Watch Trailer

Peranbu (2019) Sinhala Subtitles | ලෝකය ඇයි මෙතරම් කුරිරු? [සිංහල උපසිරැසි සමඟ]

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්…

කවදාහරි බලලා තියෙනවද Imdb දර්ශකය 9.7ක් වගේ ඉහලම අගයක් වෙනකම් කැරකිච්ච චිත්‍රපටියක්? ඒකත් මනාප 100කින් 200කින් වගේ සොච්චමකින් නෙමෙයි… මේ සටහන ලියවෙන මොහොත වෙනකොට 8500 කට අධික මනාප ප්‍රමාණයකින්. තව කාරණාවක්, මේක දෙමල චිත්‍රපටියක් කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, අතාත්වික සටන්, මල් ගස් වටේ දුවන සින්දු තියෙනවා කියලා සමහරක් පොශ් මහත්වරු අතෑරලා දාපු දමිල සිනමාවෙන් තමයි මේ අති දැවැන්ත, දුර්ලභ නිර්මාණය බිහිවෙන්නෙ. වැඩිය අටුවා ටීකා කියන්න යන්නෙ නැහැ, චිත්‍රපටියකට ලබාගන්න පුළුවන් උපරිම අගයක් වෙච්ච 9.7ක් වගේ දැවැන්තම අගයකින් සැරසිච්ච මේ අනගි නිර්මාණය මේ වෙනකොට හොඳම ඉන්දියානු චිත්‍රපට ලැයිස්තුවේ 66 වෙනි ස්ථානය තමන් සන්තක කරගෙන ඉන්නවා.

47 වෙනි රොටර්ඩෑම් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී 2018 වර්ෂයේ ජනවාරි 27 වෙනිදා තිරගත වෙච්ච, එම වසරේම ජුනි 18 වෙනිදා චීනයේ ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීද තිරගත වෙච්ච, ඉන්දියානු පැනරෝමා කාණ්ඩය යටතේ 49 වෙනි ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේදී පවා තිරගත වෙච්ච මේ සිනමා සිත්තම සිනමා ශාලා ආක්‍රමණය කරන්න පටන් ගත්තෙ 2019 වර්ෂයේ පෙබරවාරි පළවෙනිදා ඉඳන්. ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ ඉන්දියානු චිත්‍රපට රසිකයන් බොහොම හොඳින් දන්නා අඳුරන මෙගා ස්ටාර් Mammootty විසින්. ඔහුට අමතරව දෙවන ප්‍රධාන චරිතය සඳහා Sadhana නම් නව යොවුන් තරුණිය උත්කෘෂ්ඨ රංගන දායකත්වයක් ලබාදෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් නොකරම බැහැ, යුවන් ශංකර් රාජා නම් අද්විතීය සංගීතඥයාගේ හද කීරී ගන්වන සප්ත ස්වරයෙන් හැඩ ගැන්වුණු මේ විශිෂ්ඨ සිනමා නිර්මානය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ සම්මානනීය අධ්‍යක්ෂක Ram විසින්.

මේ කියන්න යන්නෙ කතාවක් නම් නෙමෙයි…
මේ බලන්න යන්නෙ චිත්‍රපටයකුත් නෙමෙයි…
හදවතට කතා කරන්න පුලුවන් කවි ගැන අහලා තියෙනවද?
ඇහැට පේන දේට වඩා තව දේවල් දහස් ගාණක් හදවතට තට්ටු කරලා කියන්න පුලුවන් සිනමා නිර්මාණ ගැන අහලා තියෙනවද?
අහලා තිබුණත්, නැතත් කමක් නැහැ,
මේ අවස්තාව ඒ වගේ අත්දැකීමක් ලබාගන්නයි!

නොවිදිනා දුක් විඳලා, දස මාසයක් කුසේ තියාගෙන ඉඳලා,
අම්මා කෙනෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරනවා.
ඒ දරුවට කන්න බොන්න දීලා,
අවශ්‍ය හැම දෙයක්ම ලබාදීලා,
අඩුවක් පාඩුවක් නැතිවෙන්න ඒ දරුවව උස් මහත් කරනවා තාත්තා!
පොඩ්ඩක් ඉන්න…

මේ ලෝකෙට ඉපදෙන අපි හැමෝම සාමාන්‍ය මිනිස්සු නෙමෙයි…
කොටසක් දෙනා සාමාන්‍ය විදියට ඉපදෙද්දි,
තවත් කොටසක් දෙනා විවිධ අඩුපාඩු සහිතව ඉපදෙනවා…
මේ තමයි ලෝක නියමය!
ලෝක නියමයට පිටුපාන්න තරම් ජගතෙක් මේ ලෝකෙ නැහැ!

දරුවෙක් සාමාන්‍ය විදියට ඉපදුනොත් ඒක ඒ දෙමවුපියන්ට සතුටට කාරණාවක්…
එතකොට දරුවෙක් අඩුපාඩු සහිතව ඉපදුණොත් එහෙම…?
ඒ දරුවා ජීවත් වෙනකම් ඒ අම්මයි තාත්තයි නොවිඳිනා දුක් විඳ විඳ,
හිතෙන් හැමදාමත් මැරි මැරි ජීවත් වේවි!
එහෙමත් නැත්නම්, ඒ අම්මගෙයි තාත්තගෙයි ජීවිතේ අවසානය වෙනකම්ම,
හිතෙන් හැමදාමත් මැරි මැරි ජීවත් වේවි!

මේක මං මෙහෙම කිව්වට ගොඩක් දෙනාට තේරෙන එකක් නැහැ…
ගොඩක් දෙනෙක් විකාරයක් විදියට දකීවි…
ඒත්, එහෙම අඩුපාඩු සහිතව දරුවො ඉපදිච්ච අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් දිහා හොඳට බලන්න…
වචන වලට පිටකර ගන්න බැරි දාහක් දේවල් ඔබට දකින්න පුලුවන් වේවි.

ඇයත් හරිම ලස්සන දරුවෙක්…
ආදරයට කියන්නෙ පාපා කියලා…
හැබැයි, සාමාන්‍ය දරුවෙක් නම් නෙමෙයි.
විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්…
උපතින්ම මොළයේ ගැස්මක් සහිත ආබාධයකින් පෙලෙන කෙනෙක්…
කට පැත්තකට ඇල වෙලා…
අත පය කොර වෙලා ගිහිල්ලා…
තනියම ඇවිදින්න හරිම අමාරුයි…
ඒ විතරක් නෙමෙයි, කතා කරගන්න පවා අමාරුයි…
හැබැයි, ඒත් අපි වගෙම මනුස්ස ප්‍රාණයක්!
සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපි වගේම හැඟීම් දැනීම් තියෙන ජීවිතයක්!
තාත්තා රට ඉඳලා එනකොට පාපාව දාලා අම්මා වෙන මිනිහෙක් එක්ක පැනලා යනවා.
එදා ඉඳලා මේ අහිංසක කෙල්ලට හැම දේටම හිටියෙ ඒ තාත්තා විතරයි.
කෙලවරක් නැති ප්‍රශ්න…
එක ප්‍රශ්නයක් යනකොට තව ප්‍රශ්න දහයක් විතර ඇවිල්ලා…
මේ ආබාධිත ගැහැණු දරුවයි, අහිංසක තාත්තයි,
මේ දේවල් වලට කොහොම මූණ දේවිද?
අවසානයේ ඔවුන්ගේ ඉරණම ක්‍රියා කරන්නෙ මොන විදියටද?

හිතේ කරදර නැති නිස්කලංක වෙලාවක් තෝරගන්න…
බලන්න ගන්න මේ අනගි නිර්මාණය…
ඇස් දෙකෙන් විතරක් නෙමෙයි,
හදවතින්, බුද්ධියෙන් විචාරය කරන්න…
අපි මේ ජීවත් වෙන්නෙ කොච්චර නම් කුරිරු සමාජයකද?
ඇයි ලෝකය මෙච්චර දරුණු?
ඒ වගෙම තමයි, ඇයි සොබාදහම මිනිස්සුන්ට මේ තරම් අකාරුණික වෙන්නෙ?
අම්මා කෙනෙක්ට, තාත්තා කෙනෙක්ට දරාගන්න බැරි විදියෙ දුකක් දෙන්නෙ එයාලා මොන වරදක් කලාටද?
කොච්චර දුක් කරදර, ප්‍රශ්න ආවත් තමන්ගෙ දරුවන්,
තමන්ගෙ පණටත් වඩා ආරක්ෂා කරන්න අම්මා තාත්තා කෙනෙක් කොච්චර නම් උතුම්ද!

මේ අරුත්බර කවිය රසවිඳින්න…
අඬන්න ඕනෙ නම් අඬන්න…
විඳින්න ඕනෙ නම් විඳින්න…
විඳවන්න ඕනෙ නම් විඳවන්න…
ලෝකේ උතුම්ම පදවිය…
අම්මා – තාත්තා!
ඔවුන් දෙපළට මේ සිනමා නිර්මාණය උපහාරයක්ම වේවා!

(ප.ලි. – බලන්න හිතුනෙ නැද්ද? කමක් නැහැ. මේ ලෝකේ දුර්ලභ, වටිනා කියන දේවල් හිමිවෙන්නෙ සීමිත පිරිසකට විතරයි කොහොමත්. ඔබගේ නොලැබීම කියලා හිත හිතාගෙන සාම්ප්‍රදායික චිත්‍රපටියක් බලන්නකො එහෙනම්)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

10,599 downloadsDownload Peranbu-2019.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,599 downloadsDownload Subtitles41 KB

63 comments

  1. Krishan NiShalya

    බොහොම ස්තූතී
    සිංහල උපසිරැසි එනකන් බලාගෙන හිටපු ෆිල්ම් එකක් ඉක්මනින් ලබාදුන්නට

    Good Luck

  2. Gima789

    Peranbu film eka.danna thawa kal.yawida

  3. Shalitha Thiranjaya

    ekenma balanawa. thanks.

  4. jaani

    ටොරන්ට් එකක් නෑනෙ

  5. wajira

    Thanks for sub.......bro....hadunwadima hadawathatama danuna....aswalin kadulu paninnama.....

  6. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sisila bro sub ekata... abhay eke aluth episode dekatath sub demu. Jaya wewa...

  7. pubudu prasanna

    ලිපිය දැක්ක ගමන් බලන්න හිතෙනවා. මරු. ස්තූතියි සහෝ. ඒත් එක දෙයක් කියන්න ඕනේ. දරුවෝ වෙනුවෙන් මැරෙන්න උනත් සූදානම් දෙමව්පියන් අතරේ දරුවන්ව මහ පාරේ, කුණු කූඩේ, ගඟේ දාලා යන අම්මලා වගේම තමන්ගේ දරුවාම දූෂණය කරන තාත්තලත් අද වර්තමානයේ දකින්නට ලැබෙනවා. උතුම්ම පදවිය වෙන අම්මා තාත්තා කියන නාමයටත් නිගා දෙන උන්දැලාත් ඉන්නවා. ඒ නිසා හැම අම්මෙක්ම තාත්තෙක්ම හොඳයි කියලා කියන්න බෑ නේ. මොක උනත් සබට ස්තූතියි. චිත්‍රපටියටවත් සහෝගේ ලිපිටවත් විවේචනයක් නෙවෙයි කරේ. අද ලෝකේ ඇත්ත තත්වෙයි කිව්වේ.

  8. Maalan

    Tnxx broo

  9. pubudu prasanna

    ලිපිය දැක්කම බලන්න හිතුනා. ඒත් එක දෙයක් නම් කියන්න ඕනේ. දරුවන් වෙනුවෙන් පණ දෙන්න වුනත් ඉන්න දෙමව්පියන් අතරේ දරුවන්ව මහ පාරේ, කුණු කූඩේ, ගඟේ දාලා යන අම්මලා වගේම තමන්ගේ දරුවම දූෂණය කරන තාත්තලත් අද වර්තමානයේ දකින්නට ලැබෙනවා. අම්මා තාත්තා කියන ඒ උතුම් පදවියටත් නිගා දෙන උන්දැලා අද කාලේ ඉන්නවා. ඒ නිසා හැම අම්මෙක්ම තාත්තෙක්ම හොඳයි කියලා කියන්න බෑනේ. මං මේ ෆිල්ම් එකටවත් සහෝගේ ලිපියටවත් විවේචනයක් නෙවෙයි කරේ. අද ලෝකේ ඇත්ත තත්වෙයි කිව්වේ. ඒ වගේම සබ් එකට ගොඩක් ස්තූතියි.

  10. Bandara76

    ලෝකේ උතුම්ම පදවිය…
    අම්මා – තාත්තා!
    සබ් එකට ගොඩක් ස්තූතියි

  11. pamudujayasinha

    Thanks bro sub ekata

  12. NuwanK

    Thank u bro..

  13. Rumesh dhanushka

    Thanks brother. Good

  14. Anuruddha421

    thank you...!!!

  15. Praneeth priyadarshana

    Thank you oyage lipiya nisa balanna hituwa neth nam temil epa wela tiyenne tkks

  16. Athula

    Thanks ...

  17. Thisal

    thanks :)

  18. asankachathuranga

    thanks bro

  19. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  20. Aac3

    ඒක නම් සුපිරියක් සහෝදරයා.. ගොඩාරියක් ස්තූති සබ් එක දුන්නට... තවත් අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න... ගොඩක් ස්තූති... ජය වේවා !!!

  21. rangika Kariyawasam

    නියමයි සිසිල සහෝ මම්මුති ගේ ෆට්ටම ෆිලුමක්.ජයවේවා නියම ෆිලුම..

  22. Chanmatara

    Thanx සහෝදරයා බලමු Movie එක...

  23. gihan perera

    ස්තුතියි සිසිල සහෝ...පපුවට දැනෙන්නම හැඳින්වීම කරලා තියෙනවා...නියමයි...හොඳ කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  24. Nilush Angana

    Sub ekata thanx

  25. Eranda Malith 2.0

    Thanks mcn

  26. isurusanjana

    චිත්‍රපටි බලන්නත් එපා වෙනවා මේකේ තියෙන කතා සාරාංශයේ හෑල්ල කියෙවුවාම .. කතා සාරාංශය short & sweet විදියට තියෙනවානම් ගොඩක් හොදයි ..

    1. සිසිල ප්‍රසාද්

      දෙයක් කියවලා රසවිඳින්න බැරිකමට මට කරන්න දෙයක් නැහැ.
      ඒ වගේ කෙනෙක් මේ වගේ චිත්‍රපටි බලන්නත් එපා.
      කොහොමත් ඔය වගේ අයට නෙමෙයි මං මේ ලිපි ලියන්නෙ. දෙයක් කියවලා බලලා, රසවිඳින්න, දැනුම වැඩිකරගන්න ආසාවෙන් ඉන්න ගොඩක් දෙනෙක් ඉන්නවා. අන්න ඒ වගේ අයට.
      බෙහෙත් තුණ්ඩු කෑලි වගේ ලිපි දෙන සයිට් එකකින්ම සබ් අරගෙන බලන්න ඔය මහත්තයා.

  27. Tharaka

    thanks..................

  28. lahirulg

    මේකේ විස්තරේම ලියලා තියනවා සහෝ හිතට වදින්න.... කාලෙකින් මේ වගේ ෆිලුමක් බැලුවේ නෑ.... බොහොම ස්තූතියි සබ් එකට....ජය වේවා ප්‍රසාද් අයියේ

  29. mrgalbada

    sub eka damaged

  30. Kapila4499

    thanks for sub

  31. darshana100

    thanks saho budusaranai

  32. Kantha_DLA

    Hemoma balanna..
    godak duka hithena lassana kathawak..
    My vote: 10/10
    Thanks "sisila"..........

  33. Lalani Maduwanthi

    Thank you,,,,

  34. D.Chamara

    bohoma sthuthi sahooo

  35. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...keep it up...

  36. gayan4

    බොහොම ස්තූතියි සිසිල ප්‍රසාද්. සබට වගේම මේ විස්තරයටත් ස්තුතිය.

  37. maikee

    අපි බලනවා බං ⁣මෙක තැන්ක්ස් සබට

  38. ridmal

    Thanks bro

  39. ramenabeysingha

    thanx bro.jaya wewa

  40. Kanchana_sandaruwan

    Thanks bro

  41. ramesh@shihan

    Tnkz saho

  42. C lakmal

    thanks ,
    Dev (2019) Tamil sub denna balanna

  43. Nirosh C

    ස්තුතියි සිසිල සහෝ..ජයවේවා!

  44. mahinda

    thanks...bro..

  45. චානක ඉඳුනිල්

    ස්තූතියි සහෝ සබ් එකට,
    දැන් තමයි බලන්න ගන්නෙ,

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. N_R

    Thank You.

  48. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  49. Kavishna

    thnx bro sub ekata...

  50. Su

    Thank you sub ekata.. :)

Load more comments