanks machi

  11. Anonymous

    Patta

  12. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  13. මයිකි

    බොහොම ස්තුතියි මේ ෆිල්ම් එක බලන්න සබ් දුන්නට

  14. Samith

    Thanks brother

  15. Anonymous

    thanks khan

  16. Anonymous

    Most Eligible Bachelor(2021)
    Sardar udham(2021) sub dennko

  17. Lahiru

    Thanks saho

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. Lasantharathnasirirox

    Tnx රුක්ෂාන්..ජයවේවා..gd luck..!

  20. Anonymous

    සබට තෑන්ක්ස් මචන්

  21. Rajitha

    ස්තුතියි සහෝ

  22. Anonymous

    උපසිරසියට ස්තුතියි

  23. Anonymous

    Thank you

  24. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි

  25. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  26. Anonymous

    Jai bhim – 2021 sub plz

  27. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!