Watch Trailer

Peter Rabbit (2018) Sinhala Subtitles | නිල් කමිසයක් හැඳගත් පීටර් නම් වූ හාවා… [සිංහල උපසිරැසි සමඟ]

2016 වර්ෂයේ මාර්තු 18 වෙනිදා…. මේ දවසේ නෙවෙයි මම මේ වෙබ් අඩවියට උපසිරැසි දෙන්න පටන් ගත්තෙ. මේ දවසේ තමයි මම අවසානයට උපසිරැසියක් පල කරපු දවස. එහෙම වෙලා මෙච්චර කාලයක් ගත උනා කියලා මටවත් හිතා ගන්න බෑ. ලොකු නිවාඩු කාලයක් ගත කරලා ආයෙත් වැඩට බැස්සා. මේ චිත්‍රපටයේ උපසිරැසිය ලැබිල ගොඩක් දවස් උනත් කාර්යබහුලත…

2016 වර්ෂයේ මාර්තු 18 වෙනිදා…. මේ දවසේ නෙවෙයි මම මේ වෙබ් අඩවියට උපසිරැසි දෙන්න පටන් ගත්තෙ. මේ දවසේ තමයි මම අවසානයට උපසිරැසියක් පල කරපු දවස. එහෙම වෙලා මෙච්චර කාලයක් ගත උනා කියලා මටවත් හිතා ගන්න බෑ. ලොකු නිවාඩු කාලයක් ගත කරලා ආයෙත් වැඩට බැස්සා. මේ චිත්‍රපටයේ උපසිරැසිය ලැබිල ගොඩක් දවස් උනත් කාර්යබහුලත්වය එක්ක ගොඩක් පමා උනා. අවුරුදු දෙකකට පස්සෙ ඉතින් ටයිප් කරන එකත් කොච්චර වේගයෙන් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන් ඇතිනේ. ඔන්න අද නිවාඩු දවසේ උදේ පටන් ගත්තා කොහොමහරි අද නම් මේක ඉවර කරනවා කියලා. ඔන්න ඔහොම තමයි කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ඔයාලා හමුවෙන්න ආවේ. අපේ වෙබ් අඩවියේ උපසිරැසිකරණයේ ලොකු අයියාට අද විශේෂ දවසක් නිසා මම වගේ පොඩි එකෙක් උපසිරැසි කෙරුවාව ගැන පම්පෝරි ගහලා වැඩක් නෑ. අපි කතාව ගැන බලමුකෝ….

බියට්‍රික්ස් පොටර් විසින් රචිත, බ්‍රිතාන්‍ය ළමා කතාන්දරයක් වන පීටර් නම් හාවාගේ ජීවිතය පදනම් කොට ගෙන නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය පොඩිහිටි වැඩිහිටි සැමට බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන් රසවත් කතාවක්. 1902 වර්ෂයේ රචිත මෙම කතාන්දරයේ ප්‍රධාන චරිතයට පණ පොවන පීටර් යනු යොවුන් දඟකාර ගතිගුණ වලින් හෙබි විටෙක දරුණු ලෙසද හැසිරෙන සහෝදරින් 3 කින් යුතු පවුලේ ලොකු අයියා වේ. දෙමව්පියන් මිය යාමෙන් පසු, බී නැමැති තරුණියකයේ උදව් උපකාර ඇතුව වින්ඩමියර් නැමැති අති සුන්දර ගම්මානයක ජීවිත් වේ. මැක්ග්‍රෙගර් නම් වූ වයෝවෘධ මහළු අසල්වාසියාගේ ගෙවත්තට පැන එළවළු සොරකම් කිරීම මොහුගේ ඇති නරක පුරුද්දකි. සෑම දිනම පාහේ වාසනාවට බේරී එන පීටර් එක් දිනකදී මැක්ග්‍රෙගර් මහතාගේ අතටම අසු වන්නේ කාලාන්තරයක් තිස්සෙ ඔහු ඇටවූූ උගුල් වල ප්‍රතිඵලයක් ලෙසිනි. නමුත් ඒ ක්ෂණයෙන්ම ඔහු බිම ඇද වැටෙන්නේ හදිසි හෘදයාබාධයකින් මිය යාමෙනි. දැන් කුමක් සිදු වේද? හැමදාම හොරෙන් පැනලා කෑම අරන් ගියපු ගෙවත්තෙ හිමිකාරයා මැරිලා ගියපු සතුට කොච්චරද කිව්වොත් මෙයාලා ඒක ජයට සමරනවා. ඒත් නොසිතූ විරූ අයුරින් තවත් හිමිකාරයෙක් ගෙදර සොයා ගෙන එනවා. ඒ කවුද? කවුරුත් නොදන්න ඒ කෙනා කොහොමද කතාව මැද්දට පැන්නෙ? එයා එන්නෙ ඇයි? පීටර් ඇතුළු සියළු සතුන්ට එයා එක්ක සහයෝගෙන් ඉන්න පුළුවන් වෙයිද? මේ හැමදේටම බී ගේ මැදිහත්වීම කොහොමද? මෙන්න මේවට උත්තර කතාව බැලුවම සොයා ගන්න පුළුවන්….හැබැයි මේ පීටර් කියන්නෙ එසේ මෙසේ හාවෙක් නම් නෙවෙයි හොඳේ..

වෙලාවකට බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන්, තවත් වෙලාවකට ඇහැට කඳුලක් උනන සිදුවීම්, සියල්ලෙම සම්මිශ්‍රණයක් නිසා කම්මැලි නැතුව එකදිගට බලන්න පුළුවන් වෙයි කියලා හිතනවා. IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.6 ක් සහ Rotten Tomatoes වල 66% ක් ලෙස මනාප ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. 2018 පෙබරවාරි මස 09 වන දි තිරගත කිරීම ඇරඹුන මෙය Will Gluck විසින් අධ්‍යක්ෂණය කර තිබෙන අතර මේ වන විට ලොව පුරා තිර ගත කිරීමෙන් ඩොලර් මිලියන 320 ක ආදායමක් තමා සතු කරගෙන තියෙනවා. දවස් ගානක් උපසිරැසිය පරක්කු වෙලා තියෙන එකේ තව පමා කරන්න හොඳ නෑනේ. එහෙනම් ඉතින් හැමෝටම බලන්න පුළුවන් මේ කතාව රසවිඳින්න කියලා මං හැමෝටම ආරාධනා කරනවා.

ආයෙත් කවදා උපසිරැසියක් අරන් එයිද කියන්න බෑ. එහෙම මුණ ගැහෙන තුරු සැමට ජය!!!

බයිස්කෝප් අඩවියට ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2014-09-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

79 comments

  1. dyss

    Thanks.....

  2. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අක්කේ උපසිරසට..!
    හප්පේ අක්කව දැක්ක කල්. අන්තිමට ස්කෝපියන් එකෙන් දැක්කට පස්සේ දැක්කම නෑනේ! නියම ෆිලුමක් තමයි අරන් ඇවිල්ලත් තියෙන්නේ. ආයෙත් ලගදිම උපසිරසයක් ගේමු හොදේ..බුදුසරණයි..ජය වේවා!

  3. pasinduadhithya

    sub ekata thanks sis. enakan balan hitapu film ekak me. jaya...

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. shenal

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  6. Sherlock holmes

    Thanks you

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Thisal

    thanks

  9. Ishan007

    thanx akke

  10. Mayura

    හුරේ ශෙරින් අක්කා ඇවිල්ලා
    අක්කෙ ලුසිපර් කරමුකෝ

  11. D

    sub ekata thanks

  12. Haashan Dhanushka

    thnxxxxxxxx

  13. VidurangaHDH

    thnxxxx sis

  14. geeganagamage

    බොහොම ස්තුතියි

  15. mindika

    Thanks !!!!!!!!!!!!!!

  16. sumed

    උපසිරසියට ස්තූතියි සහෝදරී.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  17. Prashan

    Sinhala SUB එකට ස්තුති.තව තවත් උපසිරැසිකරණයට ජය!!✌

  18. ushan

    tnx

  19. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  20. ශසිත් සඳරුවන්

    ෂෙරීන් අක්කා ආයෙත් ආව එක නම් ලොකු දෙයක්.
    අන්ඩර් ද ඩෝම් එකෙන් පස්සේ අක්කගේ සබක් බලන්නත් බැරි වුනා.
    මෙතනින් නොනැවතී දිගටම සබ් දෙමු ආහ්.. :P
    ඔබට ජය!

  21. Sandeepmadushan

    Supiri

  22. Kulanjana Maduranga

    niayamai…sahenna kalekin neda? keep it up... thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  23. geethkamal

    tnx saho sub 1ta. jaya wewa.

  24. malith

    Ela ela1

  25. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  26. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජය.

  27. Udara Damith Dissanayaka

    බොහෝම ස්තූතියි
    දිගටම යන්

  28. Kushan Charuka

    Thanks ෂෙරීන් sis ... sub එකට.. දිගටම සබ් දෙන්න try කරන්න.
    ජය වේවා.

  29. gihansanju

    oddball and the penguins එකේ Sub එක දාන්නකො...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. aks

    thanks...

  32. Manjula Kumara Gamage

    බොහෝම ස්තූතියි. බයිස්කෝප් එකට ජය වේවා…!!!

  33. udeshika malneththi

    Thank u sis..

  34. Suu

    තෑන්ක්ස් අක්කී සබ් එකට.....නවතින්නේ නැතිව දිගටම යමු ආ...........
    ජයෙන් ජය. ......

  35. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි උපසිරැසියට...... ජය වේවා!!!

  36. Niroshani maduka

    Sub ekata godak thanks..

  37. nirmal1

    ela

  38. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි NANGI

  39. Chalithamanaram

    Niyama wdak

  40. avishka_nethmina

    thank you very much .....

  41. AmilaI

    Thanks

  42. IreshSampath

    thanks

  43. kites

    Thank you!

  44. AsithaDilruwan

    ela ela saho thanks

  45. etutionlk

    thanks for your subtitle and keep it up your great work !!!
    i will be with you guys and baiscopelk site forever !!!

  46. Dhanushka

    බොහොම ස්තූතියි බ්‍රෝ

  47. Chandima1998

    Bro peter rabbit eke sub download dunnata soya gatha nohaka kiyal watenawane...

  48. Kingdomd

    Ela bro

  49. Amal_indika

    thank you

  50. HummerDanu

    thanks sis

Load more comments