Watch Trailer

Thirteen Lives (2022) Sinhala Subtitles | ලෝකයට අහිමි වන්නට ගිය ජීවිත 13ක් [සිංහල උපසිරසි]

ආයුබෝවන්! බයිස්කෝප් වාසි යාලුවනේ. කාලෙකට පස්සේ මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකට සබ් එකක් ලියන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට තමයි මට අහම්බෙන් වගේ මේ ෆිල්ම් එක හම්බවුනේ ඉතින් මගේ පරණ සබ් වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක්…

ආයුබෝවන්! බයිස්කෝප් වාසි යාලුවනේ. කාලෙකට පස්සේ මට හිතුනා ආයෙත් බයිස්කෝප් එකට සබ් එකක් ලියන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට තමයි මට අහම්බෙන් වගේ මේ ෆිල්ම් එක හම්බවුනේ ඉතින් මගේ පරණ සබ් වලට කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි.

මම අද අරගෙන ආවේ සුපිරිම සුපිරි ඇඩ්වෙන්චර් ෆිල්ම් එකක්. නිකම්ම නිකන් එකක් නෙමෙයි පැය දෙකහමාරක් පුටුවෙන් නැගිටින්නේ නැතුව බලන්න පුලුවන් පිස්සු හැදෙන ෆිල්ම් එකක්. ඒකත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද විශිෂ්ට ගණයේ චිත්‍රපටයක්. ඔයාලට මතකද 2018 වර්ෂයේ මුළු ලෝකෙම අවධානය දිනාගත් ඒ සිදුවීම.

2018 ජුනි මාසයේ උතුරු තායිලන්තයේ චියැං රායි පළාතේ තාම් ලුආන්ග් නන්ග් නොන් ගුහාවට පිරිමි ලමුන් දොළොස් දෙනෙකුගෙන් යුත් පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ පුහුණුකරු, ඇතුළු වෙනවා. මෙයාලා ඇතුලට ගිහින් ටික වේලාවකට පසු ධාරානිපාත මෝසම් වැසි ඇද හැලීමට පටන් ගන්නවා. කන්ද මුදුනට මුදුනට පතිතවන එම ධාරාණිපාත දියදහරා ටිකෙන් ටික කන්ද ඇතුලට ඇවිත් මේ ගුහාවේ ජල මට්ටම ඉහල යාමට පටන් ගන්නවා. ගුහාවට ඇතුළු වන ස්ථානයේ සිට කිලෝමීටර් 4ක් පමණ ගුහාවේ ඇතුලත දැඩි අඳුරු ස්ථානයක මේ පුහුණුකරු ඇතුළු සිසුන් දහ දොලොස් දෙනා සිර වෙනවා. නොනවත්වා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් කෝප වූ සොබාදහමේ හිරිහැරත් විඳිමින් ලෝකයෙන්ම එකතුවුණු අති දක්ෂ කිමිදුම් කරුවන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ස්වෙච්ඡා සේවකයන් සමග තායි හමුදා නිලධාරීන් ඇතුළු ධෛර්යවන්ත මිනිසුන්ගේ මුදා ගැනීමේ මෙහෙයුමයි මේ.

මෙම ගලවා ගැනීමේ ප්‍රයත්නයට කිමිදුම්කරුවන් 100කට වැඩි පිරිසක්, ගලවා ගැනීමේ සේවකයින් විශාල සංඛ්‍යාවක්, රාජ්‍ය ආයතන 100ක පමණ නියෝජිතයන්, පොලිස් නිලධාරීන් 900ක් සහ සොල්දාදුවන් 2,000ක් ඇතුළු 10,000කට වැඩි පිරිසක් සම්බන්ධ වූහ. පොලිස් හෙලිකොප්ටර් 10 ක්, ගිලන් රථ හතක්, කිමිදුම් සිලින්ඩර 700 කට වැඩි ප්‍රමාණයක් සහ ගුහාවලින් ජලය ලීටර් බිලියනයකට වඩා පොම්ප කිරීම අවශ්‍ය විය.

මෙසේ සිදුවුනු ලෝකයේ අති විශිෂ්ටතම ගලවා ගැනීමේ මෙහෙයුම විශිෂ්ට සිනමා නිර්මාපකයකු වන “Ron Howard” විසින් සිනමාවට නැඟූ අතර එය IMDb දර්ශකයේ 7.8ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 88%ක අගයක් වාර්තා කිරීමට සමත් විය.

එහෙමනම් මෙම විශිෂ්ට සිනමා නිර්මාණය බලන්න සියලු දෙනාටම ආරාධනා කරනවා. මම කිව්ව වගේ මේක ඇත්තටම සුපිරිම සුපිරි ෆිල්ම් එකක් මිස් කරගන්න නම් එපා ඒ වගේම ෆිල්ම් එකඑක ඉවර වෙලා අන්තිමට නම් යන ටිකේ ඇහෙන Thai සින්දුවත් පොඩ්ඩක් අහලා බලන්න අමුතුම ෆීලින් එකක් එනවා. එහෙනම් හැමෝටම ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

9,045 downloadsDownload Thirteen-Lives-2022.zip49 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,045 downloadsDownload Subtitles49 KB

26 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Anonymous

    එනකන් බලන් හිටිය ෆිල්ම් එකක්.ඔයාලම සබ් දුන්න එකට තැන්ක්
    ජ්‍ය්
    ජුරාසික් පරක් අලුත් එක br එකට updet කරලා දේන්න.☝️

    1. DULA SL

      කියන්න වචන නෑ ෆිල්ම් එකනම් සුපිරියක්, හැමෝම බලන්න ඕනේ ෆිල්ම් එකක්, නොබලනම් ඉන්න එපා, එකේ දැනෙන feeling නම් කියලා වැඩක් නෑ

  3. Kushan

    Sub akta thanks

  4. sahangayantha

    thanks a lot saho sub ekata

  5. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුතියි...ජය ❤

  6. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  7. supun

    tz sub ekata..

  8. Naveen

    උපසිරසියට තුති

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  11. Anonymous

    Patta

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  14. indika 75

    thanks..

  15. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Anonymous

    Thanks Brother

  17. Anonymous

    Day shift sub plz
    Top gun update webrip plz

  18. Ruchira

    Thanks for the sub!!!!

  19. Anonymous

    haw to to Download this movie .........

  20. Nishan

    Thanx bro

  21. V.P

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  22. madushan

    Thank for sub !!

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. lakshan

    thanks .......................

  25. Tharindu

    Bohoma stuti neero.. jaya wewa

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.