ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න 2020 නිකුත් වුන තවත් අලුත් ෆිල්ම් ඒකක උපසිරසියක් අරන් අවා. මේක නම් ටිකක් විතර Horror type එකේ ෆිල්ම් එකක් කිවොත් නිවැරදියි. මේ ෆිල්ම් එකට ජනප්‍රිය රංගන ශිල්පින් කීප දෙනෙකුකේ රගන දායකත්වයත් ලැබිලා තියෙනවා.මිනිසුන්ට මුදල් වෙනුවෙන් ඕනෑම අපරාධ ක්‍රියාවන්ට යොමු වීමේ හැකියාව…

ආයුබෝවන් යාලුවෝ හැමෝටම. ඔන්න 2020 නිකුත් වුන තවත් අලුත් ෆිල්ම් ඒකක උපසිරසියක් අරන් අවා. මේක නම් ටිකක් විතර Horror type එකේ ෆිල්ම් එකක් කිවොත් නිවැරදියි. මේ ෆිල්ම් එකට ජනප්‍රිය රංගන ශිල්පින් කීප දෙනෙකුකේ රගන දායකත්වයත් ලැබිලා තියෙනවා.මිනිසුන්ට මුදල් වෙනුවෙන් ඕනෑම අපරාධ ක්‍රියාවන්ට යොමු වීමේ හැකියාව පවතින බව චිත්‍රපටය බැලීමෙන් ඔබට පැහැදිලි වෙන දෙයක් වෙනවා.
චිත්‍රපට රැසක උපසිරසි නිර්මාණ එළිදක්වන Baiscopelk වෙබ් අඩවිය තවදුරටත් සාර්ථකව කරගෙන යාමට සුබ පතන ගමන්ම ෆිල්ම් storyය ගැන ටිකක් කියන්නම්…..
සිරගෙදරින් නිදහස් වූ ක්‍රිම්සන් නැවත ජීවිතය අලුතන් ඇරබිම සදහා වෙස්ටර්න් නගරයේ පිහිටි එක්තරා විදියකට (PENANCE LANE) වෙත පැමිණේ…ඔහු විදියට පැමිණේන්නේ නව රැකියාවක් සොයන්නකු ලෙසින් වුවත් ඔහුගේ තවත් අරමුණක්ද පවති.
කෙසේ වුවත් ඔහුට මේ විදියේ පිහිටි එක්තරා නිවසක භාරකරු ලෙස රැකියා කිරීමට අවස්ථාව හිමිවේ.ඒ නිවස අලුත්වැඩියා කරන්නකු ලෙසටය. නමුත් ඔහුගේ ජිවිතයේ සතුරන් මෙන්ම මිතුරන්ද බොහෝ පිරිසක් සිටින බව පෙනී යයි. ඔවුන්ද මේ විදියේ …ඇති නිවස පිළිබද විමසිල්ලෙන් පසුවන පිරිස් ය. ක්‍රිම්සන් මෙ නිවස සොයා එන්නේ ඔහුගේ මිතුරකුගේ ගනුදෙනුවක් අවසන් කර දීම සදහා බව යම් සිද්ධින් වලින් පෙනීයයි. PENANCE LANE හි පිහිටි එම නිවස තරමක් ජරාජීරණ මෙන්ම අපරාධ රැසකට තෝතැන්නක් වූ ස්ථානයක් බවට පත් වූ තැනකි.මෙම අපිරිසිදු වූ නිවසෙ පළමු රැකියාව බාර ගන්නා මැතිව්ට අවසානයේ සිදුවන්නේ කුමක්ද? අභිරහස් සිදුවීම් රැසක් මේ චිත්‍රපටය පුරා ඔබට දැකිය හැකි වෙනවා. අමනුසික මිනිස් දඩයම් හා වෙනත් විකෘති වූ ක්‍රියාකාරකම් රැසකට තෝතැන්නක් වූ මේ නිවස තුල සැබවින්ම සිදුවන්නේ මොනවාද ? මේ සියලු අපරාධ වල පිටුපස සිටින්නේ කවුරුන්ද ?ක්‍රිම්සන් මැතිව්ට මෙම නිවස තුල සිදුවන අබිරහස විසදා ගනිමින් තම අරමුණට ලගා විය හැකිද?යන්න චිත්‍රපටය නැරබීමෙන් තුලින් ඔබට සොයාගත හැකි වනු ඇත.
2020 වර්ෂයේ අප්‍රේල් 20 එලි දකින මෙම චිත්‍රපටය Drama, Horror, Mystery කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වන අතර මෙහි අධ්‍යක්ෂක වන්නේ Peter Engert ය. චිත්‍රපටයට 5.0 IMDb අගයක් පවතී.චිත්‍රපට සදහා ජනප්‍රිය රංගන ශිල්පින් රැසකගේ දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන රගන් ශිල්පින් ලෙස Scout Taylor–Compton-( as Sherry) Daniel Roebuck-(as Sheriff Denny Wilson) Tyler Mane-(as Crimson Matthews) John Schneider-(as Father John) රංගන දායකත්වය ලබා දේ ඉතින් යාළුවනේ ඔයාලත් ෆිල්ම් එක බලලා ඔයාගේ අදහසත් comment කරන්න.තවත් නිර්මාණයකින් අයේ හම්බවෙමු
හැමෝටම ජය!!!!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,369 downloadsDownload Penance-Lane-2020.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අමිල ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අමිල ජයසිංහ
Subtitles
14 comments
Rumesh Asanka
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
thank you
indika75
thanks..
Suranjan
Thanks jayawewa.....!
Dilip Kumara
jayaweewa... BS..
gayanmagee
tthanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
suranuwan
thanks bro....
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Penance Lane (2020) Sinhala Subtitles | අභිරහස් නිවස [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/penance-lane-2020.jpg)
thank you