“කළින් පළ වූ ලිපිය” ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් මග බලාගෙන හිටියේ. ෆිල්ම් එක බලපු ගමන් තමයි මේක ලියන්නේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. හරිම හිතට වදින ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. යම් යම් දේවල් ගැන අපිට නොපෙනෙන අපි නොහිතන පැති කොයි තරම් තියෙනවද කියලා මේක බ…

“කළින් පළ වූ ලිපිය”
ෆිල්ම් එකේ හොඳ කොපියක් එනකම් මග බලාගෙන හිටියේ. ෆිල්ම් එක බලපු ගමන් තමයි මේක ලියන්නේ. මම ඔයාලගෙන් ඉල්ලන්නේ දෙපාරක් හිතන්නේ නැතුව බාගෙන බලන්න. හරිම හිතට වදින ෆිල්ම් එකක්. හරිම ලස්සනයි. මට කියන්න වචන නැහැ. යම් යම් දේවල් ගැන අපිට නොපෙනෙන අපි නොහිතන පැති කොයි තරම් තියෙනවද කියලා මේක බැලුවම මට හිතුනා. එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද?
මගේ කැමතිම ෆිල්ම් ඩිරෙක්ටර් තමයි කරන් ජොහාර්. එයා කරපු හැම ෆිල්ම් එකක්ම ගොඩක් ආසාවෙන් බැලුවා. එයා නිෂ්පාදනය කරපු ෆිල්මුත් ගොඩක් ලස්සනයි. මේකත් එයාගේ නිෂ්පාදනයක්. මේකෙ ඩිරෙක්ටර් සිද්ධාර්ත් මල්හෝත්රා. මේකෙ හරිම ලස්සන සංගීතයක් තියෙනවා, ඒක කරල තියෙන්නෙ ශංකර් – ඒශාන් – ලෝයි. සංස්කරන කටයුතු කරලා තියෙන්නෙ දීපා භාතියා.
මේ ෆිල්ම් එක 2010 සැප්තැම්බර් මාසේ තමයි නිකුත් උනේ. ගොඩක් අලුත් ෆිල්ම් එකක්. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ කාජල්, අර්ජුන් රාම්පාල් සහ කරීනා කපූර්. මේ ෆිල්ම් එකේ මේ තුන්දෙනාම එකිනෙකාට නොදෙවනි අයුරින් අති විශිෂ්ට රංගනයක නියැලෙනවා. මෙයට අමතරව තවත් ලමා චරිත කිහිපයකුත් මේ ෆිල්ම් එකට ඇතුලත්. මේ ෆිල්ම් එකේ සම්පූර්න රූගත කිරීම් සිදු කරලා තියෙන්නෙ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරයි.
මම මෙහි කතාව ගැන ඉතාමත් කෙටියෙන් විස්තරයක් කියන්නම් ඔයාලගෙ රසවින්ඳනයට හානියක් නොවන විදියට. දරුවන් තුන් දෙනෙක්ගෙන් සමන්විත පවුලේ මව්පියන් අතර ඇතිවන පවුල් ජීවිතය සම්බන්ධ ගැටලු දරුවන්ගේ ජීවිත වලට බලපාන ආකාරයත්, එහිදී ගන්නා යම් යම් තීරන අනාගතයේදී ඔවුනොවුන්ට බලපාන ආකාරයත්, සාම්ප්‍රදායික තුන්වැන්නෙකුගේ චරිතයට නව අර්ථකථනයක් දී ඇති ආකාරයත් මෙහිදී මැනවින් නිරූපනය කරනවා. බයනැතුව බාගෙන බලන්න. බලලා හොඳ නරක කියලා යන්න. ඔයාලට ජය වේවා.
“මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “අකලංක යාපා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම්සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය”
“නව ලිපිය”
ඔන්න මගේ දහවෙනි උපසිරැසියත් අරන් ආවා පොඩ්ඩක් මේ පැත්තට. සුපුරුදු පරිදි චිත්‍රපටය හින්දි එකක්, නම We Are Family, 2010දී තමා තිරගත වෙලා තියෙන්නේ. ගොඩක් දෙනා නරඹලා ඇති, ඒත් ඒ බලපු අයට ආයෙත් බලන්නයි, නොබලපු යට බලන්නයි තමා ගෙනාවේ.
මේ චිත්‍රපටය 1998දී තිරගත වුණු Stepmom නැමති හොලිවුඩ් චිත්‍රපටයේ ඔෆීෂියල් රීමේක් එකක්. අධ්‍යක්ෂණය කරන්නේ Siddharth Malhotra, ඔහුගේ මින් පෙර හෝ මින් පසු හෝ සිනමා නිර්මාණයක් මා දන්නා තරමින් නොමැත. නිෂ්පාදනයෙන් Karan Johar දායක වන අතර රංගන දායකත්වය සපයන්නේ කාජල්, අර්ජුන් රාම්පාල් සමඟ කරීනා කපූර්. එවර හොඳම සහය නිළියට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මානය මේ චිත්‍රපටිය වෙනුවෙන් ලබාගන්න කරීනා කපූර් සමත් වෙනවා.
චිත්‍රපටයේ කතාව කිව්වොත්… මායා සහ අමන්(කාජල් සහ අර්ජුන්) කියන්නේ දරුවන් තුන්දෙනෙකුට හිමිකම් කියන දික්කසාද වී වෙන වෙනම ජීවත් වෙන යුවලක්. දරුවන් තිදෙනා හැදී වැඩෙන්නේ මායා භාරයේ.. අමන්ගේ වත්මන් පෙම්වතිය තමා ශ්‍රේයා(කරීනා) කියන්නේ.. අමන් හදන්නේ තමන්ගේ දරුවන් සමඟ ශ්‍රේයාව යාළු කරවන්න, නමුත් ඒ හැම ප්‍රයත්නයක්ම වරදිනවා, මේ අතර මයාට පිළිකාවක් වැළඳෙනවා……. ඉතුරු ටික චිත්‍රපටිය බලලම දැනගමු… චිත්‍රපටිය අවසාන වෙද්දී ඇසට කඳුළක් එන එක නතර කරන්න නම් බැහැ… තමා නැරඹු සංවේදී චිත්‍රපටියක් බවට ගොඩ දෙනෙක් මේ චිත්‍රපටිය නම් කරාවී.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ශංකර්-ඒෂාන්-ලෝයි නමැති තුන්කට්ටුව.. සංවේදී ගීත කිහිපයක් වගේම එල්විස් ප්‍රෙස්ලිගේ ජෙල්හවුස් රොක් නමැති ගීතයේ තනුවට ගැයුණු හින්දි ගීතයක් මෙහි තියෙනවා, රහත් ෆටේ අලි ඛාන්, ශ්‍රේයා ගෝශාල්, සෝනු නිගම්, ශංකර් මහාදේවන්, විශාල් වගේ ගායක, ගායිකාවන්ගේ හඬින් තමා මේ ගීත ඔපවත් වෙලා තියෙන්නේ. හැම සිංදුවකටම උපසිරැසිත් යොදලා තියෙනවා. ඉතිං තව උපසිරැසියක් අරගෙන මේ පැත්තට එන්නම්, බාගෙන යන ගමන් අදහසකුත් පළ කරගෙන යන්න. එහෙනම්,
හම්හේ රහී ප්‍යාර් කේ, ෆිර් මිලේන්ගේ, චල්තේ චල්තේ..
708 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
9BC2B22739DE99923589E87BEC7ACE31848A9FC0900 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
3658662AF2170B4BF0F96264AEBC329D3CB37ED91.47 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
F565CA5898194E0E5EF9FF20AD865DEB81B233B0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,006 downloadsDownload We-Are-Family-2010.zip184 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
78 comments
Dulitha
රෝහිත prasanga
ෆිල්ම් එක බලන්න යන්න හිටියේ බැරිවුනා. දැන් බලන්න පුලුවන්.... බොහෝම ස්තුතියී.....
මම අද 2
Suren n. Semage
සුභ උදෑසනක් හැමෝටම!!! දවස් දෙකකට පස්සේ මේ පැත්තට ආවේ.
අළුත් ෆිල්ම් එකක් තියෙනවා දැක්කම නිකං මාර මෙව්වා එකක් ආවා. තැන්කු අකෝ...අමල් ප්‍රසාද් සමරවීර
gd mo9n to all of u!!! 2day 4th me. its nt a bad :P :P :P :P :P
chamila
Meke Dvd rip akak enakan balan hitiye.....
chamath
ela saho onna adath ithn udenma baganna patan gatha.thanks saho onna bann damma.
mewi
meka denakan maga balan hitiye.. thank u saho.. puluwanna nam "anjaana anjaani" kiyana movie ekath ikmanatama denna
Praසන්ன
ඔන්න බාන්න දැම්මා
මනියා
tuff one...
හසී
thnak u :D
mahen
කරන් ජොහාර් ගෙනම් අනිවාරෙන්ම
බලනවා කොහොමත් මෙක මම බලන්න කියල තමයි හිටියෙAsitha
නියමයි :P ! හින්දි බයිස්කොප් එකක් කාලෙකින් බෑලුවෙ නෑ..
මෙක නම් හොය හොය හිටියේ.. :P : P
Thanx Akalanka bro :PTharindudoo
Appe mama nam hithuve sub 1kama deyi kiyala,,,
kamak na baamu baamu:P
iampissa
kareenai kajalnui dennama inna nsa aniwaryenma balanawa.
kolla
meka patta movie 1ka bun elama
Udaya
maxxa film ekk.......
Akalanka Yapa
කමේන්ට්ස් වලට බොහෝම ස්තූතීයි.....
සබ් එක්ක දෙන්න තමයි හිතාගෙන හිටියේ.. ඒත් සබ් දාන්න ගියානම් තවත් සතියක් විතර පහු වෙනවා.. මෙච්චර හොඳ ෆිල්ම් එකක් තවත් පහු කරන්න හිතුනේ නෑ.. ලඟදිම සබ් එක්ක තවත් අලුත්ම හින්දි ෆිල්ම් එකක් දෙනවා..
ජය වේවා!kathu
හරි ෂොක්..!! ඉරිදා කියල බලන්නෙ නැතිව Hindi film එකක්ම දීල තියෙන්නෙ..! කරන් අයියගෙ production එකක් නම් අනිවා බෑවා...!
Niluka
මචන්ලා මෙ යොජනව මම ගෙන්නෙ බඉස්කොප් සින්හලෙන් එකට අඩරෙ නිසා හින්ඩි මොවී at least english sub වත් නෑත්තන් දාන්න එපා.
same movie today available another Srilankan site with english sub. අපට එතින් හින්ඩි තෙරෙන එකක්යෙ.එහෙම උනම කස්ටිය වෙන site වෙලට යනවා
හින්ඩි movie sub නෑත්තන් එපා...ආආආආඅ
අපිට තෙරෙන් නෑ....ආආආආඅniranjala
මන් මේ මූවි එක එනකල් බලාගෙනමයි හිටියේ
තැන්ක් යූ වෙරි මච් අයියේ...............Anonymous
මම මේක දෙනකම් බලාගෙන හිටියේ
මම බානවා.......
Niluka
උබ වසලයෙක් වගෙ ඒක හිටෙ ටියන් හිටියම අපි දන්නවද?
හර්... හරි ඔන්න බනවා එහෙනම්Riksonline රොශාන්
Good
sahan
good film එල
Akalanka Yapa
නිලූකට - මචං ෆිල්ම් එකකට සබ් දානවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි, මාර කට්ටක් කන්න වෙනවා, අපි අපේ අනිත් වැඩත් කරන අතරෙනේ සබ් දාන වැඩෙත් කරන්නේ,මම දැනටත් හින්දි ෆිල්ම් එකකට සබ් දානවා,මේක ගොඩක් අය බාගෙන හිටපු ෆිල්ම් එකක් නිසා තමයි සබ් දාන්න තියාගන්නේ නැතුව ඉක්මනටම දුන්නේ,ඒක නිසා අවුලක් හිතන්න එපා.
sashi
ගොඩක් ස්තුති අය්ය මන් මෙ ෆ්ල්ම් එක එනකන් තමඉ බලන් හිටියෙ. ස්තුති
Niluka
අකලන්ක මචො ඔහොම යන් , ඔහොම යන්
Gaminda
අද මම 29. :පී...
මේ හින්දි ඒවනම් එච්චර දිරවන්නෙ නෑ...
ඉන්ගිරීසෙ ඒව දෙන්නකෝ.chamila
සීඩ්ස් තමයි මදි... :(
Thanuja Mudith
එල මචන් හොය හොය හිටිය ෆිල්ම් එකක්
AL1717
Onna Machan Bewenna Dema .
Balama Eturu Tika kiyannam ko.Jaya Wewaaa
Thanuja Mudith
මචන් සින්හල සබ් දාපන්කො
indika
Sinhala sub denna puluvan unaanam tamai goda...
naviya
me wage film 1k sinhala sub 1ka dunna nam thama hoda..........
Samitha
Great movie BRO...Thankx for upload...
Hasitha
One of great movie I got through you . . . Thanks a lot to uploading...
Ramraj
අප්පෝ හිංදි මටනම් එපෝ. කමක් නෑ කැමති කටිටිය ඉන්නවානේ. ඒක නිසා ඒවත් දාන්න.
funny
amooooo mama ma film 1 anakn baln hetya hena kaleka edan . thz dear
Akalanka Yapa
thnxx everybody 4 ur comments.......
navo
enakam balan htiye film eka.Thnx
Uraj Deemantha
කරන් ජොහාර් ගේ ෆිල්ම් එකක් මග අරින්නේ කොහොමද නොබලා .....?? :)
Akalanka Yapa
අනිවා උරාජ්......
AL1717
Film Eka Nam Onna Beluwa.
Namuth Me Wage Life Stlye Lankawata Nam Gelapenne ne Kiyanna Oneashan kandy
hindi walata kamattak nam na eth wistare nisa danawa.. gedara ayawath balai ne.. thanks..
Akalanka Yapa
aniwaa baya nethuwa banna
niyama film ekadasun
sin hala sub thibanam hodi wage
Chathu
tnx ane..meke honda link 1k godak dawas indan hoyanne...
Anonymous
බොහොම ස්තුති.මන් මෙක හොය හොය හිටියෙ
Anonymous
අනෙ බොහොම ස්තුති .මන් මෙක හොය හොයමඉ හිටියෙ
chanaka
අනෙ බොහොම ස්තුති .මන් මෙක හොය හොයමඉ හිටියෙ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

adawath mama 1 da?? gud morning....bami bami..thanku