Watch Trailer

Lingering (2020) Aka Hotel Leikeu Sinhala Subtitles | නොමියන සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

හයි කොහෙමද කට්ටිය. දැන්නම් මාව මතකවත් නැතුව ඇති. ඔන්න ටික කාලෙකට පස්සේ මට හුරු පුරුදු කැටගරියට අයිති උණු උණු ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ. ඉතින් මේක ඇවිල්ලා මේ අවුරුද්දේ මැයි මාසේ ලෝකේ පුරා තිරගතවීම ආරම්භ කරපු දකුණු කොරියානු චිත්‍රපටියක්. ඉතින් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ මේක අයිති වෙන්නේ Mystery/Horror…

හයි කොහෙමද කට්ටිය. දැන්නම් මාව මතකවත් නැතුව ඇති. ඔන්න ටික කාලෙකට පස්සේ මට හුරු පුරුදු කැටගරියට අයිති උණු උණු ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ. ඉතින් මේක ඇවිල්ලා මේ අවුරුද්දේ මැයි මාසේ ලෝකේ පුරා තිරගතවීම ආරම්භ කරපු දකුණු කොරියානු චිත්‍රපටියක්. ඉතින් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ මේක අයිති වෙන්නේ Mystery/Horror කියන කැටගරි වලට. දාවන කාලය පැය 1යි විනාඩි 42යි. ඉතින් කොරෝනා කාලේ උනත් මේකට 4.7ක imdb අගයක් ලැබිලා තියනවා. (රේටින් මදි කියලා අතෑරලා දානවනම් එයාලා පව් කියලා තමා කියන්න තියෙන්නේ….) ඉතින් එහෙනම් වැඩි කතා ඕනී නෑ කතාව පැත්තට යමු.

යෝමී කියන්නේ තරුණ ගෑණු ළමයෙක්. යෝමී චූටිකාලේ ජීවත් වුනේ එයාගේ අම්මත් එක්ක. ඒත් පස්සෙ එයාගේ අම්මා තව කසාදයක් කරගන්නවා ඉතින් යෝමී ටිකෙන් ටික අම්මගෙන් ඈත් වෙනවා. ටිකෙන් ටික කාලය ගෙවිලා යනවා.. හදිසීයේම යෝමීගේ අම්මා සියදිවි නසාගන්නවා. ඒ වෙනකොට එයාට දෙවනි කසාදෙනුත් ළමයෙක් ඉන්නවා. ඉතින් අවුරුදු 5ක් ඔහොම ගෙවිලා යනවා. හදිසියේම යෝමීට දරුවන් රැකබලා ගන්න තැනකින් කෝල් එකක් එනවා. බලනකොට යෝමීගේ අම්මගේ දෙවනි කසාදෙ ළමයා ජීයූ. එයාගේ තාත්තා එයාව එහෙට ගිහින් දාලා. ඒ ආයතනයේ එයාව තියාගන්න බැරි නිසා යෝමීට කතා කරලා නංගිව බාර දෙනවා. ඒත් එතකොට යෝමීට ඉන්න තැනක් වත් හරියට නෑ. ඉතින් යෝමී නංගිවත් එක්කන් අම්මගේ යාලුවෙක්ගේ හෝටලේකට යනවා. ගිහින් කියනවා නන්ගිව ටික කාලෙකට බලාගන්න පුලුවන්ද කියලා. ඉතින් ඒ හෝටලේ අයිතිකාර නෝනා ඒකට කැමති වෙනවා. ඒ වෙනුවට යෝමීටත් ටික දවසක් ඉන්න කියනවා ජීයූ එහෙට හුරුවෙනකල්. 

ඉතින් මේ හෝටලේ එච්චර හොද තැනක් නෙමෙයි ඒකේ වැඩ කරන අය එක පාරටම හෝටලේ අතෑරලා යනවා. හෝටලේ වැඩට ඉන්නේ එක කාන්තාවක් විතරයි. එයත් හැම වෙලාවකම මත්වෙලා ඉන්නේ. ඉතින් යෝමීගේ නංගී ජීයූ කියන්නේ ටිකක් අසාමාන්‍ය කෙනෙක් එයාට එක එක දේවල් පේනවා. උතින් හෝටලේ ඇතුලෙත් එයාට දේවල් පේන්න ගන්නවා. එයා ඒවා කිව්වට කවුරුත් ඒවා විශ්වාස කරන්නේ නෑ. ඉතින් යෝමී හිතන්නේ නංගි බොරු කියනවා කියලා. ඒත් අවසානෙදි යෝමීටත් තේරෙනවා එතන මොකක් හරි දෙයක් තියනවා කියලා.

ඉතින් ඊට වඩා කියන්න යන්නේ නෑ. මේ ඇත්තටම කිව්වොත් ටිකක් වෙනස්ම විදිහේ චිත්‍රපටයක්. කට්ටියට මතක ඇති කියලා හිතනවා forgotten 2017 චිත්‍රපටිය මේකත් ටිකක් ඒ වගේ. අන්තිම වෙනකන් මොකද වෙන්නේ කියලා හිතාගන්න් බෑ. පටන් ගන්නේ වෙනම විදිහකට ඉවර වෙන්නෙ වෙනම විදිහකට. කතාව බලලා ඉවරවුනාට පස්සේ ඔලුව හොල්මන් වෙනවා. මං දන්නව මේක බලලා ඉවර වුනාට පස්සේ ඔයාට ප්‍රශ්න කෝටියක් විතර එයි. ඉතින් අපි ඒ දේවල් ගැන බයිස්කෝප් මංසලේ වෙනම ලිපියක් මගින් කතාකරමු. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු හැමටම ජය.

“මේ ලෝකේ අපි අපේ කියලා හිතන් ඉන්න අය තමයි, අපිට වැඩිපුරම ද්‍රෝහිකම් කරන්නේ.”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD Rip පිටපත සඳහා අදාළ වේ.

2,926 downloadsDownload Lingering-2020-AKA-Hotel-Leikeu.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

2,926 downloadsDownload Subtitles24 KB

15 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Sohan Jayasooriya

    අඩෝ කාලෙකින් සබක් කරලා තියෙන්නේ.. මරු මරු ඈ.. ආයෙ ට්‍රැක් එකේ ඉමු.. සබට තැන්කූ වේවා ලිස්ට් එකට දාගත්තා

  4. සියන්ත

    අනිවාර්යෙන්ම බලන්නෙ නෑ..සබට තුති

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. formano

    බොහොම ස්තූතියි. antebellum එකට උපසිරසි කවදද දෙන්නේ?

  8. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි ...

    Request ...

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  9. indika75

    thanks..

  10. බොහෝම ස්තූතියි උපසිරැසියට...

    බොහෝම ස්තූතියි උපසිරැසියට... මොකෝ බං උඹට වුනේ...

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Lakshansilva18

    thanks for sub, film ekanam cha

  14. Wicki

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  15. Dewadithya

    Thanks for sub!