Watch Trailer

Pihu (2018) Sinhala subtitles | උඩුමහල් නිවසක සිරවුණු, දෙහැවිදිරි කෙළි පොඩ්ඩ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මගේ එකොළොස්වෙනි උපසිරැසියත් අරන් ආවා.. අන්තිමට “හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ” කියලා ගියාට.. මට ආපහු බයිස්කෝප් පැත්තේ එන්න නම් බැරිවුණා.. මේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වදින්නේ අවුරුදු තුනකට විතර පස්සේ, අන්තිමට මම සබ් එකක් කළේ, 2016 ජනවාරි 16… ඒ We Are Family.. සමහරක් උන…

ඔන්න මගේ එකොළොස්වෙනි උපසිරැසියත් අරන් ආවා.. අන්තිමට “හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ” කියලා ගියාට.. මට ආපහු බයිස්කෝප් පැත්තේ එන්න නම් බැරිවුණා.. මේ උපසිරැසියක් අරගෙන මේ පැත්තට ගොඩ වදින්නේ අවුරුදු තුනකට විතර පස්සේ, අන්තිමට මම සබ් එකක් කළේ, 2016 ජනවාරි 16… ඒ We Are Family.. සමහරක් උන්දැලට මාව මතකත් නැතුව ඇති, ගොඩක් අය මාව දන්නෙවත් නැතුව ඇති.. මේ පාරත් මම අරගෙන ආවෙත් හින්දි චිත්‍රපටයක්.. නම Pihu..

මේ චිත්‍රපටියේ ට්‍රේලර් එක බලලා කම්පනයට පත්වුණු අය, ඇඟ සීතල වෙලා ගිය අය බොහොමයි… මට වුණත් ඒ ට්‍රේලර් එක ආයේ ආයේ බලන්න නම් හිත දුන්නේ නැහැ… මේ වගේ දෙයක් වනේ වන හතුරෙක්ටවත් වෙන්න එපා කියලා හැමෝම හිතින් ප්‍රාර්ථනා කරන්න ඇති… අනික වැදගත්ම කාරණාව තමා මේක මුම්බායිවල නිවාස සංකීර්ණයක සිදුවුණු සත්‍ය කතාවක්… මොකක්ද මේ කතාව? මේ කතාවේ තනිකරම ඉන්නේ අවුරුදු දෙකක පුංචිම පුංචි හුරුබුහුටි කෙල්ලක්… මුළු චිත්‍රපටියම දුවන්නේ මේ දැරිවිගේ කරමතින්.. මේ කෙල්ලගේ කතාව තමා අපිට පෙන්වන්නේ…

තම මියගිය මවගේ නිසල දේහයත් සමඟ උඩුමහල් නිවසක තනිවන දැරිවියක්… හයක් හතරක් නොදන්නා මේ කෙළි පොඩ්ඩගේ අවට අනතුරු දායක දේවල් බොහොමයි.. මේ චිත්‍රපටියේ ඇතැම් දර්ශන ඔබව කම්පනයට පත් කරවයි.. අනේ අපොයි කියලා ඔලුවට අත තියාගනියි.. මේ විනාඩි අනූවකට කිට්ටු කාලට ඔබේ හුස්ම හිරකරවන්න තරම් සමත් වේවි. ඒත් චිත්‍රපටය අවසන් වනතුරුම නරඹන්න… මේ කෙලි පටික්කිට මොකද වෙන්නේ කියලා බලන්න.. මේ කෙල්ලගේ රංගනය ඔබව විස්මයට පත්කරාවි… වාර්තා වන අන්දමට මේ අවුරුදු දෙකේ කෙල්ල ගිනස් වාර්තා පොතටත් ගිහින් අවසානයි.. ඒ චිත්‍රපටයක ප්‍රධාන චරිතය හොබවන වයස අඩුම නිළිය ලෙසින්.

විනෝද් කප්‍රි නැමති සිනමාවේදියාගේ දෙවන අධ්‍යක්ෂණය මේ චිත්‍රපටයයි, RSVP විසින් ඔබ වෙත ගෙන එන මේ චිත්‍රපටය සිද්දාර්ත් රෝයි කපූර් සහ රොනීගේ නිෂ්පාදනයක්.. ගියවසරේ නොවැම්බර් දහසය වනදා සිට තිරගතවුණු මේ චිත්‍රපටය ආදායම් වාර්තා තබන්නට සමත් වුනා… IMDB දර්ශකයේ 6.6ක අගයක් ලබාගෙන තියෙනවා…

එහෙනම් මේ පීහූගේ කතාව බලන්න, උපසිරැසිය බාගෙන යනගමන් අදහසකුත් පළ කරගෙන යන්න… එහෙනම් තව අවුරුදු තුනකින් විතර මුණ ගැහෙමු…

“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා ගැළපේ.

10,114 downloadsDownload Pihu-2018.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

10,114 downloadsDownload Subtitles20 KB

61 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Hemantha De Silva

    ස්තුතියි සිසිත....
    ආපසු එකතු වෙලා අපිව සනසන්න.

  3. oshanda

    harima ikmanata sub eka dila..thanx sahoo

  4. dil_shan

    tnz sub ekata. hoda film ekak wage.. balandama one

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata copy awith wedi kalayak naaa..

  6. priyankara_aponso

    Good work .........keep it up

  7. ranga1984

    Thanks ... Good luck

  8. ranga11112

    Thanks sub akata...jaya weva......

  9. Thisal

    thanks :)

  10. snak

    thanks machoo trailer eka baluwa papuwa hithala una supiri wadk thanks sub ekata

  11. maikee

    Thankyou machan sub ekata. පුලුවන් නම් කාජල් ඉන්න අලුත් හිංදි ෆිල්ම් එකට සබ් දෙන්නකො . හෙලිකොප්ටර් ඔය වගේ නමකින් තියෙන්නේ.

  12. Mayura

    හම්මේ මදැයි ඉතින් අවුරුදු තුනකින් හරි ආවා. කෙල්ලගෙ ඇක්ටින් ගැන නම් කියලා වැඩක් නෑ. පට්ටම වෙනස් කතාවක්. පුලුවන් නම් ආදරෙයි මං ආදරෙයි කතාවට සබ් දෙන්න.

  13. asankabalage

    thank macho.balannama hitiya film 1k.

  14. චාරුක ලක්ෂිත

    දිගටම කරගෙන යන්න....
    සුභ පැතුම්...
    ජය...

  15. ඩොක් අයියා

    ගත්තා බලමු
    තැන්කු වේවා

  16. Nirosh C

    ස්තුතියි සිසිත සහෝ.ජයවේවා!

  17. Tharaka Nuwan Dilhara

    හම්මෝ.. අවුරුදු ගානකින්.. මොකද මතක නැත්තේ..
    වැඩ්ඩෙක් තමයි ඉතින්.. අයි හේට් ලවු ස්ටෝරි, ගන්චක්කර්. මං ආසම.
    ආසිරිට පස්සේ මං වැඩියෙන්ම ආස කරපු උපසිරැසි විලාසය.
    ආයෙත් ඇවිල්ලා එහෙනම් නිවහනට.
    දිගටම ඉමු එහෙනම් මේ සැරේ..
    ස්තුතියි උපසිරැසියට එහෙනම්.
    ජයෙන් ජය!!!
    ආයේ හම්බෙමු.!

  18. gihan perera

    මේක නියම කතාවක්...ඇත්තටම මාර sensitive කතාවක්..ස්තුතියි ගොඩක් කාලෙකින් හරි උපසිරැසි දුන්නට මචෝ...ජය වෙිවා...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  19. Ayesh Prashan

    Thank You

  20. indika75

    thanks..

  21. Tharaka

    THANKS................................

  22. Kulanjana Maduranga

    ahh sahenna kalekin neda saho...subata thanks...keep it up....

  23. N_R

    Thank You.

  24. Wicki

    උප සිරසට බොහොම ස්තූතියි

  25. Wpm-Wijelath

    Thanks bro upasirasa denawata.

  26. AKilaperera12345

    THanx bokka

  27. shashika laksiri

    meka balaNNA henama asawen hitiye...thnxx sub ekata....

  28. යුරාන් ධනුක

    නියමයි සහෝ..
    බොහෝම ස්තූතියි...

  29. Thilankadissanayake

    නියමයි සහෝ.trailer එක බැලුවම පපුව හෝස් ගාලා ගියා. නියම movie එක.සබ් එකටත් ස්තුතියි !

  30. asa raja

    godak sthuteee

  31. Sarojalakmali

    Ela

  32. Lalani Maduwanthi

    Thank you

  33. Rumesh dhanushka

    Thanks sahooo

  34. Nimkook

    Thanks for the sub! :)

  35. aks

    Thanks...

  36. kelumchathuranga

    thanks

  37. chathurangi93

    Thankz for the sub. Ela

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. neelanethra

    ස්තූතියි ...

  40. AsithaDilruwan

    ela saho thanks

  41. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ

  42. buddhikaexr

    thank you broo....

  43. shehan prathapasinghe

    thanks machan.....

  44. තරිඳු රසාංග

    ස්තුතියි සහෝ සබ් එකට.

  45. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    හින්දි වලට සබ් කරපු කෙනෙක් නිසා අමතක වෙන්නේ කොහොමැයි..  :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  46. chanaka@1987

    Ftt bro

  47. ramenabeysingha

    Thanx bro

  48. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  49. Tharindu07

    Thanks machoo sub 1ta......!!!

  50. Emi

    Thanks for sub..

Load more comments