මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ. මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 අප්‍රියෙල් 17. මේකත් ඉතින් අපි කවුරුත් දැන් හොඳින්ම දන්නා නියම වාර්තා වැඩසටහ…

මුලින්ම මම ස්තුතියි කියන්න කැමතියි Elephant (2020) චිත්‍රපටයට ප්‍රතිචාර ලබා දුන්නු හැම කෙනෙක්ටම. ඒ ප්‍රතිචාර ටික දැක්කම ගොඩක් සතුටු හිතුනා. ඇත්තටම ඒ අය නිසාම තමයි මම මේකට උපසිරස කරන්න පෙළඹුනේ.
මේ චිත්‍රපටය නිකුත් වුණේ 2019 අප්‍රියෙල් 17. මේකත් ඉතින් අපි කවුරුත් දැන් හොඳින්ම දන්නා නියම වාර්තා වැඩසටහන් රැයක් අපට දායාද කළ Disney Nature එකේම වැඩක්. මේක පෙන්ගුයින්ලා ගැන කතාවක්. මෙහි පසුබිම් කතනය සිදු කරන්නේ Ed Helms විසින්. මින් පෙර බොහොම අපූරු වාර්තා වැඩසටහන් අපට තිළිණ කරන්නට සහය වූ Jeff Wilson සහ Alastair Fothergill දෙදෙනා තමයි මෙය අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. IMDb අගය 7.0 ලෙස තමයි දැනට සටහන් වෙලා තියෙන්නේ.
කතාව ගැන ටිකක් කියන්නම්කෝ දැන්. මේ කතාව දිවෙන්නේ ස්ටීව් වටා. ඔහු මිලියන ගණනක් ඇඩෙලි පෙන්ගුයින්ලා අතරින් එක් පෙන්ගුයින් කෙනෙක්.

ඇඩෙලි පෙන්ගුයින් කෙනෙක්
සාමාන්‍ය ප්‍රමාණයේ ඇඩෙලි පෙන්ගුයින් කෙනෙකු, උසින් සෙන්ටිමීටර් 46ත් 71ත් අතර වෙනවා, එමෙන්ම බර කිලෝග්‍රෑම් 3.6ත් 6.0ත් අතර අගයක් ගන්නවා. මොවුන් අනිත් පෙන්ගුයින්ලා සමග සසඳන විට යම් තරමක් කුඩායි. ඇඩෙලි පෙන්ගුයින් කෙනෙක් සාමාන්‍යයෙන් පැයට සැතපුම් 5ක් (8.0 km/h)ක් පමණ වේගයෙන් කිමිදෙනවා. ඔවුන්ට හැකියි මීටර 3ක් උසට ජලය තුළින් හිමට හෝ පාෂාණ සහිත ගොඩබිමකට පැනිය හැකියි.
ඇඩෙලි පෙන්ගුයින් ගැන මීට අමතරව ගොඩක් කරුණු ඔයාලාට මේ චිත්‍රපටයෙන් ඉගෙනගන්න පුලුවන් වේවි. ඒවා සඳහන් කරන්න යන්නේ නෑ මොකද චිත්‍රපටයෙනුත් බලන්න දෙයක් තියෙන්න එපැයි. 😀
ඉතින් මොවුන් පැටවුන් බිහි කිරීමේ කාර්යය සඳහා වසන්ත සමය වන විට මොවුන් සිටින ඇන්ටාක්ටිකා සයුරු ප්‍රදේශය අත්හැර ඔවුන් ඉපදුණු ස්ථානයටම නැවත යනවා. එතන ගල් සහිත ගොඩබිමක් මුලින් යන්නේ පිරිමි සතුන්. ඔවුන් ගිහින් කැදලි සාදන්නේ පසුව පැමිණෙන ගැහැණු සතුන් සමග එක් වී බිත්තර දමා පැටවුන් බිහි කිරීමටයි. ඉතින් ස්ටීව් මේ වැඩේට යන්නේ ටිකක් විතර පරක්කු වෙලා. කොටින්ම ස්ටීව්ට තමන්ගේ වර්ගයේ කට්ටියව මග ඇරිලා. ඔහු අනිත් ඇඩෙලිලාව හොයාගන්න පුලුවන් වේවිද? ඔහුට පවුලක් අරඹන්නට පුලුවන් වේවිද? ඉතින් අපි බලමු ස්ටීව්ට මොකද වෙන්නේ කියලා…
තවත් උපසිරසකින් හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,041 downloadsDownload Penguins-2019.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
13 comments
උවිඳු
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ වාර්තාමය චිත්‍රපටි වාර්තාමය රූපවාහිනී වැඩසටහන්වලට දිගටම සබ් කරන්න සෑහෙන්න වටිනවා :) :)
jana
Ela bro niyamai Our planet ekata sub dennako
amila
ස්තූතියි සහෝ ... තවත් වාර්තා චිත්‍රපට/tv doc වලට උපසිරේසි ලබාදෙන්න
Wayantha Sandaruwan
ස්තූති කරන්න වචන මදි සහෝ, මේව බලන්නෙ සුලු පිරිසක් උනාට ඒ අය වෙනුවෙන් කරන මේ උපකාරය ගොඩක් විශිෂ්ටයි
ජය වේවා !!!ashan
වාර්තා වැඩසටහන් ගේනවට වචනෙන් කියන්න බැරිතරම් ස්තූතියි ❤️❤️❤️❤️❤️
sisira
ඔයා ලබාදුන්න elephant වැඩසටහන ආසාවෙන් බැලුවා...ඉතින් මේ වාර්තා වැඩසටහනත් ලබාදීම පිලිබඳ ස්තුතියි...මේ වැඩේ අතහරින්න එපා...විශේෂයෙන් පාසැල් දරුවන්ට ඉතාම වටිනා වාර්තා වැඩසටහන් ....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය වේවා !!
Sanath 1990
ඔයා ලබාදුන්නු Elephant වාර්තා චිත්‍රපටය මම බොහොම කැමැත්තෙන් රස වින්දා. ඒ උපසිරසියට ලැබුනු ප්‍රතිචාර නිසාම තවත් එවැනිම උපසිරසියක් ලබාදීම ගැන ඔබට අනේක වාරයක් ස්තූතියි. ඒ වගේම මම යෝජනා කරනවා දිගටම වාර්තා චිත්‍රපට හෝ වැඩසටහන් වලටම උපසිරසි කරන්න කියා. එල්. සීද මැල් නම් වාර්තා චිත්‍රපටි කියන තැනට නමක් හදාගන්න මේක හොද අවස්තාවක්. සාමාන්‍ය චිත්‍රපටයකට උපසිරසි කරන්න අපට ගොඩක් උපසිරසි කරුවන් ඉන්නවා. ඒ අතර ඔබට විශේශ කෙනෙකු විය හැකියි කියා මා සිතනවා. YTS වෙබ් පිටුව තුලත් ඉතාම ලස්සන වටිනා දැනුම වඩවන වාර්තා වැඩසටහන් තිබෙනවා මා දැක තියෙනවා. සතුන් ගැන වගේම කෘෂිකාර්මික, අභ්‍යාවකාශ, පුද්ගල චරිත, වනාන්තර, වෘක්ෂලතා, ක්‍රීඩා වගේ ගොඩාක් පැතුරුනු වාර්තා වැඩසටහන් තියෙනවා. සොයා බලා උපසිරසි ලබාදීමට හැකිනම් වටිනාකම කියා නිමකල නොහැක. ඉදිරි අනාගතයේ වටිනාම දෙය වන්නේ දැනුම ඇරෙන්න අන් කිසිවක් නොවේ. නැවතත් ඔබට අනේක වාරයක් ස්තූතියි..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumudu
meke comment ekak dana paweni wathawa. bohoma sthuthi me wage eawata sub dena ekata
wasantha senadheera
මේවට කොහොම ස්තුති කරන්නද මන්දා....ගොඩාක් ස්තුතියි.......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි.