මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක ඔයගොල්ලො හමුවට එන්න මට කාලයක් ගත වුණා. මුලින්ම ඒකට මම සමාව ඉල්ලනවා. විකියා සහෝ කියපු නිසා මම සබ් දෙන්න හිටපු Arjun (2004) ෆිල්ම් එකත් අතහැරලයි මම මේ ෆිල්ම් එකට සබ් දාන්න ගත්තේ. භාර අරන් ගොඩාක් දවසක් වුණත් දෙන්න වෙලාවක් තිබුණෙම නෑ. මේක දුන්න දවස් වලම මිනිත්තු 30 ක් විතර ක…

මගේ දෙවෙනි උපසිරැසියත් එක්ක ඔයගොල්ලො හමුවට එන්න මට කාලයක් ගත වුණා. මුලින්ම ඒකට මම සමාව ඉල්ලනවා. විකියා සහෝ කියපු නිසා මම සබ් දෙන්න හිටපු Arjun (2004) ෆිල්ම් එකත් අතහැරලයි මම මේ ෆිල්ම් එකට සබ් දාන්න ගත්තේ. භාර අරන් ගොඩාක් දවසක් වුණත් දෙන්න වෙලාවක් තිබුණෙම නෑ. මේක දුන්න දවස් වලම මිනිත්තු 30 ක් විතර කරලා නතර කරන්න වුණා. ආයෙත් සබ් එක ඉවර කරලා දෙන්න ඕන කියලා පටන් ගත්තෙ දැන් සතියකට විතර කලින්. ඔන්න අද මම මේකේ නිමාව දැක්කා.
මේ ෆිල්ම් එක නම් ටිකක් පරණයි. ඒත් ජීවිතේට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ ෆිල්ම් එකට 6.3 ක IMDB අගයකුත් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Axix Mirza. එතකොට ප්‍රධාන නළුවා තමයි අපි කවුරුත් දන්න “ෂාරුක් ඛාන්”. ප්‍රධාන නිළිය විදියට රඟපෑමෙන් එක්වී ඇත්තේ “ජුහී චව්ලා”. කනගාටුවට තව කරුණක් තමයි සින්දු වලට සබ් තියෙන හොඳ සබ් එකක් හොයාගන්න බැරි වුණා. පුළුවන් උපරිමයෙන් මම සබ් එක හැදුවා කියලා හිතනවා. ලංකාවේ වර්තමාන දේශපාලන පසුබිමට සමාන පසුබිමක් මේ කතාවෙත් තියෙන්නෙ කියලයි මට නම් හිතෙන්නේ. ඔයාලත් ඒක බලලම තීරණය කරන්න.
කතාව ගැන කියනවානම් තමන්ගෙ දුවට සිදුවන අසාධාරණයක් වෙනුවෙන් නැගී සිටින පියෙකු වටා ගෙතුණු කතාවකුයි තියෙන්නේ. අපරාධ කරුවෙකු ලෙස හංවඩු ගහන ඔහුට උදව් කරන්නේ අජය බක්ෂිත් (ෂාරුක් ඛාන්) සහ රියා බැනර්ජී (ජුහී චව්ලා) යන දෙන්නයි. එයාලා ටීවී චැනල් දෙකක වාර්තා කරුවො දෙන්නෙක්. එයාලා දෙන්නා කරන විහිළු ටික නම් පට්ටයි හොඳද. මුලදි දෙන්නා තරහෙන් හිටියට පස්සෙ සිද්ධ වෙන දේවලුත් එක්ක එයාලා එකතු වෙනවා. ආදරේ ප්‍රකාශ කරන්නේ කොයි වෙලේද කියලා නම් කතාව බලලම දැනගන්න වෙනවා.
හොඳ උපදේශයක් දෙන ජීවිතේටත් ආදර්ශයකුත් දෙන සුපිරිම කතාවක් මේක. අනිවා බලන්න. ගහගන්න ඒවා නම් නැතත් පට්ටම කතාවක් මේක. ඒ වගේම මේ සබ් එක ගැන හොඳ නරක කියන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් ළඟදිම තවත් සබ් එකකින් හමුවෙන්නම්. සියලුම දෙනාට ජයෙන් ජය!
7607251F1387DC7BBDB7D5C692600F60D5809087 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,158 downloadsDownload Phir.Bhi_.Dil_.Hai_.Hindustani.2000.baiscopelk.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/SupunP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුපුන් ප්‍රමෝද්
Subtitles
41 comments
Yenu
Galaya
ශාරුක් ගෙනම් අනිව බලනවනේ එල මචන් (y)
පුලුවන්නම් ශාරුක්ගෙ pardes ෆිල්ම් එකටත් සබ් දෙනවද :-Dminura thushan
thanks yalu :) go head like this movies..
Funny Cat Vine
Thanks for finally writing about > Phir Bhi Dil Hai Hindustani (2000) | අසරණ වූ මිනිසෙකුට යුක්තිය ඉටු කිරීමක්.
[සිංහල උපසිරැසි සමඟ] | බයිස්කෝප් සිංහලෙන්
< Liked it!චාරුක ලක්ෂිත
සුපිරිම තමයි.....
මමත් කරන්න හොයා හොයා හිටියේ ෆිල්ම් එක....
කමක් නැහැ අපේ කෙනෙක්නෙ දල තියෙන්නේ....
පට්ට සහෝ...
කියන්න වචන නැහැ...
දිගටම සුබ දෙමු...
ඔයබ ගය සහෝ....චාරුක ලක්ෂිත
පට්ටම ෆිල්ම් එක.....
උපිරි.................................................. යාලු...ලක්ෂාන් නිලංක
අම්මට සිරි මේක ඉස්සර ටීවිඑකේ හරි ආසාවෙන් බලපු ෆිමක්නෙ....මේක දුන්න ලොකු දෙයක්....ජය වේවා....!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ පරන එවා සෙට්එකම දෙමු මේවා කොචර බැළුවත් එපා වෙන්නේනැ...
සුභපැතුම්.. දිගටම කරගෙනයමු. දෙවැනි වැඩෙත් පුපිරියි...වරුණ රංගජිත් (වරූ)
පරණ වුනත් එල ෆිල්ම්..
අනිවා බානවා..
තෑන්ක්ස්..sasanka
patta lassana film ekak me vage parana eva thava denna jaya wewa.budusaranai..
ujitha
ela ela
Jack
ස්තුතියි සහෝ සබ් එකට.
Kulanjana Maduranga
parana unath shahrukh lokka inna ewa nm balanawama thamai...thanks SUPUN saho......digatama sub demu.jaya wewa..............
isuru lakmal
niyami macho.tamil film ekakuth oni hode...
රොයිලි
බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුපුන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!supun
සුභ පතපු හැමෝටම ගොඩාක් තුති. ඉක්මනටම තෙලිගු ෆිල්ම් එකටත් සබ් දෙන්නයි හිතාගෙන ඉන්නෙ.
ෆිල්ම් එක බලලා සබ් එක කොහොමද කියන්නත් අමතක කරන්න එපා.
එහෙම කිව්වොත් තමයි මගේ අඩුපාඩු හාදාගන්න පුලුවන් වෙන්නෙ.
හැමෝටම ජයෙන් ජය.!gayan
Pardes film ekatath dennako.........
සුපුන් ප්‍රමෝද්
බලමු සහෝ මම භාර ගත්ත ෆිල්ම් එකක් තියෙනවා.
ඒක දාලා 2014 අලුත් එකකට සබ් දෙන්නයි හිතන් ඉන්නෙ.
ඒත් මේකටත් දෙන්න බලන්නම් කොහොමහරි.
නලින්
ස්තුතියි සුපුන් සහෝ..!
ඉස්සර බැලුවා. ආයෙත් නිවාඩු පාඩුවේ බලන්න ඕනේ..
ජය වේවා.!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)shan
thanks machan
“චූටී මල්ලි”
මේකනම් බලලා නෑ
ශාරුක්ගෙ හින්දා බලන්නත් හිතයි
සබට තුති
ඔබට ජය.....Pradeep
Godak Thanks sabata Yaluwane.
කැලුම් ගුණසේකර
බොහොමත් ම ස්තුතියි උපසිරැසියට.
yeshu
tnx
Naween
අඩේ පට්ට බං.ලොකු අඩුවක් සම්පූර්ණ කරේ.මේක අනිවා බලන්න ඕනේ.
Phir Bhi Dil Hai Hindustani සිංදුව නම් අහල තියේ පට්ට ඈ.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය...!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Suu
thank uu :) :)
සුපුන් ප්‍රමෝද්
ෆිල්ම් එකට අදහස් දක්වපු හැමෝටම ගොඩාක් තුති යාළුවනේ...
සුපුන් ප්‍රමෝද්
ස්තූතියි හැමෝටම
සුපුන් ප්‍රමෝද්
ස්තුතියි යාළුවනේ...
Menu
Thank you so much!!!!
Damith Dilan
thanks friend.
Sohan
elazzzzz thankx bro
Ishara Sandaruwan
Phir bhi dil hai hindusta film eka download karaganna hoda torrent link ekak dennako..plz...
Ruchira senevirathne
One 2 Ka 4 me dennama inna supiri filumak කරලා දියන්කෝ
Amalka Himeshan
Thanks sub ekata
Vidura
film eke copy eka download karanna ba ne machan...
Pasan
Thx bro sub 1t..!!
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank You........