Watch Trailer

Bagheera (2024) Sinhala Subtitles | සුපිරි වීරයෙක් [සිංහල උපසිරැසි]

Bagheera (2024) Sinhala Subtitles ආයුබෝවන්, කාලෙකට පස්සෙ ආයෙමත් කන්නඩ චිත්‍රපටයක් සඳහා උපසිරැසියක් ගෙන එන්න හිතුවා. මේක ඉන්දියානු රුපියල් කෝටි 29ක් බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගත් Super hero ඝණයට වැටෙන ක්‍රියාදාම චිත්‍රපටයක්. කන්නඩ සිනමාවෙ මේ ආකාරයේ චිත්‍රපට රැසක්ම වාර්ථාගත ආදායම් ලබපු බව ඔබ දන්නවා.…

Bagheera (2024) Sinhala Subtitles

ආයුබෝවන්, කාලෙකට පස්සෙ ආයෙමත් කන්නඩ චිත්‍රපටයක් සඳහා උපසිරැසියක් ගෙන එන්න හිතුවා. මේක ඉන්දියානු රුපියල් කෝටි 29ක් බොක්ස් ඔෆිස් ආදායමක් උපයා ගත් Super hero ඝණයට වැටෙන ක්‍රියාදාම චිත්‍රපටයක්. කන්නඩ සිනමාවෙ මේ ආකාරයේ චිත්‍රපට රැසක්ම වාර්ථාගත ආදායම් ලබපු බව ඔබ දන්නවා. නම් වලින් කියන්න අවශ්‍ය නෑනෙ. ඉතින් මේ කතාවෙ ආකෘතිය දකුණු ඉන්දියානු ක්‍රියාදාම චිත්‍රපට බොහොමයක ආකෘතියමයි. සරලවම කිව්වොත් දූෂිත පොලිස් නිලධාරීන් සිටින අපරාධකරුවන් රජකරන ප්‍රදේශයක්. ඒ පොලිසියට පත් වී එන තරුණ පොලිස් ස්ථානාධිපති වරයෙක්, ඔහු කඩවසම් නිර්භීත දක්ෂ පුද්ගලයෙක්. ඔහු අපරාධ වලට එරෙහිව වැඩ කරනවා. ප්‍රදේශයේ මැර කල්ලි මෙන්ම පොලිසියේම ඉහල නිලධාරීන් ඔහුට හරස් වෙනවා. ඔය සේරම මේ කතාවෙත් අන්තර් ගත උනත් ඒ ආකෘතියෙම ඉඳගෙන ලස්සන කතාවක් ගොඩ නගන්න මෙහි නිපැයුම් කරුවන් සමත් වෙනවා. සුපිරි වීරයෙක් යනු කොහොම කෙනෙක්ද? කියන කාරනාව වටේ තමයි කතාව ගොඩ නැගෙන්නෙ.

අහසෙ පියාඹන, මුහුදෙ කිමිදෙන, වෙඩි නොවදින කිසිදා නොමියෙන පරාජය කල් නොහැකි කොමික් වල සහ චිත්‍රපට වල සිටින සුපිරි වීරයො සත්‍ය ජීවිතයෙදි හමු වෙනවද? ඔවුන්ට ලැබෙන අර්ථ කථනය කුමක්ද?

ඩොක්ට සුරි අධ්‍යක්ශණය කරන මෙම චිත්‍රපටයෙ තිර කතාව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ශක වරයෙක් සහ තිර රචකයෙක් වන ප්‍රශාන්ත් නීල් ගෙන්. ඔහු තමයි KGF ත්‍රිත්වයේ අධ්‍යක්ශක වරයා. ශ්‍රී මුරලි, රුක්මණී වසන්ත්,ප්‍රකාශ් රාජ් ඇතුළු නළු නිළියන් මෙහි රඟ පානවා.

එසේ නම් නැවත හමු වෙමු

BANDULA K

Bagheera (2024) Sinhala Subtitles  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,036 downloadsDownload Bagheera-2024.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kurukku (2024) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

9,036 downloadsDownload Subtitles53 KB

6 comments

  1. Buddhika laKMal

    Thanks Bandula saho sub ekata

  2. Dinuka

    Patta
    Thwa kannada film ona

  3. Asela chathuranga

    බන්දුල මහත්මයා, චිත්‍රපට වෙනුවෙන් සිංහල උපසිරැසිය ලබා දීලා ඔබ තුමන්ලා කරන්නෙ මුදලටවත් නොලැබෙන සේවයක්, ඒ පිළිබඳව මම මගේ හදවතින්ම ස්තූතිවන්ත වෙනවා/ නමුත් මම ඔබතුමාගෙන් ඉල්ලන්න කැමතියි එකම ආකෘතියක දිවෙන කණ්ණඩ, මළයාලම්, දමිල චිත්‍රපට වෙනුවට අග්‍රගණ්‍ය නමුත් භාශා ඤාණය නොමැති කම නිසා, රසවිඳින්න නොහැකි අතපසු වූ ඉංග්‍රීසි චිත්‍රපට වෙනුවෙන් ඔබගේ කාලය ශ්‍රමය යොදවන ලෙසට ස්තුතියි

  4. Shahan Malik

    film eka nhne,link mukth nhne

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  6. Shane Nilusha de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.