Phir Aayi Hasseen Dillruba (2024) Sinhala subtitles 2021 වසරේදී OTT චිත්‍රපටයක් විදිහට එලි දැක්වුණු Haseen Dillruba (2021) කාටත් අමතක නැතුව ඇති. නොහිතපු විදිහට ගොඩ දෙනෙක් අතර ජනප්‍රියතාවයට පත් වුණු ඒ වගේම නෙට්ෆ්ලික්ස් ඔස්සේ වැඩිම නැරඹුම් වාර ගණනක් සටහන් කරපු Thriller ශානරයේ චිත්‍රපටයක් තමා ඒ. රංගනය…
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala subtitles
2021 වසරේදී OTT චිත්‍රපටයක් විදිහට එලි දැක්වුණු Haseen Dillruba (2021) කාටත් අමතක නැතුව ඇති. නොහිතපු විදිහට ගොඩ දෙනෙක් අතර ජනප්‍රියතාවයට පත් වුණු ඒ වගේම නෙට්ෆ්ලික්ස් ඔස්සේ වැඩිම නැරඹුම් වාර ගණනක් සටහන් කරපු Thriller ශානරයේ චිත්‍රපටයක් තමා ඒ. රංගනයෙන් Taapsee Pannu, Vickrant Massey, Harshvardhan Rane වගේ නළු නිලියන්ගෙන් Haseen Dillruba හැඩවෙලා තිබ්බා. ඉතින් චිත්‍රපටය නොහිතපු විදිහට OTT Hit එකක් වෙච්ච නිසා මේකේ දෙවැනි කොටසකුත් හදිසියේම නිවේදනය කරලා තිබ්බා පහුගිය අවුරුද්දේ වගේ. මේ නිවේදනය නම් කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ මොකද චිත්‍රපටය ඉවර වුණේ දෙවැනි කොටසකට ඉඩ නොතියා නිසා.
කොහොම හරි ඔන්න 2024 අගෝස්තු 9වෙනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ ඔය කිව්ව දෙවැනි කොටස එලි බහිනවා. පළමු කොටසේ වගේමයි රංගනයෙන් Taapsee, Vickrant හැඩ කරන අතරේ අලුතින් Sunny Kaushal සහ Jimmy Shergill මේකට එකතු වෙලා තිබ්බා. හැබැයි අධ්‍යක්ෂකවරයා නම් දෙවැනි කොටසෙදි වෙනස් වෙලා තිබ්බා. කොහොමහරි මේ වෙද්දි මිශ්‍ර ප්‍රතිචාරත් එක්ක මේ චිත්‍රපටය දිග හැරිලා තියෙනවා. ඉතින් පළමු කොටස බලපු අයට වගේම බලන්න ආසාවක් තියෙන අයට බලන්න කියලා ආරාධනාවක් කරනවා.
යන ගමන් ඉතින් ප්‍රේක්ෂකයෙක් හැටියට චිත්‍රපටය ගැන මගේ පුද්ගලික අදහසත් කියාගෙන යන්නම්. මේකේ පලවෙනි කොටස ගැනත් මගේ නම් වැඩි පැහැදීමක් තිබ්බේ නැහැ. ඉතින් මේ දෙවැනි කොටස ඊටත් එහා. මොකට හැදුවද මන්දා. ගොඩක් ට්විස්ට්ස් කියලා පෙන්නන්න හදන ඒවා දැකලා ඇත්තටම හිනා ගියා. අනිත් අය ගැන නම් මං දන්නේ නෑ. මේ මට හිතුනු විදිහ. බලන්න ඕනම නම් ඉතින් බලන්න. මදැයි මාත් ඉඳලා ඉඳලා සබක් කරා
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRIP පිටපත් සඳහා ගැළපේ.
4,634 downloadsDownload Phir-Aayi-Hasseen-Dillruba-2024.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Phir Aayi Hasseen Dillruba (2024) Sinhala sub
- #Phir Aayi Hasseen Dillruba (2024) Sinhala subtitles
- #Phir Aayi Hasseen Dillruba Sinhala sub
- #Phir Aayi Hasseen Dillruba Sinhala subtitles
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Buddhika laKMal
sahan gayantha
ස්තුතිය සහෝ සබ් එකට...
රමේෂ්
එක බැලුව නිසා මේකත් බලනවා..තැන්ක්ස් බ්‍රදර්
Anonymous
thanx broooo
Anonymous
2k awa kyla danneth page eken...
ශනායා
ඔය කීවට නරකම නැතුවැති..❤
Sahan Gayantha
thanks a lot saho sub ekata
Aardonyx
thank you ❤
Shane Nilusha de Silva
Thanks for the subtitle. Keep kt up the good work.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තූතියි මචං උපසිරැසියට