ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් බැරි වුනා. හිස් අතින් ඇවිල්ලත් බෑනේ. ඒ නිසා මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය ඉඩක් ලැබුන ගමන් ටික ටික කරන්න පටන් ගත්තා. ඒ අතරේ විමුක්ති සහෝදරයාගේ ඉල්ලීමකට Trollhunters: Rise of the Titans චිත්‍රපටයටත් උපසිරස…

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම..
පහුගිය දවස් ටිකේ චුට්ටක් විතර වැඩ වැඩිවුන නිසා අඩවිය පැත්තට එන්නත් බැරි වුනා. හිස් අතින් ඇවිල්ලත් බෑනේ. ඒ නිසා මේ චිත්‍රපටයේ සිංහල උපසිරසිය ඉඩක් ලැබුන ගමන් ටික ටික කරන්න පටන් ගත්තා. ඒ අතරේ විමුක්ති සහෝදරයාගේ ඉල්ලීමකට Trollhunters: Rise of the Titans චිත්‍රපටයටත් උපසිරසි අරගෙන ආවා. තව සුබ ආරංචියක් කියන්නත් තියනවා. The Innocent කතා මාලාව ඔයාල බලන්න ඇති. ඒ කතා මාලාවට උපසිරසි ගෙනාපු මමත් ඇතුළු සහෝදර කණ්ඩායම තවත් වැඩකට අත ගහලා තියනවා. ඒ තවත් අපූරු තුර්කි කතා මාලාවක්. ඒකේ වැඩකටයුතුත් අවසාන අදියරේ තමයි තියෙන්නේ. ළඟදීම ඔයාලට ඒ කතා මාලාවත් රසවිඳින්න පුළුවන්.
ඉතින් ඔන්න සුපුරුදු විදිහට තවත් 90 දශකයේ අග තිරගත වුන ටිකක් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසිය අරගෙන ආවා.
Three Kings (1999)
ගල්ෆ් යුද්ධය අවසන් වනවාත් සමඟම ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහිව කැරලිකරුවන්ගේ නැගිටීමක් සිද්ද වෙනවා. ඒ අතර යුද්ධය අවසානයේ හමුදා වෙත බාර වෙන මිනිසකු මගින් සදාම් හුසේන් කුවේටයෙන් සොරකම් කල රත්තරන් පිළිබඳව දැනගන්න ලැබෙනවා. මේ රත්තරන් තොගය කාටත් හොරෙන් ඇමරිකානු සෙබලුන් හතර දෙනෙක් අරගන්න හදන උත්සහයත්, ඒ අතරින් මතුවන මනුස්සකමත් මේ චිත්‍රපටයෙන් දිගහැරෙනවා..
John Ridley ගේ කතාවට තිර රචනය හා අධ්‍යක්ෂණය David O. Russell විසිනි. නිෂ්පාදනය Charles Roven සහ Paul Junger Witt සමගින් Edward L. McDonnell විසිනි. මේජර් ආචි ගේට්ස් ලෙස George Clooney, ට්‍රෝයි බාර්ලෝ ලෙස Mark Wahlberg, චීෆ් ලෙස Ice Cube චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වන අතර, මීට අමතරව Spike Jonze, Nora Dunn, Jamie Kennedy, Mykelti Williamson, Cliff Curtis, Saïd Taghmaoui ඇතුළු රැසක් රංගනයෙන් දායක වේ. 1999 ඔක්තෝඹර් 01 වන දා එක්සත් ජනපදයේත් 2000 වසරේ ජනවාරි 13 වන දා ඕස්ට්‍රේලියාවේත් මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කර ඇත.
විනාඩි 114ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 7.1 ක්, Rotten Tomatoes 94% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 83%ක කැමැත්ත ලැබී ඇත. චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 48 ක් පමණ වන අතර බොක්ස් ඔෆීස් ආදායම ඇ.ඩොලර් මිලියන 107.7ක් පමණ වේ.
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,310 downloadsDownload Three-Kings-1999.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
35 comments
ශ්‍රියන්ත
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සුපිරි ෆිල්ම් එක
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
දිගටම පැරණි චිත්‍රපට දෙන්න.
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොෂාන් ශමීර ජයසිංහ
ඇත්තටම මේක මගෙන් උපන් දින තිළිණයක්. අඩවියේ උපසිරසි කරුවෙක් තමන්ගේ උපන් දිනේට උපසිරසියක් පල කරනවා කියලා කලින් දවසක මට දැනගන්න පුළුවන් වුනා. ගිය අවුරුද්දෙත් මං මගේ උපන් දිනේට උපසිරසියක් අරගෙන ආවා. මේ අවුරුද්දේ ටිකක් වැඩ වැඩි වුන නිසා ඊයේ හවස් වෙනකොට තමයි උපසිරසිය සම්පූර්ණ කරගන්න පුළුවන් වුනේ. ඒත් මං සාමාන්‍ය විදියට උපසිරසිය මේල් කලේ මේකට කලින් කරපු අනෙක් උපසිරසි වලට අසාධාරණයක් වෙයි කියලයි. ඒත් අඩවියේ ඇඩ්මින් සහෝදරවරු දිනේ අවසන් වෙන්න ඉස්සෙල්ලා උපසිරසිය පල කරපු එකට මගේ අවංක ආදර ස්තුතිය පුද කරනවා. බොහොම ස්තූතියි...
විමා
සුභ උපන්දිනක් වේවා මිත්‍රයා!
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි සහෝදරයා...
ශාමල් මනෝජන්
සුභ උපන්දිනයක් වේවා සහෝ.
ඒවගේම තමයි අද ක්‍රිස්ටොපර් නෝලන් (Christopher Nolan) ගේත් උපන්දිනේ
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි සහෝදරයා
ශාමල් මනෝජන්
Arnold Schwarzenegger ගේ උපන්දිනේත් ජූලි 30
Anonymous
Thanks Brother
කවිඳු ජයවර්ධන
ඉඩෝරෙට දිය පොදක් වගේ සීරීස් එකක් දෙන එකනං සෑහෙන්න වටිනවා.මේ ෆිල්ම් එකනං කලින් බලලා තියෙනවා.දැන් ආපහු සින්හලෙන්ම බලන්න පුලුවන්.සබ් එකට ස්තූතියි වගේම සුභ උපන්දිනයක් සහෝ❤..!!!
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි කවිඳු සහෝ...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chaminda Lakruwan
සුප්පා ෆිල්ම් එකක් වගේ
ගොඩක් ස්තූති සබ් එකටJanidu Kalhara
Elma Subak
F9 ekata thama sub naneAnonymous
sab ekata thanks ban
ajith
හැම උපසිරැසිකරුවෙක්ම උපන්දිනේට ෆිල්ම් එකක් දෙනවනම් නියමයි.උපන්දින තැග්ගට ගොඩක් ස්තූතී.සුබම සුබ උපන්දිනයක් වේවා සහෝ.දිහටම පරණ ෆිල්ම් දෙමු..
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි අජිත් සහෝදරයා...
Priyantha Dayakeerthi
රොෂාන් සමීර ජයසිංහ සොයුර,
ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි, එසේම සුබ උපන්දිනයක් වේවා!රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි ප්‍රියන්ත අයියා...
charitha
හැපි බර්ත්ඩේ සහෝ.ඒ වගේම සබ් එකටත් තෑන්ක්ස්...ජය..!!!!
රොෂාන් ශමීර ජයසිංහ
බොහොම ස්තූතියි චරිත සහෝදරයා...
sadeapa
thanks for subssssssssss........................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
jagath55
Thanka
Buddhika Lakmal
Happy Birth day Broo... ♥♥
රොෂාන් ශමීර ජයසිංහ
Thank You Buddhika...
Anonymous
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Kantha_DLA
Happy birthday to you........
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!රොෂාන් ශමීර ජයසිංහ
ස්තූතියි සහෝ...
MAALNATH
Thanks......good luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
බොහොම ස්තුතියි මෙවගෙ ෆිලිම් එකක් අඩුව පිරෙව්වාට.. සුපිරි ඔයා god bls