Watch Trailer

Pets United (2019) Sinhala Subtitles | සුරතලුන්ගේ එකමුතුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ, මේ තමා මගෙ මුල්ම උපසිරසි නිර්මණය. ඒ නිසා ගොඩක් අඩුපාඩු ඇති. සමාවෙන්න ඕනේ කටයුතු ඉවර කරන්න ටිකක් කල් ගත්තට🙏. මේ උපසිරසිකරණයට අවස්ථාව ලබා දුන්නට මම මුලින් ම ශාන් විමුක්ති අයියට ස්තූති කරනවා. මේ ගෙනල්ලා තියෙන්නේ “Pets United” චිත්‍රපටිය. 2019 වර්ෂයේ නොවැම්බර් 08 වෙනිදා ඉඳලා තමා මේ චි…

ආයුබෝවන් යාළුවනේ, මේ තමා මගෙ මුල්ම උපසිරසි නිර්මණය. ඒ නිසා ගොඩක් අඩුපාඩු ඇති. සමාවෙන්න ඕනේ කටයුතු ඉවර කරන්න ටිකක් කල් ගත්තට🙏. මේ උපසිරසිකරණයට අවස්ථාව ලබා දුන්නට මම මුලින් ම ශාන් විමුක්ති අයියට ස්තූති කරනවා.

මේ ගෙනල්ලා තියෙන්නේ “Pets United” චිත්‍රපටිය. 2019 වර්ෂයේ නොවැම්බර් 08 වෙනිදා ඉඳලා තමා මේ චිත්‍ර පටිය නිල වශයෙන් චීනයේ දී නිකුත් වෙන්නේ. මේ අවුරුද්දේ ම දෙසැම්බර් දහ වෙනිදා වැනිදා ඇමරිකාව Netflix මගින් විකාශන කටයුතු ආරම්භ කරනවා.

මේ කතාවේ සංවිධායක මඩුල්ල ගැන කියනවා නම්, Reinhard Klooss තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.ඒ වගේ ම Patrick Roche, Natalie Dormer, Eddie Marsan, Jeff Burrell, Harvey Friedman, Ian Odle, Bryan Larkin, Naomi McDonald, Andres Williams, Stephen Mangan, Teresa Gallagher, Frank Schaff, Tom Haywood කියන මේ කට්ටිය හඬ නළුවො විදිහට දායක වෙනවා. මෙය චිත්‍රපටය මිනිත්තු 92 ක් පුරාවට ධාවනය වෙනවා.

මේ තමා හඬ නළුවෝ.

දැන් අපි චිත්‍රපටයෙ කතාව පැත්තට යොමු වෙමු.

මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ වර්තමානයේ කතාවක් නම් නෙමෙයි. අනාගතයේ කෘතිම බුද්ධිය දියුණු වෙලා මිනිස්සු රොබෝවරු වගේ දියුණු තාක්ෂණයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලයක් ගැන තමයි මේ කතාවෙන් කියවෙන්නේ. ඒ නිසාම මේ චිත්‍රපටයේ ප්‍රධාන අරමුණ වෙන්නෙත් පරිසරය ආරක්ෂා කිරීම සහ කෘතිම බුද්ධියේ ආදීනව ගැන කියා දෙන එකමයි. මේ කතාවේ ප්‍රධාන චරිතය විදිහට හඳුන්වන්නේ රෝජර් කියලා සුනඛයෙක්. රෝජර් කියන්නේ අවතැන් වෙච්ච කෙනෙක්. එයා ජීවත් වෙන්නේ රොබෝ නගරයේ. “රොබෝ නගරයේ හොරා” කියලා එයා ගොඩක් ප්‍රසිද්ධයි.

මේ චිත්‍රපටයේ අපට දකින්න හම්‍‍බෙන අනෙක් චරිත තමා බෙල්, රොනාල්දෝ, බොබ්, බීසර්, වෝල්ටර්, සොෆී, ස්ලෝමෝ වගේ අය. එයාලත් ප්‍රධාන චරිතය වගේ ම හොඳ රංගනයක යෙදෙනවා. බෙල් කියන්නෙ නිරූපන ශිල්පිනියක ගේ සුරතලෙක්. රොනාල්දෝ සහ එයාගේ අම්මා ඉතාලි භාෂා උච්චාරණයක් තියෙන පවුලක්. වෝල්ටර් කියන්නේ Pug වර්ගෙට අයිති සුනඛ සුරතලෙක්. සොෆී කියන්නෙ වයසක මනුස්සයෙක්ගේ ඌරු සුරතලෙක්. බෝබ් කියන්නෙ රොබෝ සුරතලෙක්. එයාගේ විශේෂත්වය තමා එයාට මිනිස් සිතුම්-පැතුම් තියෙනවා.

කවු ද මේ බීසර්?

මෙයා ගැන ගොඩක් කට්ටියට ප්‍රශ්න තිබ්බා. ඇත්තට ම මේ බීසර් කියන්නේ මොන වර්ගයේ සතෙක් ද කියන එක හැමෝට ම ප්‍රශ්නයක්. බීසර්ට ලොකු නහයක් තියෙනවා. මේ නහය නිසාම චිත්‍රපටිය ගොඩක් තැන්වලදී එයාව හාස්‍යයට ලක් කරනවා. බීසර් කියන්නේ ප්‍රොබොස්කිස් වර්ගයට අයත් වඳුරෙක්. ටිකක් ලොකු නහයක් දකින්න හම්බෙන එක මේ සත්තුගෙ ලක්ෂණයක්. මෙයාලව දකින්න හම්බෙන්නෙ ඉන්දුනීසියාවේ වෙරලාශ්‍රිත කඩොලාන පරිසරවල. මේ පහළින් තියෙන්නේ ප්‍රොබොස්කිස් වදුරෙක්ගේ කියන් වඳුරෙක් ගේ ඡායාරූපයක්.

ආයෙත් කතාව පැත්තට,

ව පටන් ගද්දීම රෝජර් කියනවා එයා හුරතලුන්ට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. එය වුනත් රොබෝ නගරය තුළ ලොකු විප්ලවයක් වෙනවා. ඒ තමයි රෝබො වාසය කරන සියලු ම මිනිසුන්ව රොබෝවරු විසින් පන්නලා දාන එක. ඉතින් එත් එක්කම නගරේ ජීවත් වන හැම සතෙක්ම අවතැන් වෙනවා. හරියට නිකන් රොජර් වගේම. මේ විපර්යාසයත් එක්ක සතුන්ගේ එකමුතු වීම සහ ඒ ගොල්ලෝ එතන ඉඳන් ජීවත් වෙන්න කරන අරගලය තමයි මේ චිත්‍රපටියෙන් ඔයාලට දැකගන්න පුලුවන් වෙන්නේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඔයත් පරිසරයට ආදරේ කරන කෙනෙක් නම් කෙනෙක් නම් ඔයාටත් මේ චිත්‍රපටය තුළින් ලස්සන ලෝකයක් දැක ගන්න පුළුවන් වෙයි!

එහෙනම් හැමෝටම බුදු සරණයි…!

https://en.wikipedia.org/wiki/The_Personal_History_of_David_Copperfield

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා  අදාළ වේ.

2,714 downloadsDownload Pets-United-2019.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනිදු නිම්සර බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2020-12-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ජනිදු නිම්සර බණ්ඩාර

Subtitles

2,714 downloadsDownload Subtitles29 KB

13 comments

  1. සංජන චමෝද්

    පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම් ජනිඳු නිම්සර සහෝ.... ♨️

  2. දිල්ශාන් සචින්ත

    පළවෙනි වැඩේට සුභපැතුම් බ්‍රෝ. දිගටම සබ් දෙමු. ජය.

  3. එල්.සී. දමැල්

    පළවෙනි වැඩේට උණුසුම් සුභ පැතුම්. පළවෙනි ලිපියත් ඇත්තටම අපූරුයි. දිගටම ජනිදු සහෝගෙන් මේ විදිහට සබ් සහ ලිපි අඩවිය ලස්සන වේවි කියල බලාපොරොත්තු වෙනවා.
    ජය :)

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Sohan Jayasooriya

    ලිපිය නම් මරු ඈ.. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ දිගටම සබ් දෙමු

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  10. Ruchira

    Thanks for the sub!!!!!!

  11. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  12. Duleepa

    ඔබ්ගේ උපසිරසියට ගොඩක් ස්තුතියි..දිගටම සබ් කරන්න ..ඔබට ජය...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P