මෙන්න මම අපේ යාලුවන්ට අරගෙන ආවා ක්‍රියාදාම ගනයේ චීන කතාවක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තෝබර් 1 වෙනිදා. ඒවගේම මේ චිත්‍රපටිය මිනිත්තු 126ක් දිවෙන අතර IMdb අගය 6.2ක ප්‍රමාණයක් මේකට ලැබිලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tsai Yueh Hsun.ඒවගේම මේ චිත්‍රපටිය යෙන් මිලියන 159.9ක බොක්ස් ඔ…

මෙන්න මම අපේ යාලුවන්ට අරගෙන ආවා ක්‍රියාදාම ගනයේ චීන කතාවක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 2014 අවුරුද්දේ ඔක්තෝබර් 1 වෙනිදා. ඒවගේම මේ චිත්‍රපටිය මිනිත්තු 126ක් දිවෙන අතර IMdb අගය 6.2ක ප්‍රමාණයක් මේකට ලැබිලා තියනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tsai Yueh Hsun.ඒවගේම මේ චිත්‍රපටිය යෙන් මිලියන 159.9ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබලා තියනවා. Mark Chao, Lin Gengxin, Huang Bo, Janine Chang යන අය ඇතුලු පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. මේ අයගේ නම් කියවන්න ගිහින් දිව එහෙමඋලුක් කරගන්න එපා 😛 ඇත්තම කිව්වොත් අපිට එයාලාගේ නම් ටිකක් අමුතුයි තමයි. ඒ ඉතින් එයාලාගේ සංස්කෘතියනේ. ඉතින් මට මේ චිත්‍රපටිය ගැන දැනුවත් කරේ අපේ ඇඩ්මින් සහෝදරවරු තමයි. එයාටත් මේ වෙලාවේ ස්තූති කරන ගමන්අපි කතාවේ මොකක්ද වෙන්නේ කියලා එහෙනම් බලමු.
මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නා තමයි ‘වූ යින්ග් ෂියෝ’ සහ ‘චෙන් සෙන්’. මේ දෙන්නා පොලිස් නිලධාරින් දෙන්නෙක්. ඒ වගේම යින්ග් ෂියෝ තමයි වැඩකාරයා. එතකොට චෙන් සෙන් තමයි මොලකාරයා. හැබැයි මේ දෙන්නා වැඩ කරන්නේ වෙනම පොලීසි දෙකක උනත් එයාලාගේ නගරයට වෙන ඇබැද්දිය නිසා ඒ දෙන්නාට එකට වැඩ කරන්න වෙනවා. ඉතින් මෙයාලාගේ නගරයට කියන්නේ හාබර් නගරය කියලා. මේකේ ඉන්න මැර ඩයල් එක තමයි ‘ලෑන් ෂී එන්’. මෙයා කොහොමහරි අපරාධකාරයෝ කට්ටියක් එකතු කරගෙන එයාලා එක්ක නගරයේ තැන් තැන් වලට බෝම්බ යවලා පුපුරවලා දානවා. මෙයා ඒ පිපිරීම් වෙන්න සැලසුම් කරන්නේ වෙනත් පැති වලින්
නගරයට එන්න තියන මාර්ග වල. ඒ කියන්නේ මේ හාබර් නගරයේ ඉඳන් වෙනත් නගර වලට යන්න තියන පාරවල් සේරම මෙයා බෝම්බ යවලා විනාස කරනවා. ඇත්තටම ඒකට හේතුව ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ඊටපස්සේ මෙයා හමුදාවෙන් පැහැරගන්නවා EMP කියලා මිසයිලයක්. ඒ මිසයිලයෙන් පුලුවන් මුළු නගරයේ ගමගමනාගමනය, සන්නිවේදනය, විදුලිය සේරම නැති කරලා දාන්න. ඊටපස්සේ තව මෙයා ලඟ තියනවා ජෛව රසායනික ආයුධයකුත්. ඒ කියන්නේ වෛරස් එකක්. මෙයාගේ සැලසුම වෙන්නේ මේ මිසයිලයෙන් නගරයේ හැම සන්නිවේදනයක්ම, විදුලිය විනාස කරලා දාලා අර වෛරස් එක නගරයේ පතුරවන්න. ඉතින් ඔන්න ඔහොම
තමයි කතාවේ වෙන්න යන්නේ.
මම තව නම් කියන්න යන්නේ නෑ. එතකොට වැඩක් නැතිවෙනවා. එහෙනම් බලන්න අර කෙනා නගරයේ වෛරස් එක පතුරනවාද කියලත් අපේ පොලිස් යාලුවෝ දෙන්නා ඒකට මොකද කරන්නේ කියලත්. තව දෙයක් තමයි හොඳ සටන් දර්ශනත් අඩුවක් නැතුවම මේ චිත්‍රපටිය පුරාවටම තියනවා. එහෙනම් හැමෝටම මේ අපූරු චිත්‍රපටිය නරඹන්න කියලා මම ආරාධනා කරනවා. ඔයාලාගේ අදහස් දාලා යන්නත් අමතක කරන්න එපා එහෙනම්. හැමෝටම ජය වේවා!!!
707 MB (HD) කොපිය මෙතනින් බාගන්න
AFF3F706807CF80970CB1B160D1CB25F206971C9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,420 downloadsDownload Black-WhiteThe-Dawn-of-Justice-2014.baiscopelk.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
30 comments
Thanu
Ishan J
niyamai..aniwa downloda krnwa..
Anushka
සුපිරි Film එකක් වගේ, නියමයි සහෝ.. නියමයි...
සබට බොහොම ස්තුති
දිගටම කරගෙන යන්න ජය වේවා!!!!Kulanjana Maduranga
patta filumak ne...aniwa banawa.thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
එල්.සී. දමැල්
දිගටම සබ් දෙමු....!
තුති!darshana
tnxxxx machan, me wage eewa thamaaa ooooona, ela ela
Sisira Hegoda
Thanks.
Jack
නියමයි මක්ගෝ.
ස්තුතියි සබ් එකට.Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුති සහෝ
Fight තියනව නම් අනිවා බලන්නම ඔනේ
ජය වේවා... !!shan
thanks machan
chin lu su
chin chin gala puk parak dunnawage balapalla cheenuge wada mavil gala athata denawa wage neda bala bala inna
chathura madusanka
ela ban thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sanjaya
බොහොම ස්තුතියි සහෝ... නියම පිල්මි එකක් අරන් ඇවිත් තියෙන්නේ...
දමිත්
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..
කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා...
ජයෙන් ජය...රවිඳු නිපුන්
එල සහෝ...
තෑන්ක්ස් වේවා!!!Kasun
Thanks Bro:
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මේ සැරේ චයිනිස් එකක් බස්සලා තියෙන්නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nelson
Thank you friend
Buddhika
thanks machan..
Kamal Arjuna
බොහොම ස්තුතියි සහෝ… සිංහල උපසිරැසියට.
ජය වේවා. !“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Tilantha Hansanath
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ
bobby
Thank you very much
ඉෂාන් මදුෂ
ස්තූතියි සහෝ
malith
Ela elaz
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanku saho sub 1ta