මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය හයවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ජමුනා සහ හමුදා කර්නල්වරයෙක් වන ඇගේ ස්වාමිපුරුෂයා අතර වැඩෙන අඹුසැමි විරසකයක් හේතුවෙන් ඇය ඔහු හැ…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය හයවන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.1 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්.

මෙහි කතා කතා සාරාංශය වන්නේ, ජමුනා සහ හමුදා කර්නල්වරයෙක් වන ඇගේ ස්වාමිපුරුෂයා අතර වැඩෙන අඹුසැමි විරසකයක් හේතුවෙන් ඇය ඔහු හැර යාමට තීරණය කරයි. ධනවතකු වන ඔහු තම පුතා රැගෙන යාමට ඔහු ඇයට ඉඩ නොදෙයි, නමුත් පසුව ඇය තම පුතාව පැහැර ගෙන වෙනත් පළාතක දුකසේ ජීවත්වෙයි. මේ අතර කර්නල්වරයාගේ හොඳම හිතවතා හදිසියේ මියයන අතර, ඔහුගේ කුඩා දියණිය වන මෝනාව හදාවඩා ගැනීමට කර්නල්වරයා භාර ගනී. වසර ගණනාවකට පසු, ජමුනාගේ පුත් මොහාන්ට, මෝනාව මුණගැසෙන අතර දෙදෙනාම එකිනෙකාට ආකර්ෂණය වේ. නමුත් මෝනාගේ භාරකරුවන කර්නල්වරයා කැමති වන්නේ ඇය විදේශිකයෙකු වූ ඉතා ධනවත් පවුලකින් පැමිණි බිහාරිලාල් හෙවත් දිෆු සමඟ විවාහ වෙනවාටය. නමුත් ඔහු තරමක් මන්ද බුද්ධික තරුණයෙකි. මේ අතර රමේෂ් නම් පුද්ගලයා කර්නල්වරයාගේ නැතිවූ පුතා තමා බව පවසමින් එම නිවසට පැමිණෙයි. මෙය කර්නල්වරයාගේ දේපොළ ලබාගැනීමට කීපදෙනෙක් විසින් කරන සැලසුමකි. ජමුනාට මේ ආරංචිය ලැබුණු විට ඇය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් කම්පාවට පත්වෙයි. මෙහිදී සත්‍යය හෙළිදරව් කිරීම සඳහා ඇයට සැඟවී සිටි ප්‍රදේශයෙන් පිටතට පැමිණීමට සිදුවේවිද? නමුත් ජමුනා අමිහිරි අතීතය නැවත හෙළි කිරීමට කැමති වෙයිද? මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. ජෝ මුකර්ජි සහ ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තර්ඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානා, ආයා සාවන් ජූම්කේ, ඩබල් ඉන්ඩෙමිනිටි.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Phir Wohi Dil Laya Hoon Full Movie | फिर वही दिल लाया हूँ | Joy Mukherjee, Nasir Hussain යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිපහයි, තත්පර හතලිස්අටක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

668 downloadsDownload Phir-Wohi-Dil-Laya-Hoon-1963.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

668 downloadsDownload Subtitles41 KB

10 comments

  1. Kantha_DLA

    මේ උතුම් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    ..... බුදු සරණයි – දෙවි පිහිටයි ….

  2. Anonymous

    Thanks, old is gold!

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. indika 75

    thanks..

  7. Anonymous

    Thanks for this subtitle! I like to old hindi movies.

  8. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. Lasantharathnasirirox

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතිය පුදකරනවා සොයුර ඔබට..ඔබට ජයෙන් ජයම වේවා!!