Watch Trailer

Pig (2021) Sinhala Subtitles | ළබැදි ඊරිය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ නිකලස් කේජ් කියන විශිෂ්ට රංගධරයාගෙ අලුත්ම සිනමාපටය.. විමා මට මේක බාර දීලා සතියක් ගෙවුනා උපසිරැසිය ලබා දෙන්න. ඉතින් ඒකට සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලන ගමන්ම කතාවේ වෙන්නෙ මොකක්ද කියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්. pig එහෙමත් නැත්නම් ඌරා සිනමාපටය නිකලස් කේජ්ගෙ අද්විතීය රංගනයෙ…

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ නිකලස් කේජ් කියන විශිෂ්ට රංගධරයාගෙ අලුත්ම සිනමාපටය.. විමා මට මේක බාර දීලා සතියක් ගෙවුනා උපසිරැසිය ලබා දෙන්න. ඉතින් ඒකට සමාව භාජනයකට දාන්න කියලා ඉල්ලන ගමන්ම කතාවේ වෙන්නෙ මොකක්ද කියලා කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.

pig එහෙමත් නැත්නම් ඌරා සිනමාපටය නිකලස් කේජ්ගෙ අද්විතීය රංගනයෙන් හැඩ වෙන මේ වන විට IMDB දර්ශක අගය 7.0ක් තරම් ඉහළ අගයකුත් කුණු තක්කාලි දර්ශක අගය 97%ක් තරම් ඉතාමත් ඉහළ අගයක් ලබාගන්නටත් ලොව වටා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගන්නටත් සමත් වුන අනර්ඝ සිනමාපටයක්. drama වර්ගීකරණයට අයත් සිනමාටයක් ලෙස මෙය හදුන්වන්නට පුළුවන්.

කතා නායකයා වන රොබ් කැලෑවකට වෙලා තනියෙම ජීවත් වෙන වයසක මනුස්සයෙක්. මේ මනුස්සයාගෙ තනි නොතනියට ඉන්න එකම කෙනා ඊරියක්. හැබෑට බල්ලෙක් පූසෙක් හැදුවානම් කමක් නෑ කියමු? ඒත් මොකටද මේ ඌරෙක් හදන්නෙ. රොබ්ගෙ ජීවිකාව වෙන්නෙ විශේෂිත පොළව යට හැදෙන හතු වර්ගයක් හොයලා අමීර් නම් වූ ගැනුම්කරුවෙකුට ඒවා විකුණන එක. ඉතින් ඒවා හොයාගන්න සහය වෙන්න ඉන්නෙ රොබ්ගෙ ඌරා පමණයි. රොබ් කිසිම අවස්ථාවක කැලෑවෙන් එළියට නොයන, පිටත ලෝකය එක්ක සම්බන්ධකම් පවත්වා ගන්නෙ නැති පුද්ගලයෙක්.

ඉතින් කැලෑවට වෙලා තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වෘත්තීය සහයක, හුරතලා, හිතවතිය මේ කියන හැමදේටම ඉන්න ඌරා එක්ක ජීවත් වෙන රොබ්ට දවසක් ලොකු ඇබැද්දියකට මූණ දෙන්න වෙනවා. ඒ හොරු දෙන්නෙක් ඇවිල්ලා තමන්ගෙ තනියට හිටිය එකම දේ වෙච්ච ඌරාව හොරකම් කරගෙන යන එක. ඉතින් මේ සිද්ධිය නිසා රොබ්ට අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා ආයෙම නගරෙට යන්න.

ඉතින් මේ කැලෑවේ ජීවත් උන මනුස්සයා නගරෙන් ඈත් වෙලා හිටියාට නගරෙ අයව අදුනනවා. ඒ කොහොමද? ඉස්සර මේ රොබ් මොන වගේ කෙනෙක්ද? නගරෙට ගියාට පස්සෙ මොනා වෙයිද? එයාට තමන්ගෙ ඌරාව ආයේ හොයාගන්න ලැබෙයිද නැද්ද කියන දේවල් ඔයාලා බලලම දැනගන්න එහෙනම්.

එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවෙන අපේක්‍ෂාවෙන් මං සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,728 downloadsDownload Pig-2021.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,728 downloadsDownload Subtitles27 KB

30 comments

  1. tharidu16

    thanks machi

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. gihan

    Rurouni Kenshin ඒකෙ අලුත් ඒවට සබ් දෙන්න පුලුවන්ද

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි සහෝ

  5. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...F9 එකට සබ් නැද්ද සයිට් එකෙන්

  6. Anonymous

    Thanks

  7. Anonymous

    download karala sub nathuwa balan hitiya sathi 2k withara

  8. Anonymous

    Thank you for the sub.

  9. Tharaka

    සබ් එකට ස්තුතියි සහෝ

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

  12. Anonymous

    Niyamama Wadak F9 ekata sub denne naedda

  13. Anonymous

    Thanks Brother

  14. indika75

    thanks..

  15. Nelson Rodrigo

    Good work friend, thanks for the sub

  16. MAALNATH

    Thanks.... good luck

  17. Chandima Prasad

    Thanks Sub Ekata........

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. Pramukmili

    Thanx bro............

  20. tharangani

    Thanx

  21. Anonymous

    thnx

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  23. Anonymous

    ආදරයෙන්, සංගීතයෙන් මිනිස්සුන්ව වෙනස් කරන්න පුලුවන් කියලා අහලා තිබ්බට කෑමෙනුත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුලුවන් බව අදයි දැක්කේ. කලාතුරකින් දකින අමුතු ස්ටෝරී ලයින් එකක් තියෙන තියෙන ඉහළ ගුණාත්මක චිත්‍රපටියක්. උපසිරැසියට ස්තූතියි. එකිනෙකාගේ රසවින්දනය සාපේක්ෂ දෙයක් නිසා මේකේ ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය ගැන කතා කරලා වැඩක් නෑ.

  24. Anonymous

    Bluray Sub Plieeeeeeeeeeeees..........

  25. Anonymous

    Bluray Sub Dendoooooo....

  26. Anonymous

    Bluray Sub Update Karandoo ... Pleese..

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Anonymous

    Ko Yakuuuu....Bluray Sub aka.......??

  29. Dewadithya

    Thanks for Sub!

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!