Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles හැමෝටම ආයුබෝවන්. ඔන්න මම අද අරගෙන ආවේ 2023 වර්ෂයේ විකාශනය වුණු සුපිරි දකුණු කොරියානු චිත්‍රපටයක්. මේක මම උපසිරසියක් කරන්න හරිම ආස වුණු චිත්‍රපටයක් කියලා කියන්න ඕන. ඕගොල්ලෝ Recalled , Door Lock, Midnight වගේ චිත්‍රපට බලලා තියනවනම් මේ ෆිලුමෙත්…
Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles
හැමෝටම ආයුබෝවන්. ඔන්න මම අද අරගෙන ආවේ 2023 වර්ෂයේ විකාශනය වුණු සුපිරි දකුණු කොරියානු චිත්‍රපටයක්.
මේක මම උපසිරසියක් කරන්න හරිම ආස වුණු චිත්‍රපටයක් කියලා කියන්න ඕන. ඕගොල්ලෝ Recalled , Door Lock, Midnight වගේ චිත්‍රපට බලලා තියනවනම් මේ ෆිලුමෙත් තියෙන්නේ ඒ වයිබ් එකමයි.ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන කුතුහලය මේකේ මුල ඉදලා අගටම තියනවා. මේකේ රංගනයෙන් දායක වෙන අය ගැන කතා කරොත් ඔයාලා Mr.queen බලලා තියනවනම් ඒකේ ඉන්න පිස්සු රැජිණ තමයි මේ සුපිරි ෆිලුමේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.ඒ වගේම තවත් සුපිරි නළු නිළි පිරිසක් මේකෙන් දැක ගන්න පුලුවන්.
හොදයි වැඩි කතා නැතුව අපි කතාව පැත්තට යමු. මේකේ ප්‍රධාන චරිතය වන ජන්ග් සෝ-හියුන් කියන්නේ ඉදිකීරීම් සමාගමක වැඩ බලන කෙනෙක් විදියට රැකියාවක් කරන තරුණියක්. මෙයා රැකියාව නිසා තනියම තමයි ජීවත් වෙන්නේ. දවසක් මෙයාගේ ගෙදර රෙදි සෝදන යන්ත්‍රය ඒ කියන්නේ වොෂින් මැෂින් එක කැඩෙනවා ආයෙත් හදන්න බැරි වෙන්නම. ඉතින් මෙයාට අලුත් එකක් ගන්න ලොකු ගාණක් යට කරන්න බැරි නිසා එයාගේ යාලුවගෙන් දැන ගන්න ලැබුණු විදියට සකන්ඩ් හෑන්ඩ් බඩු විකුණන්න තියන වෙබ්සයිට් එකකින් අඩුවට තියන වොෂින් මැෂින් එකක් මෙයා ගන්නවා. ඔන්න ඔතනින් තමයි කරදර පටන් ගන්නේ මෙයාට හම්බවෙලා තියන ඒ වොෂින් මැෂින් එක වැඩ කරන එකක්නම් නෙමෙයි. ඒක හොදටම කැඩුණු එකක්. ඔන්න එතකොට තමයි මෙයාට යකා නගින්නේ එයාට තේරෙනවා තමන් වංචාකාරයෙක්ට තමයි අහුවෙලා තියෙන්නේ කියලා. ඉතින් මෙයාට ලේසියෙන් ඒ වංචාකාරයට ලිස්සලා යන්න දෙන්න බැරි නිසා මෙයා තීරණය කරනවා ඒ වංචාකාරයව හොයාගන්න. ඒත් ඊටපස්සේ මෙයාට මූණ දෙන්න වුණේනම් හරිම භයාණක දේවල්වලට. ඉතින් ඒ මොනවද කියලා දැනගන්න ඕනනම් මේ කුතුහලය පිරුණු චිත්‍රපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.එහෙනන් හැමෝටම ජය!
තවත් අලුත් ෆිලුමකින් හමුවෙමු!
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,268 downloadsDownload Target-2023-AKA-Dont-Buy-the-Seller-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාරා ගුණරත්න” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-08-01
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Target (2023) AKA Don’t Buy the Seller Sinhala Subtitles
Subtitles by
ඉෂාරා ගුණරත්න
Subtitles
- #2023
- #Box Office Hits
- #Choi Jae-sup
- #Dong-hoo Kim
- #Im Chul-soo
- #Im Sung-jae
- #Jo Yong-joon
- #Kang Tae-oh
- #Keum Sae-rok
- #Kim Seong-gyoon
- #Lee Soon-won
- #Oh Ga-bin
- #Park Hee-kon
- #Shin Hye-sun
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #ඉෂාරා ගුණරත්න
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Gagan pabasara
Nayana Buddhika
සබ් එකට ගොඩක් තෑන්ක්ස්
TFR
Thank you so much for the subtitle
Request - Project Silence (2024)
Buddhika laKMal
තැන්ක්යූ මේ මූවිඑකට සබ් දුන්නට.......
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Akila Dilhara
Thanks for Sub....❤
Malith samarawickrama
enakal bala bala idiya movie ekak Thanks sis sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Project Silence (2024) ,Mission Cross (2024),The Plot (2024),Dead Man (2024) චිත්‍රපට් කරන්න කො