DragonD සොහොයුරා විසින් කළින් පල කර තිබූ ලිපිය මෙන්න තියෙනව සිරාම කතාවක්,ඇති වෙනකම් හිනා වෙන්න කැමති හැමෝම බලන්න..මරිජුවානා වෙලඳාම් කරන දෙන්නෙක් ගැන තමා මේ කතාව..ඩේල් ඩෙන්ටන් ගේ රඟනය නිසා තවත් මේ කතාව ලස්සන වෙලා තියෙන්නෙ.. කතාව කෙටියෙන් කිව්වොත් , අපෙ කතා නායකයො දෙන්න නගරයෙ මරිජුවාන විකුනනවා,මොවුන්…

DragonD සොහොයුරා විසින් කළින් පල කර තිබූ ලිපිය
මෙන්න තියෙනව සිරාම කතාවක්,ඇති වෙනකම් හිනා වෙන්න කැමති හැමෝම බලන්න..මරිජුවානා වෙලඳාම් කරන දෙන්නෙක් ගැන තමා මේ කතාව..ඩේල් ඩෙන්ටන් ගේ රඟනය නිසා තවත් මේ කතාව ලස්සන වෙලා තියෙන්නෙ..
කතාව කෙටියෙන් කිව්වොත් , අපෙ කතා නායකයො දෙන්න නගරයෙ මරිජුවාන විකුනනවා,මොවුන් දෙදෙන බොහොම දුර්ලභ මර්ජුවානා වර්ගයක් වන Pineapple Express ගන්න යන අතරෙ එක යාලුවෙක් නගරයෙ සිදුවන මිනී මැරුමක් දකිනවා , ඒක සිදු කරන්නෙ ප්රසිද්ධ ජාවාරම් කාරයෙක්,බොහොම දරුණු කෙනෙක්..ඔව්න් මේ දෙන්නව මරන්න ලුහු බඳිනවා ,ඔව්න්ගෙන් බේරෙන්න ගන්න උත්සාහය තමා කතාවට මුල් වෙලා තියෙන්නෙ. පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකම් හිනා වෙන්න පුලුවන් ෆිල්ම් එකක් තමා මේක !
IMDB රේටින්ස් වල 7.2 අරන් තියෙන මේ චිත්‍රපටිය , Superbad , Knocked Up , The 40 Year Old Virgin වගෙ ගොඩක් ෆිල්ම්ස් ලියල වගෙම අධ්යක්ශනයත් කරපු ඩේල් ඉන්න නිසාම ඔයාල බලන්නම ඕනි එකක් !!
පසිදු මදුමාල් සොහොයුරා විසින් ලියන ලද ලිපිය
හලෝ යාලුවනේ, මගේ නම පසිදු මදුමාල්, පසියා කියලා කිව්වත් කමක් නෑ.මුලින්ම මම ස්තූතියි කරන්න ඕනේ අපේ සිසිල ප්‍රසාද් අයියට. එයා තමා මට මේ ෆිලුමේ උපසිරස කරන්න අවස්ථාවක් අරන් දුන්නේ.යාලුවනේ මමත් ඔයාලා වගේ ෆිල්ම් වලට සබ් හොයන කෙනෙක් විදියට ඉන්නකොට, මම වැඩිපුර ආසම categoryක් තමයි Comedy නොහොත් හාස්‍ය කියන්නේ.මම Google එකේ “Top 10 Movies At All the Time” කියලා සර්ච් කරන කොට හම්බවුණ ෆිල්ම් එකක් තමයි පයිනැපල් එක්ස්ප්‍රස් කියන්නේ.මම මේකේ සිංහල උපසිරස බයිස්කෝප් එකෙ හොයද්දි මට හම්බවුණේ මේකට ලියල තියෙන ලිපියක් විතරයි.ඊටපස්සෙ තමයි මට මේකේ සබ් කරන්න හිතුනේ.මගෙත් ආසවත් තිබුණා බයිස්කෝප් එකට සිංහල උපසිරසක් කරල එවන්න. මම ඒක ප්‍රයෝජනයට අරන් පයිනැපල් එක්ස්ප්‍රස් චිත්‍රපටයට සිංහල උපසිරස නිර්මාණය කළා ඉතින් දැන් මගේ ගැන් කිව්වනේ දැන් ෆිලුම ගැන කතාකරමු.
ෆිල්ම් එක තමයි PINEAPPLE EXPRESS කියන්නේ, මොකක්ද මේකේ තේරුම? මුලදි මටත් හිතාගන්න බැරි මේ මොකක්ද කියලා ඊටපස්සේ තමයි මම ෆිලුම බලද්දී තේරුණේ පයිනැපල් එක්ස්ප්‍රස් කියන්නේ මොකක්ද කියල. ඒකෙන් අදහස් කරන්නේ මාර්ජුවානා හෙවත් ගංජා වරගයක්. ඒ ගංජා වර්ගේ තියෙන්නේ සෝල් කියන මිනිහා හෙවත් කතාවේ ප්‍රධාන නලුවගේ හොදම යාලුවා ළග. දවසක් කෑල්ලක් ගහන්න ඩේල් නොහොත් කතාවේ ප්‍රධාන නලුවා එනවා සෝල්ගේ ගෙදරට. ඊටපස්සේ සෝල් ඩේල්ට අදුන්නල දෙනවා පයිනැපල් එක්ස්ප්‍රස් කියන ගංජා වර්ගය. ඊටපස්සේ මෙයාලා ආතල් එකක් අරන් අහසටත් ගිහින් එදා රෑ ඩේල්ට මරු වැඩක් වෙනවා.මෙයා දකිනවා ටෙඩ් නොහොත් කතාවේ හතුරා කියන මිනීමරුවා ආසියානු පුද්ගලයෙක්ව ඝාතනය කරනවා, ඩේල් ඒක දැකල බයවෙලා දුවද්දී තමයි ටෙඩ් දකින්නේ ඩේල් ඒ මිනීමැරුම දැකල පැනල යනවා.ඊටපස්සේ තමයි අවුල පටන් ගන්නේ.ටෙඩ්ගේ කට්ටිය එනවා සෝලුයි ඩෙලුයි හොයන් ඒ අතරේ තමයි මේ ප්‍රශ්නෙට රෙඩ් කියන ඇතරමැදියෙකුයි ඩේල්ගේ පෙම්වතියයි ඇයගේ පවුලේ අයටත් වැඩේ සෙට් වෙන්නේ.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නේ,ඩේවිඩ් ගෝර්ඩ්න් කියන පුද්ගලයා.ඩේල්ගේ චරිතයට සෙත් රොජෙනුත්, සෝල්ගේ චරිතයට ජේම්ස් ෆැරැන්කොනුත් චරිත දක්වයි.මේක iMDb 7.0ක අගයක් ගන්න හැකි වෙලා තියෙනවා.ඉතින් මන් ඔයාලට කියන්නේ ඔයාලත් බලන්න, මුල ඉදන් අග වෙනකම් බඩ අල්ලන් හිනාවෙන්න පුලුවන් ෆිලුමක් තමයි මේ.ඉතින් මන් හිතනවා මගේ පරිවර්තනය හොද තත්ත්වයක ඇතියි කියල.සමහර වචන නම් හරියටම එහෙම දාන්න වුණේ නෑ, ඒත් මන් උපරිම උත්සහයක් දරලා මේක ඉවර කළා.
ඉතින් මන් කියන්නේ ඔයාලට කියන්නේ මම මේ කරපු සබ් එකට මගේ ලිපියේ අඩු පාඩු මුකුත් තියෙයි නම් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ ලියන්න.එතකොට මට ඊළග එක කරද්දි මගේ වැරදි හදන් ඉස්සරහට යන්න පුලුවන්.හරි එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙමු…!
ඔබට සුබ දවසක්..! බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,800 downloadsDownload Pineapple-.Express.2008.Baiscopelk.com_.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/07/Pasindu-Madhumal-e1510429758606.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
67 comments
උදාන
ravinsp
හිකිස් හිකිස්! මේක නම් මතක් වෙනකොටත් හිනා යනවා..පිස්සුම පිස්සු යක්කු දෙන්නෙක්! රගපෑමුත් ඉතා ඉහලයි.
පොතේ ගුරෝ, IT world එකේ දැවැන්තයින් (Bill Gates, Steve Jobs) එතනට ආපු හැටි දැක්වෙන "Pirates of the Silicon Valley" කියල ෆිල්ම් එකක් තියෙනව. හිතෙනවනම් බලල දාපන්. මම සෑහෙන්න රස විදපු එකක්. හැබැයි IT Industry ගැන උනන්දුවක් නැති අයට නම් අල්ලන එකක් නෑ. මේ අයියල දෙන්නගෙ කෙරුවාව දැනගන්නනම් බලන්න!
DragonD
මට පොඩී වයර් මාරු වීමක් වෙලා තියෙනවා , මෙයාගෙ නියම නම "ඩේන්" නෙමෙයි, "සෙත්" !
@ ravinsp
මතක් වෙනකොට මැරෙන කම් හිනා යනවා , මාරම කතාව...
ඒක නෙමෙයි , රූපවාහනි එකෙ ගිය "පරිගනක දඟයෝ" කියන එකෙ හිටපු "මචලෝ" ( ඉතාලි කාරයා ) ද මේකෙ මේ ඉන්නෙ ?පොතේ ගුරා
@උදාන! හික් හික්.හිටු ඔන්න DragonD සහෝදරය ෆිල්ම් ගොඩක් දෙන්න ලෑස්ති වෙනව.. :)
@ravinsp! මචෝ ඒ ෆිල්ම් එකේ තියෙන කොපියෙ සීඩ්ස් නෑ නෙ.. :( මම න ආර් ඇස් ලින්ක්ස් හ‍්රි හොයාගෙන බලනව! :D
@DragonD! අහ්..හිටු මම ඒක හදන්නම්.. :)
chamila
බානවා බානවා.... බලන්න තමයි බන් වේලාව නැත්තේ....
shiran
Dear All,
Pls find below link to "Pirates of the Silicon Valley" from mininova. Hope this will help.
chamila
මචං පොතේ මොකක්ද බන් අලුත්ම පිටුව.... කියපන්කෝ......
ravinsp
@DragonD
හම්...ඇත්තම තමා. මාචෙලෝ වගේම තමා. මිනිහමද දන්නෙ නෑ. පරිගණක දගයෝ එකේ ඉංග්‍රීසි නම මොකද්ද?Uraj Deemantha
බාමි බාමි සහ බාපුවා තවම නොබැලුවෙමි හික් හික් ....... :P
පොතේ ගුරා
@chamila! එහෙම කියල බෑ..රෑ නිදි මරාගෙන බලපං! හික්z..
@anthrax !ටොරන්ට් එකක් තියෙනව බන් ඒත් සීඩ්ස් නෑ..බලමු මොනව හරි කරල ගොඩ දාගන්න.. :)
@shiran! තෑන්ක්ස් මචෝ..සීඩ්ස් ටිකක් අඩුයි..කොහොම හ‍්රි ගොඩ දාගමු..
@chamila! ඊයෙ දැම්ම අලුත් පිටුව දැක්කෙ නැද්ද බන්z?ටොරන්ට් ගැන?තව එකක් හෙට වගේ දානව :)
@Uraj! එහෙම බෑ..බලපන් බලපන්! :D
DragonD
@ ravinsp
Crazy Zone
Praza
sirama film ekak. mama kalin baluwa.. meke thiyenne joint gahana minihekuta wena atal siddi godak.. elama kiri...
kolla
thanks gura aiya ela ela
namal
ඕකත් පට්ට මචන්... මු සිගරට් එක පාරේ දාල ගියෙ නැත්නම් ශේප්...( එතකොට කතාවක් නැනේ... :D )
පොතේ ගුරා
@Praza! හික්z..ඔව් බන්..පට්ට..
@kolla !එළ මචෝ..අපේ ස හෝ ගෙ වැඩ තමයි.. :)
@namal!හික්z..ඒකනෙ..එහෙනම් ලෝකෙ පොඩිම ෆිල්ම් වලට තමයි මෙකත් වැටෙන්නෙ.. :P
රොයිලි
අනේ මන්දා පොතේ ගුරාත් හැම දාකම එක එක දේවල් උගන්නනවා.
දවසකට හිරගෙවල් වලින් පනින හැටි බලන්නලු, :(
තව දවසකට කෙල්ලෝ වෙනුවෙන් කටු කන හැටි බලන්න ලු, ;)ඒ අස්සේ අද කියනවා මරිජුවානා වල හොඳම එක ගහන හැටි බලන්නලු, :)
හොඳයි ඒකත් ඉතින් කරන්නම්කෝ,
අනේ මන්දා උඹට යන්න අපායක් අලුතින් හදන්න වෙයි. :-P
DragonD
@ රොයිලි
පොතෙ ගුරාට අපායක් හෙම හදන කාලෙක මටත් කියහන් , මටත් එකක් හදා ගන්න ඕනි , මොකද මේ කර ගන්නා වු පව් කර්මයට මාත් වග කියන්න ඕනි නෙ !
කොහොමටත් ,
යම පල්ලගෙ නෝන කියල තියෙනව මම වගෙ අවලමෙක් අපායට වද්ද ගත්තොත් උන්ටත් පව් කියල !පොතේ ගුරා
@රොයිලි !ඒකනෙ බන්..උඹලට යමක් කමක් උගන්නල ගන්න එපැයි!තාම පොඩි උන් නෙ! හැබැයි අපායෙ ඉන්න එකත් මහ දෙයක් නෙවෙයි ඉන්ටර්නෙට් තියෙනව නම්! :) (අහ් ටොරන්ට් බ්ලොක් කරල තියෙන්නෙ බෑ හැබැයි!) :D
@DragonD !මේ දවස් වල නම් උබ අපායෙ ගේට්ටුව ගාවට වත් ගන්න එකක් නෑ මචන්..(අර උඹේ බ්ලොග් එකේ තියෙන ඒව ඇත්ත නම් ) හැබැයි මම යනකොට කස්ටියම ඇදගෙන තමයි යන්නෙ..නැත්නම් අපායෙ සයිට් එකට මට සහය දෙන්නෙ කවුද! :P :P
DragonD
සම්පූර්ණ ඇත්ත තියෙන්නෙ ...
anthrax
එලකිරි film එක. තෑන්කූ tip එකට.
රොයිලි
@ පොතේ ගුරා,
අනේ බොල උඹ හිතුවද අපායේ ටෙලිකොම් වගේ වයර් ඇදලා හරි ඩයලොග් වගේ කඳු කඳු ගානේ කණු හිටෝලා ඇති කියලා ජංජාලේ ගන්න.
ඒ මදිවට තව සයිට් එකකුත් දාන්න කතාව. :)
උදාන
@රොයිලි මම ඒ වැඩේ භාර ගන්නව බං (ජංජාලේ) මොකද මම M-tel(3.5g) එකේ පට්ටම පට්ට යාවජීව සමජිකයෙක් උන් මගෙන් බනුම් අහල තියන විදිහට අපායටත් මට කනෙක්ෂන් දෙයි හික්ස්!!!
@DragonD කොහෙ ගියත් කමක් නෑ තොගෙ Xp Vista හොර කොපි අරගෙන වර නුවර Vista බෙහෙතකටවත් කොපියක් නෑ
@පොතේ ගුරා අපායෙ IT මැනේජර් මම අඳුරනව වැඩේ කරන්ඩ පුලුවන් වෙයි වගේ..
මම cross joint එතුව වැඩේ අල අපරාදයක් උනේ.... ඒ පවට නඔ උඹල දෙන්න අපායෙ යනව ෂුවර්අකිල
@ravinsp පට්ටයි මචො තැන්කූ තැන්කූ. අනෙ පොතෙගුරො මෙකට ලිපියක් දාපන්කො. පිස්සු හැදෙන film එක.
පොතේ ගුරා
@අකිල ! අනිවා අනිවා මචෝ..දැන් නම් දාන්නම වෙනව.. :)
gessy
mal mama kenek wage...elakiri thanks koluuuuuuuuu
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)asss
koooooo....huttoooo sub
Roshen
pineapple express 1e sinhala subtitle ko bn??
AAA
ko bn sub aye sub eka dpn ko
thisal
sub dendako
Lahiru
මේ ෆිල්ම් එකේ සබ්ටයිටල් එක ගන්නේ කොහෝමද ??
mithun
මෙකට උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද ..
yasas
meketh naa kooo sub dan man movies 3k 4k baluwa sub na nee........... hodama Comedies wala sub naaaa.....
ogollo parana movies wala sub ain kranawadaaa...
sub dennakoooDinesh
thankz..pluwannam mekata sinhalas ub denna please!
Dinuja Adithya
sub nha bn dan film 3ma wage sub set une eka digata ai bn eh?
දමිත්
සිංහල උපසිරැසියට ස්තුතියි පසිඳු සහෝ.
ජයෙන් ජය.Pasindu Madumal
Elama Brother...!
Thilina Chamara
බොහොම ස්තූතියී...
KwiZ
niyamaiiii sahaooo elama...
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Pasindu Madumal
Thnx Brother...!
Heshan
Ammo tq bro.issra meka bisecope eke tibbt sub ne.kevin hart (2015) tath puluwnnm denda
Pasindu Madumal
I'll Try Brother
thisal
ස්තූතියි ;)
malith madhushan
thanx saho sub ekata
Thilina Chamara
thank you
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Pasindu Madumal
Thnx Brother
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! පලමු උත්සහය බොහොම සාර්තකයි සහෝ..නියම ෆිලුමක් තෝරගෙන තියෙන්නේ. තවත් ෆිලුමකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
Pasindu Madumal
එකෙන්ම
Dulanga
Thanks
Udaya Fernando
Thanks bro
අසිත
elama saho thanks
harshan
adoo henakal balan idala sub nathuwa giya mase delete kare ban fillm eka aulak na dab aye banawa puluwannam meke sub eka karala siyan mekath comady [ Cop Out (2010)]
lakshitha
ගොඩක් කල් බං ෆිල්ම් එක හම්බෙලා.. අව්ලක් නෑ ආයෙත් බලනවා.. සබ් එකට තැන්කූ බ්‍රෝ....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මෙක බෑවෙනකල් මම ගුරාගෙ නෑදෑ සංහතියම මතක් කර කර ඉන්නව ඇයි යකෝ බලන්ඩ ෆිල්ම් එකක් නෑ නෙ!!!!