අද ලිපිය කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ. මේ චිත්‍රපටයට මං උපසිරැසිය හදන්න බාර ගත්තේ සෑහෙන කාලෙකට කලින්. දෙන්නම් දෙන්නම් කියල හිතුවට එක එක හේතු නිසා ගොඩක් පරක්කු උනා. මං ඇත්තටම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් සමාවත් ඉල්ලනවා. මේ ලිපිය ලියන්නෙත් ඔෆිස් එකේ හවස ඉඳලයි. මං…
අද ලිපිය කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ. මේ චිත්‍රපටයට මං උපසිරැසිය හදන්න බාර ගත්තේ සෑහෙන කාලෙකට කලින්. දෙන්නම් දෙන්නම් කියල හිතුවට එක එක හේතු නිසා ගොඩක් පරක්කු උනා. මං ඇත්තටම ඒ ගැන ගොඩක් කණගාටු වෙනවා වගේම බයිස්කෝප් ඇඩ්මින් වරුන්ගෙන් සමාවත් ඉල්ලනවා. මේ ලිපිය ලියන්නෙත් ඔෆිස් එකේ හවස ඉඳලයි. මං දෙන උපසිරැසි ගුණාත්මක භාවය අතින් හොඳ ඇති කියල හිතුවත් පරක්කු වෙන එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙමෙයි. මොනවා උනත් අන්තිමේදී පරක්කු වෙලා හරි දෙන්න ලැබුණු එක වටිනවා.
හරි එහෙනම් කතාවට යමු. ටිකක් විතර අමුතු කතාවක්. ඇත්තටම තේරුම් ගන්න මට නම් අමාරු උනා. කතාවේ නම Personal Shopper උනාට කතාව ටිකක් විතර අභිරහස් ගතියක් පෙන්නුම් කරනවා. කතාවට දීල තියන නම නම් ඇත්තටම කතාව එක්ක එච්චර ගැලපෙන්නේ නෑ. ඒවා ඉතිං අපිට අදාළ නෑනේ නේද?
කතාවේ ප්‍රධාන චරිතයට ඉන්නේ මොරින් (Kristen Stewart). Twilight බලපු අයට නම් මෙයා අලුත් කෙනෙක් නෙමෙයි. මොරින් කියන්නේ පුද්ගලික සාප්පු යන්නියක්. ඒ කියන්නේ අනුන්ට කඩේ යනවා වගේ වැඩක්. හැබැයි පඩියකට. මොරින් ඇමරිකානු කෙල්ලෙක් උනාට රස්සාව කරන්නේ ප්‍රංශයේ. එයා, කයිරා (Nora von Waldstatten) කියන ධනවත් වගේම නපුරු ගෑණු කෙනාට ඕන කරන ඇඳුම්, සපත්තු, රත්තරං බඩු වගේ දේවල් එයා වෙනුවෙන් අරං එනවා. හැබැයි මේ කිසිම දෙයක් මොරින්ට අඳින්න, පළඳින්න තහනම්.
මොරින්ට නිවුන් සහෝදරයෙක් හිටියා ලුවිස් කියලා. එයා කාලෙකට කලින් හෘදයාබාධයකින් මැරෙනවා. මේ ලෙඩේම මොරින්ටත් තියන නිසා මොරින් ඉන්නෙත් ටිකක් විතර ජීවිත අවදානමක් ඇතුවයි. මලගිය ආත්ම එක්ක කතා කරන්න පුළුවන් කියල මොරින් විශ්වාස කරන නිසා එයා තමන්ගේ මැරුණු සහෝදරයා එක්ක සන්නිවේදනය කරන්න උත්සහ කරනවා. මොරින් හිතන්නේ එයාගෙ ෆෝන් එකට නොදන්නා අංකයකින් පණිවිඩ එවන්නේ එයාගෙ සහෝදරයා කියලයි. ඒ පණිවිඩ එවන කෙනා මොරින්ට කයිරාගෙ ඇඳුම් පැළඳුම් හොරෙන් පාවිච්චි කරන්න කියලත් කියනවා. කතාව ඔය විදිහට ගලාගෙන යනවා. මේ අතරේ මොරින්ට තමන්ගේ රස්සාවට අදාලව ප්‍රශ්න වලටත් මුහුණ දෙන්න වෙනවා, විශේෂයෙන්ම කයිරාගේ අභිරහස් ඝාතනයත් එක්ක.
ඕනවට වඩා කියන්න හොඳ නෑනේ. බලලම තේරුම් ගන්නකො. මේ කතාව අධ්‍යක්ෂණය කලේ Oliver Assayas කියල කෙනෙක්. කතාවේ IMDb අගය 6.2ක් වෙනවා. 2016 අවුරුද්දේ බෙල්ජියමේ දී මුල්වරට ප්‍රදර්ශනය කරපු මේ චිත්‍රපටය විනාඩි 110ක් විතර දිව යනවා.
ලිපිය ඉවර කරන්න කලින් කියන්න ඕන මේකේ මොරින්ගේ අඩ නිරුවත් දර්ශන එකක් දෙකක් තියනවා. ඒ නිසා ඒවා එක ඇහැක් වහගෙන බලන්න කියලා ඉල්ලනවා.
එහෙනම් ඔන්න මං ගියා. මේක මගේ 24 වෙනි උපසිරැසිය. සති අන්තයේ සුපිරි චිත්‍රපටයකට 25 වෙනි උපසිරසිය අරං එනකල් හැමෝම නාල කරලා සතුටින් ඉන්න ඕන හරිද? ලොල්.
ජය වේවා.!

Due to copyright issues, we do not provide any torrent links.
Personal.Shopper.2016.BRRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
4,338 downloadsDownload Personal-Shopper-2016.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/ChamikaraV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
29 comments
Ganicus
Krishan NiShalya
ෆිලුම නම් කලින්ම බාලා තිබුනේ ☺
හිතුවේ නෑ සබ දෙයි කියලා
සිංහල උපසිරැසියට
ස්තුතියි !gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!C. R. ජයලත්
Niayamai Saho Jaya Wewa!!!!!!
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.අසිත
elama saho thanks
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!wijenayaka
thanks...oyage wisthare kiyavanna puluvan aasawen,,,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..lahiru
supiriiiiibn denakam hitiye brooo
mindika
Thanks !!!!!!
Dulanga
Thanks
Lila
ස්තූතියි!
Pasindu
Baywatch eke sub diyanko bn
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
tharangani
thanx
KwiZ
Therum gna amrui kthwa nm mcho...jya wewa...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Lanka Lions
සුපිරි බන් උබලගේ මහන්සියෙන් අපිත් ෆිල්ම් එකක් බලනවා ජයවේවා
Pramuk
Thanks bro.....
N_R
Thanks
KH2130
thanks !
thanks bn
Ruchira
Thanks for the sub!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Patta machoo jaya wewa...❤❤❤❤