Watch Trailer

Green Book (2018) Sinhala Subtitle | අපි හැමෝම මිනිස්සු. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව.…

 

ඔන්න එහෙනම් සම්මානනීය, සත්‍ය කතාවක් රැගත්, අලුත්ම සිනමාපටයක් අරගෙන ආව. ඔස්කා සම්මානලාභී Three Billboards Outside Ebbing, Missouri (2017) සබ් එක ගෙනල්ල අවුරුද්දකට විතර පස්සේ තමා මේ සම්මානනීය සිනමාකෘතිය අරගෙන එන්න ඉඩකඩ ලැබුනේ. අනිවාර්යෙන්ම මේකත් ඔස්කා සම්මානයට පාත්‍රවෙයි කියල දැඩි විස්වාසයක් තියෙනව. ඒ විස්වාසය දැඩි වෙන්න හේතුව වෙන්නේ මේ සිනමාපටය මෙවර ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේ සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කිව්ව නිසා, ඒ – Motion Picture, Best Motion Picture – Musical or Comedy, Best Performance by an Actor in a Supporting Role in a Motion Picture කියන කැටගරි තුන යටතේ. ඒ Best Director – Motion Picture සහ Best Performance by an Actor in a Motion Picture – Musical or Comedy කියන කැටගරියට යටතේ තවත් සම්මාන ද්විත්වයකට නිර්දේශ ලබමින්. ලැබුවා වූ සමස්ත නිර්දේශ 5න් 3ක් දිනාගන්න මේ සිනමාපටය සමත් වෙනවා. ඒ වගේම imdb 8.3ක අගයක්ද, කුණු තක්කාලි අඩවියේ 81%ක විචාරක අගයක් වාර්තා කරගනිමින් Imdb Top 250 ලැයිස්තුවේ #195 ස්ථානය දිනාගත් මේ සිනමාපටය, සිනමාවට පෙම් බඳින කිසිම කෙනෙක් මගහැරගන්න එපා. ප්‍රධාන චරිතය ලෙස මෙවර ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මන්නයට නිර්දේශ ලබාගැනීමට වරම් ලත් Viggo Mortensen, ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මානලාභී සහය නළුවා ලෙස Mahershala Ali රංගනයෙන් දායක වෙනකොට අධ්‍යක්ෂණය Peter Farrelly විසින් සිදුකෙරෙනව. සම්මානලාභී තිර රචනය Nick Vallelonga විසින් සිදුකරනවා. ඔව් ඔව් තමන්ගේ ජිවිත කතාව තමන්ම සිදුකරපු කෙනෙක් එයා 😀 ඒ Brian Hayes Currie, Peter Farrelly දෙන්නත් එක්ක එකතු වෙලා. ඒ වගේම මම වසරේ මුලින්ම සිනමාපටයක් වෙනුවෙන් ලබාදෙන උපසිරැසිය මෙයවීම පිලිබඳව දැඩිසේ සතුටු වෙනව. ඒ වගේම මුල් ලයින් ටික කරලා අනික් ටික කරගන්න වෙලාවක් නැතුව හිරවෙලා ඉන්න වෙලාවක සහයට ඇවිල්ල වැඩේ ඉවරයක් කරලා දුන්න උදයංගටත් ස්තුතිය හිමිවෙන්න ඕනා. එක පයින්ම හා කිව්ව ඇහුව ගමන්. ඒ වගේම මේ දීල තියෙන පිටපත කිසිදු අයුරකින් කැමරා කොපි නෙමෙයි මේ පිටපත සම්මාන උළෙලවල් පවතින කාලයන්හිදී හොර රහසේ එලියට නිකුත් වෙන ඒවා. ඉතින් ආයෙත් කියන්න ඕනා මම මේ අවුරුද්දේ දැනට බලපු හොඳම කතාවලින් එකක් මේක, මගහැරගන්න එපා.. අද රාත්‍රියේ වයිකින් තුලින් නැවත හමුවෙමු. එහෙනම් කතාව දිහාවට හැරෙමු.

“මම ඩොන් ෂර්ලි”
මම ඉපදුනේ 1927 වසරේ ජනවාරි 29 වෙනිදා, ඒ ජැමෙයිකාවේ ඉඳල ඇමරිකාවට සංක්‍රමණය වෙච්ච නිග්‍රෝ ජාතික අම්ම කෙනෙක්ටයි තාත්ත කෙනෙක්ටයි දාව, මට අපේ අම්ම අවුරුදු 2 ලබනකොට සංගීත භාණ්ඩ වාදනය හුරුකලා. වයස අවුරුදු 18 ලබනකොට මම Boston Pops වාද්‍ය වෘන්දයත් එක්ක එකතු වෙලා පියානෝ වාදකයෙක් විදියට මගේ පලවෙනි ප්‍රසංගය සිදුකලා. මට එකිනෙකට වෙනස් විෂයන් සඳහා ආචාර්ය උපාධි ත්‍රිත්වයක් තියෙනව. සංගීතය ඉන් එකක් විතරයි. ඇමරිකානු ජනපති රිචඩ් නික්සන්ගේ මල්ලිට උනත් රෑ දෙගොඩහරි ජාමෙක සෘජුව දුරකථන ඇමතුමක් දෙන්න උනත් පුළුවන් තැනක මම ඉන්නවා. හැබැයි ඒ මොන දේ තිබ්බත් බාහිර ලෝකයාට මම නිකම්ම නිකම් කල්ලෙක්. ඒත් මගේම මිනිස්සු මාව කල්ලෙක් විදියට පිළිගන්නේ නැහැ. මම ජිවත් වෙන්නේ බොහොම උසස් පැලැන්තියේ ජිවිතයක්. ඒ නිසා කල්ලන්ට මම කල්ලෙක් නෙමේ. ඒත් මගේ හම කලුයි, එතකොට සුද්දන්න්ට මම සුද්දෙක් නෙමේ. මට මගේ කියල හරි හැටි ජීවිතයක් නැහැ. මගේ බිරිඳගෙන් මම දික්කසාද වෙලා. සංගීතයත් එක්ක ජිවිතයට සාපයක් ලං වුනා. මම අපරාධකාරයෙක් වගේ හැම වෙලාවකම පාරේ ඉන්නේ. මට හැමදාම ප්‍රසංගයක් කරන්න කොතනකට හරි යන්න වෙනව. සමහරු කියනව මම සමලිංගිකක් කියලත්. ඒත් ඒ කාරණේ කිසිම කෙනෙකුට ඔප්පු කරගන්න බැරිවුණා. ඔය අතරවාරයේදී තමා මට සති අටක කාලයක් සඳහා මගේ රියදුරු විදියට ටෝනි වැලෙලොන්ගව මුණගැහුනේ. මිනිහා ඉතාලි ජාතිකයෙක්. තමන්ගේ දරු පවුලත් එක්ක ඇමරිකාවේ ජිවත් වෙන්නේ.. මහ නාහෙට නාහන අසික්කිත මිනිහෙක් වග මට තේරුනා මුණගැහුන වෙලාවේම… හැබැයි අන්තිමේදී ටෝනි මගේ ජීවිතකාලය පුරාවටම මගේ යාලුවෙක් විදියට මාත් එක්ක ජිවත් වුණා.. කොහොමද එහෙම උනේ ?

“මම ටෝනි ලිප්”
හැමෝම දන්නේ ටෝනි ලිප් කිව්වම තමා, මම තමා පොඩිකාලේ අපේ පැත්තේ හිටිය උන්ගෙන් මිනිහෙක්ව අන්දන්න දක්ෂම එකා. ආයේ කියන්න ඕන නැහැනේ එහෙනම් මගේ කට ගැන. වෙලාවකට මගේ ගෑනි පවා කියනවා අනේ පොඩ්ඩක් සද්ද නැතුව ඉමුද කියල. ඒත් මගේ තාත්ත මට කියල තියෙන්නේ වැඩක් කරනකොට ඒ වැඩේ සීයට සීයක්ම හරියට කරපන් කියල. ඉතිං මම කතා කරන වෙලාවට සියට සීයක්ම කතා කරනවා. මට ළමයි දෙන්නෙකුයි ලස්සන බිරිදකුයි ඉන්නවා. මම රස්සාවක් විදියට කරන්නේ සමාජශාලාවල බවුන්සර් ජොබ් එක. දෙන්නෙක් වලියක් දාගත්තොත් උන් දෙන්නට දෙකක් ඇනලා ක්ලබ් එකෙන් දොට්ට දාන එක තමා ඒ රස්සාවේ මුලිකම වැඩේ. ඊට අමතරව පොඩි සූදුවක් දෙකක් කෙලල කාවහරි අන්දලා පොඩි පොඩි ගතමනාවක් හොයාගන්නත් මම හරි රුසියා. මට පේන්න බැරි එවුන් තමා කල්ලෝ. උන් මහා අසික්කිත ජාතියක්. කොටින්ම දවසක් මගේ ගෙදර වැඩකට ගෑනි සමාගමකට කතා කරලා උන් ඒ වැඩේට එවල තිබ්බේ කල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නට මේ ගෑනි බිම විදුරු දෙකක් හදල දුන්න. මම කෙලින්ම ඒ විදුරු දෙක කුණුබක්කියට දැම්මා. ඕකුන් මහා ජරා එවුන්. මගේම වැඩක් නිසා මම වැඩ කර කර හිටිය ක්ලබ් එක මාස කිහිපයකට වහන්න උනා. රස්සාවක් නැතුව ගෙදර ඉන්නකොට සතියට ඩොලර් 125ක් එක්ක කන්න බොන්න ඉන්න හිටින්න සේරම ලැබෙන රියදුරු රස්සාවක් සෙට් උනා මට. 1960 දශකයේ හැටියට ඒ ගාන සෑහෙන ලොකු ගානක්. හැබැයි වැඩේ කියන්නේ මට වැඩ කරන්න වෙන්නේ කල්ලෙක් එක්ක. කට්ටිය කියන්නේ නම් මිනිහට ඩොක්ටර් කියල. මිනිහ කියන්නේ මිනිහ බෙහෙත් සම්බන්ධ ඩොක්ටර් කෙනෙක් නෙමේ සංගීතය ගැන ඩොක්ටර් කෙනෙක් කියල. ඌ මොකෙක් උනත් මට මොකෝ බල්ලෝ මරල හරි සල්ලි හම්බෙනවා නම් මට ඒ ඇති. ඒ වගේ ගානකට කල්ලෙක් එක්ක වැඩ කරන එක අවුලක් නැහැ මට. හැබැයි මිනිහා අමුතුම පොරක්. සෑහෙන ලොකු මොළකාරයෙක් වගේ. කොයි වෙලාවේ බැලුවත් මොකක් හරි කල්පනා කර කර ඉන්න බවක් පේන්න තියෙන්නේ.. ඌ කොහෙද මාත් එක්ක ඔට්ටු වෙන්නේ. මූ එක්ක ශේප් එකේ ඉඳල මගේ සල්ලි ටික හොයාගෙන ශේප් එකේ මේ සති 8 ගෙවාගන්න ඕනා.

You don’t win with violence,Tony.
You win when you maintain your dignity.
Dignity always prevails.

ඔයාට ප්‍රචණ්ඩත්වයෙන් දිනන්න බෑ ටෝනී,
ඔයා දිනාවි ඔයාගෙ ගරුත්වය පවත්වා ගත්තොත්.
ගරුත්වය හැම වෙලාවෙම ජය ගන්නව.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය DVDSCR සහ BR පිටපත් සඳහා ලබා දි ඇත.

14,694 downloadsDownload Green-Book-2018.-update.zip118 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-07-03 [ උදයංග සම්පත් ]
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

14,694 downloadsDownload Subtitles118 KB

68 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata...
    Jaya wewa!

  3. DoleImarath

    Kalekata passe awe.Hinawenna balan.Gaanata comedyak set wuna.Thanku brother!

    1. විමා

      හද්ද කොමඩියක බලාපොරොත්තුවෙන් බලන්න එපා.

    2. උදයංග සම්පත් හතරසිංහ

      හද්ද කොමඩියකට සෑහෙන එහා ගියපු වෙනසක් වෙනුවෙන් වෙනස් විදියට හිතපු වෙනස් තාලෙ කතාවක් ඕනනම් බලන්නම ඕනෙ... :D

  4. visartnadeera

    UPASIRASIYAT BOHOMA STHTHI................

  5. dsdkavishka

    Thenks for sub bro

  6. Kulanjana Maduranga

    subata thanks sahola....keep it up....

  7. Bandaramudiyansi

    හොද පිටපත් එද්දී යාවකාලින වෙයි කියල හිතනව
    උඩ කියල තිබ්බ චිත්‍රපටය ගැන ගිය අවුරුද්දේ එ ගැන කමෙන්ට් එකක් හිටම් පලකරල තියෙනවා මම.
    මෙ වසරෙත් ඔස්කාර් ටික ගෙන්න ඔන්න.තැන්ක්ස් ඔයලට❤

  8. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  9. Bandara 1976

    ඔයාට ප්‍රචණ්ඩත්වයෙන් දිනන්න බෑ,.. ගරුත්වය හැම වෙලාවෙම ජය ගන්නව. උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  10. dil_shan

    tnz sub ekata

  11. sumithwickramarachchi

    thanks

  12. Gayan Chathuranga

    Thanks bro sub ekata! jaya!

  13. NuwanK

    Thank u bro..

  14. Nivom

    meke blue ray copy ena ekak nadda?

  15. Bandaramudiyansi

    මල්ලි VICE එකටත් දෙන්නකො මෙ කොපි එකෙන්ම තියෙනවා mkcgage එකෙ.එකත් හොදයිලු

  16. Manujaya Kamburugamuwa

    Thanks bro...✌️

  17. slrohan

    Thanks saho

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. Milindapriyalal

    Thanks bro sub එකට ු

  20. jagath55

    Thanks

  21. dinuka ohm

    ohm thanks

  22. dinuka ohm

    thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. AsithaDilruwan

    ela saho thanks

  25. nish47

    thanks saho

  26. pupi

    bohoma sthuthi me wage watina nirmanayak laba dunnata....

  27. ricadodamien

    Thank u guys Ashan & Udayanga & baiscope team for the sub. it was a great movie, love it very much, sub was beautifully done, enjoyed very much, all the best to baiscope team...............

  28. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  29. damithfernandoo

    brrip awillooooo...

  30. Ravindu Rukshan

    Thx

  31. Supun shanika

    බොහොම ස්තූතියි සබ් එකට ජයවේවා

  32. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ. WEB
    update එක ‌දෙන්‌නෝ!

  33. SmashDinu

    SUB1 ta Thank u වෙරි much.... Kollo... Keep Continue. ..Thawa sub Hadanna Shakthiya Dhairya lenenna Ona .....⌨⌨⌨
    God Bless..!!!

  34. Nirosha Nirosha

    thanks

  35. Kusal Eranga

    බොහොම ස්තූතියි සහෝදරයා

  36. ශසිත් සඳරුවන්

    දෙන්නාටම සබට තුති කිව්වා.
    ඔන්න ගත්තා.
    දිගටම සබ් දෙමු ආ...ඔබට ජය

  37. Dewadithya

    Thanks for Sub!

  38. Dewadithya

    Meke Br ekath awith thiyenne. puluwan nan update eka denna.

  39. Amila Mudalige

    සබට තුති

  40. Hashan M. Priyadarshana

    Thank you bro

  41. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි.......... ජයවේවා.......!!!!!!!!!!

  42. indika75

    thanks..

  43. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  44. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ඔබ දෙපළටම ගොඩක් ස්තුතියි...!
    මේ පිලුම හොඳම එකක් කියලා විස්තරය කියෙවුවාම දැනෙනවා.
    දිගටම උපසිරැසි දෙන්න. මං දවස ගානෙම ඇවිත් බලනවා අලුතින් උපසිරැසි දුන්නු පිලුම් තියේද කියලා..
    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

  45. Manohari Wickramasinghe

    ගොඩක් ස්තූතියි!!සුභ පැතුම්

  46. Deshapriya Seneviratne

    niyamai wage balamu. thanx

  47. MadhuBandara

    thank you yaluwa...

  48. Milinda Sadaruwan

    Thanks bro

  49. sampath n perera

    niyamai thanks

  50. mindika

    Thanks !!!!!!!!!!!!!

Load more comments