ගායිකාවක් වීමේ සිහිනය සොයා ටෝකියෝවට පැමිණි යුවතියක්. මහන්සිය කැපවීම මත ඒ සිහිනය සැබෑ කරගත් ඇය දැන් අවතීර්ණය වන්නේ නිළියෙකු වීමටයි. රසිකයන්ගේ කැමැත්ත, විරෝධය සියල්ල සමග තමන්ගෙ කුඩා කල සිහිනය අතහැර දමන ඇය.. නිළියක් ලෙස තමන්ගේ ජීවිතය අරඹනවා. ඒත් පළමු දිනේම තර්ජනයක්ද? “මම හැමදාම මිමාගෙ කාමරේ දිහා බල…

ගායිකාවක් වීමේ සිහිනය සොයා ටෝකියෝවට පැමිණි යුවතියක්.
මහන්සිය කැපවීම මත ඒ සිහිනය සැබෑ කරගත් ඇය දැන් අවතීර්ණය වන්නේ නිළියෙකු වීමටයි.
රසිකයන්ගේ කැමැත්ත, විරෝධය සියල්ල සමග තමන්ගෙ කුඩා කල සිහිනය අතහැර දමන ඇය..
නිළියක් ලෙස තමන්ගේ ජීවිතය අරඹනවා.
ඒත් පළමු දිනේම තර්ජනයක්ද?
“මම හැමදාම මිමාගෙ කාමරේ දිහා බලන් ඉන්නවා.”
ගායනයෙන් රසිකයන් වසඟ කරගත්ත මිමා තමන්ගෙ කළමනාකාරීත්වයේ ඉල්ලීම මත තම ගායන ජීවිතයට සමුදීලා ටෙලි නාට්‍ය නිළියක් ලෙස තමන්ගෙ ජීවිතය ආරම්භ කරනවා මොකද ඒ කාලෙ වනවිට පොප් ගායිකාවන් උපයන ආදායම ඉතාම සුළු මුදලක් වූ නිසා. නමුත් නිළියෙක් විදියට මිමාට ලැබෙන චරිතය තිරයෙ දකින්න ලැබෙන්නෙ ඉතා සුළුවෙන්. කළමනාකාරතුමා විසින් නිශ්පාදක වරුන්ට කරන ලද දැඩි ඉල්ලීම මත මිමාට ඉතා ලොකු රාජකාරියක් නාට්‍යයේ සිදුකිරීමට පැවරෙනවා. හැකියාවට වඩා ප්‍රසිද්ධියෙ හිනිපෙත්තටම නගින්න පුළුවන් විදියෙ දෙයක් තමයි මිමාට කරන්න වෙන්නෙ. එතනින් එහාට මිමාට ඒ වගේ දර්ශණ වල අඩුවක් වෙන්නෙ නෑ. ඒත් මිමා සතුටෙන්ද?
මේ චිත්‍රපටිය මිමා ගැන විතරක් නෙවෙයි. රසිකයො පැත්තෙන් ගත්තත්, නාට්‍ය අධ්‍යක්ෂණයෙ ඉඳන් ඡායාරූපකරණය වෙනකන් අපි නොදන්න ගොඩක් දේවල් මේ ක්ෂේත්‍රයෙ වෙනවා. එක එක කෙනාගෙ මානසික මට්ටම, එයාලා කැමති අකමැති දේවල් අහසට පොළව වගේ. ඒත් නිළියෙක් වුනත් අනිත් හැමෝම බලාපොරොත්තු වෙන විදියෙ කෙනෙක් වෙන්නම ඕනෙද? නිළියෙක්ට වුුනත් එයාගෙ කියලා ජීවිතයක් තියෙනවා. මේ වගේ සුළු දේවල් තේරුම් නොගන්න ජරා මිනිස්සු කොච්චර මඩ ගහනවද? ඒකෙන් අර කෙනාට වෙන බලපෑම කොච්චරක් වෙයිද? විශාදය ලේසි දෙයක් නෙවෙයි. දැනටත් කොච්චර තරුණ ලස්සන ජීවිත කීබෝඩ් වීරයන්ගෙ කථා දරාගන්න බැරුව ජීවිතේ දාලා යනවද? ඊටත් වඩා හොඳට තියෙන මොලේ අවුල් වුනොත් මොනා කරන්නද? මේ වගේ ගොඩක් දේවල් වලට මැදිවෙන්න වෙන කෙනෙක් තමයි මිමා කියන්නෙ.
අපරාධ, අභිරහස්, මානසික කාණ්ඩ වලට වැටෙන මේ චිත්‍රපටිය අධයක්ෂණය කරන්නෙ Satoshi Kon අධ්‍යක්ෂකවරයා. එතුමා මේ වගේ චිත්‍රපටි වෙනුවෙන් ලොකු ප්‍රසිද්ධියක් උසුළන කෙනෙක්. Paprika (2006), Millennium Actress (2001) ඒ වගේ චිත්‍රපටි වලින් කිහිපයක්. මේක සිනමා වල තිරගත වෙන්නෙ 1997 වර්ශයෙ. IMDb අගය 8.0 ක් ගන්න සමත් වෙච්ච චිත්‍රපටියක්. තව ඉතින් මොනා කියන්නද? පාදක වෙන්නෙ Yoshikazu Tekeuchi විසින් රචනා කරන ලද මේ නමින්ම ලියවුනු නවකථාවයි.

චිත්‍රපටියෙ පසුබිම ගැන කිව්වොත් මේක මුලින්ම අදහස් කරලා තියෙන්නෙ Live Action චිත්‍රපටියක් ලෙස එළිදක්වන්න. නමුත් 1995 සිදුවුන භූමිකම්පාව නිසා ඔවුන් සැලසුම් වෙනස් කරනවා. එතනින් පස්සෙ තමයි මෙය ඇනිමේෂන් චිත්‍රපටියක් ලෙස එළි දකින්නෙ.

පොප් ලොවේ රැජිණ ලෙස සළකන Madonna 2001 තමන්ගෙ ප්‍රසංග පෙලේ තමන්ගෙ ගීතය වෙන What It Feels Like For A Girl ගීතයේ රූපරාමු වලට මේ චිත්‍රපටියෙ දර්ශණ කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා.
මේ චිත්‍රපටියෙ එක දර්ශණයක් තියෙනවා මිමා බාත්ටබ් එකක ඉඳගෙන ඔළුව වතුරෙ ඔබාගෙන ඉන්න. ඇය ඒ වෙලාවෙ වතුර යට ඉඳන් කෑ ගහනවා “අවජාතකයො” කියලා. ඒ වෙලාවෙ වතුර බුබුළු පිටවෙනවා බලන්න පුළුවන්. Requiem for a Dream 2000 චිත්‍රපටියෙත් මේ හා සමානම කොටසක් ඇතුළත් වෙනවා, ඒකෙදි ජෙනිෆර් කෝනෙලි ඒ විදියටම බාත්ටබ් එකක ගිලිලා ඉන්න ගමන් කේන්තියෙන් කෑ ගහනවා. මේ Perfect Blue වලට reference එකක් කියලයි කියන්‌නෙ.

අන්තිමට තව කියන්න තියෙන්නෙ මේ චිත්‍රපටිය ඒකෙ ඇතුළත් වෙන ලිංගික සහා නිරුවත් දර්ශණ වගේම දැඩි අපරාධ නිසා ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ දෝෂාරෝපණ වලට පවා මැදි වෙලා තියෙනවා. එහෙනම් 18+ වැඩි අය බලන්න කියන ගමන් තවත් ඇනිමෙ එකක් අරන් එනකන් සමුගමු.


Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සදහා අදාළ වේ.
4,826 downloadsDownload Perfect-Blue-1997-Baiscopelk.com_.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
31 comments
Hashan M. Priyadarshana
Ishan Madusha
කාගෙත් ඇස් වැඩිය නොගැටෙන පැරණි ඇනිමේ වලට සබ් දෙනවට බොහොම ස්තූතියි
පුලුවන්නම් cowboy bebop anime series ඉදිරියෙදී උපසිරැසි දෙන්න.ජය වේවා!Chathu_OO
ඔයා කරන උපසිරැසි වලට මම පට්ට ආසයි...
බලමු මේකත් අරන්...Spynowa
Podi anime series ekakt sub dennkoo
Supun_no
ස්තූතී
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
bonso
thank U
Dewadithya
Thanks for Sub!
Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa..........!!!!!!!!!!!!!!!!pushpakumara
thanks
Chanu mikhail
බොහොම ස්තුතියි..!!!
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
ranga11112
Ammoo aka...thank you sub akata dear
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Amalka Himeshan
තැන්ක්ස් නවෝ සබ් එකට
pdcmadusanka
ummmmmmmmmmmmmmnnnnmaaaaa
YasasPerera
thanks sis
Dasun Madawa Ranasinghe
thanks nngi
pasanMihidu1
thanks thawa japan films walata sub denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
knight1500
Thanx for sub
Hyouka / domestic girl friend වගේ anime series වලටත් sub දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
AsithaDilruwan
ela sahi thanks
Supun_no
ස්තූතී
Amalka Himeshan
Thanks navo sub ekata ada baluva :)
sasanka
thanks for the sub
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Anonymous
Thanks for the subtitles
Pavith Wijesooriya
ස්තූතියි අක්කේ උපසිරසියට...❤️
බලපු වෙනස්ම විදිහේ ඇනිමේ එකක්...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Perfect Blue (1997) AKA Pafekuto buru Sinhala Subtitles | තිරය පිටුපස [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/perfect-blue-1997.jpg)
බොහොම ස්තුතියි සබ් එකට.. :)
ජය වේවා.!