Watch Trailer

Tere Naam (2020) Sinhala Subtitles | දිව්‍යමය පෙමක් සොයා … [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතිං? අද මේ ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ පැය 2 විනාඩි 16ක් දිවෙන සල්මන් ඛාන් , භූමිකා චවුලා රංගනයෙන් හැඩවුන ලස්සන ම ලස්සන ආදර කතාවක්. 2003 වසරේ දී නිකුත් වෙච්ච මේ ආදර කතාව 2004 වසරේ ෆිල්ම් ෆෙයා සම්මාන උළලේ දී හොදම නලුවා, හොදම නිලිය, හොදම අධ්‍යක්ෂනය වගේ සම්මාන ලබපු, තවත් සම්මාන උළෙල කිහිපයක් ම නිය…

කොහොමද ඉතිං? අද මේ ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ පැය 2 විනාඩි 16ක්  දිවෙන සල්මන් ඛාන් , භූමිකා චවුලා රංගනයෙන් හැඩවුන
ලස්සන ම ලස්සන ආදර කතාවක්. 2003 වසරේ දී නිකුත් වෙච්ච මේ ආදර කතාව 2004 වසරේ ෆිල්ම් ෆෙයා සම්මාන උළලේ දී හොදම
නලුවා, හොදම නිලිය, හොදම අධ්‍යක්ෂනය වගේ සම්මාන ලබපු, තවත් සම්මාන උළෙල කිහිපයක් ම නියෝජනය කරපු IMDB සිනමා දර්ශකයේ 
7.2/10 ලකුණු ලබපු සිනමා පටයක්.

රාදේ. විශ්ව විද්‍යාලයක  අවුරුදු කීපයක් විභාග අසමත් වෙමින් ඉන්න චරිතයක්. චන්ඩියෙක්. හිත හොද චන්ඩියෙක් කිව්වත් වරදක් නෑ.මෙයාට පණ ඇරලා ආදරේ කරන 
යාලුවො තුන්දෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ විද්‍යාලයේ තියන චන්දෙකට ඉදිරිපත් වෙලා ඒකෙන් රාදේ දිනන තැනින් තමයි මේ කතාව පටන් ගන්නේ. මේ විද්‍යාලයට 
 අලුත් එන ශිෂ්‍යයන් අතරේ නිර්ජරා කියන ලස්සන ගෑණු ළමයත් ඉන්නවා. මෙහේ වගේ එහෙත් රැග් සීන් තමයි. සීනියර් නිසා රාදේ තමයි නිර්ඡරා ව රැග් කරන්නේ.  
ඔය අතරේ නිර්ජරා ට රාදේ ආදරේ කරන්න පටන් ගන්නවා.

නිර්ජරා. කෝවිලේ පූඡක තුමාගේ ලස්සන දූ. අහිංසක රූපයක්, ලස්සන කටහඩක් තියන නිර්ඡරා විභාය හොදින් සමත් වෙලා රාදේ ඉන්න විශ්ව විද්‍යාලයට ම යන්න 
ලැබෙනවා. එයා දන්නේ නෑ එයා රැග් කරන රාදේ ම එයාට ආදරේ කරනවා කියලා. දැනගත්තට වැඩකුත් නෑ, මොකද ඒ වෙද්දිත නිර්ඡරා ගේ විවාහය තීන්දු වෙලා ඉවරයි. 

ටිකක් අවුල් වගේ නේ ...? අවුල් ලිහාගන්න මේක අරන් බලන්න. කලින් බලපු එක්ක නම් කමක් නෑ, ආයේ උපසිරැසි එක්ක ම බලන්න. කතාවේ ටිකයි ලියලා තියෙන්නේ. රාදේ
නිර්ඡරා ආදරේට මොකද වෙන්නේ? නිර්ඡරාට තීන්දු වෙච්ච මනමාලය මේ දෙන්නගේ ආදරේට මොනවගේ දෙයක් කරාවිද? කියන දේ දැනගන්න මේක අරන් බලන්න ම වෙනවා.

අන්තිමට නිර්ජරා රාදේ ව .... [ඒක ලියන්නේ නෑ, ඔයාල ම බලන්න.]

https://www.youtube.com/watch?v=KB98AlAaBeo

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කැළුම් ගුණසේකර

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

0 comments

No comments yet.